IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


වේදිකා නාට්‍ය බලන්නෙ මෝඩයො නෙවෙයි

2017-01-03-ent-58

නාට්‍ය අධ්‍යක්ෂක රවින්ද්‍ර ආරියරත්න

"බල්ලොත් එක්ක බෑ" 800 වැනි දර්ශන වාරය සහ %චරිතෙ හොරු අරං^ වේදිකා නාට්‍යයේ 150 වැනි දර්ශනය ජනවාරි 06 වැනිදා හා 07 වැනිදා ලයනල් වෙන්ඩ්ට්හිදී

"බල්ලොත් එක්ක බෑ" වේදිකා නාට්‍යයේ 800 වැනි දර්ශනවාරය සහ "චරිතෙ හොරු අරං" වේදිකා නාට්‍යයේ 150 වැනි දර්ශන වාරය රඟ දැක්වීමට සූදානම් කර තිබේ. ජනවාරි 07 වැනිදා ප.ව. 07.00 ට "බල්ලොත් එක්ක බෑ" නාට්‍යය සහ ජනවාරි 08 වැනිදා "චරිතෙ හොරු අරං" වේදිකා නාට්‍යය ප.ව. 7.00ට කොළඹ ලයනල් වෙන්ඩ්ට්හිදී රඟදැක්වීමට නියමිතය. අපි ඒ පිළිබඳව මෙම නාට්‍ය ද්විතවයේම අධ්‍යක්ෂක රවින්ද්‍ර ආරියරත්න මහතා "අද"ට සම්බන්ධ කර ගතිමු.

 

විජය නන්දසිරි මහතාගේ අභාවයෙන් පසු නාට්‍යයේ ගමන්මග කෙබඳුද?

2017-01-03-ent-64විජය නන්දසිරි කියන දැවැන්ත රංගධරයාගේ අභාවයෙන් විශාල හිඩැසක් ඇතිවුණා. එතුමා සම්බන්ධ වුණු නාට්‍යවලටත් විවිධ ශිල්පීන් යොදාගෙන එම නාට්‍යත් රඟදක්වනවා. නමුත් එතුමා නැති අඩුව නම් මකන්න අමාරුයි. "බල්ලොත් එක්ක බෑ" නාට්‍යයට ඒ වෙනුවෙන් දයාදේව එදිරිසිංහ තමයි චරිතයට යොදාගත්තෙ.

 

ඔබ කොහොමද ලංකාවෙ ජනප්‍රියම නාට්‍ය දෙකක හිමිකරුවා වෙන්නෙ. මෙහි තියෙන රහස මොකද්ද?

රහස් නෑ. ඒක තමයි නාට්‍ය කලාව පිළිබඳව අදාළ හැදෑරීම් සිදුකිරීම. මෙය පහසුවෙන් කළ හැක්කක් නෙවෙයි. 2017 වෙද්දි මම අවුරුදු 20ක් වේදිකාවේ. ඒ අවුරුදු 20 තුළ න්‍යායික සහ ප්‍රායෝගික යන පැති දෙකම හැදෑරීම තුළ එන ප්‍රතිඵලයක් තමයි එය.

 

ඔබ වැඩිපුරම ඉලක්ක කරගන්නෙ කොතනද?

නාට්‍යයක් සාර්ථක වෙන්න නම් අංක එක තමයි හොඳ පිටපතක් තිබීම. පිටපත ඇතුළුව අනෙක් සියලුම කාරණා හොඳවිය යුතුයි. එක අනුෂාංගික අංගයක් හෝ නාට්‍යය පැත්තෙන් හෝ මොනයම් හෝ දෙයක් දුර්වල නම් ඒ නාට්‍යය ඒ විදියට සාර්ථක වෙන්නෙ නෑ.

 

බොහෝදෙනා කියන කාරණයක් තමයි අද වෙනකොට ප්‍රේක්ෂකාගාරයට සෙනග ගෙන ඒම අපහසු කාර්යයක් බව?

වේදිකා නාට්‍යයක් ඉදිරියට ගෙනයනවා කියනෙක අතිශය අමාරු කාර්යයක්. චිත්‍රපටයක් හෝ ටෙලිනාට්‍යයක් රඟදැක්වූවාට පසු රංගන ශිල්පීන් අදාළ නෑ. නමුත් මෙය සජීවී කර්තව්‍යයක් නිසා සියලුදෙනා සමගින් මේ ගමන යා යුතුයි. අනෙත් පැත්තෙන් වේදිකා නාට්‍යයක් හදනවටත් වඩා අමාරු කාර්යයක් තමයි එය පවත්වාගෙන යෑම. මුහුදට පනිනවා වගේ වැඩක්. මෙයට සංවිධායකවරයෙක් ඉන්න ඕන. නැත්තම් කොච්චර හොඳ නාට්‍යයක් කළත් නාට්‍යය අරන් යන්න බෑ. සංවිධායකවරයා අතේ තමයි නාට්‍යය අරගෙන යන කාර්යභාරය සියයට සියයක්ම තිබෙන්නෙ. ඒත් එක්කම හොඳ නාට්‍යයක් නිර්මාණය කිරීම නළුවාගේ වගකීම වෙනවා. හොඳ නාට්‍යය සහ හොඳ සංවිධායකවරයා එකතු වුණාම තමයි නාට්‍යයක් දුර අරගෙන යන්න පුළුවන් වෙන්නෙ.

"බල්ලොත් එක්ක බෑ" තමයි මගේ පළවෙනි නාට්‍යය. දෙවැනි නාට්‍යය තමයි "චරිතෙ හොරු අරං". තෙවැන්න තමයි "මිට නැති කුඩ". ඊට කලින් මම කෙටි නාට්‍යකරුවෙක් වශයෙන් කෙටි නාට්‍ය තුනක් නිර්මාණය කරල තිබෙනවා. නාට්‍ය වශයෙන් නාට්‍ය තුනක් තමයි නිර්මාණය කරල තිබෙන්නෙ. ඉදිරියේදී තවත් නිර්මාණ කෙරේවි.

 

අද කාලෙ නිර්මාණය වෙන නාට්‍ය බාල, බොළඳ, හාස්‍ය නිර්මාණ යැයි ඇතැමුන් කියනවා?

එහෙම කියල දෙයකුත් නෑ. බාල බොළඳ කියල කිවුවට කොමඩි කියන්නෙ බාල දෙයක් නෙවෙයි. හැබැයි අපේ රටේ කොමඩි බාල විදියට භාවිත වෙනවා කියා මමත් පිළිගන්නවා. නමුත් "දාරියෝ ෆෝ රේ ක්ලූනි" වැනි දැවැන්ත නාට්‍යකරුවො ගත්තොත් ඔවුන්ගේ තිබෙන්නෙත් කොමඩි නාට්‍ය තමයි. වැඩිම ඉල්ලුමක් තිබෙන්නෙත් හාස්‍ය නාට්‍යවලට තමයි. ලංකාවටත් එය ඒ විදියට බලපානවා. ප්‍රහසන නාට්‍ය නිර්මාණය ලෙහෙසි පහසු කටයුත්තක් නෙවෙයි. මගේ %චරිතෙ හොරු අරං^ නාට්‍යය බැලුවොත් මගේ ගමන් මාර්ගයත් වටහාගත හැකිවේවි.

 

ඔබේ නාට්‍ය නිසා අනෙකුත් නාට්‍යකරුවන්ට බලපෑම් එල්ලවෙන බවත් ආරංචියි?

අපේ නාට්‍යවලට අපි බලෙන් මිනිස්සු ගෙන්නන්නෙ නෑ. මගේ නාට්‍ය නැවත නැවත ප්‍රේක්ෂකයා බලනවා නම් එය නාට්‍යයේ හොඳ ගුණාංගයක්. ඒ අපූර්වත්වය නිසා තමයි ප්‍රේක්ෂකයා යළි එම නාට්‍යය බලන්නෙ. මොකද නාට්‍ය බලන්නෙ මෝඩයො නෙවෙයි. ටෙලිනාට්‍ය නම් ඉඳගෙන තියෙන ඕන ජරාවක් බලනවා. වේදිකාවට එන්නෙ බුද්ධිමත් ප්‍රේක්ෂකයෙක්. බුද්ධිමත් ප්‍රේක්ෂකයන්ට බොරු කරන්න බෑ. මං කියන්නෙ නෑ සියලුම නාට්‍ය එහෙමයි කියල. ඕනම නාට්‍යයක් සංවිධායකවරයෙකුට දර්ශන වාර 100ක් වෙනකම් අරන් යන්න පුළුවන්. එතනින් එහාට නාට්‍යයක් යනවා කියන්නෙ නාට්‍යයේ ජීව ගුණය. එවැනි නාට්‍යයක් නිසා තවත් නාට්‍යයක් ඇහිරෙනවා කියන්න බැහැ.

දයානන්ද ගුණවර්ධනයන්ගේ නාට්‍ය අදටත් වේදිකාගත වෙනවා. අපි උෂ්ණාධික රටක්. අපේ මිනිස්සුන්ට ප්‍රහසනය ඕන. අපේ ජනශ්‍රැතිය අධ්‍යයනය කරද්දි කෝලම්, සොකරි ආදියෙහි ප්‍රහසනය තිබෙනවා. අපි කැමතියි එයට. නාට්‍යයක් ලියද්දි මගෙන් ඒ දේ මතුවෙනවා මිසක් බලෙන් ලියනවා නෙවෙයි. අපේ පණ්ඩිතභාවය පෙන්නන්න නිර්මාණ කරල හරියන්නෙ නෑ. විනිශ්චය මණ්ඩලේ ඉන්න හතර පස් දෙනෙකුට නාට්‍ය හදන්න ලේසියි. බලන නාට්‍ය මිනිස්සුන්ට දිරවගන්න පුළුවන් වෙන්න ඕන. ප්‍රවේශ පත්‍රයක් අරන් ඇවිත් කර්කශ දේවල් අරන් යන්න මිනිස්සු කැමති නෑ.

ලංකාවෙ ඩොක්ටර්ස්ලා පවා මට කියල තිබෙනවා "රවින්ද්‍ර ඔයාගෙ නාට්‍ය භාවිතය ගැන අපි කැමතියි. ඔයා අපිට නාට්‍ය කලාව උගන්නන්න එන්නෙත් නෑ. වෙනවෙන දේවල් උගන්නන්න එන්නෙත් නෑ. අපිට අවශ්‍ය රසවින්දනය. ඔයා එය ඔයාගෙ නිර්මාණවලින් දෙනවා මිස නාට්‍යකරුවො අපිට උගන්නන්න එන්න ඕන නෑ. අපිට මොළයක් තිබෙනවානෙ. සමහර නාට්‍ය බලන්න ආවම නාට්‍යකාරයො අපිට උගන්නන්න හදනවනෙ. එය අපිට අවශ්‍ය නෑ * කියලා. මේ කාරණය තමයි මගේ නාට්‍ය දර්ශන වාර අටසියයක් දක්වා පැමිණීමේ රහස.

077-5522270

 

සටහන - ඉඳුනිල් සින්දු

 

2017-01-03-ent-63
2017-01-03-ent-62
2017-01-03-ent-61
2017-01-03-ent-59
2017-01-03-ent-60



අදහස් (0)

වේදිකා නාට්‍ය බලන්නෙ මෝඩයො නෙවෙයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 951 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 1834 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 250 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 830 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 8586 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3036 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 345 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 428 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1372 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site