IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


වැද්දොයි සුද්දයි මොනර මස් කාලා

(නිමල් ජයරත්න )

මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ, මීට වසර හතරකට හෝ පහකට ඉහතදී  ආරක්ෂිත පක්ෂියෙකු වන මොණරෙකු දුනු, ඊතල,  වලින් මරා පුළුස්සා මස්කර ආහාරයට ගන්නා අයුරු රූ ගතකර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රදර්ශනය කළ  මහියංගන දඹාන ප්‍රදේශයේ ආදිවාසී පස්දෙනෙකු සහ විදේශිකයෙකු අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගැනීමට මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට බී වාර්තාවක් මගින් කරුණු ඉදිරිපත් කළ බව හේනානිගල වන සත්ව අඩවි ආරක්ෂක ඩබ්ලිව්.එම්.කුමාරසිරි විජේකෝන් මහතා  පැවසීය.

මාදුරුඔය  ජාතික වනෝද්‍යානයට ඇතුල්වීම ඇතුළු චෝදනා පහක් යටතේ එම පිරිසට එරෙහිව කරුණු ගොනු කර ඇතැයිද ඒ මහතා කීවේය.

පසුගිය දිනක තමන් සමාජ මාධ්‍ය නරඹමින් සිටියදී මාදුරුඔය ජාතික වනෝද්‍යායේ ආරක්ෂිත පක්ෂයෙකු ලෙස හඳුන්වන මොණරෙකු දඩයම් කර ගිනි දල්වා පුළුස්සා විදේශිකයකු සමග එම මස් ආහාරයට ගන්නා අයුරු රූගත කර යූ ටියුබ් නාලිකාවක් ඔස්සේ ප්‍රදර්ශනය කරන අයුරු දුටු බවද ඒ මහතා කීවේය.

මෙම සිද්ධිය 2019 වර්ෂයේ හෝ 2020, වර්ෂයේ සිදුව ඇති බවට සැක කරන බවත්, විදේශිකයා සමග දඹාන ප්‍රදේශයේ ආදිවාසීන් පස්දෙනා එම අපරාධය සාමූහිකව සිදුකර රූගත කිරීම  සිදු කර ඇතැයිද ඒ මහතා කීවේය.

 ඒ අනුව පොදු අරමුණින් යුතුව මෙම අපරාධය සිදුකර ඇති බවට සනාථ වීම නිසා ඔවුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සිදුකරන බවද කුමාරසිරි විජේකෝන් මහතා කීවේය.



අදහස් (44)

වැද්දොයි සුද්දයි මොනර මස් කාලා

විජය Friday, 14 June 2024 04:26 PM

වැද්දෝ සත්තු මරන් කන්නැතුව බොලාගේ අහවල් එක කන්නද?

:       228       205

Ashoka Friday, 14 June 2024 04:54 PM

මිලියන් ගණනක් බලපු ලංකාවට ලෝකේ වටේ සන්චාරකයින්ගේ ආකර්ෂණය ගන්න බොහේ සෙයින් උදව් වුණු වීඩියෝවක්, පෙණුන විදිහට මොණරා කියන්නේ අපේ ආදී වාසීන්ගේ ප්‍රධාන දඩයමක්...!

:       342       176

රංබොඩ Friday, 14 June 2024 05:28 PM

නමට සුද්දෝ කිව්වට මස් කන්නේ තාම වැද්දො වගේ තමයි... !

:       66       253

ගොන්ජා Friday, 14 June 2024 05:32 PM

මොනරා ලංකාව පුරාම බෝවෙලා තියෙනවා. වගාව විනාශ කරනවා. ඒ නිසා කෑවාට කමක් නැහැ.

:       184       133

NIMAL Friday, 14 June 2024 05:43 PM

වැද්දට වැද්දාගේ පාඩුවේ ඉන්න දෙන්න. හරක් වගේ පාලකයෝ එයාලාගේ ප්‍රදේශය බලෙන් අල්ලන් රක්ෂිත කරාට ජීවන රටාව වෙනස් කරන්න ඕනෑ නෑනේ. ඕනෑම රටක මෙවැනි සංස්කෘති තියෙනවා. අපේ ලිං මැඩියෝ ඕවා දන්නේ නෑ. ඉස්කෝලේ ගිය හරක්.

:       143       131

nalin Friday, 14 June 2024 05:46 PM

ලන්කාවට සන්චාරකයින් එන්නේ නැති කාලෙක කොරෝනා වලින් ලෝකයම වෙලාගන ඉන්න වෙලාවක ඔය මනුස්සයා ඇවිල්ලා වීඩියෝ එකක් කළා. එයාගේ චැනල් එකේ මිලියන 10ක් විතර සබ්ස්ක්‍රයිබර්ස්ලා ඉන්නවා. ඉතින් එහෙම කෙනෙක් ඇවිල්ලා වැඩ සටහනක් කරපු එකම වටිනවා. ඒකෙන් පෙන්නුවේ ලන්කාවේ එක එක ජන කොට්ඨාශ කන කෑමවල් ගැන ඊට කලින් සින්හල, දෙමළ සහ මැලේ අයගේ වැඩ සටහන් තුනක් කළා.. ඔය හතරවැනි එක වැදි ජනතාවගේ කෑම ගැන. අනේ මන්දා අපේ මිනිස්සු මේ මොනවා කරනවාද කියලා...

:       125       154

sachithFriday, 14 June 2024 09:51 PM

කතා කරලා වැඩක් නැහැ... අනික මේ විඩියෝ එක නිකුත් කරලා දැන් ගොඩක් දවස්.. අපේ රටේ නිලධාරීන්ටයි, පාලකයින්ටයි ඉතින් වෙන කරන්න දෙයක් නෑනේ. මොකක් හරි ගොන් වැඩක් කරලා ලෝකෙට විහිළුවක් සපයන එක ඇරුණාම....

:       0       0

Prabha Friday, 14 June 2024 06:02 PM

හරිනම් දඬුවම් දෙන්න ඕනෙ අවුරුදු 4-5 නිදාගෙන හිටි වනජීවී අයට..!

:       4       148

Janakaviya Friday, 14 June 2024 06:39 PM

"මොණර මාලු උඩහල්ලේ නෙවෙද තියෙන්නේ - අපට මාලු අලකොළදෝ අදත් කුඩම්මේ..." ඔන්න ඔහොමයි ජනකවියෙ තියෙන්නේ. මේ රටේ එදා ඉඳන්ම මොණර මස් කෑවා අපේ ‌මිනිස්සු. ආදිවාසීන් විතරක් නෙවෙයි. මේ කියන විදිහට ජනකවියාත් අත්අඩංගුවට ගන්න එපායැ පරම්පරා පිටින්...

:       173       125

පින්පති Friday, 14 June 2024 06:46 PM

වැද්දොන්ට සත්තු මරන් කන එක තහනම් කරලා රනිල්ගේ අස්වැසුම ලබාදෙන්න

:       0       0

බද්රානි Friday, 14 June 2024 07:05 PM

වැදි ජනතාව බැරි නම් වෙන කවුරුන් හෝ මරාගෙන කාලා මේ මොණර කරදරය තුරන් කළ යුතුයි... දැන් ලංකාවේ සෑම ප්‍රදේශයකම මොණරු වර්ධනය වැඩි වෙලා..ඒ මදිවර වඳුරෝ, තවත් තැන්වල අලි කරදරය... මේ රටේ මනුස්සයින්ට වඩා සතුන්ට ආලේ වඩන සත්ව ජාන සහිත පල් මෝඩ මිනිසුන් රැලක් සිටින නිසා මේ සත්ව උවදුරු මර්ධනය කළ නොහැකි තත්වයකට පත්ව තිබෙනවා... සත්තු මර්ධනයට අකමැති නම්, මේ රටේ මිනිස්සු වඳවී සත්තුන්ටම මේ භූමිය අයිති වේවා යයි පතමි!! වැදි ජනතාව තව තවත් මේ රටේ වර්ධනය වේවා!!

:       1       0

Ruwan De Silva Friday, 14 June 2024 07:07 PM

මොණරා කියන්නේ ලංකාවේ ඒක දේශික කළු වදුරා, කොටියා, ශ්‍රී ලංකා අලියා වගේ එකෙක් නෙමෙයි දකුණු ආසියාවෙම ඉන්න කෙනෙක්, කුඹුරු කරන අය නම් දන්නවා ඇති මොනරා කරන විනාශය ගැන. ලංකාවේ අය මොනරාව මරන්නේ නැත්තේ කතරගම දෙවියන්ට ගෞරවයක් විදියට අනිත් එක සුද්ද කරපු වරදකුත් නෑ වැද්දාටත් නෑ. ලංකාවේ මුල් පුරවැසියෝ වෙන්නේ ස්වදේශික ජනතාව, වැද්දොන්ට තමයි හරිනම් ලංකාව ගැන කෙලින් කතා කරන්න පුළුවන්. මම නම් කියන්නේ එක වැද්දෙක් හරි පොලීසිය අත්අඩංගුවට ගත්තොත් පොලිස්පතිව පිටුවහල් කරන්න ඕනේ උගන්ඩාවට.

:       39       82

නිහාල් Friday, 14 June 2024 09:57 PM

ප්‍රවෘත්තිය හරියට කියවලා නෑ...!

:       0       0

Chaminda Saturday, 15 June 2024 09:17 AM

රුවන් කියන්නේ සහතික ඇත්ත.. තමන්ට කොතෙකුත් හිරිහැර හා පාඩුවක් වුණත් කතරගම දෙවියන්ට තියෙන භක්තිය නිසා මිනිස්සු මොනරු මරන්නේ නැහැ... ඒක තමයි ඇත්තම තත්වය..

:       0       0

Lakmal Friday, 14 June 2024 07:35 PM

ලංකාවට හරියන්නෙ පරිසරවේදියෝ කියන එවුන් නැති දවසක

:       0       0

Hemantha Friday, 14 June 2024 08:14 PM

වනජිවි අයට කාල් කැවිලාද? වැද්දන්ට කුඹුරු කොටන්නද කියන්නේ

:       106       81

kotiya Friday, 14 June 2024 09:04 PM

අනේ මන්දා... බුදුන් වැඩපු රටලු. බුදු බණ අදහන මිනිස්සු ඉන්නවලු. බුදු බණ අවිහිංසාවාදියි ලු. හැබැ‍යි මොණරු වගා හානි කරන නිසා ඔවුන්ව මැරුවට කමක් නෑලු. අලි මිනිස් ගැටුමට පිළියම ලෙස අලි මරමුලු.

:       1       0

නිහාල් Friday, 14 June 2024 09:55 PM

මැරුවේ අභය භූමියක නම්, කොහේදී මැරුවත් ආරක්ෂිත සතෙක් නම් කරලා තියෙන්නේ වැරැද්දක්...

:       0       0

Hemantha Friday, 14 June 2024 10:25 PM

නීතිය රටට පොදුයි.., නමුත් වැද්දා කන්නේ දඩමස්නේ.. සුද්දත් එකයි, වැද්දත් එකයි.

:       0       0

Zure Friday, 14 June 2024 10:51 PM

21,949,268 ශ්‍රි ලංකාවේ ජනගහනය (2024) 80% ලංකාවේ නීතිය 100% ක්‍රියාත්මක වුවහොත් 15,000,000 වැරැදි කරුවන් වෙති...

:       0       0

Priyanka Samarawickrama Friday, 14 June 2024 10:58 PM

මොකද අමුඩෙ කොටු කොටු කරලා..?

:       0       0

චතුරි Saturday, 15 June 2024 12:06 AM

වැද්දා සුද්දා වගේද? මී හරක් නඩේ රටට කරලා තියෙන අපරාදේ. ඒ ගැන කිසි කෙනෙක් කතා කරන්නේ නැහැ. මොකද ඔවුන්ට බයේනේ. රටේ සම්පත් වගේම ජනතාවගේ අර්ථසාධකයයි, පැන්ශ්න් එකයි හොරාකාපු මී හරක්නේ... මයිනා රජ වුණාම. කොහොමද මයිනාගේ බේබීලා. ඇතුළු පවුලේ සැම රටේ දේවල් විනාස කරපු හැටි.. එකෙක් කට ඇරියාද නැහැනේ බයට. මේ මිනිස්සු වරදක් කරලා නැහැ.. විදේශිකයින් රටට ඇතුල් වෙනකොට ඒ අයට කොන්දේසි තියෙනවාද? දැනුවත් කරලාද තියෙන්නේ මේකෙ වැරැද්ද තියෙන්නේ... මහ උන්ගේ අතේ. වැද්දා හදපු පැණි ගෙනත් දෙන කොට නම් හරි ආදරෙන් ගන්නවා. මේ සක්කිලින්ට වැඩිය වැද්දෝ හොඳයි.

:       0       0

වීරසිංහ Saturday, 15 June 2024 12:26 AM

අපේ වනජීවී ලොක්කෝ හරි දක්ෂයි අවුරුදු හතරකට ඉස්සර මොනරෙක් කාපු එකක් අල්ලලා.

:       0       0

වනජීවියා Saturday, 15 June 2024 12:30 AM

මේ මිනිස්සු වැද්දන්ටවත් පාඩුවේ ඉන්න දෙන්නේ නැහැනේ. ඒ මිනිස්සු තමන්ගේ පාඩුවේ දඩයමක් කරගෙන ජීවත්වෙන්නේ. මහජන දේපල හොරාකන්නේ නෑ. මිලියන ගණන් හොරකන හොරු නිදැල්ලේ. මොනරෙක් කාපු ආදි වාසියා හිරේ. පුදුම රටක්.

:       0       0

Saman Saturday, 15 June 2024 12:33 AM

මේවගේ අනාදිමත් කාලයක සිට පවතින ජනකණ්ඩායම්වල සංස්කෘතික හරපද්ධතීන් වලට ඇඟිලි ගැසීමෙන් වළකින්න. ඔවුන්ට කෙටේරිය ගෙනයාමට හැකිනම් වඳවීගෙන යන සතෙක් නොවන මොනරාව දඩයම් කිරීම පිළිබඳ නීතිය සංශෝධනය කළ යුතුය.

:       0       0

Asela Saturday, 15 June 2024 02:41 AM

යකඩෝ... වැද්දා දඩමස් කන්නේ නැතුව. බිරියානි කන්නද?

:       0       0

chamalka Saturday, 15 June 2024 06:56 AM

ඒ කාලෙ සුද්දො එන්නෙ නැති නිසා සද්ද නොකර ඉඳල හදිසියෙම නින්දෙන් ඇහැරුවනා වගේ නඩුව දාල තියෙන්නෙ.

:       0       0

Anura Saturday, 15 June 2024 08:25 AM

කෝ මේකෙ ලින්ක් එක?

:       0       0

sugath Saturday, 15 June 2024 08:33 AM

අද මොණරුන්ගෙන් වගාවට සිදුවන හානිය ඉතා විශාලයි. රටේ මොනර ගහනය කෘතීමව අඩු කිරීමේ කිසිම වැරද්දක් නැහැ.

:       0       0

Jayamanna Saturday, 15 June 2024 08:45 AM

වැද්දෝ නැහැ දැන් .ඉන්නේ නමින් වැද්දෝ .ඔය කමෙන්ට් කරන වගේ අය.උන් නිකන් රඟපානවා .උන් ළඟ ස්මාට් ෆෝන් ,සේරම තියනවා ,නිකන් මස් දෙන්නේ නෑ .මෙතන වැලලෙන්න හදනවා වැද්දෝ ඉන්නවා කිය කියා.ඕකුන් සේරම දැන් මොඩර්න් වෙලා ඉන්නේ

:       1       0

kam Saturday, 15 June 2024 09:24 AM

ආරක්ෂිත පක්ෂියෙක් කරන්න ඇත්තේ හේතුවක් ඇතිවනේ. මේ සතා අපේ රටේ සුන්දරත්වයේ සංකේතයක් නෙමෙයිද? අනිත් එක වාසියට විතරක් වැද්දෝ වෙලා හරියන්නේ නැහැනේ. අනිත් දේවල් ඔක්කෝම නවීන ක්‍රමයට කරලා, මොනර මස් කන්න ගියාම විතරක් වැද්දෝද? වැද්දෙක්ද නැද්ද කියන එක තීරණය වෙන්නේ කොහොමද? දුකයි, අවනීතිය සාධාරනීකරණය කරන අයගේ අදහස් දැක්කාම...

:       0       0

පියල් විරසිංහ Saturday, 15 June 2024 09:41 AM

වැද්දෝ මොනරා මරාගෙන කෑවාම මොකද වෙන්නේ? ඔයිට වැඩිය හොරා කාලා තියෙන්නේ මැති ඇමැතිවරුන්... ඒ අය ගැන අධිකරණ තීරණයක් ගන්න.

:       0       0

peacocka Saturday, 15 June 2024 09:46 AM

සමතුලිත භාවය තියාගන්න නම් මරන්න වෙනවා.

:       0       0

Bunny Preena Saturday, 15 June 2024 09:55 AM

ආණ්ඩුවට මුලින්ම කරන්න තියෙන්නේ ආදිවාසීන්ට ජීවත් වීමට තුන්වේලම හොඳ කාලා බීලා ඉඳලා ඉන්න පුළුවන් ආර්ථිකයක් හදලා දීලා සතුන් දඩයම් කිරීමෙන් ඒ ගොල්ලන්ව වළක්වා තබන එකයි. නිකන් බොරුවට නීති පොත් පෙන්න පෙන්නා දඬුවම් කරන්න හදන එක නෙවෙයි.

:       0       0

Sanjeewa Anthony Saturday, 15 June 2024 10:41 AM

මොනර ගහනය පාලනය කරන්නම ඕනෑ.. සංචාරකයින්ට සල්ලි ගෙවලා මොනරෙක් දඩයම් කරගන්න දෙන්න නීත්‍යානුකූලවම...! 

:       0       0

randil dunuwille Saturday, 15 June 2024 01:19 PM

වැද්දෝ මුන්ට වඩා ෂිස්ට සම්පන්නයි කියලා හිතෙනවා අදහස් දැක්කාම

:       2       114

Indika Prasad Samarakoon Saturday, 15 June 2024 02:06 PM

වැද්දන් යනු ශ්‍රී ලංකාවේ ආදිවාසී ජනතාව වන අතර, වන සතුන් ආරක්ෂා කිරීමේ නීතිමය හේතු යටතේ මෙම පනත මගින් පැහැදිලිව පැහැදිලි කර නොමැති නම්, ඔවුන්ට ජීවත්වීමට සහ ඔවුන්ගේ ජීවනෝපාය පෙන්වීමට සම්පූර්ණ අයිතිය ඇත. ප්‍රසංගයේ සත්කාරකයා වන Sonny Side, ලොව පුරා ආහාර සමාලෝචන සංදර්ශන රාශියක් නිෂ්පාදනය කර ඇති ඉහළ පෙළේ සමාජ මාධ්‍ය වෘත්තිකයෙකි. ඔහු/ඔහුගේ සමාගම ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන අන්තර්ගත කොටස් කිහිපයක් නිෂ්පාදනය කර වෙබ් විකාශනය කළේය. වාර්තා කරන මාධ්‍යවේදියා ශ්‍රී ලාංකේය ආදිවාසීන්ගේ ජීවනෝපාය අයිතීන් පිළිබඳව මනාව විමර්ශනය කර නෛතික පදනම තහවුරු කර නොමැති නම්, මෙම වාර්තාව දේශපාලන අභිප්‍රේරිත සහ අසමතුලිත වාර්තාවක් ලෙස මම දකිමි

:       76       5

de silva berlin Saturday, 15 June 2024 02:14 PM

කැලේ වැදිලා දුනු ඊතල , උගුල් වැනි පාරම්පරික ක්‍රම වලට සතුන් දඩයම් කරන් කන එක අධිවසින්ගේ ඓතියක් උරුමයක් , රේගුවේ , පොලිසියේ , සුරාබධු ,අධ්යම් බදු දෙපාර්තමේන්තු වල මෙන් වනජීවී නිලධාරින්ගෙනුත් බහුතරයක් දුෂිත නිලධාරීන් ඔවුන් වනය තුල ගංජා හේන් වැවීම , දඩමස් ජාවාරම්,දැව ජාවාරම් එහෙම කරනවා , ඒකනිසා ඔවුන් කැමති නැහැ වෙන මිනිස්සු වනයේ සැරිසරනවට , පාරම්පරික වැඩි ජනයට වනයට අතුල්විමටත් දුනු ඊතල වැනි පාරම්පරික ක්‍රම භාවිත කරමින් දඩයම් කිරීමටත් බලපත්‍ර නිකුත් කල යුතුය , වැදි ජනතාවගේ සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීමට අපි ඉදිරිපත් වෙන්න ඕනේ ,

:       51       9

R.T.SArath Saturday, 15 June 2024 02:21 PM

වැද්දන්ට කියන්නේ කැලේ සත්තු මරාගෙන කන්නේ නැතුව , නගර වලට ඇවිත් කුලියට මිනිමරන්නද ? කුඩු විකුනනන්ද ? අවරුදු 4 කට කලින් මරපු මොනරෙක් ගැන කියල නඩු දමන්න මුන්ට පිස්සුද ? රටේ හැමතැනම මොනරු , වදුරෝ බෝවෙලා ගහක ගෙඩියක් තියාගන්න බැහැ , මිනිස්සු වගාකරන එක නවත්තල දමල , අපේ ගමේ බල්ලෙක් ඉන්නවා , ඉඳල හිටලා මොනරෙක් එහෙම දඩයම් කරගෙන කනවා , පුලුවන්නම් උවත් අල්ලාගෙන ගිහිල්ල නඩු දමපල්ලා ,

:       41       12

සෙනරත් Saturday, 15 June 2024 02:23 PM

වීඩියෝ එකෙ කිවෙ වැද්දන්ට මොනර මස් කන්න තහනම් නෑ කියලා ......වනසත්ව මහත්තයාට වල්ගෙ පෑගිලා වත් ද?

:       33       8

අහිංසක Saturday, 15 June 2024 05:57 PM

සෑම ප්‍රදේශයකම වනජීවී මහත්වරු නැහැ ඒ නිසා සමහරක් එවුන් ඔය ක්‍රියා අත්හදා බලන්න සූදානම් වේවි එනිසා මම අදහස් කරන්නෙ තවත් ඔය සත්තු දෙතුන්දෙනෙක් වත් නැතිවෙන්න පුළුවන්

:       12       6

සුමිත් Saturday, 15 June 2024 06:43 PM

මෙනර මාලු උඩ හල්ලේ තිබෙම්මා අපට බතට අල කොල දෙයි කුඩම්මා

:       15       1

chandima Saturday, 15 June 2024 06:57 PM

සුද්දෝ වැද්දෝ වෙලාද? වැද්දෝ සුද්දෝ වෙලාද?

:       0       18

පිටිගල මිලානෝ Saturday, 15 June 2024 11:05 PM

ලංකා වේ පොලිසියට ඇත්තටම වෙන වැඩ ඇත්තෙම නැත්ද ? 2019 වැද්දෙක් මරපු මොනරෙක් පස්සේ පන්නනේ. ඔච්චරම දඩ මස් අල්ලන්න ඕනේ ඔය කැලෑවල් කෙළවර තියෙන පොඩි පොඩි හෝටල් වලට පොඩ්ඩක් පැනලා බලන්න . අනික මොණරා ආරක්‍ෂිත පක්ෂියෙක් යම් විශ්වාස මත මිසක් , වද වන පක්ෂියෙක් හින්දා නෙවේ . අද මොණරා ගොවියන්ට වදයක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 958 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 427 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 279 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 842 2

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වංචා දූෂණ මඩින්න කොරියා ණය ආධාර
2024 සැප්තැම්බර් මස 27 717 1

ලංකා රජයේ වංචා, දූෂණ පිටු දැකීමේ ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාදීමටද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය එකඟතාවය පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.


කොළඹ පොත් මංගල්‍ය ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 27 320 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37742 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24883 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 260 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site