(තිලකරත්න දිසානායක)
වෛද්‍යවරයෙකුගේ නිර්දේශයකින් තොරව ලබාදීමට නොහැකි අධි වේදනා නාශක ඖෂධ ,මත් ද්‍රව්‍ය භාවිතයට යොමු වූවන්ට අලෙවි කෙරෙන මාකොල ප්‍රදේශයේ ස්ථානයක් වටලා එහි සේවයෙහි නිරතව සිටි කාන්තාවන් තිදෙනෙකු අත් අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ආහාර හා ඖෂධ පරීක්ෂක ඒකකය සදහන් කරයි.
පානදුර, වලාන දූෂණ මර්ධන ඒකකයට ලද තොරතුරක් මත ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය ඉන්ද්‍රානි මල්වැන්න මහත්මියගේ උපදෙස් පරිදි දුෂණ මර්ධන ඒකකයේ පොලිස් නිලධාරීන් පිරිසක් සමග ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කොට ඇත.
උපාය දූතයෙකු ලෙස පොලිස් නිලධාරියෙකු යොදවා වේදනා නාශක ඖෂධ මිලදී ගැනීමෙන් අනතුරුව එම ස්ථානයෙහි සේවය කරමින් සිටි කාන්තාවන් අත් අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරීමේදී එම ආයතනය විශ්‍රාමික වෛද්‍යවරියකට අයත් බව අනාවරණය වී යැයි ශ්‍රී ලංකා ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් ගම්පහ දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් නීතීඥ වික්‍රමසේකර බණ්ඩාර මහතා පැවසීය.
මෙහිදී වේදනා නාශක ඖෂධ වර්ග පහකට අයත් ඖෂධ කරල් 601 ක් තිබී අත් අඩංගුවට ගනු ලැබූ බවත් ඖෂධ කරලක් රුපියල් 25 ක් පමණ වන මුත් මෙහි කරලක් රුපියල් 110 ක මිලකට අලෙවි කොට ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
ප්රධාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් පරීක්ෂකවරුන් 27 දෙනකුගේ උසස් වීම් 2003 ජනවාරි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළ
රට තුළ පවතින ආපදා තත්වය හේතුවෙන් පුද්ගළයින් 14 දෙනෙකු මියගොස් 19 දෙනෙකු තුවාල ලබා තවත් එක් අයෙකු අතුරුදන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ගල්කිරියාගම ඉඟුරුවැව ප්‍රදේශයේදි විදුලි සැර වද්දවා දීග දන්තු ඇත් රජු මරා දැමි යැයි කියන රක්ෂණ සමාගමක ප්‍රධාන කළමනාකාරවරයකු ලබන 12 වැනි දා තෙක් රිමාන්ඩ
නැගෙනහිර ජල ගැලීම් හේතුවෙන් මඩකලපු ප්‍රාදේශීය රෝහලක් හා ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක් ජලයෙන් යටවී ඇතැයි නැගෙනහිර පළාත් සෞඛ්‍ය දෙපාර
තඳ සුළං තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව ඇති නිවාසවලට ඇති වි තිබෙන හානි සහ ආපදාවට ලක්ව ඇති ජනතාව පිළිබඳව සොයා බැලිම සදහා වැවිලි ස
නාරාහේන්පිට ප්‍රදේශයේ අවමංගල්‍ය නිවසකදී ඇතිවූ ආරවුලකදී පොලු වලින් හා සවලකින් පහරදී පුද්ගලයකු මරා දමා තවත් හත්දෙනෙකුට බරපතල තුවාල කිරීමේ චෝදනාවට වර
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වේදනා නාශක මතට ඇබ්බැහි වූවන්ට අලෙවි කළ ස්ථානයක් වටලයි