IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


‘වෛද්‍යවරුන් නැතිව රෝහල් 37ක් වැහිලා‘

 සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සකස් කළ පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලැයිස්තුව ඒ අයුරින්ම ක්‍රියාවට නැංවීමට නොහැකිවීම නිසා වෛද්‍යවරුන් නොමැතිව රෝහල් 37ක් වැසී ගොස් ඇතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

 වෛද්‍ය පුරප්පාඩු ඇති රෝහල්වලට වෛද්‍යවරුන් යොමු කෙරෙන අයුරින් සකස් කළ ලැයිස්තුව වෙනස් කිරීමට සිදුවූයේ ඇතැම් වෛද්‍ය සංගම්වල බලපෑම් නිසා බවද අමාත්‍යවරයා ස`දහන් කළේය.

අවශ්‍ය රෝහල් කරා වෛද්‍යවරුන් යෙදවීමට අමාත්‍යාංශය කටයුතු කරද්දී ඇතැම් වෛද්‍ය සංගම් රෝගී ජීවිත බිල්ලට ගනිමින් වැඩවර්ජන කර එම තීන්දු වෙනස් කරවන බව ද කී අමාත්‍යවරයා මාධ්‍ය පවා සහය දෙන්නේ එම වෛද්‍ය සංගම්වලට බව සදහන් කළේය.

රෝගීන්ගේ ජීවිත බිල්ලට දිය නොහැකි නිසා තමන්ටද ඔවුන්ට එරෙහි තීන්දු ගැනීමට නොහැකිවී ඇතැයි කී අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තමන් එසේ කරන්නේ ජීවිතවල වටිනාකම දන්නා නිසා මිස වර්ජනයන්ට බියේ නොවන බව ද කියා සිටියේය.

පේරාදෙණිය, මඩකලපුව වැනි දුර බැහැර පිහිටි රෝහල්වලට රුපියල් කෝටි ගණනක් වියදම් කර ලබාදුන් නවීන පහසුකම් සහිත ඒකකවලට ද වෛද්‍යවරුන් නොමැතිකම නිසා ජනතාවට ඒවායේ ප්‍රයෝජන ලබාගැනීමට නොහැකි වී ඇතැයි ද අමාත්‍යවරයා කීවේය.

 අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 



අදහස් (0)

‘වෛද්‍යවරුන් නැතිව රෝහල් 37ක් වැහිලා‘

මංජුල Thursday, 14 July 2016 07:32 PM

වර්ජන නම් තියෙනවා ඇතිවෙන්න. මොනර කොළ තියනවා නම් පඳුරක් ගානේ දොස්තරලා. (නි)

:       0       0

රජිත් මංජුල Thursday, 14 July 2016 08:48 PM

එක්තරා දොස්තරවරියක් ජංගම දුරකථනයකින් පොල් ගෙඩියක් වැටුණු මිනිහෙකුට බේත් දාපු හැටි ලොකු අකුරෙන් තියනවා දැක්කා පත්තරයක. ඕවට වෛද්‍ය වෘත්තිය සමිතිය පියවරක් ගන්නේ නැද්ද? මල තැලෙනකොට අඬන දොස්තරලා ගල තැලෙනකොට හිනාවෙනවා (නි)

:       0       0

ජනහිත Thursday, 14 July 2016 10:01 PM

ඇත්තටම මෙය රටට‍ බරපතලම ප්‍රශ්නයක්. මේ රටේ වෛද්‍යවරු වෙන්නේ රජයේ වියදමින්. හැබැයි වෛද්‍යවරුන් වශයෙන් සමත්වෙන්න ඒ අයත් මහන්සි වෙනවා තමයි. එ්ත් රට ගැනත් සිතිය යුතුයි. මෙයට හේතුව මම හිතන්නේ පහසුකම් මදිවීම වෙන්න පුළුවන්. එහෙම දුෂ්කර පළාත් වලට යන අයට වෙනම දීමනාවක් දීලා අවශ්‍ය සියලුම පහසුකම් දියයුතුයි. ඒ වගේම කිසියම් කාලයකට බැඳීමකුත් ඒ අයට තිබිය යුතුයි. මා දන්නා තරමින් අගනුවර ඉන්න වෛද්‍යවරු එක සවසක ලෙඩුන් 100 ක් විතර පරීක්ෂා කරනවා, රුපියල් 1,700 ක් එක්කෙනෙකුගෙන් අයකරලා. මේ නිසා තමයි ඒ අය යන්න අකමැති (නි)

:       0       0

මංජුල සුබසිංහ Friday, 15 July 2016 10:14 AM

වෛද්‍යවරුන් නැති රෝහල් පිළිබඳව පලමුවෙන්ම ඔබ තුමා හොදට සොයා බලන්න , රුපියල් කෝටි ගණනක් වියදම් කර උපකරණ සවි කරත්, නේවාසිකාගාරයක් ආපන ශාලාවක්, හා මුලික අවශ්‍යතා සපුරා තිබෙනවා ද බලන්න. ඒ ගැන අවබෝධයකින් තොරව ඔබ වෛද්‍යවරයකු පත් කරන්නේ නම් ඔවුන් එම ස්ථානයේ ඉන්නේ නැහැ. පසුගිය වසර පහ මම මඩකලපුවෙන් වැඩ කරන ලදී, මඩකලපුවෙ ප්‍රාදේශීය රෝහල් වල ගැටළුව ඕක. (ර)

:       0       0

සිංහ Friday, 15 July 2016 12:58 AM

මෙහෙම අය තමයි පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලටත් විරුද්ධවෙන්නේ. ඇමතිතුමනි, ඉන්දියාවෙන් හෝ වෛද්‍යවරු ගෙනවිත් මෙම ඒකාධිකාරය බිඳලන්න (නි)

:       0       0

ප්‍රසාද් Friday, 15 July 2016 01:34 AM

තවත් මෙම දොස්තර මාෆියාවට අපි යටත්විය යුතුද? (නි)

:       0       0

ආර්. වික්‍රම Friday, 15 July 2016 01:39 AM

සිංහ කියලා අදහස් දාලා තියෙන්නේ ඇමතිතුමාගේ හොඳ හිතවතෙක් වෙන්න ඇති නේද? (නි)

:       0       0

සරත් Friday, 15 July 2016 01:49 AM

සයිටම් එකේ තරහ නේද මේ පිරිමහන්න හදන්නෙ (නි)

:       0       0

විද්‍යා Friday, 15 July 2016 02:03 AM

පුද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති වියයුත්තේ මේ හේතුව නිසාය (නි)

:       0       0

ආරච්චි Friday, 15 July 2016 02:32 AM

රන්ජිත් මංජුල, මමත් ලංකාවේ ඉන්න වෙලාවේ සිදුවුණ සිදුවීමකට අනුව හිතන්නේ ලංකාවේ හැම කෙනෙකුටම වෛද්‍ය රක්ෂණයක් ලබාදීම කළයුතු බවයි. (නි)

:       0       0

කේ.ඩී.සුජීව Friday, 15 July 2016 02:59 AM

කළයුත්තේ සීමාවාසික පුහුණුව අවසන් කරලා එක රෝහලක වසර 5 ට වඩා ඉන්න දොස්තරලා පුරප්පාඩු ති‍යෙන තැන් වලට දාන එක. ඕනෑනම් ඔ‍ය වෙද සංගම‍යට පුලුවන් මාරුවීම් ප්‍රතිපත්ති‍ය හදලා රජ‍යේ පරිපාලන රෙගුලාසි වලට අදාලව මාරුකිරීම් කරන්න (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Friday, 15 July 2016 12:36 PM

පිනට ඉගෙනගත් දොස්තරලාට මේ රෝහල් වලට යන්න බැරි නම් සල්ලි දීලා ඉගෙනගත් පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලින් එන දොස්තරලා යවන්න මේ රෝහල් වලට. (නි)

:       0       0

ප්‍රදීප් Friday, 15 July 2016 03:28 AM

බදු සල්ලි වලින් ඉගෙනගන පර්මිට් වලටත් ලෙඩ්ඩු උගසට තියලා වැඩවර්ජනය කරන අය ඉන්න රටකි මෙය (නි)

:       0       0

යහම්පත් Friday, 15 July 2016 03:25 AM

වෙන පාරකින් ඇවිත් සයිටම් ගොඩදාන්න වගේද මේ යන්නේ? කරුණාකරලා පහසුකම් ඇති කරන්න. එතකොට වෛද්‍යවරු විතරක් නෙමෙයි, හෙදියන් ඇතුළු අනෙකුත් අයත් යයි (නි)

:       0       0

වෙල්ලවත්ත යශෝදරා Friday, 15 July 2016 04:35 AM

අයුර්වේදට මුල්තැන දෙන්න. (ර)

:       0       0

නිමල් Friday, 15 July 2016 05:58 AM

දොස්තරලා ඉස්පිරිතාලවල නැහැ, ඕන තරම් දවල්ට පාරේ ඉන්නවා, හවසට පුද්ගලික රෝහල්වල. (ර)

:       0       0

රජිත Saturday, 16 July 2016 05:43 AM

කුමාර් (ගල්ෆ්), දොස්තර කෙනෙක් වෙන්න පින ඕනෙ බව නම් ඇත්ත. එහෙම කෙනෙක්ට තමා අහිංසක රෝගීන්ගේ ජීවිතත් බේරා ගන්න පුලුවන්. මේ වගේ දේවල් වලට අද්හස් දක්වද්දි හොඳට බුද්ධිමත් වෙලා අදහස් ලියන්න. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 759 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 1620 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 98 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 2333 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 5996 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 4106 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38985 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25536 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 307 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1053 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 371 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site