IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


වෛද්‍යවරුන් විදේශගතවීම දිරිගැන්විය යුතුයි

(යොහාන් භාසුර)

මෙරටට විදේශ විනිමය එවීමේ කොන්දේසිය මත වෛද්‍යවරු රටින් බැහැර වීම දිරිගැන්විය යුතු බවත් රට බංකොළොත් වී ඇති වර්තමාන තත්වය තුළ වෛද්‍යවරු දහසක් පමණ විදේශ රටවල්වලට යොමුකළ යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතා පවසයි.

ශ්‍රී ලංකාව තුළ වෛද්‍යවරුන්ගේ හිඟයට වඩා වෛද්‍යවන්ගේ සේවය ව්‍යාප්තවීමේ අසමතුලිත බව වර්තමාන තත්වයට හේතු වී ඇති බව කියන වෛද්‍ය බෙල්ලන මහතා ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ගෙන් සියයට 60 කට වඩා වැඩි සංඛ්‍යාවක් බස්නාහිර පළාත තුළ සේවයේ යෙදී සිටින බව ද සඳහන් කළේය.

වෛද්‍යවරු වෙනත් රටවලට යෑමේදී වංචාවලට සම්බන්ධ සොරුන් සේ සළකා කටයුතු කරන්නේ යැයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසීම අනුමත කළ නොහහැකි බවත් ග්‍රාමීය ප්‍රදේශවල විශේෂඥා වෛද්‍යවරුන්ගේ හිඟයට හේතුව රජය විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 63 ක් දක්වා ඉහළ දැමීමට ගත් අදූරදර්ශී තීරණය බවත් වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතා කීය.

මෙම තත්වය මත තරුණ වෛද්‍යවරු රට හැරයෑම ඉහළ ගොස් ඇතු බව ද වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතා වැඩි දුරටත් පැවසීය.

 



අදහස් (14)

වෛද්‍යවරුන් විදේශගතවීම දිරිගැන්විය යුතුයි

Perera Wednesday, 16 August 2023 01:32 PM

ලංකාවේ MBBS විභාගය බොහෝ පිටරටවල් වල ගණන් ගන්නේ නැහැ. ඒකෙන් දොස්තර කෙනෙක් විදිහට වැඩ කරන්න බැහැ. ලංකාවේ දොස්තරලා මම ඉන්න රටේ සුපර්මාකට් චෙක්අවුට් වල වැඩ කරනවා. ඌබර් දුවනවා වගේ ඒවා කරන්නේ පවු...

:       22       28

PiyanandaWednesday, 16 August 2023 07:21 PM

ඔබතුමා ඉන්න රට දැනගන්න කැමතියි.

:       0       1

කුරේරාThursday, 17 August 2023 03:47 AM

එතකොට එහෙනම් එහේ ගිහිල්ලා ෂෙඩ්වල තෙල් ගහන්නද යන්නෙ.පෙරේරා

:       0       0

pj Wednesday, 16 August 2023 01:35 PM

පවුල් පිටින් රට පැන්නාම ඩොලර් එවන්නේ කාටද? මඤ්ඤන්ද ?

:       2       47

Hafeel Wednesday, 16 August 2023 02:38 PM

මමත් ඔබගේ අදහසට එකඟයි. මෙයා දොස්තර වුනාට මෝඩ අදහස්.

:       2       16

කිර්පුතා Wednesday, 16 August 2023 02:50 PM

තනිකරම රටේ සල්ලිවලින් ඉගෙනගෙන ඔවුන් පනින්නේ පදිංචි වෙන්න රටක් හොයාගෙන. රටට ඩොලර් එවන එක. කෙසේ වෙතත් රටේ තියෙන දේපලත් විකුණලා සල්ලි එහෙට ගෙන්වා ගන්නවා. එහිදී බොහෝ අය රහට කට්ට කනවා. ඩොලර් මෙහෙට එවන්නේ මැද පෙරදිග වැඩ කරන ජනතාව...

:       4       26

චින්තක Thursday, 17 August 2023 03:53 AM

කිරිපුතා හරියට හරි අහිංසක මිනිස්සු කරන කුලියෙනුත් ලබන බදු මුදලින් ඉගෙනුම ලබා රටට සේවයක් නොකර යාම කෙසේවත් දිරිගැන්වීම සාධාරණ නැහැ එහෙම යන අයගෙන් රටට සේවයක් නැත්නම් වහාම බලපත්‍රය අවලංගු කරන්න ඕන පුද්ගලික විශ්ව විද්‍යාල වලින් වෙද උපාධිය ලබා සිටින සියලු දෙනාම විදෙස් ගතවෙනවා නම් උපරිමයෙන් සහාය දෙනවා මිස වත්මන් ලංකාවෙ ජනතා මුදලින් උගතුන් රට යාම තහනම් කරන්න ඕන

:       0       0

Hafeel Wednesday, 16 August 2023 02:53 PM

මෙහෙම තමයි එදා වාසුදේව නානයක්කාරත් කිව්වෙත්... එදා අපේ මුහුදු සීමාව තුළ රසායනික නැවක් ගිනිඅරන්, මුහුදු පරිසරය විනාශ වුණාට කමක් නැතිලු, රටට ඩොලර් එනවලු කියලා... අවසානයේ ආපු ඩොලරුත් නැහැ, වාසුදේවත් උත්තර හොයන්න උත්තර ලංකාවට ගියා...

:       6       24

අරවින්ද මොනරවිල Wednesday, 16 August 2023 08:41 PM

මූට මඤං දොස්තරලා රට ගියාම ලෙඩ්ඩු බලා ගන්නේ කොදොස්තරලද, ඌ හිතගෙන ඉන්නවා ඇත්තේ දොස්තරලා රට ගිහිල්ලා එවන සල්ලී වලින් පුළුවන් එවුන් මවුන්ට් එළිසබෙත් ගිහිල්ලා බෙහෙත් කර ගනියි බැරි එවුන් මැරිලා ගියාට කමක් නැහැ කියලා වෙන්න ඇති.

:       0       0

සල්ලි Wednesday, 16 August 2023 10:08 PM

දොස්තර ලා රට පටෝලා හරි යන්නේ නෑ. බහුලව ඉන්න පුහුණු ශ්‍රමිකයන් යවන්නයි ඕන. දේශපාලනයට කඩේ යන එවුන් ඔක්කොම පිටුවහල් කරන්න ඕන.

:       1       1

ජනතාව Thursday, 17 August 2023 08:03 AM

දේශපාලන හා රටේ ප්‍රතිපත්ති සම්පාදනය කරන මහා බැංකු, මුදල් අමාත්‍යංශ හා අනෙකුත් ඉහල නිලධාරීන්ගේ අධූර දර්ශී තීරණ නිසා ශ්‍රී ලංකාව අතිශය ආර්ථික ප්‍රපාතයකට ඇදදමා ඇත. නිලදාරීන් සැමවිට වසර 5 කට පමණ තාවකාලිකව බලයේ ඉන්නා දේශපාලුව සතුටු කර ගොන් තීරණ ගෙන තම විශ්‍රාම දිවියේදී කොමිසමකට හෝ තානාපති කාර්යාලයකට හෙත්තුවිමට සැමදා කටයුතු කලා. එහි අමිහිරි ප්‍රතිපල අපි දැන් බුක්ති විදිමු.

:       0       2

ජනතාව Thursday, 17 August 2023 08:16 AM

විදෙස්ගතවන ඉහල වුර්තිකයන් ගෙන් රටට විදේශ විනිමය බලාපොරොත්තුවන එක හීනයක්. ඔවුන් අතිශය කලකිරීමකට පත්ව ඇත්තේ රට මෙවන් අගාධයකට ඇද හෙලා ඔවුන්ගේ ජීවන තත්වය හා දරුවන්ගේ අනාගතය අවිනිශ්චිත තත්වයකට පත්කළ නිසයි. මොවුන් ලද පළමු අවස්ථාවේදීම පවුල් පිටින්ම වෙනත් රටක පදිංචිවීමට උත්සහ කරනවා ඇත. ඉන්පසු මෙරට සිදුකලයුතු වගකීම් යුතුකම් සඳහා ලංකාවේදී ඉතිරිකළ මුදල් හා මෙරට දේපලවල කුලී මලී යොදා ගෙන කරනවා ඇත.

:       0       0

ජනතාව Thursday, 17 August 2023 08:24 AM

විදෙස් විනිමය උපාය ගැනීමට නම් රජයට බරක් වන පහල මට්ටම් වල කම්කරු, කාර්යාල සහායකයන් වැනි අය සුදුසු පුහුණුවකින් පසු විදෙස් ගත කල හැක. ඔවුන්ට අනිවාර්යයෙන් සැලකියයුතු කාලයක් දරුවන් , දෙමව්පියන් වෙනුවෙන් රටට විදෙස් මුදල් එවීමට සිදුවේ. මෙම කොටසට යත් අය තනිව විදෙස්ගත වීමට අවස්ථාවක් ලබාගැනීමට තරම් අධ්‍යාපන හා ආර්ථික හයියක් නැත. රජය ඔවුන්ට අනුග්‍රහයක් විය යුතුයි. බලධාරීන් කවදා මේවා තෙරුන් ගනී ද?

:       0       0

Peduru Friday, 18 August 2023 05:31 AM

ලංකාව තරම් දොස්තරලාට මුදල් උපයන්න පුලූවන් රටක් ලෝකයේ නැත..ලංකාවේ MBBS පාස් කරලා ලංකාවෙම MD ත් පාස් කරලා විශේෂඥ වෛද්‍ය වරැ වශයෙන් වශයෙන් වැඩ කලාට දියුණු රටවල එම උපාධි පිලිගනේ නෑ ඒෂියා උසස් අධ්‍යාපනය ලබන්න වත් පිලිගන්නේ නෑ..ලංකාවේ දොස්තරලාගෙන් 90% පමණ ඒ අයයි. ඒ අය අන්තර් ජාලයෙන් ඉගන ගෙන අපට ප්‍රතිකාර කරන්නේ.ඒකනේ දැන් මරණ වැඩී. රාජපක්ෂ ආණ්ඩු අපට දුන් තවත් දායාදයක් තමයි මේ. පෙර තිබු තත්ත්වයට නැවත යා යුතූයි. එනම් medical college එකට ඇතූල්වීමේදීම අවූ. 5 ක් ලංකාවේ සේවය කරන බවට ඛැදීමක් ඇති කල යූතූ අතර MD එක පීලි ගෑනුමට අනිවාර්යයෙන්ම ආවු 2 කක විදේශ පුහූණුව අනිවාර්ය කර ඉන් පසු රජය මගින් වැඩිපූර අධ්‍යාපනය සදහා ශිෂ්‍යත්ව ලබා දිය යුතුය. එවිට ලෝකයම පිලිගත් දොස්තරවරැ බීහිවෙයි. දොස්තරලාට ලොකූම රිදිල්ල බදු ගෙවීමට සිදුවීමයි. ජනතාවගේ මුදල් වලින් ඉගනගත් ඔවුන් බදු ගෙවිය යුතූමයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රට පුරා ඔසු සල් අරින්න යයි
2024 ඔක්තෝබර් මස 14 2043 0

ගුණාත්මක ඖෂධ සාධාරණ මිලකට ජනතාවට ලබාදීමේ රජයේ වැඩපිළිවෙල අනුව දිවයින පුරා ඔසුසල් ජාලාවක් ස්ථාපිත කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලි


ඊශ්‍රායල හමුදා කඳවුරට හිස්බුල්ලා ඩ්‍රෝන ප්‍රහාර
2024 ඔක්තෝබර් මස 14 883 0

ලෙබනන් හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රායල හමුදා පුහුණු කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේය. ප්‍රහාරයෙන් ඊශ්‍රායල හමුදා සොල්දාදුවන් තිදෙනකු මියගොස්, 100


පාලන මිලට බැරිනම් සහල් අලෙවිය වර්ජනය කරනවා
2024 ඔක්තෝබර් මස 14 1243 0

පාලන මිලට සහල් අලෙවි කළ නොහැකි නම් සහල් අලෙවිය වර්ජනය කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා අත්‍යාවශ්‍ය ආහාර තොග සහ සිල්ලර වෙළඳ සංගමය පවසයි.


පොහොර සහනාධාරය අද සිට
2024 ඔක්තෝබර් මස 14 212 0

රජය විසින් වැඩි කරන ලද පොහොර සහනාධාරය අද සිට ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ශිෂ්‍යත්වය ගැන කොමසාරිස්ගේ තීරණය
2024 ඔක්තෝබර් මස 14 857 0

ආන්දෝලනයට තුඩු තුන් 2024 පහ වසර ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය යළි නොපැවැත්වීමට තීරණ කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.


ත්‍රිරෝද රියදුරු මරා පුංචි ලෝකාන්තයට දාලා
2024 ඔක්තෝබර් මස 14 974 0

හාලිඇල රොසට්වත්තේ ත්‍රීරෝද රථ රියදුරෙකු මඩොල්සිම පුංචිලෝකාන්තය අසල ට රැගෙන ගොස් පහරදී සිරුර මඩොල්සිම පුංචිලෝකාන්තයේ ප්‍රපාතයට ඇද විසිකර දෑමූ බව ක


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 376 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 440 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1392 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site