IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


වෛද්‍යවරයෙක් වායු රයිෆලයකින් සිසුවකුගේ පපුවට වෙඩි තියලා

( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
                                      
මහරගම  ඇරැව්වල ධර්මපාල විදුහල් ක්‍රීඩාංගණයේදී   17  හැවිරිදි පාසල් සිසුවෙකුට  පපුවට  වායු රයිෆලයකින් වෙඩි තබා  තුවාල සිදු කිරීමේ සිද්ධියකට වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය කියයි.  
 
තුවාල ලද සිසුවා  කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත
 
තුවාල ලද සිසුවා මිතුරන් කිහිපදෙනකු සමග ඊයේ (22) සවස ධර්මපාල  ක්‍රීඩාංගනයේ  ක්‍රිකට් සෙල්ලම් කරමින් සිට ඇති අතර  බෝලය සැකකරුගේ  වත්තට ගියා යැයි උරණව  මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇතැයි පොලිසිය කියයි
 
අත්අඩංගුවට ගත් සැකකාර වෛද්‍යවරයා මහරගම  පිළිකා රෝහලට අනුයුක්ත අයෙකි .



අදහස් (24)

වෛද්‍යවරයෙක් වායු රයිෆලයකින් සිසුවකුගේ පපුවට වෙඩි තියලා

himali herath Monday, 23 November 2020 07:29 AM

ජනතාවගේ බදු මුදලින් ඉගෙන ගෙන ජනතාවටම ශෝ පෙන්නන මෝඩ මිනිස්සු වැඩි හරියක් නැති ලොකුකමක් මවාපානවා...

:       12       24

Sunimal Monday, 23 November 2020 08:02 AM

මගේ වත්තට ආවා නම් මාත් කරන්නේ ඕක...

:       28       11

panuwaMonday, 23 November 2020 10:35 AM

බලාගෙන, එන ආත්මේ පණුවෙක් වෙලා ඉපදෙයි. ඔය වත්තෙම...

:       3       7

බද්රානිMonday, 23 November 2020 10:54 AM

දොස්තරගේ ගෙදර වෙසෙන බල්ලා, ඒ වත්තට ආපු පුද්ගලයෙකුව නොකෑවොත් තමයි අපි පුදුම වෙන්න ඕනෑ. බල්ලා කොහොමත් හිතාගෙන ඉන්නේ ඒ වත්ත, උගේ කියලනේ.. ස්වාමි්‍වරුන්ට නකුට වැනුවට, සාමාන්‍ය මිනිස්සුන්ට ඔය කටුකන බල්ලන් බොහොම සැරයි.

:       0       2

JayamannaMonday, 23 November 2020 10:58 AM

මගෙ වත්ත. මගෙ වත්ත... බදාගෙන ඉන්නවා මැරෙනකම්ම. ඉස්කෝලේ යන ළමයෙක්ට වෙඩි තියන්න... තමුන් ගැන ලැජ්ජයි.

:       3       12

RaveendraMonday, 23 November 2020 01:29 PM

මගේ වත්ත කිව්වත් ඉන්නෙත් වෙන වත්තක නොවේද ... ඒ වත්තත් සියලු සත්වයනටත් අයිතියි නොවේද... මගේ මගේ කියමින් අඬබෙර ගැහුවත් අප සියල්ලෝම.... ඔක්කොම අපි ඉන්නෙත් අයිති නැතිම තැනක නොවේද...?

:       0       0

නිමලාMonday, 23 November 2020 04:19 PM

තමුන්ට මොනවා වෙයිද කියලා කවුද දන්නේ.

:       0       0

Sk Monday, 23 November 2020 08:31 AM

මේ වගේ අයගෙන් බෙහෙත් ගන්න ලෙඩ්ඩුන්ට දෙවි පිහිටයි.

:       1       28

Raveendra Monday, 23 November 2020 09:08 AM

අප කණගාටු වෙනවා මෙවැනි "කොන්දොස්තර" කෙනෙකුට බස්රථයක ටිකට් ලබාදෙන රැකියාවට පුරුදු පුහුණු කිරීමට... මහජනතාවගේ මුදල් වියදම් කිරීම පිළිබඳව... එලෙසම අපගේ අනාගත දරු පරපුරද අනුන්ට කරදරයක් නොවෙන ලෙස තම ජීවිතය ගෙනයාමට කුඩාකල සිටම පුරුදු වියයුතුය යන්නද කීමට කැමැත්තෙමු.

:       1       24

banda Monday, 23 November 2020 09:34 AM

අනවසරයෙන් වත්තට පැන්නොත් මම නම් ඔලුවටම තියලා දානවා.

:       22       8

kapMonday, 23 November 2020 10:34 AM

ඔබතුමාට දරුවන් නැතුව ඇති නේද?

:       1       5

JaymannaMonday, 23 November 2020 10:56 AM

තමුන් වැඩ වසම් ක්‍රමයට ගමේ ආණ්ඩු කරපු පවුලක කෙනෙක්ද? තේරෙන්නේ නැද්ද ඉස්කෝලේ යන වයසේ කොල්ලෙක් බව? ඔච්චර උඩඟු වන්නට මේ අය මැරෙන බව දන්නේ නැද්ද? ලොකු ඊගෝ එකක් තියාගන්න එපා කියලා මම බණ්ඩාරට කියන්න කැමැතියි.

:       1       5

සපුමල් - Sapumal - SAPUMAL .Monday, 23 November 2020 05:09 PM

මෙතුමා නිකං බන් ගොන්ඩෙක් වගෙයි පේන්නේ. ඔළුවටම තියා නැතිවෙන්නේ මිනිස් ජීවිතයක්. සදහට ඔබ හිරවෙයි. රටේ නීතිය ගැන තියෙන්නේ සෑහෙන දැනීමක් ...

:       0       0

sugath rajakaruna Monday, 23 November 2020 09:40 AM

මෙයා දොස්තරයෙක් වෙන්න බැහැ. මෙයාට ළමා කාලයක් තිබිලා නැද්ද? මේ වැඩේ කළේ. දැන් ඉන්නේ දොස්තරවරු නෙමෙයි පිස්සෝ. මෙයා මිනිස්සුන්ටත් මොනවා කරනවද දන්නේ නැහැ. පොඩ්ඩක් මේ අයගෙන් ලෙඩුන් බේරා ගැනීම රජයක යුතුකමකි.

:       2       11

sharm warn Monday, 23 November 2020 09:59 AM

ළමයෙක් බෝලයක් ගන්න ආවාම වෙඩි තියන්න. ඔලුවට වෙඩි තියන්න කියන්නේ සිංහල බෞද්ධකමද? කොවිඩ් නිසාවත් ජීවිතයේ හරය මොකක්ද කියලා තේරුණේ නැතිනම්... මෙහෙම කියන මිනිස්සු තමයි තුට්ටුවකට ඡන්දෙ විකුණලා කාබාසිනියා දේශපාලුවන්ව බලයට පත්කරන්නේ. රටයි, ජාතියයි මහ දවාලේ මංකොල්ල කන ඔලමොට්ටල දේශපාලකයෙකුට වෙඩි තියනවා කිව්වා නම් තව ටිකක් හරි අනුමත කරන්න තිබුණා. මේගොල්ලෝ ළමා කාලයේ අනුන්ගේ වතුවලට පැන්නේම නැද්ද? ලංකාවේ ඉන්නේ මේ තරම් මානසික රෝගීන්ද?

:       0       0

Sarath Monday, 23 November 2020 10:01 AM

කරපු වැඩේ හරියටම හරි... අනවසරයෙන් වත්තට පැන්නොත් ඔලුවටම තියන්න ඕනේ.

:       0       0

Pubu Monday, 23 November 2020 11:12 AM

මේ පෝස්ට් දැක්කාම ඔක්කොම ඉන්නේ චණ්ඩිනේ.

:       1       4

බද්රානි Monday, 23 November 2020 01:44 PM

PUBU, මේ පෝස්ට් එකට අදහස් දාලා තියන චණ්ඩි ඔයා දැක්කට උම්මන්තක අදහස් ඔයා දැක්කේ නැද්ද? මම හිතන විදිහට නම්, චණ්ඩින්ගෙන් මේ ලෝකෙට හා සමාජයට සිදුවෙන හානිය අවමයි. එ්ත්, අර දොස්තරගේ වර්ගයේ, ඔබ නොදකින උම්මන්තකයින්ගෙන් වෙන හානිය ඉතාම බරපතලයි. ඔබ ඒ වර්ගයට අයත් උනත් කමක් නැහැ, වැරැද්ද වැරද්දක් ලෙස දකින්න පුරුදු වෙන්න.

:       0       0

ආසිරි Monday, 23 November 2020 12:12 PM

මෙහි සිදුව ඇති දේ සත්‍ය වශයෙන් සොයා බැලිය යුතුයි. හුදෙක් පන්දුවක් වත්තට යාම නිසා පමණක්ම මෙවැන්නක් සිදුවිය නොහැකියි.

:       0       0

thilak Monday, 23 November 2020 01:28 PM

කොරෝනා ලොක්ඩවුන් අස්සේ අනුන්ගේ වතුවලට පැන මායිම් වෙනස් කරන පුද්ලයින් මේ දිනවල ඉන්නවා. මෙවැනි අය ගැනත් පරිස්සම් වන්න.

:       0       0

asanka Monday, 23 November 2020 01:52 PM

මේ වෙඩි තැබීම සිදු කර ඇත්තේ වායු රයිෆල් එකකිනි. බැලූ බැල්මට බෝලය වත්තට වැටුණු පළමු අවස්ථාව මෙය විය නොහැක. මින් පෙරත් ළමයින්ට මේ පිළිබඳව අවවාද කළා විය හැක. දෙපාර්ශවයේ වැරදි ඇති බව පෙනේ...

:       3       9

dhamneth Tuesday, 24 November 2020 12:23 AM

මේ වෛද්‍යවරයාගේ ඉඩමත් පාසලට පවරා පාසලේ ක්‍රීඩා පිට්ටනිය පුළුල් කරන්න. ක්‍රීඩා පිට්ටනිය කුඩා නිසයි ඔහුගේ වත්තට බෝලය යන්න ඇත්තේ.

:       0       0

ruwan Tuesday, 24 November 2020 02:36 AM

ලංකාවේ නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා යැයි රටේ ජීවත් වන පුද්ගලයන්ට හැඟේනම් වෙඩි තැබීමට හෝ අනුන්ගේ වත්තකට බලෙන් ඇතුල්වීමට අවශ්‍ය නොවනු ඇත. මෙයා නීතිය ගැන ලංකාවේ මිනිස්සුන්ට ඇති අවශ්‍යතාවයට තවත් එක් හොඳ උදාහරනයකි. මෙය නීතිය අතට ගැනීම නම් වේ. ජනතාවට නීතිය අතට ගැනීමට සිදුවන්නේ නීතිය හරිහැටි ක්‍රියාත්මක නොවන තැනයි.

:       0       1

Priyala Wednesday, 25 November 2020 06:49 AM

සාතන්ගේ පුතෙක්ද කොහෙද? දොස්තර ළමයගේ ළමාකාලය වැරැද්දක් තියෙනවා ඇති. පොතේ දැනුම විතරයි බුද්ධිය නැහැනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ජනපති වියට්නාමයට
2025 අප්‍රේල් මස 29 117 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැයි මාසයේ වියට්නාමයේ තෙදින සංචාරයක නිරත වන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


පුනර්ජනනීය බල ශක්තියට තවත් දොරක් අරී
2025 අප්‍රේල් මස 29 159 0

භූමිය මත ඉදි කර ඇති සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා බලාගාර වලින් මෙගාවොට් 152 ක විදුලිය ප්‍රසම්පාදනය කිරීම සඳහා කැබිනට් අනුමැති ලැබී ඇත.


රබර් පාලන පනත පාර්ලිමේන්තුවට
2025 අප්‍රේල් මස 29 95 0

රබර් පාලන පනත සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බැංකු මූල්‍ය ප්‍රකාශ -මෙහෙයුම් වාර්තාව ජනපතිට
2025 අප්‍රේල් මස 29 102 0

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2024 මූල්‍ය ප්‍රකාශ හා මෙහෙයුම් වාර්තාව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත


ආර්ථික සංගණනයක් කරන්න යයි
2025 අප්‍රේල් මස 29 208 0

ආර්ථික සංගණනයක් පැවැත්වීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


වියට්නාමය එක්ක අවබෝධතා ගිවිසුමක්
2025 අප්‍රේල් මස 29 179 0

ශ්‍රී ලංකාවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය (BIDTI) සහ වියට්නාමයේ රාජ්‍යතාන්ත්‍රික විද්‍යායතනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිර


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1041 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 444 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 590 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site