(ගයාන් සූරිය ආරච්චි)
රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු අත්අඩංගුවට ගත් බව වැලිඔය පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිඔය ප්‍රදේශයේ යුද හමුදා කඳවුරකට අනුයුක්ත 35 හැවිරිදි යුද හමුදා සෙබළකු බව පොලිසිය කියයි.යතුරු පැදියකින් පැමිණි පුද්ගලයකු කාන්තාවකගේ රන් මාලයක් කොල්ලකා පලා යන බවට වැලිඔය පොලිසියට ලද තොරතුරක් මත ක්ෂණිකව ක්‍රියාත්මක වූ වැලිඔය පොලිසියේ ස්ථානාධිපතිවරයා යතුරුපැදි කණ්ඩායම් හතරක් සැකකරු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමට යොදවා තිබුණි.
අනතුරුව පොලිස් යතුරුපැදි කණ්ඩායම කිලෝමීටර 15 ක් පමණ දුරට ගොස් සිදු කළ සෝදිසි මෙහෙයුම් වලදී සැකකරු මාර්ග බාධකයක් තුළදී පරීක්ෂා කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක
පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා
යුද්ධයෙන් මියගිය අය සැමරීමට දෙමළ ජනතාවට ඇති අයිතිය උල්ලංඝනය නොකරන ලෙස ජන අරගල සන්ධානය ආණ්ඩුවෙන් ඉල්ලා සිටි.
ජාතික ජන බලවේගයේ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතාගේ මෝටර් රිය අද (26) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිටජල පොකුණට වැටී අනතුරට ලක්විය.
දකුණු කොරියානු රැකියා සඳහා බඳවා ගැනීමේ E-9 වීසා ක්‍රමවේදය යටතේ නිශ්පාදන ක්ෂේත්රයේ රැකියා හිමිවූ 91 දෙනෙන් UL 470 දරණ ගුවන් යානයෙන් දකුණු කොරියාව බලා අද පිට
පුත්තලම අධ්‍යාපන කලාපයෙ උසස් පෙළ මධ්‍යස්ථාන දෙකක මහ වැසි හේතුවෙන් සිසුන්ට යම් බාධා එල්ල වු බව පුත්තලම කලාප අධ්‍යාපන අධ්යක්ෂ අර්ජූන අබේරත්න මහතා අද ප
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වෛද්‍යවරිය කොල්ල කෑ සෙබලා පොලිස් දැලේ
බෝම්බ ධර්මේ Sunday, 13 October 2024 01:29 PM
මේවත් රණවිරු දස්කම්...
sunimal Sunday, 13 October 2024 01:41 PM
අපේ රට හදන්න බැරි දේශපාලකයින් නිසාම විතරක් නෙවෙයි කියා කතාවට මෙවැනි උදාහරණ කෙතරම් ප්‍රමාණයක් දිනපතා අපිට අහන්න ලැබෙනවාද? සමාජයෙන් 90% ක් විතරම කෝවක දාලා මකන්න වේවි මේ රට හදන්න නම්...