IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


වෛද්‍යවරු උද්ඝෝෂණයේ

මාලබේ වෙද විදුහලට එරෙහිව කොළඹදී පෙළපාළි ගිය වෛද්‍ය සිසුනට පොලිසිය පහර දුන්නැයි කියමින් අනුරාධපුර මහ රෝහලේ වෛද්‍යවරු පිරිසක් අද රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක් කළහ.

මේ අතර බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරුද අද දහවල් රෝහල ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරතවූ අතර බදුල්ල දිස්ත්‍රික් රජයේ වෛද්‍ය නිලධාරී සංගමයට අයත් වෛද්‍යවරු ඊට එක්ව සිටියහ.

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය නිසා සමස්ත වෛද්‍ය විද්‍යාව ප්‍රමිතිය හා ගුණාත්මක භාවය බිංදුවට වැටී කිසිදු ප්‍රමිතියකින් තොර වෛද්‍යවරුන් බිහි කරන්නට දේශපාලන සහයෝගය ලැබෙතියි රජයේ වෛද්‍ය සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද සොයිසා මහතා කොළඹ ජාතික රෝහල ඉදිරිපිට පැවැති උද්ඝෝෂණයකට එක්වෙමින් පැවසීය.

APURA--DORCTERS-PICT-01 APURA--DORCTERS-PICT-02

ඡායාරූප - දයාරත්න ඇඹෝගම

IMG_20160503_123053pra IMG_20160503_123158pra

ඡායාරූප - ප්‍රසාද් රුක්මල්

doctor_201653 doctor_201653-2 doctor_201653-3

ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක

 



අදහස් (0)

වෛද්‍යවරු උද්ඝෝෂණයේ

විජේ Tuesday, 03 May 2016 09:34 AM

විශ්ව විද්‍යාල දේශපාලනයටත් ඇඟිලි ගහන්නේ නැතුව තමන්ගේ රාජකාරිය තමන්ට ඉගෙන ගන්න සල්ලි වියදම් කල දුප්පත් ජනතාවට කරන්න, දේශපාලනය කරන්නම ඕන නම් ඔය ජොබ් එක අත්හැරලා යන්න. (ර)

:       0       0

හිමාල් Tuesday, 03 May 2016 09:49 AM

අනේ චැනලිං ෆී අඩු කරන්න, උද්ඝෝෂණය කරන්න බැරිද දන්නෙ නෑ නේ? (ර)

:       0       0

රවිඳු Tuesday, 03 May 2016 10:11 AM

අසරණ රෝගීන් මර්ධනය,හා දොස්තර මාෆියාව වහා නවතිනු!!!!(ම)

:       0       0

නිමන්ත Tuesday, 03 May 2016 04:50 PM

නිදහස් අධ්‍යාපනයෙන් උපරිම ප්‍රයෝජන ගත් වෛද්‍යවරුනි, ඔබට ඊර්ෂ්‍යා කරන බොහෝ අය ඇත (නි)

:       0       0

අශාන් Tuesday, 03 May 2016 05:24 PM

මටත් හිතාගන්න අපහසුයි බුද්ධිමතුන් කියන මේ අය කොයි ආකාරයෙන් හිතන කොට්ඨාශයක්ද කියලා (නි)

:       0       0

උපේකා Tuesday, 03 May 2016 10:29 AM

දොස්තරලා නැතුව කවදාවත් රෝහලක වැඩ කරන්න බැහැ. කාටත්ම දොස්තරව මතක් වෙන්නේ ලෙඩ උනාම. එදාට දොස්තර කියන්නේ ඔයාලට දෙවියෝ වගේලු. (ර)

:       0       0

ලහිරු Friday, 06 May 2016 04:37 PM

ලංකාවේ බොහෝ මිනිස්සු දොස්තරලා මහන්සියෙන් ඉගෙනගෙන සල්ලි හම්බකරනවාට ඊර්ෂ්‍යායි. එ්ත් නුගත් දේශපාලකයෝ එක ඡන්දයකින් දිනලා කෝටි ගණන් සල්ලි හොයනවා. ඒවාට මිනිස්සු කැමතියි. ඒ කියන්නේ අපේ රටේ උගත්කමට තැනක් දෙන්න කැමති නැහැ (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 04 May 2016 12:26 AM

කාර් පර්මිට් එකටත් වර්ජන කරපු මේ අයගෙන් මොනවද බලාපොරොත්තු වෙන්න පුළුවන්? (නි)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 03 May 2016 10:50 AM

මම වගේ ආණ්ඩුවේ රෝහල් වලට යන්නකෝ. මොකද දොස්තරලා බලෙන් ඔයාලව අල්ලන් යනවද ?එතැන සතයක්වත් ගන්නේ නෑ (බ)

:       0       0

හර්ශ Wednesday, 04 May 2016 01:14 AM

පෞද්ගලික රොහල් රජයට අරගෙන මහජනතාවට නිදහස් සෞඛ්‍යය දෙන්න කියලා එක දවසකවත් කෑගැසුවේ නැති මේ අය පෞද්ගලික විශ්ව විද්‍යාල රජයට අරගෙන මහජනතාවට නිදහස් අධ්‍යාපනය දෙන්න කියලා මෙතරම් ආදරෙන් කෑගහන්නනෙ ඇයි දන්නෙ නැහැ (නි)

:       0       0

පෙරේරා Tuesday, 03 May 2016 10:56 AM

මේ වෛද්‍යවරු නොවේ අසරණ රෝගීන්ව පරදුවට තියල තමුන්ගේ බඩගොස්තරවාදය මුලට දාන වෛද්‍ය ‍හොරු (බ)

:       0       0

ප්‍රදීප් Wednesday, 04 May 2016 01:38 AM

මේ අදහස් බැලුවම පේනවා මිනිස්සු මොනතරම් කුහකද කියලා. ප්‍රශ්නයක්වත් හරියට තේරුම්ගන්න බැරි අධම ජාතියක් නේද අද මේ රටේ ඉන්නේ...!!! (නි)

:       0       0

කිත්සිරි Wednesday, 04 May 2016 01:55 AM

මේවා දැකලා ලෝකයේ අනෙක් රටවල් අපිට හිනාවෙනවා ඇති (නි)

:       0       0

පුෂ්පා Tuesday, 03 May 2016 11:11 AM

මම හිතන්නේ ඔබලා ඔය යන මග හරි නැති බවයි. පෞද්ගලික අධාපනයේ ගුණාත්මක බව රැකගන්න ඔය සටන වෙනස් කරන්න. විශ්ව විද්‍යාල වල හිටි ඔබ සහ අප හොඳින් දන්නා කාරණාවක් තමයි අපිත් සමහර විට ඔය කියන තරම් හොඳින් ඉගන ගන්නේ නැති වීම. අපේ අය අතරෙත් ගුණාත්මක නොවන කොතරම් පිරිසක් ඉන්නවද? (ර)

:       0       0

නිමල් Wednesday, 04 May 2016 04:44 AM

රජයේ රෝහලට ගියාම තේරෙනවා මෙයාලගේ ගුණාත්මකබාවය. මිනිහෙක්ගේ මුහුණ බලන්නේ නැහැ. (නි)

:       0       0

ජේමිස් Tuesday, 03 May 2016 08:35 AM

ප්‍රයිවට් වැඩ කරලා මහන්සි ඇතිනේ .රාජ්‍ය සේවය වෙලාවේ උද්ගෝෂණයක් කරලා විවේක ගන්න එක හොදයි . (ර)

:       0       0

ප්‍රීති Tuesday, 03 May 2016 01:13 PM

ඇත්තමයි උපේකා, අපි ලෙඩවුණාම ඒ දෙවියව සල්ලි වලට මුණගැහෙන්න ලැබීම කොතරම් නම් පිනක්ද? පෝලිමේ රස්තියාදු වෙලා ඒ දෙවියගේ මුහුණ දැක්ක ගමන් අපිව සුවවෙනවා අනේ. (නි)

:       0       0

සනත් Tuesday, 03 May 2016 02:23 PM

රටේ අනෙක් මෝඩයෝ වගේ ආණ්ඩුවල වහලුන් නොවී සිටීම හා අසාධාරණයට විරුද්ධ නිසා වෛද්‍ය වෘත්තියේ ගෞරවය ආරක්ෂා වෙලා තියෙනවා. අනෙක් අය නූගත් දුෂිත දේශපාලකයන්ට හුරේ දමමින් ඉන්නවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 01 255 0

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර තිබේ.


දුම්රිය පාර අයිනේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 01 112 0

මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද( 1) අඹේපුස්ස කීනදෙනිය දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයා ගත් බව මීරිගම පොලිසිය කියයි .


අත්‍යවශ්‍ය වියදම් මුදල් නිදහස් කිරීමේ බලය මුදල් ලේකම්ට
2024 ඔක්තෝබර් මස 01 682 0

අක් මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .


සල්ලි නොගෙන වැඩ කරන ජනාධිපති උපදේශකවරු
2024 ඔක්තෝබර් මස 01 1561 0

ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු ම


වෙන්දේසියේ මල් වට්ටියට ලක්ෂ 7්ක්
2024 ඔක්තෝබර් මස 01 210 1

කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය


ජපන් මහ මැතිවරණය ඔක්තෝබර් 27 වැනිදා
2024 ඔක්තෝබර් මස 01 101 1

කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට, ජපානයේ පාලක ලිබරල් පක්ෂයයේ නව නායකයා මෙන්ම, නව අග්‍රාමාත්‍යවරයා ද වන 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38405 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25303 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 266 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 883 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 317 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site