IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


වෛද්‍යවරු වැඩ වරති : රෝගීහු අමාරුවේ

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උපාධිධාරීන්ට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය දරන උත්සාහය වහා නතර කරන ලෙසත් රජයට බල කරමින් හා තවත් ඉල්ලීම් පහක් මුල්කරගනිමින් රජයේ වෛද්‍යවරු අද (4) ඇරැඹි සංකේත වැඩ වර්ජනය හේතුවෙන් රෝගීහු දැඩි අපහසුතාවයට ලක්වූ බව රෝහල් ආරංචි කියයි.

අද (04) පෙරවරු 08.00 සිට දහවල් 12 දක්වා වැඩවර්ජනය සිදු කිරීමට නියමිතය.

සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, සමස්ත ලංකා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමය, සමස්ත ලංකා හෙද සංගමය, සුවසේවා සංගමය, වාට්ටු ලිපිකාර සංගමය සහ සමස්ත ලංකා දුරකතන ක්‍රියාකරුවන්ගේ සංගමය ද වර්ජනයට එක්ව සිටිති.

වෛද්‍ය වැඩ වර්ජනයට සහාද දක්වමින් උතුරු මැද දේශීය වෛද්‍යවරු 94 දෙනෙක් ද ඊට එක්වී සිටිති.

මේ අනුව බටහිර හා අයුර්වේද රෝහල් වැඩ අඩාල වී ඇත.

මඩකලපුව රෝහලේ ද වෛද්‍යවරු වැඩ වරති.

srtike_doc74 srtike_doc742 srtike_doc743

ඡායාරූප - රොමේෂ් මධුෂංක

20160704_081727_resized 20160704_082451_resized 20160704_083630_resized

ඡායාරූප - ප්‍රසාද් රුක්මල්

DSC05862 vlcsnap-2016-07-04-13h48m40s175 vlcsnap-2016-07-04-13h49m15s11

ඡායාරූප හා වීඩියෝ - බිමල් ශ්‍යාමන් ජයසිංහ



අදහස් (0)

වෛද්‍යවරු වැඩ වරති : රෝගීහු අමාරුවේ

ප්‍රියංකර Monday, 04 July 2016 10:37 AM

මහජන මුදලින් තොරව තමාගේ මුදලින් ඉගනගන්න අයට බදුසහන දෙන්න. (ර)

:       0       0

රවිඳු Monday, 04 July 2016 10:46 AM

ලංකාවේ දොස්තරලයි බස් කොන්දොස්තරලයි අතරේ ලොකු වෙනසක් නැහැ. ඉගෙන ගත්තාට මානසික සංවර්ධනය අතින් ඔය දෙගොල්ලොම ඉන්නේ එකම බෝට්ටුවේ. සල්ලි කිව්වොත් නොකරන දෙයක් නැහැ. ඔය විරෝධයටත් හේතුව අනාගතයේදී දොස්තර මාෆියාව බිඳ වැටිලා පොකට් එකට තට්ටු වෙයි කියලා තියන මර බියනේ?(හේ)

:       0       0

ලක්සිරි Monday, 04 July 2016 10:52 AM

අපිටත් සිංගප්පුරුවට හරි ඉන්දියාවට හරි ගිහින් බෙහෙත් ටිකක් ගන්න සල්ලි තිබුනා නම්, (හේ)

:       0       0

ධම්ම Tuesday, 05 July 2016 02:11 AM

සයිටම් අර්බුදය හරිහැටි නොදන්නා අය නිහඬව සිටියා නම් තමා හොඳ. (නි)

:       0       0

නිශාන්ත Tuesday, 05 July 2016 02:17 AM

මම දවසක් ලංකා රෝහලට ගිය බයිපාස් එකකට උපදෙස් ගන්න. ඉන්දියන් දොස්තර කෙනෙක් හිටියේ. ඔක්කොම ෆෝම් දීලා ජනාධිපති අරමුදලෙන් සල්ලි ගන්න ෆෝම් එකත් දොස්තරම දුන්නා. පුදුම උනන්දුවක් තිබුනේ. 4ක් බද්ද කරන්න ඕනෑ එකට 5ක් කරන්න ඕනෑ කිව්වා. ඒ කපටි දොස්තරට අහුවෙන්න තිබුනා කල්පනා කළේ නැත්නම්. කීදෙනෙක් අහුවෙන්න ඇද්ද බොරු කරුණාවට. ලංකාවේ දොස්තරලා දෙවිවරු. (නි)

:       0       0

චතුරි Monday, 04 July 2016 11:36 AM

මේ අයට මොකටද අනුන්ගේ පත්වීම් නතර කරන්න. දගලන්නේ තමන්ගේ. රැකියාව කරගෙන ඉන්නේ නැතිව ඉස්සර. කාලේ මේ අයව. හදුන්වන්නේ නයිටින්ගේල් හැටියට. දැන්. මරුවා. සමග වාසේ. පොලිසියට බැරිද මේකට්ටියට කදුළු ගෑස්. ගහන්න (බ)

:       0       0

ජයරත්න Monday, 04 July 2016 11:37 AM

තරුෂි ගේ අදහසට එකග වෙමි. වැඩ වර්ජනය කරනවා නම් පෞද්ගලික රෝහල් වලද වැඩ වර්ජනය කළ යුතුයි. එවිට එම වර්ජනවලට මීට වඩා වැඩි විශාල බලපෑමක් කලහැකි වේවි. (හේ)

:       0       0

අසංග Monday, 04 July 2016 11:53 AM

වැඩ වර්ජනය කිරීම හොඳයි. නමුත් රෝගීන් බිල්ලට ගැනීම අසාධරනයි.(හේ)

:       0       0

දයා Tuesday, 05 July 2016 03:28 AM

අති ගරු ජනාධිපති තුමනි, ගරු අගමැති තුමනි, මේ සේවය අත්‍යවශ්‍ය සේවයක් කරන්න. මිනිස් ජීවිත සමග සෙල්ලම් කරන්න දීම වැරදි‍යි (බ)

:       0       0

රිකී Monday, 04 July 2016 12:01 PM

මුළු වෛද්‍ය ක්ෂේත්‍රයම දැන් දූෂිතයි. (හේ)

:       0       0

ජයරත්න Monday, 04 July 2016 11:59 AM

ජනතාව මේ දේ නිසා අමාරුයි.(හේ)

:       0       0

පේශල Monday, 04 July 2016 12:35 PM

වෛද්‍යවරුන් නිවැරදි දේ හැමවිටම සිදුකරතියි නොසිතන නමුත් මේ මොහොතේ නිවැරදි ආකාරයට ක්‍රියා කරතියි සිතමි. පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය මුදලට විවර කිරීමේ ප්‍රතිපලය අද භුක්ති විඳින ඉන්දියාවට ඉට්කා ගිවිසුම මඟින් සහය දීමට ශ්‍රී ලංකා රජය සිටියත් ලංකාවට එසේ සිදුවන දින සහයට කිසිවකු නොසිටිනු ඇත. අද වනවිට අන් කවර වෘත්තියකට වඩා සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගේ සේවය කෙරෙහි විශ්වාසය තැබිය හැක්කේ මනා පාලනයකින් යුතුව රටට අවශ්‍ය වෛද්‍යවරුන් රට තුල බිහි කරන නිසාවෙනි. පාන් බාගයක්, පරිප්පු කිලෝවක් මිලදී ගත්තද ගුණාත්මකභාවය ගැන සාධාරණ සැකයක් ඇති රටේ සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගේ සේවයේ ගුණාත්මක භාවය ගැන අපට සැකයක් නැත්තේ අහඹුවකින් නොව රට තුල දැනට පවතින ක්‍රමවේදයේ ස්වාධීනත්වයටත් විනිවිදභාවයටත් පින්සිදු වන්නටය. එය දේශපාලනීකරණය වීමට යැයි නම් උද්ඝෝෂණය කළ යුත්තේ වෛද්‍යවරුන් නොව ඔබ මා වැනි නිර්ධන පන්තියේ මහජනතාවයි. (හේ)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 05 July 2016 03:48 AM

ලංකාවේ දොස්තරලා දෙවිවරු. ලංකාවේ දොස්තරලා දෙවිවරුන් කියල කියන්නේ අත්දැකීමෙන්. මෙහෙ ඉන්න ඉන්දියන් දොස්තරලගෙන් බෙහෙත් අරගෙන සුව කෙසේ වෙතත් ඉක්මනින්ම සමාදානයේ සැතපෙන්න නම් පුළුවනි..(බ)

:       0       0

මලික් Monday, 04 July 2016 12:46 PM

වහාම පිටරටවල වගේ වෛද්‍ය වෘත්තියට වාර්ෂිකව අලුත් වෙන බලපත්‍ර නිකුත් කරන්න. වැඩ නොකරන අයගේ බලපත්‍ර අහෝසියි. මහජනයාගේ බදු මුදලින් ඉගෙන ගෙන දැන්හැසිරෙන්නේ ගෙදර සල්ලි වලින් ඉගෙනගත්තා වගේ ! (බ)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 05 July 2016 03:46 AM

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උපාධිධාරීන්ට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය දරන උත්සාහය වහා නතර කරන ලෙසත්..... මේ ඉල්ලීම 100% සාධාරණයි. එ්ත් අසරණ මිනිසුන් තලා පෙලා ඉල්ලීම් දින ගන්න උත්සාහ කිරීම පිළිකුල් සහගතයි. (බ)

:       0       0

සමන්ති Tuesday, 05 July 2016 03:47 AM

වෛද්‍යවරු කවදද රෝගීන් ගැන හිතුවේ? (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 05 July 2016 03:53 AM

රජයට වක්‍රව ඕනෑ අසරණ මිනිසුන්ව ගසාකන්න. දැන් යහපාලනය යටතේ රුපියල් ලක්ෂ 22 වටිනා ඉඩම ලියාගන්න රුපියල් ලක්ෂයක් රජයට බදු වශයෙන් ගෙවන්න ඕනෑ (නි)

:       0       0

අර්ජුන Monday, 04 July 2016 12:52 PM

මේ වර්ජනයට වෛද්‍යවරු ඇරෙන්න අනිත් වෘත්තීය සමිතිත් සහභාගි වෙලා ඉන්නේ මේ පින්තූර වල බදුල්ල මහා රෝහල ඉදිරි පස ඉන්නේ අැටෙන්ඩන්වරු (බ)

:       0       0

සිල්වා බර්ලින් Monday, 04 July 2016 01:13 PM

රජයේ ඉස්පිරිතාල වල වැඩ වර්ජනය කළාට වර්ජනය වෙලාවේදී චැනල් කඩවල දොස්තරලා මහන්සිවෙලා වැඩ ඇති , මේ වැඩ වර්ජනය වෙලාවෙත් දොස්තරලා කරන්නේ හොඳට ගණන කපාගන්න එක , පුද්ගලික ටියුෂන් කඩ , පුද්ගලික චැනල් කඩ , පුද්ගලික රෝහල් , පුද්ගලික ෆාමසි හොඳ නම් වෛද්‍ය විද්‍යාල නරක මොකද ? (බ)

:       0       0

අචලා Monday, 04 July 2016 01:38 PM

මේ අයත් මොකක් හරි අල්ලගෙන දගලනවා.(හේ)

:       0       0

අචලා Monday, 04 July 2016 01:43 PM

වෛද්‍යවරුන්ට අද බැන්නත් හෙට ඔබට තේරෙයි අද කියපු දේ තේරුම. එදාට පරක්කු වැඩිවෙයි. (ර)

:       0       0

භද්‍රානි Monday, 04 July 2016 01:47 PM

පේෂල, ඔබ කාටද මෙතන කොරහේ කිඹුල්ලු පෙන්වන්න උත්සහ කරන්නේ? වෛද්‍ය අධ්‍යාපනය තුලින් ඔබ කියන විදිහේ කිසිදු හානියක් ඉන්දියාවට සිදුවෙලා නැහැ. ඉන්දියානු වෛද්‍ය වරුන්ගේ ප්‍රමිතිය ගැන ඔබ නොදන්නවා උනාට මේ වෙද්දී මුළු ලෝකයම පිලිගන්නවා. ලංකාවේ අධ්‍යාපනය හදාරා විශ්ව විද්‍යාල අධ්‍යාපනය හැදෑරීමට සුදුසුකම් ඇති දරුවන් ඉන්දියාවේ වෛද්‍ය විද්‍යාල වලට ගොස් උපාධිය සම්පුර්ණ කරලා ඇවිත් ලංකාවේ පෞද්ගලික අංශයේ රැකියාවල ඉතා ඉහල වැටුප් ලබන දරුවන් ඕනා තරම් ඉන්නවා. (ර)

:       0       0

ගයාන් Monday, 04 July 2016 01:48 PM

ගුනාත්මකභාවයෙන් අඩු වෛද්‍යවරැ ඇතිවීම නිසා දැන් ඉන්දියාව ඒවායේ විපාක විදිනවා. රටට අවශ්‍ය වෛද්‍යවරැ රටේ වෛද්‍ය විද්‍යාලවල බිහි වෙනවා නම් අඩු සුදුසුකම් තියෙන පුද්ගලයන් ගන්න කියලා කීම සදාරනද. වෛද්‍යවරුන් රට තුල සුදුස්සන් කීම වෛද්‍ය සභාවේ තීරණයක්. වෛද්‍ය සභාව සුදුසු නැති ආයතනයක් ලෙස සදහන් කරන විට රජය එය පිලි ගන්නේ නැති නම් වෛද්‍ය වරැන්ගේ ගුනාත්මක බව රජය විසින්ම නැති කරනු ඇත. කෙසේ වෙතත් මේ සියලු දේකින්ම වෙන්නේ අසරන අපි කරදරයට ලක් වීමයි. (ර)

:       0       0

ඩේසි Monday, 04 July 2016 01:55 PM

මම පුද්ගලිකව සාමාන්‍ය මිනිසුන්ගෙන් ඇහුවා එයාලා දොස්තරලා එක්ක මේ මාලබේට කඩේ යන්නේ එකම අය. විභාග කරන්නේ නැතිව මෙඩිකල් ඩිග්‍රි ගන්න රට මොකක්ද (බ)

:       0       0

අනූෂා Monday, 04 July 2016 02:01 PM

වෛද්‍යවරුන් මෙතැනදී හරි. ඔය උඩින් කොමෙන්ට් දාල ඉන්න ළමයි කියන්න බලන්න විභාග නොකර මෙඩිකල් ඩිග්‍රිය ගන්න රට මොකක්ද කියල.(බ)

:       0       0

ටී. සිල්වා Monday, 04 July 2016 05:30 AM

ඔබ කරන මේ වැඩවර්ජනයෙන් අසරණ දුප්පත් ජනතාව තමයි අමාරුවේ වැටෙන්නේ. සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳලා ජනතාවට සේවය කරන්න දෙවියන්ගේ නාමයෙන් (නි)

:       0       0

අරුණ Monday, 04 July 2016 05:44 AM

කන බොන දේ මිල අඩු කරන්න. එතකොට ඔය උද්ඝෝෂණ නිකම්ම නවතීවි. (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Monday, 04 July 2016 06:00 AM

අනේ මේ වගේ මිනිස්සු. ලෝකේ කොහෙවත් නැති නීති තමා මෙයාලට ඕනෑවෙලා තියෙන්නේ. (නි)

:       0       0

සුමනසේකර Monday, 04 July 2016 06:02 AM

නිදහස් අධ්‍යාපනය මුවාවෙන් තවත් මෙවැනි අයට අපේ බදු මුදල් නාස්ති කරන්න ඉඩදෙමුද? (නි)

:       0       0

උපාලි Monday, 04 July 2016 06:04 AM

අනේ ජේ.ආර්. මැතිඳුනි, ප්‍රේමදාස මැතිඳුනි, අප කෙරෙහි අනුකම්පාකොට ආපසු එනු මැනවි! (නි)

:       0       0

ලුම්බිණි Monday, 04 July 2016 06:09 AM

ආත්මාර්ථකාමින්ට මේ වගේ සේවයක් සුදුසු නැත. මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උපාධිධාරීන්ට ඉඩදිය යුතුමයි. (නි)

:       0       0

නෝමන් Monday, 04 July 2016 06:18 AM

දොස්තරලා කවදද ලෙඩ්ඩු ගැන හිතුවේ? ලංකාවේ මේ වගේ බොළඳ දේවල් වලටයි ස්ට්‍රයික් කරන්නේ. (නි)

:       0       0

සචිත් Monday, 04 July 2016 06:20 AM

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උපාධිධාරීන් රෝහල් වල බෙහෙත් දෙන්න ගත්තහම මුලින්ම යවන්න ඕනෑ ලුම්බිණි වගේ අයව. එතකොටවත් තේරෙයි මේ කියන දේවල්. (නි)

:       0       0

ලංකා පෙරේරා Monday, 04 July 2016 06:31 AM

මේ සංගමේ ලොක්කගේ යම් දේවල් සමහර හිටපු නායකයෝ දන්නවා..ඒ හින්දා මේ සංගමේ ලොක්ක දැන් ඒ හිටපු නායකයාගේ පදේට තමයි යන්නේ. (බ)

:       0       0

සාලිය Monday, 04 July 2016 02:31 PM

සල්ලිවලට දොස්තර විභාගය පාස් වුනාම ලෙඩ්ඩුන්ට මොකද වෙන්නේ හොරට උපාධි වැඩක් නැහැ.(හේ)

:       0       0

ප්‍රදීප් Monday, 04 July 2016 06:41 AM

මේගොල්ලෝ ලෙඩ්ඩු ගැන හිතල නම් වර්ජනය කරනවද? මීට‍වැඩිය කොච්චර හේතු තියෙනවද වර්ජනය කරන්න? මෙතන තියෙන්නේ තමන්ගේ ඒකාධිකාරය බිඳ වැටීම පිළිබඳ ප්‍රශ්නයක්. මෙවැනි අාර්මාර්ථකාමීන් පිරිසක් සමඟ කවදාවක් අපේ රටට සංවර්ධනයක් ළඟා කරගත නොහැක. (නි)

:       0       0

උපාලි Monday, 04 July 2016 02:34 PM

රජය විසින් කලයුත්තේ සයිටම් ශිෂ්‍යයින්ද රජයේ වෛද්‍ය සිසුන් පෙනී සිටින පරීක්ෂනවලට සමාන පරීක්ෂනවලට යොමුකොට අධ්‍යාපනයේ ප්‍රමිතිය පවත්වා ගැනීම හා නියාමනය කිරීම නොවේද? රජයට බරක් නොවී ඉගෙන ගන්නා ඔවුන්ට පහසුකම් සැලසීම නොවේද? මොන විභාගයක්වත් නැතුව වුනත් රට පිළිගත් උගතුන්ට සම්මාන ආචාර්ය උපාධි ප්‍රදානය කිරීමත් එසේනම් වැරදි නොවේද? මෙතන තියෙන්නේ ඔය මොකවත් නොව තමන්ගේ අධිරාජ්‍යයට තර්ජනයක් සයිටම් වෛද්‍යවරුන් වෙතින් එල්ල වෙයි කියන බියයි.(හේ)

:       0       0

තිලකසිරි Tuesday, 05 July 2016 07:27 AM

එක්කෙනෙක් රුපියල් ලක්ෂ 65 වියදම් කරනකොට මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වැඩි වියදමක් දරලා හොඳම කථිකාචාර්යවරු ටික මුදලට ගන්නවා. එතකොට රජයේ වෛද්‍ය විද්‍යාලයේ උගන්වන්න ඉතිරි වෙන්නේ කව්ද? නිකම්ම ඉවරයි. (නි)

:       0       0

තිලක් Monday, 04 July 2016 02:35 PM

අපේ රටේ සමාජ වාදීන් සහ දොස්තරලා එක්ක එකතුවෙලා අසරණ මිනිස්සුන්ට නියමෙට උදව් කරනවා . (හේ)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 05 July 2016 07:29 AM

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය විෂබීජයක් තමයි. මට දුක යහපාලනයත් ඒකම කරගෙන යන එකයි. (නි)

:       0       0

නිම්මි Monday, 04 July 2016 02:45 PM

මෙය රජයට පවරාගෙන නිසි ප්‍රමිතියෙන් කර ගෙන යා යුතුයි. නැත්නම් අපේ සල්ලි පිට රට වලට ඇදිලා යනවා.(හේ)

:       0       0

නිම්මි Monday, 04 July 2016 02:49 PM

මම නම් කියන්නේ මෙය රජයට පවරාගෙන නිසි ප්‍රමිතියෙන් කර ගෙන යා යුතුයි. (හේ)

:       0       0

විමුක්ති Tuesday, 05 July 2016 07:34 AM

අනේ හැබෑට මෙහෙමත් රටක්! (නි)

:       0       0

තරුෂි Monday, 04 July 2016 06:58 AM

දැන් ඔය ජනතාවට නොමිලේ ලබාදෙන වෛද්‍ය සේවාවනේ නවත්වලා තියෙන්නේ. පුළුවන් නම් කට්ටිය එකතුවෙලා ජනතාව මුදල් ගෙවලා ලබාගන්න පෞද්ගලික වෛද්‍ය සේවාවත් නවත්වලා පෙන්වන්නකෝ. එතකොට අපිට ජාතියක් විදිහට ගොඩක් ඉදිරියට යන්න පුළුවන් (නි)

:       0       0

තිලංක Tuesday, 05 July 2016 07:35 AM

මම කියන දේ සත්‍යයයි. එය මැදපෙරදිග රැකියාවන් කරන හැම දෙනෙක්ම අනුමත කරාවි. (නි)

:       0       0

ඩිල්ෂාන් Monday, 04 July 2016 07:09 AM

දොස්තරලගේ වැරදි හොයන්න කලින් ආණ්ඩුවේ වැරදි හොයන්න. (නි)

:       0       0

පුෂ්පකුමාර Monday, 04 July 2016 03:19 PM

ගයාන්, පච පතුරුවන්න දක්ෂයෙක් වගෙයි පේන්නේ ඉතින් ඔය රටට ජනතාවට ආදරේ කරන දේශීය දොස්තරලා පෞද්ගලික රෝහල් හා චැනල් සෙන්ටර් ගැන මොකද කියන්නේ? රජයේ රෝහල් වලින් බෙහෙත් තුන්ඩු ටික ලියල දෙනවා බෙහෙත් ගන්න වෙන්නේ ෆාමසියෙන්. ඕක තමා ලංකාවේ රෝහල් වල තත්වය. ඔච්චර සාධාරණ සුදුසුකම් තියන දොස්තර ඔස්තාර්ලා මොකද රෝහලට පැමිණෙන, හා පිටවෙන වෙලාව සටහන් කරන ක්‍රමයට විරුද්ධ? (බ)

:       0       0

තිලාන් Tuesday, 05 July 2016 07:39 AM

ඉන්දියාවේ වගේ මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය මුදලට උපාධිය දීලා දෙවියනේ කියලා මැදපෙරදිග අවුරුදු 10 සේවය කරන්න යවන්න. (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 05 July 2016 07:42 AM

හිටපු ඒකාධිපතියාට රට යටත්වෙලා තිබුන කාලේදී මෙහෙම දෙයක් වුණා නම් ඉවසන්න පුළුවන්. එ්ත් යහපාලනයේදී ....... (නි)

:       0       0

රාජා Monday, 04 July 2016 07:12 AM

ලංකා, ඔබ කියනදේ හරියට හරි. මේගොල්ලෝ දැන් වර්ජනය කරන එක සාමාන්‍ය දෙයක් කරගෙන. අහිංසක රෝගීන් ගැන කිසිම තැකීමක් නැති දොස්තරලා මොකටද? මාලබේ වගේ පීඨයන් කොපමණක් ලෝකේ අනෙක් රටවල තියනවද? ඔය දොස්තරලට ඒවා පෙනෙන්නේ නැද්ද? සමහර දොස්තරලා පිටරට ගිහින් ඉගෙනගන්නේ රජයේ වෛද්‍ය පීඨවලද? අපේ රටේ මිනිසුන්ට කොහොම උගන්වන්න වෙයිද දන්නේ නැහැ. මේ වගේ උගත් දොස්තරලට මොළේ කළඳක් නැති තරම්!! (නි)

:       0       0

සංජය Monday, 04 July 2016 03:32 PM

මම වැඩ වර්ජන අනුමත නොකරන නමුත් රටට හානිකර ඉක්ටා ගිවිසුමට විරුද්දව වෛද්‍යවරු පාරට බැසීම ගැන සතුටු වෙමි. මන්දයත් අන් කිසිවෙකුට එහි බැරෑරුම් කම මේ වන විට අවබෝධවී නොමැති බැවිනි. නමුත් රෝගීන් අපහසුතාවයට පත් නොකර එය සිදු කළ හැකි නම් වඩා සුදුසුය. (බ)

:       0       0

රාජු Monday, 04 July 2016 07:16 AM

ලංකාවේ නීතියක් ගෙනෙන්න ඕනෑ මෙවැනි වර්ජන සංවිධානය කරන අයට විරුද්ධව නීතිමය පියවර ගැනීමට. රජයේ නායකයිනි, මේ ඔබගේ අවදානය පිණිසයි! කරුණාකර ප්‍රමාද නොවී පියවරක් ගන්න (නි)

:       0       0

රොෂාන් Monday, 04 July 2016 03:44 PM

අපේ රටේ සම හරක් තවමත් හිතාගෙන ඉන්නේ ලංකාවේ රජයේ වෛද්‍ය විද්‍යාල වලින් පමණයි හොඳ වෛද්‍යවරු බිහිවෙන්නේ කියලා. ඉතාම ප්‍රමිතියෙන් යුත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල හේතුවෙන් ,වර්තමානයේ ලෝකයේ දක්ෂ වෛද්‍යවරු සිටින රටක් ලෙස ඉන්දියාව ලෝකයා විසින් පිළිගෙන හමාරයි. ළිං මැඩියෝ නොදන්නවා වුනාට, යුරෝපය හා ඕස්ට්‍රේලියා වැනි රටවලට දරුවන් යවා උසස් අධ්‍යාපනය ලබාදෙන්නට හැකියාවක් වත්කමක් නොමැති දෙමව්පියන් ඒ වෙනුවට ඉන්දියාව තෝරාගෙන තිබෙනවා. (බ)

:       0       0

කරුණාපාල Monday, 04 July 2016 04:10 PM

සංජයලා වගේ අය හිතාගෙන ඉන්නේ අපේ රටේ සිදුවෙන දේවල් හරියට තේරෙන්නේ දොස්තරලට විතරයි කියලාද? (ර)

:       0       0

නවරත්න Monday, 04 July 2016 07:27 AM

දොස්තරලාට දෙවියන්ගේ පිහිටයි! ලෙඩුන්ට අබ සරණයි ! (නි)

:       0       0

විකුම් රංගන Monday, 04 July 2016 07:24 AM

ඩිල්ෂාන්ටත් අද දවසේ වෛද්‍ය ප්‍රතිකාර ගන්න බැරිවෙලා වගෙයි පේන්නේ. ඔය කියන මාලබේ වෛද්‍ය විද්‍යාලය කලින් ආණ්ඩුව තියන කාලේ තමයි ආරම්භ කළේ. එ්ක මේ ආණ්ඩුව තියෙද්දිත් එහෙමම තියනවා. ඉදිරියේදි වෙන ආණ්ඩුවක් ආවත් වෙනසක් නැහැ. කොහොමත් දොස්තර සාක්කුවට සල්ලි පිරෙනවට, කුලියට කහින මානසික ලෙඩුන්ට මුදල් ගෙවලා බෙහෙත් ගන්න පෞද්ගලික රෝහල් බෙහෙත් කඩ දවස් තුන්සිය හැට පහේම ඇරලා තියනවා. ඒ නිසා ඩිල්ෂාන්ලා වගේ අයට කොහොමත් අවුලක් නැහැ (නි)

:       0       0

කරුණාපාල Monday, 04 July 2016 04:25 PM

අනුෂා, එතකොට ඔය දොස්තරලා එට්කා ගිවිසුමට ඔච්චර බය ඇයි? අනිත් රටවල දොස්තරලාට බයවෙන දොස්තරලා ඉන්න තවත් රටක් ලෝකේ තියනවද? ඔය මහත්තුරු ඔච්චරටම රටට දැයට කරුණාව නම් පෞද්ගලික රෝහල් ගැන මොකද කතා නැත්තේ? අපේම බදු මුදලෙන් පිනට ඉගෙනගත්ත දොස්තරලා දැන් දොස්තර මුදලාලිලා වෙලා අපේ පොකට් එකටම තට්ටු කරනවා කියලා තමයි අපිට නම් කියන්න තියෙන්නේ. (නි)

:       0       0

පෙරේරා Monday, 04 July 2016 07:52 AM

අසරණ දුප්පත් ලෙඩුන්ට මෙහෙම කරන නරුමයින්ට නිසි දඬුවම් කර්මයානුකූලව නියම කලට ලැබෙනු නියතයි (බ)

:       0       0

ගයාන් Monday, 04 July 2016 04:43 PM

පුෂ්පකුමාර, මම දන්න විදියට නම් රෝහල් වලට රජයෙන් ලබාදෙන මුදල් ප්‍රමාණවත් නැති නිසයි ඔෟෂධ හිඟ. නමුත් වෛද්‍යවරුන් බිහිකිරීම යනු හැමෝටම කළ නොහැකි දෙයක්. එහෙනම් පුෂ්පකුමාර වගේ අයට පුලුවන්නේ මාලබේ අයගෙන් බෙහෙත් ගන්න. කොහොම වුණත් අපිට වෙන්නේ හැම පැත්තෙන්ම තැළෙන්න. (නි)

:       0       0

ගයාන් Monday, 04 July 2016 04:44 PM

කරුණාපාල මහත්තයෝ ඉට්කා අාවහම තේරෙයි ඔයාට. කතා නොකර ඉඳලා ආවහම කනවෝ කනවෝ කියලා වැඩක් නැහැ. අඩු පඩි වලට වැඩ කරන්න අාවහම මෙහෙ ඉන්න අයට තමයි තට්ටු වෙන්නේ. කම්කරුවාගේ සිට උසස් නිලධාරියා දක්වා කට්ටියට එතකොට තමයි තට්ටු වෙන්නේ. (නි)

:       0       0

රසික Monday, 04 July 2016 08:01 AM

මේවයින් තැලෙන්නේ අසරණ ලෙඩ්ඩු. (ර)

:       0       0

දහම් Monday, 04 July 2016 08:01 AM

පාදෙණිය 6 වැනි වරටත් නිතරගයෙන් සභාපති. රනිල්ගේ කම්මුලට ගැහුවා වගේ. දොස්තරලගෙන් වැඩි හරිය යූ.එන්.පී. ඒ වුනත් අසාධාරණයට හැමෝම විරුද්ධයි.(කෞ)

:       0       0

රාජා Monday, 04 July 2016 08:14 AM

ඔය වර්ජනය කරන දොස්තරලා සහ මෙහෙයවන්නන්, පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට මේ විදිහට විරුද්දනම්; පුද්ගලික රෝහල් වල වැඩ කිරීම හා පුද්ගලික චැනල් සෙන්ටර් වලින් හම්බකිරීම අවංකවම නැවතිය යුතුය. (කෞ)

:       0       0

සහන් Monday, 04 July 2016 08:22 AM

පිටරටින් දොස්තරලා ගේන්න. අපේ දොස්තරලට නිකන් ඉන්න කියන්න (කෞ)

:       0       0

සුගත් Monday, 04 July 2016 08:28 AM

අනේ පාලකයිනි, ඉක්මනට එට්ක ගිවිසුම අත්සන් කර ඉන්දියන් දොස්තරලට ලංකාවට එන්ඩ ඉඩ හරින්න,එතකොට මෙයාලගේ එකාදිකාරිය බිඳ වැටිලා රුපියල් 2000 චනෙල් ගාස්තුව 750 බහීවි, (කෞ)

:       0       0

නවරත්න Monday, 04 July 2016 08:28 AM

ඔය මාලබේ තිබුණා කියලා මොකද වෙන්නේ .රටට තව බුද්ධිමතුන් බිහිකිරීම වරදක් ?. ඔයාලා ඔය විදියට පටු ලෙස හිතන්න එපා .මේක අපේ රට .හරිම කනගාටුදායක දෙයක් (කෞ)

:       0       0

භද්‍රානි Monday, 04 July 2016 08:34 AM

හැමදේම ආණ්ඩුවෙන් පිනට ලැබුනාම සිදුවෙන ආත්මාර්ථකාමී ප්‍රතිපලය ඕක තමයි. ඔය උද්ගෝෂණය කරන දොස්තරලා මේ දුප්පත් අසරණ මිනිසුන්ගේ බදු මුදල් වලින් පිනට ඉගෙන ගත් අය කියල මතකත් නැතිව ඇති. ඉගෙනීමට දක්ෂ, මව්පියන් හට දරුවන්ට ඉගැන්වීමට මුදල් තියන, පින්වත් දරුවන්ගෙන් මම නම් ඉල්ලා සිටින්නේ, ඔබලා විදේශ රටක උසස් අධ්‍යාපනය හදාරා එම රටවල වෙසෙන මිනිස්කම් වලින් පොහොසත් ජන වර්ගයකට ඔබේ සේවය සපයන්න කියලයි. (බ)

:       0       0

රොෂාන් Monday, 04 July 2016 08:01 PM

මේ දොස්තරලා හිපොක්‍රටිස් ගැන අහලාවත් නැතුව ඇති. මොවුන් එක්කෝ රට හැදීමට යායුතුය. නැතහොත් තමන්ගේ ඉගෙනගත් රාජකාරිය කළයුතුය. මගේ මතය නම් දක්ෂ මිනිසුන් වෛද්‍ය විද්‍යාලවල අඩු බවත් පාඩම් කටපාඩම් කරන අයගෙන් යුත් බවත්ය (නි)

:       0       0

සරත් Monday, 04 July 2016 08:48 AM

මාලඹේ ට ප්‍රමිතියක් දෙන්න ,එ්කනේ ඉල්ලන්නේ .මොකද දෙන්න බැරි? හොරයක් තියෙන්න ඕනේ (බ)

:       0       0

කමල් Monday, 04 July 2016 08:48 AM

අද වෙනකොට දොස්තරලා තමන්ට ඉතිහාසේ තිබුන සමාජ වටිනාකම බොහෝ ප්‍රමාණයක් විනාශ කරගෙන ඉවරයි. ප්‍රමිතියෙන් තොරව දොස්තරලා බිහිකිරීම සමාජයට මහා විනාශයක්. නමුත් මේ දොස්තරලට උවමනා විදියට රටක් පාලනය කරන්න පුලුවනිද? මෙහෙම ගියොත් මෙයාල මිනිස්සුන්ගෙන් ගුටිකන දවස වැඩි ඈතක නොවෙයි. (බ)

:       0       0

රජිත් Monday, 04 July 2016 08:32 PM

හැමදාම නූගත්තු තමයි ලෝකයට යමක් කරන්නේ, කළේ. ඒක දැනගන්න නම් අතීතය කියවන්නම වෙනවා (නි)

:       0       0

ලක්සිරි Monday, 04 July 2016 08:43 PM

මම දැක්කා අද දින නිකුත් කරපු වීඩියෝ පටයක ලංකාවේ දොස්තර මහත්තයෙක් රෝගීන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් රජයේ වගකීම ගැන කතාකරනවා. සමහරවිට එතුමා කියන්නේ දොස්තරලා වැඩවර්ජනය කරනකොට දේශපාලකයෝ ඇවිල්ලා රෝගීන්ට බෙහෙත් දෙන්න ඕනෑ කියලා වෙන්න ඇති. ඔය පණ්ඩිත කතා කියන රජයේ වෛද්‍ය සභාවේ දොස්තරලා කී දෙනෙක් අද දවසේ පෞද්ගලික රෝහල් වල සේවය කළාද? (නි)

:       0       0

කරුණාපාල Monday, 04 July 2016 09:11 AM

අපේ රටේ වෛද්‍යවරු මිනිස්සුන්ව ජීවත් කරවන්න උත්සහ කරන පිරිසක්ද,,එහෙම නැත්නම් මිනිස්සුන්ව නසන්න උත්සහ කරන පිරිසක්ද කියලයි මම මේ කල්පනා කලේ? දොස්තර වුනත්, මනසින් රෝගී නම් මොනා කරන්නද නේද?එහෙම එකේ වර්ජනය කරන එක වැරදිමත් නැහැ.(හේ)

:       0       0

සුමුදු Monday, 04 July 2016 10:08 PM

අහිංසක රෝගීන් කියන්නේ මේ රටේ ජනතාව. ඒ ජනතාව තමයි ඔය ආණ්ඩු පත්කරන්නේ. ඉතින් පත්කළා නම් විඳවන එකයි ඇත්තේ. තමන් ගන්න තීරණ තමයි ඔය ප්‍රතිඵල දෙන්නේ. (නි)

:       0       0

විපුල Monday, 04 July 2016 10:39 PM

ඉන්දියාවේ කොහෙද දොස්තරලා ගුණාත්මකයි කියලා කියන්නේ (නි)

:       0       0

විපුල Monday, 04 July 2016 10:42 PM

මෙම සයිටම් මගඩිය තේරුම්ගත් අය සිටීම සතුටට කරුණක්. අපේ මිනිස්සු ඔහේ කියවනවා මිසක කිසිදෙයක් ගැඹුරට හිතන ජාතියක් නෙමෙයි (නි)

:       0       0

රුක්ෂාන් Monday, 04 July 2016 09:27 AM

වර්ජන කරපු සියලුම දොස්තරලා සේවයෙන් ඉවත් කළ යුතුයි.. වේදනාවෙන් සිටින රෝගීන් ට මොකද වෙන්නේ.. වේදනාව තේරෙන්නේ නැති දොස්තරලා රටට ගැලපෙන්නේ නෑ...(බ)

:       0       0

නවරත්න බණ්ඩාර Monday, 04 July 2016 09:32 AM

ලෝකේ කිසිම රටක වෛද්‍යවරුන් මේ වගේ වැඩ වර්ජන රටක් තවම බිහිවෙලා නැහැ .අපිට ලජ්ජයි අපේ වෛද්‍යවරුන් ගැන (බ)

:       0       0

දුමින්ද Monday, 04 July 2016 09:30 AM

වෙනසට අභියෝගයක්ද (බ)

:       0       0

කමල් Monday, 04 July 2016 09:33 AM

රජයත් දොස්තරවරුනුත් මේවට වගකියන්න ඕනේ අසරණ ලෙඩුන්ට වෙන අපරාදෙට (බ)

:       0       0

ලොකුගේ Tuesday, 05 July 2016 12:24 AM

මැලේසියාවේ පුද්ගලික පාසලට බඳවාගැනීම මේ මාසයේ පටන් ගන්නවා. මේගොල්ලෝ හැම වසරකම මේ කාලේ ඕක කරන්නේ. සල්ලි වලට වහල්වෙලා මිස රට ගැන හිතලා නොවේ. මේගොල්ලෝ රටට ආදරේද? මේක තමා ඇත්ත (නි)

:       0       0

ඉන්දික Monday, 04 July 2016 09:40 AM

අහිංසක ජනතාවගේ සල්ලි වලින්ම දොස්තර වරු වෙලා එම ජනතාවටම සලකන ආකාරයට මොන අපායේ යන්නද මොවුන්ට. (බ)

:       0       0

විජය Monday, 04 July 2016 09:53 AM

ඉන්දියාවෙන් හරි දොස්තරලා ගෙනල්ල මේ දුප්පත් මිනිස්සුන්ගේ මුදල් වලින් ඉගෙන ගත්ත මේ දොස්තරලට විරුද්ධව කටුතු කරන්න මිනිස්සු ඉක්මනින්ම කටයුතු කරන බව විශ්වාසයි, මහජනයාට තියෙන ආදරයට නොවේ මෙයාලගේ බඩට වදී කියල මේ දොස්තරලා බය වෙලා ඉන්නේ (බ)

:       0       0

විජේරත්න Monday, 04 July 2016 09:55 AM

දොස්තර මහත්වරුන්ට විරුද්ධව මිනිස්සු සංවිධාන වෙන්න කාලය ඇවිල්ලා (හේ)

:       0       0

සදුන් Monday, 04 July 2016 09:51 AM

ඔබ ඉල්ලුවේ මේ වගේ වෙනසක්ද හොදට බලන්න (හේ)

:       0       0

ප්‍රීති Monday, 04 July 2016 09:58 AM

බල්ලෝ මරලා හරි කමක් නැහැ අසනීපෙකට බෙහෙතක් කරගන්න සල්ලි එකතු කර ගනිල්ලා මිනිසුනේ. සල්ලි තියනවා නම් බෙහෙත් ඕනා තරම් තියනවා ලංකාවේ.මේ රෝහල් වල ඉන්නේ යක්කු වෙන්න ඇති නැත්නම් ඔහොම කරයිද මේ අහිංසක මිනිස්සුන්ට.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 59 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


ජයශංකර් රනිල් හමු වෙයි
2024 ඔක්තෝබර් මස 04 358 0

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී අද(4)විශේෂ සාකච්ජාවක න


ජයශංකර් සජිත් හමුවෙයි
2024 ඔක්තෝබර් මස 04 211 0

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් කොළඹ පිහිටි ඉන්දිය මහකො


මෝදි අනුරට ඉන්දියාවට එන්න කියයි
2024 ඔක්තෝබර් මස 04 504 0

එක්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අද (04) පස්වරුවේ ජනාධිපති කර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දි


ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් ඇද වැටි ජිවිතක්ෂයට
2024 ඔක්තෝබර් මස 04 379 0

නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන කොටගල කෙම්බ්‍රිජ් දමිල විද්‍යාලයේ විවේක කාලයේදි ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් උඩ පන්දුවක් රැ


’’ලයිසන් තුවක්කු සියල්ල බාර දෙන්න’’
2024 ඔක්තෝබර් මස 04 1130 1

ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතුරම් නැවත බාර ගැනීමට රජය තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38903 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25517 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1024 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 365 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site