IMG-LOGO

2024 නොවැම්බර් මස 09 වන සෙනසුරාදා


වෛද්‍ය ආනන්ද විජේවික්‍රම කොවිඩ් සායනික කමිටුවෙන් ඉවත්වේ

(සුජිත් හේවාජුලිගේ )

ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා කොවිඩ් රෝග මර්දනය පිළිබඳ සායනික කමිටුවේ සාමාජිකත්වයෙන් ඉවත්වී ඇත.

කමිටුව විසින් ගනු ලබන ඇතැම් තීරණවලට තමන්ට එකඟ විය නොහැකි හෙයින් තමා ඉන් ඉවත්වන බව විජේවික්‍රම මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට ඊ-මේල් පණිවුඩයක් මගින් දැනුම්දී ඇත.

මේ සම්බන්ධයෙන් අප ආනන්ද විජේවික්‍රම මහතාගෙන් කරුණු විමසීමට උත්සාහ දැරුවද එය ව්‍යාර්ථ විය.

 



අදහස් (32)

වෛද්‍ය ආනන්ද විජේවික්‍රම කොවිඩ් සායනික කමිටුවෙන් ඉවත්වේ

Narada s Tuesday, 07 September 2021 07:10 AM

අපි එය දැන සිටියෙමු. 20-30 අතර එන්නත් ලබා දීම නිවැරදි ක්‍රියාවක් නොවේ.

:       6       41

Nuwa Tuesday, 07 September 2021 07:12 AM

සමහර හොඳ නළු නිළියන්​ව නාට්‍යයෙන් අයින් කරනවා... සමහරු ඉල්ලා අස් වෙනවා... දැන් බලන්න වෙලා තියෙන්නෙ අලුත් නළු නිලියො අරන් කරපු මෙගා නාට්‍ය.. නරකම කෑල්ල එන්නෙ ඊළඟට. වැදගත් කියලා හිතාගෙන හිටිය නළු නිළියො සල්ලි ඕනකම නිසා අධ්‍යක්ෂකට ඕන විදියට මෙලෝ රහක් නැති රඟපෑම් කරනවා.

:       5       59

HemaTuesday, 07 September 2021 09:30 AM

හරියට " දෙවැනි ඉනිම " වගේ

:       0       28

ලාංකිකයා Tuesday, 07 September 2021 07:15 AM

යන එකයි ඇත්තෙ.. සෞඛ්‍යය සම්බන්ධ තීරණ ගන්න අපිට ත්‍රිවිධ හමුදාව ම ඉන්නවා. එක දොස්තර කෙනෙක් නෙමේ දොස්තර සංහතියම අයින් වුණත් අපිට නම් ගාණක්වත් නෑ.

:       82       33

C.K.LANKAPUTHRA Tuesday, 07 September 2021 07:34 AM

ඒ තමයි පපුවේ හයිය සමග කොන්ද කෙලින් තියන මිනිස්සු. නමුත් වැඩිපුරම ඉන්නේ හැම දේටම යස් සර් කියන උන්.

:       5       114

සිරිබිරිස් Tuesday, 07 September 2021 07:36 AM

අපිට තේරෙනවා ඔය කමිටුවේ මොකක්ද වෙන්නේ කියලා. ඔබ තුමාගෙ ජීවිතයට ආසාවක් තියනවා නං ඔතනින් එහාට කතා කරන්න යන්න එපා.

:       6       97

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 07 September 2021 07:55 AM

පුදුම දේවල් තමයි මේ රටේ සිද්ධ වෙන්නේ... අපේ රටේ ඇතැම් දේශපාලන අංශ හිතන් ඉන්නේ ඒ අය තමයි හැම දේම දන්නේ කියලා. හැම දේම හොඳටම කරන්නෙත් කරෙත් ඒ අය කියලා. ලෝකය හා මිනිසා සකස්වී ඇති ක්‍රමය ගැන නිසි අවබෝධයක් නොමැතිකම තමයි මේ දේට මුල. ඒකෙන් රටම අමාරුවේ. වෛද්‍ය විද්‍යාව දත් වෛද්‍ය අංශ වලට වඩා දේශපාලකයන් වෛද්‍ය විද්‍යාව දන්නවා කියා පෙන්වන්න හදනවා. මේ තත්ත්වය එහෙයියන්ට හරි ජොලි. උඩ පනිමින් හුරේ දාලා මෝඩකම පෙන්වනවා. අනේ මෙහෙමත් මිනිසුන් ලොව තවත් රටවල නැතුව ඇති. අපේ රටේ අහිංසක ජනතාව පව් ...

:       4       86

kamal Tuesday, 07 September 2021 08:07 AM

මේගොල්ල මොනාද දන්නේ, අර නාමල් බෙබිවයි, බැසිල් උතුමානනුයි දාන්න. ටග් ගාලා වැඩේ කරයි.

:       5       83

වත්සි Tuesday, 07 September 2021 08:24 AM

තම තමන් පැළැද සිටින දේශපාලන කණ්ණාඩියේ වර්ණයට අනුව මේ පිළිබද කෙරෙන "යතුරු පුවරු විග්‍රහයන්" කියවා වින්දනයක් ලැබීමට දැන් අපට අවස්ථාව උදා වනු ඇත.

:       8       31

ranjith Tuesday, 07 September 2021 08:24 AM

අනාගතේට බිහිවෙන්න ඉන්න උගත් දරුවෝ පරම්පරාවක් මේ රෝග තත්වය නිසා අපිත නැති වෙයිද.?

:       4       25

BuddiTuesday, 07 September 2021 11:58 AM

සුදුස්සන්ට සුදුසු තැන නොදී මනස්ගාත වල එල්ලී සිටින ඔබවැනි අය සිටින තාක් ශ්‍රී ලංකාව වලපල්ලේ... මේ වනවිට සිදුවෙලා තියෙන දේවත් අවබෝධ කර ගන්න බැරි අය තවමත් අප අතර සිටියි. ඒ වගේම කොන්ද කෙලින් තබාගෙන වැඩ කළ හැකි නිලධාරීන් සිටීම ගැන ආඩම්බර වෙමි...

:       1       22

buddiTuesday, 07 September 2021 01:25 PM

මගේ අදහස වැරදි කෙනාට දාලා තියෙන්නේ.

:       0       7

gunarathna Tuesday, 07 September 2021 08:46 AM

දැන් ඔය කමිටුවේ කීදෙනෙක් ඉන්නවද.? අපි හිතමු 10 දෙනෙක් කියලා. ඔය 10 දෙනාගෙන් එක තීරණයකට විරුද්ධ වෙන්නේ කීදෙනාද.?

:       2       22

JANAHITHA Tuesday, 07 September 2021 09:01 AM

දැන් තේරෙනවනේ ඇතිවෙලා තිබෙන තත්වය.

:       1       43

බමුණු. Tuesday, 07 September 2021 09:45 AM

හැමෝම දේශපාලනයට ගැතිව ලියන්නේ නැහැ.කිසිදු දේශපාලනයකට ගැති නොවී ලියූ ඒවාත් මෙහි තියෙනවා. අවධි බුද්ධියෙන් කියවා බලන්න.

:       1       14

Genuine Tuesday, 07 September 2021 09:58 AM

මේ වගේ ඕනේ අංගවිකල කොමෙන්ට් එකක්. මානසික අපහසුතා තියෙන එකෙක්ට දාන්න පුලුවන්ද මේ පත්තරේ?

:       4       1

කිරි පුතා Tuesday, 07 September 2021 10:37 AM

නඩු කාරයින් නඩුවලින් ඉවත් වෙනවා. වෛද්‍යවරුන් සායනික කටයුතුවලින් ඉවත්වෙනවා. මේ සියල්ල සිදුවන්නේ පෞද්ගලික අවශ්‍යතා මත මිසක සද්භාවයකින් නොවේ. මමත්වය බොහෝ කාරණාවලට හේතු වේ. හැම දේම තම පක්ෂය කියන පටු රාමුව තුළ ඉඳන් බැලුවම මෙයාලා වීර⁣යන් වගේ පේනවා

:       28       8

saliTuesday, 07 September 2021 12:39 PM

කමිටුවෙන් ඉවත් වුනේ .රෝහල් සායනික කටයුතු වලින් නොවෙයි .දේශපාලනයක් නොකරන ශ්‍රේෂ්ඨ වෛද්‍ය වරයාට අවමන් නොකරන්න .අහිංසක ලෙඩ්ඩුන්ට එතුමා අවශ්‍යම වෙලාව .

:       2       28

කිරි පුතාTuesday, 07 September 2021 01:43 PM

වෛද්‍යවරුන්ට නොවෙයි,⁣ සම්‍යක් දෘෂ්ඨික නොවූ දෙවියන්ට පවා මමත්වය තියෙනවා. එ්වා කිසිවෙකුටත් අවමන් කිරීමක් නොවෙයි. උගතුන් තම තම රාජකාරිවලින් ඉවත් වූ විට එම රාජකාරිය කරන්නේ කවුද? වැරදි දේ තිබේ නම් එය පෙන්වා දී නිවැරැදි කරනවා මිසක් ඉන් ඉවත් වීම කළයුතු දෙයක් නොවේ...

:       20       5

jayath Tuesday, 07 September 2021 10:43 AM

විද්වතුන් කියන දේ එදා ඉඳලම මේ මෝඩ උද්දච්ච පිස්සු පූසා ඇහුවේ නැහැ . මුලින් Dr ලක්කුමාර් අයින් උනා. දැන් මෙතුමා. මේ රට යන්නේ කොතනටද ? තමන් හැමදේම දන්නවා කියල හිතාගෙන හිටියම අන්තිමට කෙල වෙන්නේ ජනතාවට . ලස්සනම වැඩ මේ විකාර වලට විරුද්දව එකෙක් කතා කරන්නේ නැහැ

:       5       23

සිරිමෙවන්Tuesday, 07 September 2021 08:25 PM

ලක් කුමාරයන් මෙන් නොව මෙතුමන් මමත්වය, අහංකාරය ඈත්ව තබාගත් තමන්ට කළ හැකිදේ උපරිමයෙන් කරන්නට මහන්සි වන පොදුවේ රටේ අප කාටත් බලපාන කරුණු ගැන ප්‍රායෝගිකව සිතා රටට වැඩක් වන තීරණ ගත් ජාතික සම්පතකි. මිනිසුන්ට ආදරය කරන මිනිසකුගේ සිත් තැවුල ස්වාර්ථය මතම තීරණ ගන්නා වුණාට ජයක් විය හැක. එනමුත් රට අසරණ වීමකි.

:       0       7

Prase Tuesday, 07 September 2021 10:56 AM

කමිටුවේ තීරණ ගද්දී වැඩි දෙනාගේ කැමැත්ත ක්‍රියාත්මක කිරීම නිවැරදී .එහෙම නැතුව එක එක්කෙනාගේ පෞද්ගලික මත වලට වැඩ කරන්න ගියොත් කිසිම දෙයක් කරන්න බෑ .ඒ නිසා හොඳම තීරණය එවැනි අය ඉවත් වීම .එහෙම නැත්නම් අපිට ඉදිරියට යන්න බෑ

:       21       10

Raveendra Tuesday, 07 September 2021 11:00 AM

100% ඔබගේ අදහස් නිවැරදිය..

:       5       10

Raveendra Tuesday, 07 September 2021 11:27 AM

ද්‍රෝහින්ගේ ලැයිස්තුවට ඇතුළත් වීමට නියමිතයි.

:       3       15

PJ Tuesday, 07 September 2021 11:54 AM

වෛද්‍යතුමනි, ඔබ ගත්තු තීරණය නිවැරදියි. පසුගිය දා SLMA නිකුත් කළ ලිපිය කියවූවාම වෛද්‍යවරුන් විදිහට ඔබලා පත්වෙලා තිබෙන අසරණභාවය ඉතාම පැහැදිලියි...

:       3       18

sajith Tuesday, 07 September 2021 12:13 PM

ගිලෙන නැවෙන් මීයෝ පනිති

:       5       18

Perera Tuesday, 07 September 2021 12:35 PM

එක්කෝ දේශපාලන විශේෂඥයින් කියන විදිහට කොන්ද නවාගෙන ඉන්න ඕනේ... එහෙම නැතිනම් කොන්ද කෙළින් තියාගෙන පිටවෙන්න ඕනෑ.

:       2       28

prem Tuesday, 07 September 2021 03:31 PM

උගත් බුද්ධිමතුන් කොන් වෙන සමාජයක් බිහිවෙමින් පවතිනවා

:       1       12

ලංකා Tuesday, 07 September 2021 03:56 PM

කණ්ඩායම් හැඟීම්, කොච්චර දක්ෂ උනත් පොඩ්ඩ බැරිවෙන්න බෑ අයින්වෙලා යනවා.. දැන් මේ කිවෙනියද ? මෙහෙම අයින් වෙච්ච

:       12       4

Sriland Tuesday, 07 September 2021 07:44 PM

කොරෝනා කියන්නේ ජාත්‍යන්තර බොරුවක් ජාත්‍යන්තර ‌ ගේම් ඒකක

:       8       1

parakkramaWednesday, 08 September 2021 10:18 PM

ඔයා අදහන්නේ එස් බී ද.?

:       2       0

chandima Tuesday, 07 September 2021 09:44 PM

දැන් බලන්න උපාලි විජේවර්ධන මහත්තයා නැතිවුණා කියලා උපාලි සමාගම වැහිලා ගියාද.?

:       7       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අකුරණ සහ වත්තේගම නගර ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 08 1735 0

මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අකුරෙන් සහ වත්තේගම යන නගර දෙක ජලයෙන් යටවීම හේතුවෙන් මහනුවර යා


“දේවානන්දට ආණ්ඩුවේ ඇමතිකම් නෑ“
2024 නොවැම්බර් මස 08 2910 0

ඊ.පී.ඩි.පී. නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිකමක් දීමේ කිසිදු අදහසක් නැතැයි ජාතික ජන බලවේගයේ විධායක


චීනයෙන් දුන් ආපදා සහන මුදල් භාණ්ඩාගාරයට
2024 නොවැම්බර් මස 08 1230 0

2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර


මහ වැස්සෙන් පුත්තලමත් යටවේ
2024 නොවැම්බර් මස 08 1009 0

පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ


මාතර ලවණ බාධකය ගැන කඩිනම් තීරණයක් ගන්න යයි
2024 නොවැම්බර් මස 08 1437 0

මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්


බදුල්ලේ ප්‍රදේශ කීපයක ගංවතුර සහ නායයෑම්
2024 නොවැම්බර් මස 08 665 0

බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 96 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 471 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1448 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site