(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු වෙබ් අඩවියේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ නම ඉදිරියෙන් සඳහන්ව තිබූ මහාචාර්ය පදවි නාමය පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් ඊයේ (21) ඉවත් කෙරිණ.
අමාත්‍යවරයා කළ ඉල්ලීමක් අනුව එසේ ඉවත් කෙරුණු බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් අප විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මහාචාර්ය තනතුරක් දැරුවද දැනට තමා විශ්ව විද්‍යාල සේවයේ නැති හෙයින් එම නාමය පාවිච්චි නොකරන බවයි.
පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවලද තමාගේ නම ඉදිරියෙන් මහාචාර්ය පදවිය සඳහන් නොවන බව ප්‍රකාශ කළ අබේසේන මහතා කිසිදු නිල ලියකියවිල්ලක තමා මහාචාර්ය පදවිය සඳහන් නොකරන බව ප්‍රකාශ කළේය.
මේ අතර පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කර තිබියදී අමාත්‍යවරයාගේ දැනුම් දීමෙන් එම පදවි නාමය පසුගියදා ඉවත් කෙරිණ.
තමා එවැනි නාමයක් දැනුම්දී නොතිබියදී පාර්ලිමේන්තු වෙබ් අඩවියට ආචාර්ය පදවි නාමයක් ඇතුළත් කිරීමෙන් අපහාසයක් සිදුවූ බව පවසමින් හර්ෂණ නානායක්කාර මහතා කළ පැමිණිල්ලක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් මේ දිනවල විමර්ශනයක් කරමින් සිටි.
පාර්ලිමේන්තු වෙබ් අඩවිය පාලනය කරන සභා ලේඛන කාර්යාලයේ ප්‍රධානීන් දෙදෙනෙකු සහ සේවකයන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගියදා වරින් වර කැඳවා ඒ පිළිබඳව ප්‍රශ්න කර තිබිණ.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා නාවික හමුදාව 2021 හා 2022 දී අත් අඩංගුවට ගත් හෙරෝයින් කිලෝ 494කට අධික ප්‍රමාණයක් පුත්තලම මහෙස්ත්‍රාත් අයෝමා විමලවිර මහත්මි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව කොට්ටාව අතර කිලෝමීටර් 5.4 ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් අයකු මියගොස් තිදෙනකු තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථ වාහන පොලි
වැඩිදුර පරීක්ෂා කිරීමට අවශ්‍යව වරායේ තිබූ රතු ලේබල් ඇලවූ සැකකටයුතු කන්ටේනර් තුන්සිය විසිතුනක් හිටි හැටියේ පිට කිරීම බරපතළ සැකයට තුඩු දෙන කාරණයක්
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ඉහාබ් කලිල් මහතා අතර විශේෂ හමුවක් එම අමාත්‍ය
කොම්පඤ්ඤවීදීයේ පොලිසීයට යාබදව බාලදක්ෂ මාවතේ සිට චිත්තම්පලම් ඒ. ගාඩ්නර් මාවත දක්වා ඉදිකෙරෙමින් පවතින ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදය හේතුවෙන් රුපිය
අකුණු සැර වැදීමෙන් හාලිඇල නෙළුව වතුයායේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් හය දෙනෙකු අද (28) සවස තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද එක් කාකාන්තාවක් ජීවිතක්ෂයට පත්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
විද්‍යා තාක්ෂණ ඇමැති මහාචාර්ය පදවිය ඉවත් කරගනියි
අරුණි Wednesday, 22 January 2025 09:43 AM
අනේ ඉතිං! මේ රැවටීමේ ප්‍රතිඵල අද හතර වටින්ම දෝරේ ගලනවා. අගමැතිනියද ඇතුළුව මේ පිරිස කල මේ මහා ජනතා රැවටීමට එරෙහිව පාර්ලිමේන්තුවේ දෝශාභියෝගයන් ගේන්න බැරිද? සමස්ත රටක් නුසුදුසු අදක්ශයන්ගේ පාලනයට නතුව පීඩා විඳිය යුතුද? මතිවරනයකට ප්‍රථම ප්‍රතිපාදන නැද්ද?
PrasadanaWednesday, 22 January 2025 10:26 AM
වෛද්‍ය විදුහල විසින් පිරිනමන මහාචාර්ය පදවි, විශ්‍රාම යැමෙන් හෝ තවදුරටත් කථිකාචාර්ය නොවේනම් (මන්ත්‍රී වූ නිසා) ඉබේ අහෝසි වේ. නොදන්නා කම පෙන්වන්න එපා
ChannaWednesday, 22 January 2025 11:16 AM
ප්‍රශ්නය එසේ වන බව දැන දැන ඇයි මහාචාර්ය පදවිය භාවිතා කලේ
Rata PerataWednesday, 22 January 2025 12:43 PM
අදහස් දාන්න ඉස්සෙල්ලා ඕවා ගැන අර කුඩු දුනියලා, හොර පෙරකදෝරුවෝ, එතනෝල් කාරයෝ ඉන්නකොට කතා කළේ නැත්තේ ඇයි?
Janitha Wednesday, 22 January 2025 09:48 AM
අම්මේ, ඉතින් මේවා කොහොමහරි අපි විශ්වාස කරන්නම් හොඳේ. ලොක්කටත් කජ්ජක් නැහැ, පොඩි උන්ටත් නැහැ. ලොක්කා හිතගෙන කරන ඒව පොඩි උන් දුව දුවා කරනවා
fairoos Wednesday, 22 January 2025 11:00 AM
පදවිවලින් වැඩක් නෑ. හිටපු අයවගේ හොරාකන්නේ නැතිව රටට සේවයක් කළොත් ඇති...
මැක්ස් Wednesday, 22 January 2025 11:17 AM
දිනෙන් දිනම එන්පිපි කැචර්ලාගේ රෙදි ඉල්ලේ කරන ආණ්ඩුවේ හොර උගතුන්ට අපගේ ආචාරය!
duminda weera Wednesday, 22 January 2025 11:39 AM
අනේ පවු ජෙප්පෝ...
සිල්වා Wednesday, 22 January 2025 12:01 PM
ඇමැතිතුමා, දැනට වෙළෙඳපලේ තිබෙන ගෑස්වල ප්‍රමිතිය ටිකක් බැලුවා නම් හොඳයි. පාවිච්චි වන දින ගණන සැකයි.
ගමේ එකාලා Wednesday, 22 January 2025 12:11 PM
හොර පෙරකදෝරුවා, මයිනා, මොළහතා, රොකට්ටුවා අපරාදේ කියන්න බැහැ. හොඳටම සුදුසුකම් තියෙනවා.. හොරකමට, වන්චා, දූෂණ, මිනිමැරුම්, බොරු...
යෝගා Wednesday, 22 January 2025 12:35 PM
මේක කොහොමත් විය යුතු සාමාන්‍ය දෙයක්. මාධ්‍ය වලට දීලා ලකුණු දාගන්න හදන්න එපා. පඹයෝ 159 දෙනාගෙන් එකෙක් වෙච්චි ඔයා විශ්ව විද්‍යාලයෙන් අයින් වෙච්චි එක නම් ලොකු දෙයක්...
Ruwan R Wednesday, 22 January 2025 12:43 PM
ලැජ්ජාවක් නැති කමෙන්ට් කල්ලිය ආයෙත් ඇවිල්ලා. ඒයාලාට මේවා තමයි දැන් මාතෘකා ..
පොදුජනයා Wednesday, 22 January 2025 02:40 PM
ජනතා ඡන්දෙකින් පත්වන මංත්‍රී ....දිස්ත්‍රික්කයේ මංත්‍රී ලෙසටත් ජාතික ලැයිස්තුවෙන් පත්වන මංත්‍රී ....දිස්ත්‍රික්කයේ ජාතික ලැයිස්තු මංත්‍රී ලෙසටත් පත්කරනවා මිස පාර්ලිමේන්තුවේ නොමැති තනතුරු වන ආචාර්‍ය ,මහචාර්‍ය දොස්තර,ඉංජිනේරු .ගණකාධිකාරී.කපිතාන් .ජෙනරාල් වගේ තනතුරු පාර්ලිමේන්තුවේ සිටිනතාක් නමට මුලින් පාවිච්චියට ගැනීම සම්පූර්ණයෙන්ම තහනම් කරනවානම් ඉතාමත් හොදයි මොකද අපි කවුරුවත්ම පාර්ලිමේන්තුවට මංත්‍රී කෙනෙක් හැටියට මිස දොස්තරල ඉංජිනේරුවරු ආචාර්‍යවරු මහාචාර්‍ය වරු පත්කරල පාර්ලිමේන්තු යවන්නෙ නැහැනේ ජනතාව බලය නොදුන් තනතුරු තහනම් කල යුත්තේ එනිසාම තමයි
අනීෂා Wednesday, 22 January 2025 03:44 PM
මෙතුමා හරි විදියට වැඩ කරලා තියෙනවා කිසිම දෙයක් දන්නේ නැති වුන් කියන කතන්දර මේවා.... පාර්ලිමේන්තු න්‍යාය අනුකුලව ඇමැති තනතුරක් දරනවා නම් ඔහු හෝ ඇය රජයේ වෙනත් සේවයක සිටි නම් එයින් ඉවත් විය යුතුයි. ඡන්දේ ඉල්ලුවාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසින් දිවුරුම් දුන්නා පසු එම තනතුරෙන් ඉවත් විය යුතුයි. මේක ඉන්න බයියෝ නටන්නේ මෙතන එතුමාට එම සුදුසුකම නෑ වගේ....
Third EyeWednesday, 22 January 2025 04:32 PM
අනීෂාගේ පැහැදිලි කිරීම හරි. ගොඩක් අය නොදන්නා කම සහ මෝඩ කම පෙන්නනවා විතරයි.
Gihan Wednesday, 22 January 2025 04:10 PM
අම්මෝ රට පෙරට, ෆයිරූස් හෝදන හේදිල්ල....ආයේ ලොවෙත් නෑ..මාර ලොන්ඩරි ටිකක්...
කිෂාන් Wednesday, 22 January 2025 05:48 PM
එසේ නම් ජීඑල් පීරිස්ටත් මහාචාර්ය කියලා පාර්ලිමේන්තු සමය දේවලුත් පස්සෙදීවත් කියන්න බෑ. අනෙකුත් අයටත් එසේමයි.