(ජේ.කේ.එල්. චාමින්ද සහ ඩී.ජී සුගතපාල)
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටියදී මියගිය කොවිඩි ආසාදිත වෛද්‍යවරයාගේ අවසන් කටයුතු නිරෝධායන නීතිරිතිවලට අනුව ගාල්ල දඩැල්ල ආදාහනාගාරයේ දී අද (02) පස්වරුවේ දී සිදුකෙරිණි.
කොවිඩ් ආසාදනය විමෙන් මියගොස් ඇත්තේ රාගම රෝහලේ සේවය කළ ගයාන් දන්තනාරායන නැමති (32) හැවිරිදි වියේ පසුවු වෛද්‍යවරයෙකි.
මියගිය වෛද්‍යවරයා වෙනුවෙන් මහා සංඝරත්නය වඩම්මවා ආගමික වතාවත් කොට පිංපැමිණිවිම කරාපිටිය රෝහලේ දි සිදුකෙරුණි.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ කරාපිටිය ශාඛාවේ වෛද්‍යවරුන් විසින් එය සංවිධානය කොට තිබුණි. මෙම අවස්ථාවට වෛද්‍ය වරයාගේ බිරිද, පවුලේ ඥාතින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
පසුව වෛද්‍යවරයාගේ දේහය නිරෝධායන නිතිරිතිවලට අනුකුලව දඩැල්ල ආදාහනාගාරය වෙත රැගෙන ගොස් ආදාහනය කිරිමට කටයුතු කරණු ලැබිය. රජයේ වෛද්‍ය නිලධාරින් සංගමයේ වෛද්‍යවරුන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(ඡායාරූප - ජේ.කේ.එල්. චාමින්ද)
(ඡායාරූප - ඩී.ජී සුගතපාල)
කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා
කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ
සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස
ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක
පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වෛද්‍ය දන්තනාරායන ගාල්ලේදී සමුගනී
විපරමා Tuesday, 02 February 2021 12:18 PM
ඔබට අමා මහ නිවන් සුව ලැබේවා...!
sathyapalaTuesday, 02 February 2021 10:40 PM
නිවන් සැප ලැබේවා..!!! සති දෙකක් රටම වසා දමා කෝවිඩ් පැතිරීම නැවත කළමනාකරණය කළහැකි මට්ටමකට ගෙනෙනවාද එසේ නොමැතිව පැතිරීම දෙගුණ තෙගුණ වෙමින් මහා විනාශයකට එනතුරු සිට ආර්ථිකයත් ජනතාවත් රටත් ඉබේම කඩා වැටීමට ඉඩ හරිනවාද කියා සිතිය යුතු නොවන්නේද?
Rangana Tuesday, 02 February 2021 12:55 PM
නිවන් සැප ලැබේවා..!!!
Suranjith Tuesday, 02 February 2021 01:51 PM
ඔබට නිවන් සුව පතමි...!!!
Demuni Uduwara Tuesday, 02 February 2021 02:00 PM
දොස්තර නාරායන පරම නිබ්බාන සුවයට පත්වේවා...!!!
Raveendra Tuesday, 02 February 2021 02:10 PM
ඔබට නිවන් සුව අත්වේවා...!!!
Dhammikaperera Tuesday, 02 February 2021 04:36 PM
නිවන් සුව අත්වේවා...!
Binkunndaa Tuesday, 02 February 2021 05:09 PM
බංකොළොත් වුණු රටක වෛද්‍ය සේවයේ අයවත් බේරගන්න පහසුකම් නැතිකොට සෙසු ජනතාවට මොන සහනයක්ද? වටිනා ජීවිතයක් රටට නැතිවුණා.
සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 02 February 2021 05:52 PM
අනේ දෙවියනේ..!!! මොනතරම් සංවේදී අවස්ථාවක්ද? ලෙඩුන් සුවපත් කිරීමට ඉපදුණු මෙවන් මිහිබට දෙවියන් වන් මිනිසෙකු හට කෝවිඩ් මාරයා කළ විපතක තරම... වෛද්‍යතුමනි, ඔබට නිවන් සුව...!!!
විජිත් Tuesday, 02 February 2021 10:09 PM
අවුරුදු 32 ක් වයස දොස්තර මහත්මයෙක්... තවත් බොහෝ කලක්, දුකටපත් ජිවිත ලක්ෂ ගණනක් සුවපත් කරන්නට ආයුෂ ඉතිරිව තිබියදීත් ... දෛවයේ සරදමකටදෝ කොරෝනා මාරයා ඔබව බිලිගත්තා. සසර වසන තුරු ඉපදෙන කිසිම භවයකදී මෙවැනි අකල් මරණයකට ගොදුරු නොවේවා.. ඔබට උතුම්වූ නිවන් සැප අත්වේවා...!!!
sharm warn Wednesday, 03 February 2021 04:52 AM
ඉන්න ඕනෑ අය යනවා. යන්න ඕනෑ අය එල්ලිලා ඉඳගෙන අනික් මිනිස්සුන්ව නොමරා මරනවා.
පිට්ගල මිලානෝ Wednesday, 03 February 2021 05:13 AM
225ක් ඉතුරුවෙලා ඉද්දී මේ වගේ රටට වැදගත් සේවයක් කරන මිනිසුන් අහිමිවීම ඛේදවාචකයකි...
jay chandran Wednesday, 03 February 2021 07:27 AM
ඔබට නිවන් සුව ලැබේවා..
Susantha Wijesinghe Wednesday, 03 February 2021 10:29 AM
ඔබට නිවන් සුවය ලැබේවා..!!!