IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


විද්‍යා ප්‍රශ්න පත්‍රය පිටවෙලා?

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව ප්‍රශ්න පත්‍රය කලින් පිටවීදැයි සොයාබැලීමට රහස් පොලීසියට පවරන බව විභාග කොමසාරිස් ජෙනරාල් එන් කේ එම් ජේ පුෂ්පකුමාර මහතා කියයි. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියනුයේ ටියුෂන් ගුරුවරයකු විසින් ලබාදුන් අනුමාන ප්‍රශ්නපත්‍රයක සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍රයේ ලබාදුන් ප්‍රශ්න 18ක් පමණ සමාන රූප සටහන්ද සහිතව තිබූ බවයි. ගම්පහ පාසල් කිහිපයකම සිසු සිසුවිය විභාගය පැවති අද (15) උදෑසන විභාගය ආරම්භ වීමට ප්‍රථම මෙම ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කළ බව සිසුහු සහ ගුරුවරු පැවසූහ. මේ අතර අද පැවති විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ දෙවැනි කොටසේ හයවැනි ප්‍රශ්නයේ ඇති සුශුම්නාවේ හරස්කඩ රූප සටහනේ ශ්වේත ද්‍රව්‍ය හා ධුසර ද්‍රව්‍ය ඇති ස්ථාන නම් කර ඇත්තේ වැරදියට බව සිසුහු ද ගුරුවරුද කියති. ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ මෙවැනි දේ නිසා විභාගය ගැන විශ්වාසය බිඳ වැටෙන බවයි. මේ ගැන විභාග කොමසාරිස්වරයාට සහ රහස් පොලීසියට ඉරිදා පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවද ස්ටාලින් මහතා පවසයි. (විභාග ප්‍රශ්න පත්‍රයේ සහ අනුමාන ප්‍රශ්න පත්‍රයේ සමාන බව කියන ප්‍රශ්න කිහිපයක්) .   අනුමාන ප්‍රශ්න පත්‍රය



අදහස් (0)

විද්‍යා ප්‍රශ්න පත්‍රය පිටවෙලා?

ෂාම්ස් Sunday, 16 December 2012 08:29 PM

දන්නෝ දනිති ඔහු කවුද කියලා. (නි)

:       0       0

ලලිත් Sunday, 16 December 2012 08:32 PM

හරිනම් වගකිවයුත්තන්ට දෝෂාභියෝගයක් ‍ගෙනෙන්න ඕනෑ. (නි)

:       0       0

බුද්ධිනී Sunday, 16 December 2012 08:39 PM

සල්ලි වලට හැමදේම විකිණිලා. (නි)

:       0       0

තිස්ස Sunday, 16 December 2012 09:23 PM

හැමදාම වෙන දේ මේ පාර විතරක් නොවුනොත් (දී)

:       0       0

සමන් Sunday, 16 December 2012 09:28 PM

අයියෝ.... (දී)

:       0       0

ඒ .. Sunday, 16 December 2012 11:56 AM

ගණන් ගන්න එපා (දී)

:       0       0

සඳුනි Saturday, 15 December 2012 08:42 PM

අනේ හැබෑට තාම හරියට වැඩක් කරගන්න බැරි හැටි. (ත)

:       0       0

රුවා Sunday, 16 December 2012 12:29 PM

උත්තර හතරත් කිසිම වෙනසක් නැහැනේ. ප්‍රශ්න පත්තරේ උස්සලම තමයි. අධ්‍යාපනය කනවා. (ත)

:       0       0

කිර්ති Sunday, 16 December 2012 11:22 PM

අන්න වැඩ (දී)

:       0       0

සංජිව Sunday, 16 December 2012 11:18 PM

දැන් පේනවා නේද මේක සැලසුම් සහගත වැඩක් කියල (දී)

:       0       0

තිලක් Sunday, 16 December 2012 11:28 PM

අධ්‍යාපනයේ අස්චාර්ය (දී)

:       0       0

බණ්ඩාර Sunday, 16 December 2012 11:24 PM

අනේ හොදයි (දී)

:       0       0

සුමුදු Saturday, 15 December 2012 09:14 PM

ඇත්තම කිව්වොත් මේක අසාධාරණයි. (ත)

:       0       0

බණ්ඩාර Sunday, 16 December 2012 11:46 PM

ලංකාවට අධ්‍යාපනයක් නැති කරලම දායි වගේ. (නි)

:       0       0

විකසිත Sunday, 16 December 2012 11:48 PM

රටේ අනාගතය සමග සෙල්ලම් කරන්න එපා

:       0       0

අසිරු- මීගහතැන්න Saturday, 15 December 2012 09:46 PM

අනේ මන්දා................(නු)

:       0       0

බ්‍රෝක් Sunday, 16 December 2012 01:24 PM

අධ්‍යාපනයට ජය වේවා! (නි)

:       0       0

මාලා Sunday, 16 December 2012 01:25 PM

කොමිසමක් දාන්නකෝ. ඒ ඇති. (නි)

:       0       0

නීලා Sunday, 16 December 2012 01:31 PM

කලින් වතාවල වුණ විට මේවාට දඩුවම් දුන්නා නම් නැවත මෙහෙම වෙන්නෙ නැහැනේ. (නි)

:       0       0

චූලා Sunday, 16 December 2012 01:26 PM

දාන්න අයෙත් කොමිසමක්. (ත)

:       0       0

අසංක Sunday, 16 December 2012 01:49 PM

අහිංසක ළමයි පව් (දී)

:       0       0

දුමිදු නාගොල්ලාගම Saturday, 15 December 2012 10:36 PM

ඔය තියෙන්නේ සාකිත් එක්කම. (ත)

:       0       0

ලහිරු Monday, 17 December 2012 05:15 AM

දැන් ඉතිං ආයිත් කරමුකෝ විභාගේ. (නි)

:       0       0

තිළිණ Monday, 17 December 2012 05:55 AM

මෙහෙම දේවල් වෙද්දී අපේ මානසික තත්ත්වයට වෙන්නේ මොකක්ද කියලා හිතන්න බැරිද? (නි)

:       0       0

කේ.ඒ.එස් Saturday, 15 December 2012 10:56 PM

මම මේ අවුරුද්දෙ පළමු වතාවට විභාගය ලියන සිසුවියක්.එක්කෙනෙක් දෙන්නෙක් කරපු වැරැද්දට අපි ඔක්කොටම ආපහු විභාගය ලියන්න වෙනවද?අවුරුදු එ‍කොළහක් මහන්සි වෙච්ච දේවල්වල ප්‍රතිඵලය අරගෙන විභාගෙ ඉවර වෙන්නෙ කවදද කියලයි බලන් ඉන්නේ.මේ සම්බන්ධයෙන් ගන්න තීරණයකදි නිවැරදි සිසුන්ට අසාධාරණයක් වෙනවා කියන එකත් හිතලා බලන්න.(නු)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 15 December 2012 10:58 PM

හොදයි.. අනාගතයේ ගොඩක් දොස්තරලා බලා ගන්න පුළුවං..!(නු)

:       0       0

අසංක Saturday, 15 December 2012 11:21 PM

මට හිතෙන්නේ මේක දක්ෂ ගුරුවරයකු විසින් අනුමාන කර සෑදූ ප්‍රශ්ණ ලෙසයි.. ප්‍රශ්ණපත්‍රය පිටවුනා කියලා හිතන්න බැහැ..!(නු)

:       0       0

උපුල් Monday, 17 December 2012 07:52 AM

දක්ෂ ගුරුවරුන්ට මෙවැන්නක් කළ හැකිය. (නි)

:       0       0

අසිරු-මීගහතැන්න Sunday, 16 December 2012 02:48 PM

වෙලා තියෙන්නෙ මේකයි.විභාග ප්‍රශ්නපත්‍රය හදලා තියෙන්නෙ අනුමාන එක කොපි කරලා. (ත)

:       0       0

හිමාල් Sunday, 16 December 2012 12:44 AM

ළමයින්ට දෙවියන්ගේම පිහිටයි..!(නු)

:       0       0

සන්ජීව Monday, 17 December 2012 08:11 AM

වහාම මොහු අ‍ත්අඩංගුවට ගත යුතුය , මෙය නම් සම්පූර්ණ‍ හොරකමකි (ස)

:       0       0

රනිල් Sunday, 16 December 2012 03:32 AM

ලංකාවට අධ්‍යාපනයක් නැති කරලම දායි (දී)

:       0       0

චානි Monday, 17 December 2012 09:24 AM

උපරිම දඩුවම් දෙන්න (ස)

:       0       0

අරෝෂ Sunday, 16 December 2012 03:51 PM

හරි ශෝක්නෙ. ස්කීම් එකටනේ ආඩම්බර (දී)

:       0       0

රවීන්ද්‍ර Sunday, 16 December 2012 06:46 AM

දක්ෂ ගුරුවරුන්ට අනුමාන ප්‍රශ්න පත්‍රයක් ලබාදෙන එක සුලු වැඩක්. ගුරුතුමාට ජය වේවා! (නි)

:       0       0

ප්‍රසන්න Monday, 17 December 2012 09:42 AM

හැමදාමත් වුණානේ ඕක. අවුරුදු දහයකට කලින් ආපු ප්‍රශ්නෙම ආයෙම එන්න පුළුවන්. ඒකනේ අනුමාන ප්‍රශ්න පත්තර කරන්න කියන්නේ. සාමාන්‍ය පෙල ​ඔහොම වුණාට පාසල් අධ්‍යාපනයෙන් පිටත තියෙන ප්‍රශ්න පත්තර වලට උත්තර ඔක්කොම වෙන තැන්වලින් ගන්න පුළුවන්. (නි)

:       0       0

හිරු Sunday, 16 December 2012 04:00 PM

විද්‍යාව ඉගෙන ගෙන නැති අය බව සමහර අය දාන කොමෙන්ට් වලින් පේනවා. දක්ෂ ගුරුවරුන් අනුමාන ප්‍රශ්ණ ඉදිරිපත් කලත් රූප සටහන් මේ විදිහට එක සමාන විය නොහැක. හොදම උදාහරණය 3 හා 4 ඡායාරූපයේ ඇති ප්‍රස්ථාර (ත)

:       0       0

බබී Sunday, 16 December 2012 07:11 AM

ලංකාවේ අධ්‍යාපනය නැත්තටම නැති කිරීමේ කුට ව්‍යාපාරයක වැඩක් ඕක (දී)

:       0       0

දිලන්ක Sunday, 16 December 2012 07:08 AM

අධ්‍යාපන ඇමතිතුමා මේක විසදයි. (නි)

:       0       0

ප්‍රේමරත්න Monday, 17 December 2012 09:55 AM

ගුරුවරයගේ ප්‍රශ්න දෙපාර්ථමේන්තුව කොපි කරලාවත්ද ?? (ස)

:       0       0

අජිත් Sunday, 16 December 2012 07:30 AM

මේක හැමදාම වෙන වැඩක්නේ. (නි)

:       0       0

රවිදු Monday, 17 December 2012 10:04 AM

මම දන්නවා ඒ කවුද කියලා (ස)

:       0       0

චමින්ද පෙරේරා Sunday, 16 December 2012 07:50 AM

මේ වගේ දේවල් සිද්ධවුන පළමු අවස්ථාව මේක නෙවෙයි. ඒත් මෙහෙම අපරාධ කරන අයට කිසිම නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නේ නැති එක නම් ගොඩක් කණගාටුදායකයි. මේ වගේ වැඩ කරන්නේ දක්ෂ ගුරුවරු නෙමෙයි. තමන් දරුවන් සමත් කරන්න හරියට ඉගැන්වීම් කරනවා නම් මේ වගේ වැඩ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ අයට දෙන්න පුලුවන් උපරිම දඬුවම් ලබා දෙන්න රජය කටයුතු කළ යුතුයි. ඒ වගේම මේ වැඩේට හවුල් වුණ විභාග දෙපාර්තමේන්තුවේ හරි රජයේ වෙනත් ආයතනයක හරි නිලධාරීන් ඉන්නවා නම්, තරාතිරම නොබලා ඔවුන්ටත් උපරිම දඬුවම් ලබා දීමට කටයුතු කළ යුතුයි. (නි)

:       0       0

ජගත් Sunday, 16 December 2012 07:56 AM

නොසැලකිලිමත් කම් නෙවයි ඕක. මේක සැලසුම් කරලා කරන වැඩක් (දී)

:       0       0

දේශික Monday, 17 December 2012 10:13 AM

සිද්ධියට අදාළ ගුරුවරයාත් මාධ්‍යයට කිවුවේ ඔය කතාවම තමා. අනුමාන ප්‍රශ්නයක් නිවැරදිව ලබාදීම එකක්. ප්‍රශ්න පත්තරේ ඇති සංකීර්ණ රූපසටහන් පවා ඡායා පිටපතක් වගේ ආදර්ශ ප්‍රශ්න පත්තරේ පළවීම හුදෙක් අහම්බයක් සේ සැළකිය හැකිනම් ඔයාලා දන්නා විද්‍යාව මොකක්ද? එකක් දෙකක් නම් කමකුත් නැහැ , මෙතන ප්‍රශ්න 18ක් සමාන රූප සටහන් එක්කම. මේවා සාධාරණීකරණය කරන කට්ටියත් මේ වංචාවේ පාර්ශවකරුවන් විය යුතුයි. අඩුගානේ පුවතට අදාළ පින්තූර ටිකවත් බලලද අදහස් දමන්නේ? දැන් පේනවා නේද මේක සැලසුම් සහගත වැඩක් කියලා. වහාම මොහු අ‍ත්අඩංගුවට ගත යුතුයි. මෙය නම් සම්පූර්ණ‍ හොරකමක්. මට පේන්නේ විභාග දෙපාර්තමේන්තුව ගුරුවරයාගෙන් කොපි කරලා වගේ. උපරිම දඩුවම් දෙන්න. (නි)

:       0       0

සංක Monday, 17 December 2012 02:55 PM

ළමයින්ගේ අනාගතය (දී)

:       0       0

දර්ශන Sunday, 16 December 2012 05:29 PM

ලංකාවේ අහිංසක ළමයි (දී)

:       0       0

රංජිත් Sunday, 16 December 2012 08:50 AM

විභාග ප්‍රශ්ණපත්‍ර පිට නොවී රැක ගන්න විභාග කොමසාරිස්ටත් වගකීමක් තියනවා.කොහොම වුනත් ඉස්සර ලංකාවෙ විභාග ගැන තිබ්බ විශ්වාසෙ දැන් නම් හුගක් අඩුවෙලා (දී)

:       0       0

සකු Sunday, 16 December 2012 09:05 AM

සන්නස්ගල සර්ට කරපු ටික මතකයිනේ. කෝ ඒ විදිහට පරීක්ෂණ පිට පරීක්ෂණ තියන්න (දී)

:       0       0

තරු Sunday, 16 December 2012 09:11 AM

අනේ හොදයි ලංකාවේ අධ්‍යාපනයට දෙවි පිහිටයි (දී)

:       0       0

රොෂාන් Sunday, 16 December 2012 09:25 AM

ඒකත් නෑවා...... (දී)

:       0       0

ලලිත් Sunday, 16 December 2012 06:14 PM

ලංකාවේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කල යුතුයි (දී)

:       0       0

සමීර Monday, 17 December 2012 10:44 AM

මේ මොන විනාසයක්ද (දී)

:       0       0

මෝරා Sunday, 16 December 2012 09:45 AM

අයියෝ අධ්‍යාපනය (දී)

:       0       0

ඉන්ද්‍රජිත් Sunday, 16 December 2012 09:57 AM

"අසංක 2012-12-15 23:21:57 මට හිතෙන්නේ මේක දක්ෂ ගුරුවරයකු විසින් අනුමාන කර සෑදූ ප්‍රශ්ණ ලෙසයි.. ප්‍රශ්ණපත්‍රය පිටවුනා කියලා හිතන්න බැහැ" සිද්ධියට අදාළ ගුරුවරයාත් මාධ්‍යයට කිවුවේ ඔය මුසාවාදයම තමා. අනුමාන ප්‍රශ්නයක් නිවැරදිව ලබාදීම එකක්. ප්‍රශ්න පත්තරේ ඇති සංකීර්ණ රූපසටහන් පවා ඡායා පිටපතක් වගේ ආදර්ශ ප්‍රශ්න පත්තරේ පලවීම හුදෙක් අහම්බයක් සේ සැලකිය හැකිනම් ඔයාලා දන්නා විද්‍යාව මොකක්ද? එකක් දෙකක් නම් කමකුත් නෑ , මෙතන ප්‍රශ්න 18ක් සමාන රූප සටහන් එක්කම. මේවා සාධාරණීකරණය කරන කට්ටියත් මේ වංචාවේ පාර්ශව කරුවන් විය යුතුයි. අඩුගානේ පුවතට අදාළ පින්තූර ටිකවත් බලලද අදහස් දමන්නේ? (දී)

:       0       0

ජගත් Sunday, 16 December 2012 09:58 AM

අධ්‍යාපන ක්ෂේත්‍රයේ පිබිදීමක් (දී)

:       0       0

විජේකෝන් Sunday, 16 December 2012 10:22 AM

අහිංසක දරුවන් සමඟ සෙල්ලම් කරන්න එපා.විභාග ගැන තියෙන විස්වාසය නැත කිරීම වැඩිහිටියන් ලෙස කවුරුත් වග කිහන්න ඕන. (දී)

:       0       0

රසික Sunday, 16 December 2012 07:06 PM

බලන්න මම කියන්නේ බොරුද කියල. ලබන වසරේත් ඔය වගේ දෙයක් වෙනවා (දී)

:       0       0

සුමුදු Sunday, 16 December 2012 10:32 AM

හරිම ශෝක්. කෝ මේවා හොයන්න සාධාරණ කමිටුවි නැද්ද. දානවනම් අධ්‍යාපන ඇමති තුමා ප්‍රමුක කමිටුවක් පත් කරමු (දී)

:       0       0

අනිල් Sunday, 16 December 2012 07:16 PM

පාර්ලිමේන්තුවේ කමිටුවක් පත් කළා නම් සති දෙකෙන් විසඳයි. (ත)

:       0       0

හරීන්ද්‍ර Sunday, 16 December 2012 07:36 PM

මට පේන්නේ විභාග දෙපාර්තමේන්තුව ගුරුවරයාගෙන් කොපි කරලා වගේ. (ත)

:       0       0

ප්‍රසන්න Sunday, 16 December 2012 11:09 AM

හරි ශෝක්නේ කාටද ආඩම්බර (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ගේ පක්ෂය තනිව මහ මැතිවරණයට
2024 ඔක්තෝබර් මස 07 1 0

ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙහි චන්ද්‍රකාන්තන් මහතාගේ නායකත්වයෙන් යුතු දෙමළ ම


ඇල්පිටිය ප්‍ර.ස. මැතිවරණයේ තැපැල් ජන්ද පත්‍රිකා අද තැපෑලට
2024 ඔක්තෝබර් මස 07 77 0

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීමට අදාල තැපැල් ජන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු අද (7) තැපැල් දෙපාර්තමේන්තුවට බාර දෙන බව මැ


කෝටියක් වංචා කළ ජපන් භාෂා ගුරුවරයා අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 07 273 0

ජපන් රටේ උසස් අධ්‍යාපනය සහ රැකියා ලබා දෙන බව පවසා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කර සැඟව සිටි ජපන් භාෂා ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන


කෙසෙල්වත්තේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 07 565 0

කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී නාඳුනන කාන්තාවක් අද (7) අලුයම් කාලයේ දී තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව මිය ගොස් ඇතැයි කෙසෙල්වත්ත පොලිසිය කි


සුළඟෙන් කාලගුණයට බලපෑම්
2024 ඔක්තෝබර් මස 07 424 0

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.


ඉකුත් රජය කාලයේ අධිවේගයත් අවභාවිත කරලා
2024 ඔක්තෝබර් මස 07 3616 0

’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39243 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25618 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1102 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 385 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site