IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


වෛද්‍ය ශිෂ්‍ය දෙමාපියෝ තවත් උපවාසයකට සැරසෙති

දෙසැම්බර් 31 වැනිදාට පෙර සයිටම් අහෝසි  කරන බවට රජය දුන් පොරොන්දු ඉටු නොකිරීම නිසා ජනවාරි මාසයේ දිනක යළිත් මාරාන්තික උපවාසයක් අරඹන බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංසදය කියයි.
 
සයිටම් සිසුන්ට සති පහක සායනික පුහුණුවකින් පසු ලියාපදිංචිය ලබා දීමට වෛද්‍ය සභාව එකඟ වී ඇතැයි ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ (30) ප්‍රකාශ කළ අතර ඊට පිළිතුරු දීමට වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංසදය අද (31) මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි.
 
දෙසැම්බර් 31 වැනිදාට පෙර සයිටම් අහෝසි කරන බවට නියෝජ්‍ය ආමැති ආචාර්ය හර්ෂද සිල්වා පොරොන්දු වුවත් මේ වන තෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි ද, එනිසා ජනවාරි මාසයේ දිනක අඛණ්ඩ උපවාසයක් අරඹන බව ද එම සංසදයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා පැවසීය.



අදහස් (15)

වෛද්‍ය ශිෂ්‍ය දෙමාපියෝ තවත් උපවාසයකට සැරසෙති

කමල් Sunday, 31 December 2017 10:20 AM

නොමිලේ අධ්‍යාපනය යනු නිදහස් අධ්‍යාපනයෙහි උපකුලකයක්ද? නැතහොත් සමකුලකයක්ද? යන්න පැහැදිලි කර මෙම උපවාසය ආරම්භ කරන්න. මෙවැනි ක්‍රියා සඳහා අහිංසක මිනිසුන් යොමුකර එමගින් වෛද්‍ය වෘත්තිය පිළිබඳව පොදුජනයා අතර අප්‍රසාදය ඇති කිරීමේ සියුම් වැඩපිළිවෙළක් තිබෙන බව මාගේ හැඟීමයි.

:       71       368

අනුර පැස්කුවල්Monday, 01 January 2018 02:04 AM

ගියවර ඔබ දුටුවේ ආණ්ඩුව සහ විපක්‍ෂය එක්ව තිර රචනය ලියු නාටකයකි. හම්බන්තොට වරාය චීනයට ලබා දෙන තෙක් මහජන අවධානය වෙන අතකට යොමු කිරීම මෙහි අරමුණ විය. එය වසර කිහිපයකට පෙර සිටම වියතුන් අනාවැකි පලකල සිද්ධියකි. ජී.එම්.ඕ.ඒ. නායකයන්ද මෙහි දැනුවත් කොටස් කරුවන්ය. බහුතරයක් දොස්තරලා, ශිෂ්‍යයෝ සහ දෙමව්පියෝ මෙහි අනාථ කොටස්කරුවන්ය. ගිවිසුම අත්සන් කල සැනින් නාටකයද අවසන් විය. මෙවර තත්වය වෙනස්ය. ජී.එම්.ඕ.ඒ. එකේ, ආණ්ඩුවේ සහ බහුතරයක් සිසුන්ගේ උදාසීන බවද ඡන්දයට පසුව විපක්ෂයේ උදාසීන බවද හොඳින් පෙනෙනු ඇත. සමහර සිසුන් සහ දෙමාපියන් අමතක නොවන පාඩමක් ඉගෙනගනු ඇත.

:       33       110

Dayal Sunday, 31 December 2017 10:30 AM

මේ අය ගමේ බයියලා වෙන්න ඕනේ... දරුවන්ගේ අයිතිය මේ අයට පේන්නේ නැහැ..

:       413       184

ase Sunday, 31 December 2017 10:58 AM

අනේ ඔහේ මැරෙන්න අරින්න. මොන වදයක්ද මේ.. කාවද මේ බයකරන්න හදන්නේ? අපිත් බහිමු පාරට... මේ වසංගතේ කෙළවරක් වෙන්න ඕනේ!!!

:       751       390

dahamMonday, 01 January 2018 12:39 AM

ආණ්ඩුවක් වුණාම වගකීමක් තියෙන්න ඕනේ. අවංක වෙන්න ඕනේ. ඇත්ත කියන්න ඕනේ. ඒ අනුව ක්‍රියා කරන්න ඕනේ. එහෙත් මේ ආණ්ඩුව නම් එහෙම නැති බව ආපුදා ඉඳලම කියන කරන දේ වලින් පෙනෙනවා. සයිටම් ප්‍රශ්නේ ගැනත් එකක් කියලා කරන්නේ තව එකක්. ඇයි ශිෂ්‍යයෝයි වෛද්‍යවරුයි දෙගොල්ලන්වම බොරු කියලා රවට්ටන්නේ... එ්ක නිසානේ මේ අවුල ඔඩු දුවන්නේ. පව් දෙපැත්තේම ළමයි.

:       52       246

channa Sunday, 31 December 2017 11:22 AM

මුදල් ගෙවා ඉගෙන ගෙන, විභාග පාස් කර, රටට සේවය කරන්න ඉඩ අරින්න. පුළුවන් නම් එකම වෛද්‍ය විභාගයක් හැම පෞද්ගලික සහ රජයේ වෛද්‍ය පීඨයකටම ලබා දෙන්න. එතකොට බලාගත හැකි මුදලට උපාධිය ගන්නවද නැද්ද කියලා සහ කවුද දක්ෂ කියලා. නිකන් කුහක වෙන්න එපා. අපි කවද හරි මැරෙන මිනිස්සු බව අමතක කරන්න එපා.

:       1024       691

Bimal Sunday, 31 December 2017 12:23 PM

මේ දෙමව්පිය කුහක සංගමය හිතන්නේ තමන්ගේ ළමයා විතරයි ඉගෙන ගන්න ඕනේ කියලා. තව ටික දවසකින් මුන්දැලා දොස්තර ළමයින්ට තීරු බදු රහිත වාහන සහ මුණුපුරන්ට ජනප්‍රිය පාසල් ඉල්ලා උපවාස කරාවි.

:       902       630

Bamunuarachchi Sunday, 31 December 2017 01:42 PM

ඇයි දෙවියනේ අර හොඳට තිබෙන පොල් ගස් වලට හෙන පාත් කරන්නේ? පාත් කරන්නකෝ වැඩකට නැති ඔලු ගෙඩි වලට. ඔබලාගේ ළමයින්ට ලැබෙන්නේ ඕනේ දේ පිනට ලැබුනා නම්, සල්ලි දීලා අධ්‍යාපනය ගන්න ළමයින්ට පව් නොදී යන්න...

:       551       376

Saman Sunday, 31 December 2017 03:04 PM

පව්කාරයෝ ටිකක්... මේ අයගේ ළමයිනුත් ටියුෂන් ගිහින් විභාග පාස් කරගත්තේ... දැන් එනවා සල්ලි දීලා ඉගෙන ගන්න පුලුවන් දරුවන්ටත් වල කපන්න. අඩු තරමින් මේ පාර කාටහරි උපවාසයෙන් මැරෙන්න දෙන්න. එතකොටවත් මේක නවතීවි.

:       615       354

ranjith Monday, 01 January 2018 12:25 AM

මේ අයව ගහලා පන්නා දමන්නයි තියෙන්නේ... වෙන වැඩක් නැතුව ඇති...

:       203       43

Sarasi Monday, 01 January 2018 01:11 AM

කියන්නටත් ලැජ්ජයි. මේ කාලයේ ලංකාවේ උසස් අධ්‍යාපන සිසුන්ගේ දෙමව්පියන් තරම් කුහකයන් කොහෙවත් නැහැ. ඉස්සර දෙමව්පියන් තමන්ගේ ළමයාට ඉගෙන ගන්න බැරි වුණත් එයට උත්සාහ කරන උදවියට උදව් කළා. දැන් හොඳයි ලංකාවේ ඔක්කොම ගුරුවරු හිතුවොත් තමන්ගේ ළමයා විතරයි ඉගෙනගන්න ඕන කියලා මොකද වෙන්නේ? ඒ නිසා අනුන්ගේ දරුවන්ගේ ඉගෙනීමට බාධා කලොත් තමන්ගේ දරුවන්ට වගතුවක් වෙන එකක් නැහැ.

:       102       46

rocky Monday, 01 January 2018 01:40 AM

රටේ හැමෝටම එම්බීබීඑස් උපාධිය දීලා රෙජිස්ටර් කර දැම්මාම ප්‍රශ්න ඉවරයිනේ! අධ්‍යාපනයක් නැතුව එතකොට කාටත් පුළුවනි නොමිලේම දොස්තරලා වෙන්න...!

:       3       40

kamal Monday, 01 January 2018 02:57 AM

ලංකාවේ මාරාන්තික උපවාසවලින් කවුරුවත් මැරෙන්නේ නෑ.

:       84       28

ගාමිණී Monday, 01 January 2018 05:03 AM

මගේ දරුවත් රජයේ වෛද්‍ය ශිෂ්‍යයෙක්... මම මේ දෙමව්පියන් කරන වැඩවලට සම්බන්ධ නෑ.

:       0       23

Muhan Monday, 01 January 2018 07:25 AM

මේක දැන් දේශපාලන ප්‍රශ්නයක් කරගෙන... මහින්ද මහතාත් දැන් සයිටම් සටන් පාටය අතට අරගෙන... මාරාන්තික උපවාසයක් අරඹන බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංසදය කියයි. මේ පාර මේ අයට උපවාස කරලා මැරෙන්න අරින්න ඕනේ. එතකොටවත් ප්‍රශ්නය විසඳේවි.

:       119       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සෙව්වන්දි - ප්‍රසන්න රට පැන්නාද?
2025 අප්‍රේල් මස 21 261 0

පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල


පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 280 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 99 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 294 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 548 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 236 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 501 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 442 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site