(රංජන් කස්තුරි )
සයිටම් ආයතනය නිතිගත කිරිම ඉලක්ක කරගත් ව්‍යාජ විසඳුමක් තහවුරු කිරිමට බලධාරින් කටයුතු කළහොත් පුර්ව දැනුම්දිමකින් තොරව වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි.
සයිටම් අරගලයට සහයෝගය දැක්වීම සඳහා සීමාවාසික පත්වීම් අපේක්ෂාවෙන් සිටින වෛද්‍ය උපාධිධාරීන් විසින් ගන්නා තීන්දුවකට උපරිම සහය දක්වන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කීය.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාවේ හදිසි රැස්වීමක් අද (29) පැවැති අතර එහිදී එම තීන්දු තීරණ ගත් බවද ලේකම්වරයා පැවසීය
විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත
ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පුරාවිද්‍යා ස්ථානයක් කැණීම් කිරීමට හෝ කිසියම් අපරාධයක් සඳහා පැමිණ ඇති බවට සැකකරන, යුද හමුදාවේ සාමාජිකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනකු, මෝට
මිගමුව කලපුවේ ගමන් කරමින් තිබු කුඩා ධීවර යාත්‍රාවක් අද (24 ) දහවල් පෙරළී යාමේන් එහි ගමන් කළ පියා සහ දියණීයක් අතුරුදහන්ව ඇති බවත් මෙම යාත්‍රාවේ ගමන් කළ ඉත
කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට මේ දින වල විශාල වශයෙන් එළවළු තොග ලැබීම හේතුවෙන් කැරැටි ,ගෝවා වැනි බොහෝ එළවළු වර්ගවල මිල පහත වැටී විකුණාගත නොහ
පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ස්ථානමාරු ලබාදීම සදහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් පොලිස් කොමිෂන් සභාවට යවා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වෛද්‍ය සංගමයෙන් අනතුරු ඇඟවීමක්
ලක්සිරි Friday, 29 September 2017 02:35 PM
එතකොට මේ රට පාලනය කල යුත්තේ ජනතාවගේ ඡන්දෙන් තේරී පත් වුණු ආණ්ඩුවද? එහෙම නැත්නම්, දොස්තර මාෆියා කල්ලියද? අපිට සයිටම් එකෙන් ඇති වැඩක් නැහැ. පිටරටින් දොස්තරලා ගෙන්වලා මේ රටේ පවතින වෛද්‍ය මාෆියාව තුරන් කරන්න කියලයි අපි රජයෙන් ඉල්ලා සිටින්නේ. මේ මාෆියා කල්ලිය කුමන්ත්‍රණකාරීව මේ රටේ වෛද්‍ය ශිෂ්‍යයින්වත් නොමගට යොමු කරමින් ඔවුන්ට වෛද්‍යවරුන් ලෙස ඉක්මනින් සේවයට පැමිණීමට තිබෙන කාලය පමා කරවනවා.
AchalaFriday, 29 September 2017 04:32 PM
ලක්සිරි මහත්මයා, ඔබතුමා කියනවා සයිටම් එකෙන් වැඩක් නැහැ කියලා. ලංකාවේ මිනිස්සු කොච්චර මෝඩද කියලා ඒකෙන්ම පැහැදිලියි. තමන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන්ගේ ප්‍රමිතිය තමන්ට අදාළ නැති, තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය මුදලට විකුණන්න සූදානම් වෙන එක තමන්ට අදාළ නැති මෝඩ මිනිස්සුයි ලංකාවේ ඉන්නේ....
aseSaturday, 30 September 2017 11:50 AM
හරියටම හරි අපියි මෝඩයෝ, වෙන රටක නම් දැනටම ජනතාව පාරට බැහැලනේ ඔබලාට නිකන් උගන්වල දැන් අපිටම දොස්මුරේ නේද?
mahesh Friday, 29 September 2017 02:54 PM
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ කැමැත්තට හා ඔවුන් පිනවීමට ප්‍රශ්න විසඳුම් ලබා දෙන්න ඕන නැත. රටට අවශ්‍ය, බහුතරයක් වූ මහජනතාවට වැදගත් වන ලෙස ප්‍රශ්න විසඳන්න. ඔවුන් මේ වහෙන් ඔරෝ භාෂාවෙන් කියන්නේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට ඇති අකමැත්ත මිස, සැබෑ සයිටම් විරොදයක් නොවේ .
one srilankan Friday, 29 September 2017 03:22 PM
ගරු ජනදිපතිතුමනි, රාජිතගේ තීරණයට කඩේ නොයා බහුතර ජනතාවගේ අදහසට හිස නමා සයිටම් අහෝසිකර වේද අධ්‍යාපනය ශක්තිමත් කරන්න. ජාතික අධ්‍යාපනය රාජිතගේ බූදලයක් නොවන බව ඔහුටත් එස් බී වත්, ඕනේ ගොනෙකුට ඕනේ දෙයක් කරන්න පුළුවන් කියන කිරිඅල්ලටත් පහදා දෙන්න. පින් අත්වෙනවා. සයිටම් වසා ජාතික ප්රශ්නය විසඳන්න.
UpulSaturday, 30 September 2017 05:21 AM
ජනාධිපතිතුමා මුරුංගා ගස්වල නගින්නේ නැහැලු, අතු හයිය නැති නිසා.
කසුන්Saturday, 30 September 2017 11:52 AM
ඔබතුමාගෙන් ඕක අහන්න අපි හරි ආසාවෙන් මග බලාගෙනයි හිටියේ...
naradha Friday, 29 September 2017 03:53 PM
ඊසීටීඒ ගිවිසුම වහා අත්සන් කොට, ආසියාතික රටවල වෛද්‍යවරුන්ට ලංකාවේ සේවය කිරීමට ඉඩ දෙන්න. මේ ප්‍රශ්නයට ප්‍රධාන හේතුව ලංකාවේ වෛද්‍යවරුන්ගේ ඇති ඒකාධිකාරයයි.
rohana kumara mendis Friday, 29 September 2017 03:56 PM
අම්මේ මාර චන්ඩි. බයේ බෑ නේද? එත් අර හවසට රෑට හොරෙන් ගිහින් හම්බ කරන පුද්ගලික ඉස්පිරිතාලත් වර්ජනය කරනවාද? අපෝ එපා එතකොට හොද්ද නෑනේ නේද? දවසට ලක්ෂ ගණන් සාක්කුවට එන එක...
ChamaraSaturday, 30 September 2017 01:51 AM
ස්ට්‍රයික් කරන එක නම් වැරදියි, සල්ලි තියනවනම් අපි ඉස්පිරිතාලෙ එන්නෙ නෑනෙ. ස්ට්‍රයික් කරන හේතුව සයිටම් නම් ඒකට මොකුත් කියන්නත් බෑ. වෙද සංගමය දේශපාලන න්‍යාය පත්‍ර අයින් කරලා කරන්වනම් අපිත් එනවා සයිටම් අරගලයට. අනික් කාරනෙ මිත්‍රයා දොස්තරලා චැනල් කරලා බෙහෙත් දෙන එකට මොකුත් කියන්න බෑ. ඉන්ජිනෙරුවො, බැංකු, අනෙක් පුද්ගලික ආයතන ඔක්කොම පිරිස් නිදස් අද්යාපනය අරගෙන රජයට නෙමෙයි සේවය කරන්නෙ, දොස්තරලා රජයෙ රෝහල් වල සේවය කරන ගමන් තමන්ගෙ දැනුමෙන් අමතර ගානක් හොයන එක මට නම් හිතන්නෙ කමක් නෑ. අපි ඉරිසියා කරන්න හොද නෑ නේද.. ඒත් එයාල රජයෙන් පඩි ගන්න ගමන් ස්ට්‍රයික් කර කර චැනලින් කරනවනම් ඒක වැරදියි.
රෝහණ කුමාර මෙන්ඩිස් Saturday, 30 September 2017 10:46 AM
ඉතින් එ්ක තමයි මෙයාල කරන්නේ. ආණ්ඩුවේ සල්ලි වලින් ඉගෙන ගෙන ගන්න පුළුවන් හැම දේම අරගෙන. විශේෂ වරප්‍රසාද (වාහන/දරුවන්ට හොඳ පාසල්/ පුද්ගලික රෝහල් සේවාව - ගෙදරත් චැනල් කරනවා) එහෙම කර කර මේ අහිංසක ලෙඩ්ඩුන්ට චන්ඩිකම් පෙන්වනවා. මේවා මහා කැත වැඩ. මොකද සයිටම් පටන් ගත්තේ ගිය ආණ්ඩුව කාලේ. 2008 විතර. දැන් අවුරුදු 10 ට කිට්ටුයි. දණ්ඩ හොඳ නැති වුනේ මෙයාලට. අඩුගානේ ඉස්පිරිතාල වෙලාවෙත් දොස්තරවරු නෑ. පුද්ගලික රෝහල් වල ඉන්නේ. උදේ පාන්දර ඉඳල ලෙඩ්ඩු ඉන්නේ පෝලිමේ (පාන්දර 3/4 ඉඳලා. දොස්තර වරු එන්නේ උදේ 10-11ට විතර. ඇවිල්ල ආයේ තේ බීලා කේක් එහෙම කාලා වායුසමීකරණය අැතුලේ ඉඳල එහෙම 12 වෙනකොට යනවා දවල් කෑමට කියලා. එක්කෝ මීටින්. කියලා වැඩක් නෑ. ඔයාල පාලි ගන්නේ ආණ්ඩුවෙන් නොවේ ඔය අහිංසක අසරණ ලෙඩුන්ගෙන්...
කරුණාපාල Friday, 29 September 2017 04:15 PM
ලක්සිරි ඔබ ඔය සඳහන් කර තිබෙන්නේ, වර්තමානයේ ආසියා කලාපයේ ඇති දරුණුතම මාෆියා කල්ලිය ගැන වෙන්න ඇති නේද? ඒ කට්ටිය ඉස්පිරිතාලේ ඇතුලෙම පක්ෂ කාර්යාලය දාගන්න ඉඩක් ඉල්ලයි අද හෙටම.. ඔය සයිටම් ආයතනය පටන් ගත්ත කාලේ මාෆියා කල්ලිය හිටියේ නැට්ට බඩ යට ගහගෙන..
Ajith Nissanka Friday, 29 September 2017 04:37 PM
රට පාලනය කල යුතු ජනතාවගේ ඡන්දෙන් තේරී පත් වුණු ආණ්ඩුව මේ ප්රශ්නයේදී කසාය බීපු ගොළුවෝ වගේ ඉන්නවා නම් මොකද කරන්නේ! පිටරටින් ගේන වෛද්‍යවරුන්ට ගෙවන්නේ ඔයාගේ පොකට් එකෙන්ද? ලංකාවේ වෛද්‍ය සභාවට පැහැදිලි ප්‍රශ්නයක් තියෙනවා සයිටම් පිළිබඳව! ඔවුන් එය පිළිගන්නේ නැත්නම් එය පවත්වාගෙන යාම විශාල ප්‍රශ්නයක්! එයට දෙපාර්ශවයට එකඟ වෙන්න පුළුවන් විසඳුමක් දෙන එක අර ඡන්දෙන් තේරී පත් වුණු ආණ්ඩුව සතු වගකීමකි !!!
Ranjith SIlva Friday, 29 September 2017 04:54 PM
අපි බය වේවි. බුදු අම්මෝ තියන ගණන්කාරකම.
mahee Friday, 29 September 2017 04:54 PM
මහජනතාවට මේ තරම් මේ දොස්තර මාෆියාව හිරි හැර කරද්දීත් නිවටව බලා ඉන්න මේ වගේ ආණ්ඩුවක් කවදාවත් තියෙන්න නැතුව ඇති. මේ ගොල්ල ගන්නෙත් මාෆියාවේ පැත්ත මිසක් දුක් විඳින ජනතාවගේ පැත්ත නෙමෙයි. ජනතාවාදී යයි කියා ගන්න ඊනියා බංකොලොත් කාරයනුත් මාෆියාවට මුක්කු ගහගෙන ජනතාවට පහර දෙන හැටි තමයි පුදුමෙ. ශිෂ්‍ය සංගම්වල බලේ අල්ලගන්න මිසක් ජනතාව ගැන නොහිතන ඔවුන් දෙසන්නෙත් වැදි බණ බව දැන් තේරුම් ගන්න කාලේ ඇවිත්.
banda Friday, 29 September 2017 05:23 PM
ගිය ආණ්ඩුව කාලේ මේ චන්ඩි හිටියේ හික්මීයෝ වගේ... එක අතකට සුදු වෑන් තිබුණා නම් හොදයි කියලත් හිතෙනවා.
සිරි Friday, 29 September 2017 06:01 PM
දැන් කී සැරයක් වර්ජන කලාද. මොකක්ද ප්‍රතිපලේ ... අහිංසක මිනිස්සු අපහසුතාවයට පත්වුන එක විතරයි. දොස්තරලයි වෙන්ඩ දොස්තරලයි හැමදාම පරාදයි. ආණ්ඩුව හෙලවෙන්නෙ නැහැ. වෙන ආණ්ඩුවක් ආවත් ඔච්චර තමයි.
Rami Friday, 29 September 2017 06:09 PM
පව් අසරන ලෙඩ්ඩු නමුත් සම්පුර්නයෙන් ආන්ඩුව වගකිවයුතුය, සයිටම් මුදලාලි වෙනුවෙන් පෙනිසිටින නිසා
Arnold Friday, 29 September 2017 06:22 PM
මාසෙකට පාරක් පොඩ්ඩක් විසිල් එකක් ගහල වෛද්‍ය සිශ්ශයෝ ටික ගොනාට අන්දන් ඉන්න. දැන් මාස 9ක් ළමයි ගෙදර. වැඩිකල් l නොගිහින් දෙමව්පියෝ GMOA එක වටලලා අල්ලන් අනීවී. එක නම් සුවර්
Anil Friday, 29 September 2017 06:28 PM
දොස්තර මහත්තුරු සෙල්ලන් කරන්නේ ළමයින්ගේ අනාගතයත් එක්කයි. දැන් අවුරුද්දක් ගත වුනා. සටනක් කරනවානම් ශක්තිමත්ව දිගටම කරන්න.බැරිනම් අත හැර දාල ළමයි ටික නිදහස් කරන්න.
gayan Friday, 29 September 2017 07:13 PM
මෙයාලත් හරියට උතරු කොරියාව වගේ ,,,,,,හැමදාම අනතුරු ඇගවිම්...........
චාමර Friday, 29 September 2017 07:15 PM
අනේ මහත්වරැනි කරන දෙයක් එකපාර කරලා ඉවරකරන්න.. දැන් නම් මේක ඇතිවෙලා..
gihan Friday, 29 September 2017 07:59 PM
ඔවු බහුතර මෝඩ ජනතාව පත්කරන ආණ්ඩුව තමයි අපි පාලනය කරන්නේ. තේරුම් ගන්න අපිට ඕන රටක වැඩ කරන්න පුළුවන් පුරවැසි බව පවා ලැබෙනවා . අපි රකින්නේ හැම දෙනාගේම අයිතිය. මේක අපේ රට . සල්ලි කාරයන්ගේ විතරක් නෙවි. දක්ෂයාට අවස්ථාව ලබා දිය යුතුයි. ලකුණු පිළිවෙලට තමයි වෙන්න ඕන. සල්ලි පිළිවෙලට නොවෙයි. ඔය උඩ අදහස් දක්වපු කවුරුත් තේරුම් ගන්න.
ranavi Friday, 29 September 2017 08:13 PM
රාජ්‍ය අධ්‍යාපනයෙන් නොමිලේ වෛද්‍යවරුන් වූ අය කාටද මේ චන්ඩි පාට් දාන්නේ? තමන් වෛද්‍යවරු වෙන්න කලින් හිටපු එකම පන්තියේ රටේ අහිංසකයන්ට.... රජයත් එක්ක තරහක් තියනවා නම් ඒක රජයත් එක්ක බලාගන්න. අහිංසකයන්ව බිල්ලට ගන්නේ නැතුව. සයිටම් එක ගිය රජය ස්ථාපිත කරද්දී නිහඬව ඉඳලා දැන් කියන්නේ කාගේ උවමනාවටද කියල මිනිස්සු දන්නවා. වෛද්‍ය සංගමයේ ඉන්න ඒකාබද්දෙට කඩේ යන අය හිතන්නේ හරි ලොකු වැඩක් කරනව කියලා..
sam Friday, 29 September 2017 09:53 PM
වත්පොහොසත් රෝගීන්ට පුද්ගලික ප්‍රතිකාර නොනවත්වා සිදුකරන අතර අසරණ දුප්පත් රෝගීන් පමණක් බිල්ලට ගන්නා මෙම පහත් ක්‍රියාවන් හොඳින් හෝ නරකින් නැවත්වීමට කාලය ඇවිත් . රජයේ දොස්තර වරුන්ට පුද්ගලික සේවය තහනම් කිරීම මේ ප්‍රශ්නයට හොඳ පිළිතුරක් .
ranjith bogoda Friday, 29 September 2017 11:44 PM
දැන් ඔය වර්ජන මහජනතාව ගණන් ගන්නේ න එයාලම එකේ අගය නැටි කර ගත්ත
ධනුෂ්ක Saturday, 30 September 2017 02:11 AM
මම හිතන්නේ ඔය උඩ අදහස් දාලා තියන මහත්තුරුන්ට වඩා දොස්තරලයි. සිසුනුයි උගත් මෙන්ම බුද්ධිමත්. එ්කයි ඔබ තුමාලට ඔහොම හිතෙන්නේ ඔබතුමන්ලට මේකේ පේන්නෙ එක පැත්තයි. එ්කයි වෙනස. හැබැයි එ් අස්සෙ බොර දියෙ මාලු බාන වැඩත් කරන්න යනවා. හැබැයි සයිටම් කයන්නේ උපතේ සිටම වංචාව බොරැව මත යැපෙන අවජාතක එකක්. එතනදි දොස්තරලා එක්ක එකඟයි.
MPSaturday, 30 September 2017 06:15 AM
මේ අදහස් පල කරල තියෙන අයට ඔක්කොම වෑරදි පේන්නේ දොස්තරලගේ විතරයි. එතකොට, මේ සයිටම් හොර කඩයක් බවත්, එයට උල් පන්දම් දෙන, තමන්ගේ හෙලුව වහගෙන ඉන්න හදන "දේශපාලකයන්" ගේ තියන ගෑති බව, නිවට නියාලු බව සහ කොටින්ම කිව්වොත් හොරකම පේන්නේ නෑද්ද? මෙතන සම්පූර්ණ වෑරෑද්ද ආණ්ඩුවේ.
LalMonday, 02 October 2017 11:04 AM
මට පේන දොස්තරලගේ වැරුද්ද, එකක් ඒ ගොල්ලන් වර්ජනය කරලා දුකේ ඉන්න අහිංසකයෝ දුකේම දාලා කියනවා, අපි ඉතා සාර්ථක වර්ජනයක් කලා කියලා, සාර්ථක නම් හොඳයි ඉල්ලීම් ඉෂ්ට වුණා නම්, ඒ නැතිව කොහොමද සාර්ථකයි කියන්නේ මේ ගොල්ලන් දොස්තර වුණත් කොහේදෝ අඩුපාඩුවක් තියෙනවා. අනික දොස්තර සිසුන් මාස 9ක් ගෙවල්වල නැත්නම් මහපාරේ එහෙව් තත්වයක් තියාගෙන - කතාවට දැඩි ක්‍රියා මාර්ගවලට අවතීර්ණ වෙනවා කිව්වත් නිකමටවත් පුද්ගලික රෝහලවල් වල අමතර සේවය අතපසු වුණේ නෑ. ඒ කියන්නේ දොස්තර සිසුන් ලවාම ඒකොටසත් ඉෂ්ට කරගන්න වගේයි දොස්තර සංගමය වැඩකරන්නේ... දොස්තරලා හෘදයාංගමවද මේ සටන කරන්නේ කියාලා පිටින් බලන අයට ගැටළුවක් තියෙනවා. දැන් මෙහෙම ලිව්වත් මමත් සයිටම් විරෝධී බව සඳහන් කරන්නත් ඕනෑ..
Bimal Saturday, 30 September 2017 02:22 AM
මුළු ලෝකයේම දොස්තරවරු අතරින් කිසිම වෘත්තීය ආචාර ධර්මයක් දන්නේ නැති දොස්තරලා ඉන්නේ ලංකාවේ. මිනිස්සුන්ගේ බදු මුදලින් ඉගෙනගෙන ඒ මිනිස්සුන්ටම දත නියවනවා .පිටරටවල වගේ මොවුන්ට අවුරුදු පතා අලුත් කරන වෘත්තීය බලපත්‍රයක් ලබා දෙන්න කියලා මම රජයෙන් ඉල්ලනවා. එතකොට මේ චන්ඩි කොට්ටාශයට උගත්කමයි නම්බුවයි දෙකම තියන් වැඩ කරන්න පුළුවන්. දැන් වැඩ කරන්නේ ඔය දෙකම නැති ගානට !
Jaya Saturday, 30 September 2017 02:44 AM
මෙම සංගමය ත්‍රස්තවාදී සංගමයකි ඔවුන් සාමාන්‍ය ජනතාවට හානි කරන කටුතු කරන නිසා මෙය වහාම තහනම් කර නිලදාරීන් අත් අඩංගුවට ගත යුතුයි. තවද සිසුන් නොමග යවන පෙරටුගාමී සංගමයද තහනම් කල යුතුයි. මෙහම රටක් පාලනය කල නොහැකි බව ජනපති තේරුම් ගන්නේ නැත්තේ ඔහුට කොන්දක් නැති නිසාද. මේ විදියට ගියොත් අපේ රට හොඳටම අඳුරු වන බවනම් නියති.
සාරාසී Saturday, 30 September 2017 03:00 AM
කිව්වත් වගේ මොකටද ව්‍යාජ විසඳුම, ජනාධිපතිතුමාට තියෙන්නේ එකවර විසඳුම දෙන එක තමයි දැන් ....
Rohana Saturday, 30 September 2017 03:01 AM
වෛද්‍ය සංගමයෙන් අනතුරු ඇඟවීමක් අසරණ රෝගීන්ටද?
rohana Saturday, 30 September 2017 03:29 AM
ඔබ තුන් දෙනා හරියටම හරි. මේ ගොල්ලන්ට නටන්න දෙන්න බැහැ. පිරටින් දොස්තරලා ගෙනා ආ යුතු අතර මෙහෙ අයගේ ලයිසන් එක වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කල යුතු වෙනවා. ඒ වගේම ලංකාව පුරාවටම වෛද්‍ය පීඨ සිසුන්ගේ පන්ති තහනම් කල යුතුයි. මේ වැඩේට කොන්ද පණ ඇති පා.ම. මහින්ද වගේ කෙනෙක් සිටිය යුතුයි. හැබැයි දැන් නම් මේවා කරවන්නේ එයා.
diluni Saturday, 30 September 2017 03:33 AM
දොස්තර මහත්වරුනි ඔබල මේ කරන වැඩේ හරිද? ඔබලා පෝසතුන් වූ පළියට අසරණ ලෙඩුන් තලන්න එපා. එහෙම කල විට අපිට ඔබලාගේ දරුවන්ට පවා සාප කරන්න හිතෙනවා. මම ලෝකයෙන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තිබෙද්දී අැයි ලංකාවේ ඔබ පමණක් විරුද්ධ? සයිටම් වහමු. නමුත් ප්‍රමිතියක් යුතු පෞද්ගලික වෛද්‍ය විද්‍යාල 10 ක් වත් පටන්ගනිමු. ඔබලා සැමදාම වර්ජනය කරනවා නම් පිටරටින් වෙද්‍ය වෘත්තීය ගෙන ඒමට නීතිමය අවකාශය දෙමු. අැයි ඔබලා වෙන රටවලට නොයන්නේ? ඔබලා උපන් දේශයට හතුරුකම් කිරීම නවත්වන්නද? ඔබලාගේ සිත් පැහැදේවා. ආත්මාර්ථ සිතුවිලි දුරුවේවා.!!!
Chandra Saturday, 30 September 2017 03:43 AM
වහාම රජයේ වෛද්‍යවරුන්ගේ පුද්ගලික බෙහෙත් ශාලා අහෝසි කරන මෙන් මහජනයා පාරට බැස රජයට බලපෑම් කල යුතුයි.
Mata Hithena Hati Saturday, 30 September 2017 04:54 AM
වෛද්‍ය සංගමය වහාම තහනම් කල යුතුයි. LTTE එකට වඩා මේ සංගමය භයානකයි කියල පෙනෙනවා.
kamaniSaturday, 30 September 2017 02:19 PM
එතකොට ඔයාට බෙහෙත් කරන්නේ සයිටම් හොර ඩොකාලා. එක පෙත්තයි ලෙඩා දොයි.. මිනී පෙට්ටිකාරයාට නියමයි..
sudes Saturday, 30 September 2017 05:54 AM
මේක නම් දැන් විහිළුවක් වෙලා තියෙන්නේ. වෛද්‍යවරුම දැන් මේකට බනිනවා බොරු වැඩක් කියලා.
husen-riyad Saturday, 30 September 2017 06:03 AM
අවශ්‍ය දැඩි තීන්දු තීරණ ගන්න තරම් රජයට කොන්ද පන නැති නිසා, මේ ප්‍රශ්නේ තවදුරටත් ඔඩු දුවනවා මිසක් ස්ථිර විසඳුමක් නැහැ. ඒ නිසයි රජයකට තර්ජනය කරන්න තරම් මේ මිනීමරුවන් ධෛර්ය වෙලා තියෙන්නේ. මේවගේ සුන්දර මටසිලුටු පාලනයන් ලංකාව වැනි රටකට කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. වහාම ඉතාමත් දැඩි තීන්දු තීරණ ගන්න කාලය ඇවිල්ලයි තියෙන්නේ. රටේ ජනතාව තුලත් අවශ්‍ය අවේගශීලිත්වයක් නැහැ. චැනල් කඩවලට වග කිව්වනම්.., ඔය ප්‍රශ්නේ කලින්ම විසඳගන්න තිබුනා. ඔහොම්මම තල්ලුවෙවී ඔය මිනීමරු අමනුෂ්‍ය සෙට් එක එන්නේ අන්න එතැනටයි. එතකොට හැමෝන්ටම සොරි කියන්නයි වෙන්නේ. මේ ආණ්ඩුව ආ දා ඉඳන්ම උද්ඝෝෂණ, පෙළපාලි, වර්ජන... මදිවට දැන් තර්ජනත් එනවා. ඔහොම්මම ගියොත් බාගදාවට ජනතාවට ඔය පාණ්ඩුව එපාවෙයි. එතකන්, තොපි ඇස් කන් අරින්නෙපා. ඔහොම්මම යං.
shan saudi Saturday, 30 September 2017 06:10 AM
අනේ මුන්ට ගහල එලවල ඉන්දියාවෙන් දොස්තරලා ගෙන්වන්න මුන් නිකන් අනතුරු අගවන්නේ කාලගුණ විද්‍යා එකෙන් වැගේනේ මහිදගේ කාලෙ ඕක නවත්වන්න ඔහොම කරන්න තිබ්බනේ පටන් ගන්නකොටම ඇයි නොකළේ අද කෑගහන්නේ මුන් මහින්දට කඩේ යනවා නැතිව ඔය විශ්වවිද්‍යාලෙ නරක නිසා නෙවේ
dias Saturday, 30 September 2017 06:43 AM
සහෝදරවරුනි, මහත්වරුනි, දරුවනි, අපි ඔබ එකතු වෙමු. මේ වර්ජන කරන අයට විරුද්ධව ඉදිරියට එමු. සයිටම් වහමු. පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය ප්‍රමිතියට අනුව පිහිටුවීමට රජයට බල කරමු. විසඳුමක් ලෙස පිටරට ඔස්තාර්ලා 10000 කට අවුරුදු 10 ක් සඳහා ගෙන්වීමට රජයට බල කරමු. වර්ජනය කරන දොස්තර සභාව මාෆියාවට පිළිතුරු දෙන අතර වර්ජන නොකරන වෛද්‍යවරුන්ට පඩිය 50% වැඩිකරන ලෙස ඉල්ලමු.
Malik Saturday, 30 September 2017 11:44 AM
චාමර, බැංකු ඇතුළු පුද්ගලික ආයතනවල උදවිය නිදහස් අධ්‍යාපනය අරන් උපරිම ඵලදායිතාවයකින් සේවා ඉටු කරන බව අමතක කරන්න එපා. දොස්තරලාගේ රජයේ සේවා කාලයවත් නියමිත අයුරින් වැඩ කරනවාද? පුද්ගලික අංශයේ උදවිය අයිස් ගැහුවොත් කෙලින්ම ගෙදර. !
jaya Saturday, 30 September 2017 12:51 PM
අද ලොකු වීරයෙක් වගේ කතා කරන කාලෝ ෆොන්සේකා එදා කිවුවේ මොකක්ද කියල හොඳින් අහන්න. යූ ටියුබ් එකේ අහන්න. ජීවත කීයක් අමාරුවේ දැම්මද? මොවුන් සේරටම ඕනෑ කේපී පෙනෙන්න. වෙන කිසි දෙයක් නොවෙයි. රටේ ජන ජීවිතය කඩා කප්පල් කරනා සෑම කෙනෙක්ම ත්රස්තවාදීන් රජයකට තීරණ ගැනීමේ හැකියාවක් තිබිය යුතුයි. එසේ නොවේ නම් වහාම ඉල්ලා අස්විය යුතුයි. ජනතාව ඔවුන් පත්කළේ රට ඉදිරියට ගෙන යාමට මිසක්... මේ අයට ඕනෑ විදියට ජනතාවට කරදර කරන්නට නොවන බව දැනගන්න.
selva Saturday, 30 September 2017 12:55 PM
ඔබට රටහැර ගිය හැකියි. රටේ නීතියත් අනුව වැඩ කරන්ඩ බැරි දොස්තරලා රට හැර ගියාට කමක් නෑ.
නිපුන Saturday, 30 September 2017 02:26 PM
මේකේ පෞද්ගලික සේවයේ යෙදෙන දොස්තරලට බැනලා තියනවා දැක්කා. මතක තියා ගන්න පුද්ගලික දොස්තර කෙනෙක් නම් සයිටම් අපායක් කියලා... මොකද මෙයාට පෞද්ගලික රෝහලක්ම තිබ්බා. නිකං පොඩි පොඩි ඒවා නෙවෙයි ඒකේ නම ආශා සෙන්ට්‍රල්.. ඒක විකුණල තමයි සයිටම් එක අටවා ගන්නේ... සයිටම් එකෙන් අවුරුද්දකට ලාබේ මිලියන ගාණක්... හැබැයි රෝහල පාඩු ලබනවා. ඉතිං පාඩු ලබන එක රජයට දෙනවා. ලාභ ලබන එක නෙවිල්ට දෙනවා මාර ලොජික් නේ මේවා...
maheshSaturday, 30 September 2017 06:13 PM
නොදන්නා මගුල් කතා නොකර ඉන්නවා නම් හොඳයි. සයිටම් එකේ ප්‍රමිතිය ගැන කවුරුහරි කියන ඒවා කියවනවා. අඩු ගානේ ගිහින් බැලුවද ඇත්තද කියලා. මම නම් හොයලා බැලුව. 3/4 ක්ම බොරු. ඒ ළමයින්ට අඩු ක්ලිනිකල් නම් එ්ක දුන්නාම ඉවරනේ. කුහක වැඩ නොකර. දොස්තරලා බයවෙලා ඉන්නේ එයාලගේ පුද්ගලික චැනෙලින් වලට වැඩෙන නිසා. නැතුව මේ රටේ මිනිස්සුන්ගේ ආදරේට නෙමෙයි.
Saman Saturday, 30 September 2017 03:56 PM
"සයිටම් ආයතන 2011 වසරේ දී ආරම්භ කළා. පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධ නඩු කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විභාග වුණා. ඒ කිසිඳු අවස්ථාවක ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අවශ්‍ය තරම් කාලය තිබුණත් ඊට මැදිහත් වූයේ නැහැ."මෙහෙම කියන්නෙ නීතිපති. නමුත් දැන් වෛද්‍ය සභාවත්, දොස්තරලත් වීරයෝ වෙලා....
කස්සා Saturday, 30 September 2017 04:22 PM
දැන් සයිටම් දොස්තරලා ආපු දවසට පාන්දර 4ට ඇවිල්ල අපිට බෙහෙත් දෙයි. හවසට චැනල් සෙන්ටර් එකක් දාල අපිට නොමිලේ බෙහෙත් දෙයි. උදේට, හවසට පාරේ බස් එකේ වැඩට යාවි... ඒවි... පර්මිට් එකත් එපායැයි කියයි. හුරේ...
Kumara (Gulf) Saturday, 30 September 2017 06:51 PM
ජය වේවා වෛද්‍යවරුනි, ඔබගේ සාධාරණ සටනට. ඔබට අපගේ පූර්ණ සහය. නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කර ගැනීමට ඔබට හැකිවේවා. ජය වේවා වෛද්‍යවරුනි ඔබගේ සාධාරණ සටනට. ඔබට අපගේ පූර්ණ සහය. නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කර ගැනීමට ඔබට හැකිවේවා.
Rohana Saturday, 30 September 2017 11:49 PM
රාජිත ඇමතිතුමාගේ අවදානයට වසර තුනකට අසන්න කාලයක් ඉවසුව ඇති. ඕනෑම රජයකට රජයේ බලයට තර්ජනයක් වෙන ජනතාව පීඩාවට ලක්වන ආයතන බිහිවීම අනතුරු දායකයි. මහජනතාවගේ මුදල්වලින් ඉගෙනගෙන මේ දොස්තර මාෆියාව ජනතාවට කරන හිරිහැරය වහාම නැවත් විය යුතුයි . ඒ සදහා කෙටිකාලින හා දිගුකාලින යෝජනා ඉදිරිපත්කරමි. 1.A සාමාර්ථ තුන ලබාගත් රසායන,ජීව විද්‍යා සිසුන් සියලු දෙනාම වෛද්‍ය පීඨයට බදවා ගන්න. 2. යුද හමුදා කොතලාවල, පීඨයට වෛද්‍ය සිසුන් බදවගන්න. 3. නව පත්වීම් දීමේදී වසර 5 ක් යනකල් වර්ජවලට සහභාගි නොවන බවට ලිකිත සහතිකයක් ගන්න. 4. රජයේ වෛද්‍ය වරුන්ට පෞද්ගලික සායන පවත්වා ගැනීම නීති විරෝධී කරන්න. 5. විදෙස් රටවල ඉන්න ශ්‍රී ලංකික වෛද්‍ය වරුන්ට ලංකාවේ සේවය කිරීමට අරාධනා කරන්න ඔවුන්ට නොමිලේ වීසා ලබාදෙන්න. 6. වසර 10ක පළපුරුදු හෙද හෙදියන්ට වෙදනළාව භාවිතා කිරීමට අනුමැතිය දෙන්න 7 .අපොතිකාරී සේවය නැවත නාග සිටුවන්න. 8 .වර්ජනය කරන දිනවලදී වැටුප් කපා හරින්න. වාහන බලපත් අවලංගු කරන්න. රෝගීන් පීඩාවට පත් කිරීම, කලයුතු සේවාව නොකර සිටීමෙන් රෝගීන් මරණයට පත්වීම වෙනුවෙන් දැඩි නීති සම්පාදනය කරන්න.
නිසල් Sunday, 01 October 2017 07:18 AM
දක්ෂයාට අවස්ථාව ලැබෙන්න ඕන. ලංකාවේ වෛද්‍ය වෘත්තිය ඇරෙන්න හැම වෘතියක්ම රැකියාව ලැබෙන්නේ වෘත්තීය දක්ෂතාවය මත. උදාහරණයක් ලෙස ඉංජිනේරුවන් බිහිකරන රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාල තියන නිසා වඩා හොඳ රැකියාව ලැබෙන්නේ දක්ෂම ඉංජිනේරුවට මිස උසස්පෙලේ දක්ෂම සිසුවාට නෙවෙයි. මන්දයත් කෙනෙක්ගේ වෘත්තීය දක්ෂතාව උසස් පෙළ විභාගයෙන් මනින්න බැරි නිසා. සයිටම් වගේ ආයතන වලින් වෛද්‍ය අතිරික්තයක් ඇති කරන්න පුළුවන් උනොත් නියම දක්ෂයාට උසස්ම රැකියාව ලැබෙයි. ඒ වගේ අවස්ථාවකදී උසස් පෙලේ දක්ෂයින් කිහිප දෙනෙක් රැකියා විරහිත වෛද්‍යවරුන් උනොත් පුදුම විය යුතු නැහැ.
nanda Sunday, 01 October 2017 05:16 PM
ඔබගේ දැඩි ක්‍රියා මාර්ගයට චැනල් නැවැත්වීම අදාල නැද්ද? රෝහල් වැඩ වැරීමට පෙර එය කරන්න....හුග දෙනෙකුගේ අදහස කීයටවත් එය නොකෙරෙන බවයි .... එයත් අසාර්ථක නම් විතරක් අඛන්ඩ වර්ජනයට යන්න....රජය තවමත් ප්‍රමාණවත්ව ශක්තිමත්, ඒක නිසා කල් යල් බලා තීරණ ගන්න.... ඔබ පුද්ගලික සේවාව වර්ඡනය නොකරන්නේ නම් වෛද්‍ය ශික්ෂ පංති වර්ජනය ගෞරවනීය අයුරින් අවසන් කර ගන්න, ළමුන් දෙමව්පියන්ගෙන් තවමත් යැපෙන හා අවනත වෙන වයසේ අය නිසා ඔවුන්ට බළපෑම් කරන්න දෙමවුපියන්ට පුලුවනි....