IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


වෛද්‍ය සංගමය සතියක් කල් දෙයි

අනුරාධපුර රෝහලේ දොස්තර චමිල් හේරත්ට ගිය සිකුරාදා අනුරාධපුර දහයියාගමදී පහරදුන් සංධාන දේශපාලන මැරයන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසියේ ක්‍රියාකලාපය අනුමත කළ නොහැකි බවත්, නිසි පරිදි පරීක්ෂණ පැවැත්වේදැයි සතියක් බලන බවත්, රජයේ වෛද්‍ය නිලධරයන්ගේ සංගමයේ උප ලේකම් දොස්තර නලීන් ආරියරත්න අනුරාධපුර රෝහලේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය. රෝහලට, එහි වෛද්‍යවරුනට හා නිල නිවාස නොමැති වෛද්‍යවරුන්ට ආරක්ෂාවක් නැතැයිද ඔහු කියා සිටියේය. ‘පොලීස් පරීක්ෂණ ගැන සෑහීමකට පත්විය නොහැකියි. වෛද්‍යවරුන් අනාරක්ෂිතයි.‘ යනුවෙන්ද පැවසු උප ලේකම්වරයා පහරකෑමට ලක්වූ දොස්තර හේරත් තවමත් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත්, ඔහුගේ තත්ත්වය ගැන ප්‍රකාශයක් කළ හැක්කේ අද සවස පමණ වන විටත් ඔහු කීවේය. මේ සම්බන්ධයෙන් සැකපිට තිදෙනෙක් රිමාන්ඩ්බාරයට පමුණුවනු ලැබ සිටිති. තමාගේ ඡන්ද ව්‍යාපාරයට මුද්‍රණය කළ ටී ෂර්ට් ඇඳගත් පිරිසක් තමා අපකීර්තියට පත්කිරීමේ ඡේතනාවෙන් කර ඇති බව පෙනෙන මේ පහරදීම හෙළා දකින බව උතුරුමැද හිටපු මහ ඇමැති බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා මාධ්‍යයට කියා සිටියේය.



අදහස් (0)

වෛද්‍ය සංගමය සතියක් කල් දෙයි

ප්‍රවීන් Monday, 03 September 2012 02:53 PM

සැකකරුවන් අත්අඩංගුවට අරගෙන රිමාන්ඩ් කරලා නම් තවත් මොන කතාද? (නි)

:       0       0

සනුල් Monday, 03 September 2012 02:53 PM

අනේ මහ ඈමතිතුමා පව්. එතුම මුකුත් දන්නෙ නෑ......... (දී)

:       0       0

මහින්ද Monday, 03 September 2012 02:49 PM

චන්දෙ ඉවරවෙනකම් වෙන්න ඇති . (දී)

:       0       0

රෝහණ Monday, 03 September 2012 03:21 PM

එතකොට දොස්තරලගෙන් වෙන වැරදි වලට කවුද ස්ට්‍රයික් කරන්නේ...(ස)

:       0       0

කුකුලේගම ගුණරතන Monday, 03 September 2012 03:14 PM

අනේ පව් අප්පා ... නොදරුවෙක් වගේ (දී)

:       0       0

සුමිත් Monday, 03 September 2012 03:15 PM

දොස්තරලගේ ලොකුව ඉතින් ලංකාවේ විතරයි..(ස)

:       0       0

ජයම්පති Monday, 03 September 2012 03:23 PM

චන්දෙත් ලගයි නේද (දී)

:       0       0

ජයන්ත - ඉබ්බාගමුව Monday, 03 September 2012 03:42 PM

රෝහණ මහත්තයෝ, දොස්තරලාගෙනුත් සමාන්‍ය මිනිස්සුන්ට වෙනවා වාගේ වැරදි වෙනවා. එත් හිතා මතා මේ වගේ වැඩ කරන්නේ නෑ. ඔයාල දන්නෑ,ඔයාල දන්නේ දොස්තරට වුණ දේ විතරයි. එත් මේ කාල වකවානුවේ අහිංසක මිනිස්සු කී දෙනෙක් පීඩාවට පත් වුනාද. මේ සාපෙන් රට ගැලවෙන්නේ කවදා ද?(ස)

:       0       0

වසන්ත Tuesday, 04 September 2012 09:33 AM

මේ හැම ප්‍රශ්නයකටම විසඳුම තමයි '' නීතිය '' (ස)

:       0       0

ධම්මික Monday, 03 September 2012 03:54 PM

මම මේ නොදන්න නිසයි අහන්නේ. ලෝකයේ අනෙක් රටවල් වලත් දොස්තරලා මේ වගේ බලගතුද? මම මේ ගහපු එක නිවැරදි කරනවා නෙමෙයි. දැන ගන්නයි අහන්නේ. (නි)

:       0       0

උදයංග Monday, 03 September 2012 04:29 PM

ලංකාවේ ‍ඕන දෙයක් කරගන්න පාරට බහින්නම වෙනවා , අධ්‍යාපනයට වෙලා තියෙන දේ පේනවනේ...(ස)

:       0       0

ආනන්ද Monday, 03 September 2012 04:28 PM

පවු අනේ. (නි)

:       0       0

සිල්වා Monday, 03 September 2012 04:40 PM

ජයත් ඔබ හරි (අ)

:       0       0

ජගත් Monday, 03 September 2012 05:34 PM

මෙයාලගේ ‍ලොකුකම් නිසා තැලෙන්නේ අසරණ මිනිස්සු (නි)

:       0       0

සමන්ත Monday, 03 September 2012 05:43 PM

මේ එක දොස්තර කෙනෙකුටවත් එයාලා කරන රැකියාව නිසා තර්ජනයක් ඇතිවෙලා නැහැනේ (නි)

:       0       0

ධම්මික Monday, 03 September 2012 05:47 PM

ඕක කුඩුකාරයෙක්ගේ වැඩක් වෙන්න බැරිද? (නි)

:       0       0

දිසානායක Monday, 03 September 2012 05:42 PM

අපක්ෂපාතී වෛද්‍ය මණ්ඩලයකට දොස්තරගේ තත්ත්වය ඉදිරිපත් කර වාර්තාවක් ගන්න. (නි)

:       0       0

රාජා Monday, 03 September 2012 06:12 PM

හැම ජන්දයකදීම ගහනවා, මරනවා, ගෙවල් දොරවල්, දේපල විනාශ කරනවා. හැබැයි ඳඩුවම් ලබපු කෙනෙක් නම් නැහැ. දොස්තර මහත්තයෙක් හන්දා ඔය තරම් හරි කතා කරනවා. වෙන පොඩි කෙනෙක් නම් කවුරුවත් දන්නෙවත් නැහැ. ඔක්කෝම ජන්දෙ ඉල්ලන්නේ නම් අනික් අයට සේවය කරන්නලු. ඇත්තද? ජන්දෙ දෙන අපිට පිස්සු. (නි)

:       0       0

නයන Tuesday, 04 September 2012 12:40 PM

"වෛද්‍යවරුනට හා නිල නිවාස නොමැති වෛද්‍යවරුන්ට ආරක්ෂාවක් නැතැයිද ඔහු කියා සිටියේය" ඇයි මේගොල්ලො පොඩි ළමයිවත්ද අනුන්ගෙන් විශේෂ ආරක්සාව බලාපොරොත්තු වෙන්න? හැමෝගෙම ජීවිත එකයි..(ස)

:       0       0

යසිත Monday, 03 September 2012 07:06 PM

ඇත්තෙන්ම මේ දොස්තර මහත්වරු කරන වැඩේ මම අනුමත කරනවා. මොකද ලංකාවේ සාමාන්‍ය මිනිස්සුන්ට කවදාවත් හඬක් තිබ්බේ නැහැ. එක හඬ හඬක් තියෙන කෙනෙක් හරි තමන්ට වෙන අසධාරණයකට විරුද්ධව සටන් කරන එකට මම කැමතියි. ධම්මික අහල තිබුණා දොස්තරලා වෙන රටවලත් මෙච්චර බලගතුද කියලා. සිවිල් බලය කෙසේ වෙතත් වෙන රටවල දොස්තර කෙනෙක් හම්බ වෙන්න යනවා කියන්නේ ලක්ෂ ගණනක් වියදම් වෙන වැඩක්. (නි)

:       0       0

ජයන්ත - ඉබ්බාගමුව Tuesday, 04 September 2012 01:38 PM

දොස්තරට වැරුදුණොත් නීතියවත් තියෙනවා. දොස්තරලා නීති රාමුවකට යටත් වෙලා ඉන්නේ. ඒත් දේශපාලකයන් සමහරක් නීතියට යටත් වෙන්නේ නැහැ. තමන්ට අවශ්‍ය දේ කොහොම හරි කරනවා. මෙතනදී කවුරුත් මේ සිද්ධිය දැනගත්තේ දොස්තරට මෙහෙම දෙයක් වුණ නිසයි. ඒත් ඔයාලා දන්නවාද මේ පළාතේ සමහර මිනිසුන්ට සිදුවන ආසාධාරණ. මගේ දැනීම හැටියට ඡන්දය නිසා මේ පළාතේ වැඩි වූවත්, මේක ලංකාවේම තැනින් තැන සිදුවෙන දෙයක්. හිතන්න, හිතාමතා දෙශපාලකයෙක් කරන වැරැද්දකුයි දොස්තරට වෙන අතපසුවීමකුයි අතරේ සමානකමක් තියෙනවාද කියා. (නි)

:       0       0

චින්තක Monday, 03 September 2012 10:40 PM

ජයන්ත, අපි කියන්නේ නැහැ දොස්තරලගෙන් වැරදි වෙන්නේ නැහැ කියලා. ඒත් දොස්තරලා ඔවුන් තමන්ගේ රාජකාරිය හරියට කරනවද කියල නැවත වතාවක් හිතා බැලිය යුතුයි. දොස්තරට වැරදුණොත් මිනිස්සු අඩි 6ක් යට ගිහින් තමයි නතර වෙන්නේ. ඒක තේරුම් ගන්න ඕනෑ. ඕනෙම කෙනෙක්ට ස්ට්‍රයික් කරන්න අයිතිය තියෙනවා. ඒත් ඔවුන් ස්ට්‍රයික් කරලා තමන්ගේ පඩි වැඩි කර ගනිද්දී, තමන්ගේ සුඛ විහරණය වැඩි කර ගනිද්දී තමන්ගේ රාජකාරිය දේවකාරිය වගේ කරන්නත් ඕනෑ. දොස්තරලා ඒ ටික තේරුම් ගත්තේ නැත්නම් වෛද්‍ය වෘත්තියේ තියෙන ගෞරවය කොන්දොස්තරගේ තරමට වැටෙන දිනය එච්චර ඈත නෙවෙයි. මොකද ගෞරවය තියෙන්නේ මිනිස්සුන්ගේ හිත් වලයි. (නි)

:       0       0

වරුණ Monday, 03 September 2012 02:30 PM

අර ටීවී වල විලාප තියන පොලිසියේ ලොකු ලොකු මහත්තැන්ලා මොකද දන්නේ නැහැ මේකට කියන්නේ? (නි)

:       0       0

සුරේන් Tuesday, 04 September 2012 12:12 AM

අනේ ඇත්තටම මේ ලංකාවට වෙලා තියෙන දෙයක්? අද හැමෝම හැම දෙයක්ම කාටද යටත් වෙලා තියෙන්නෙ කියලා දන්නවා වුණත් නොදන්නවා වගේ ඉන්නවා. කොන්දක් තියෙන අය විදිහට ජීවත් වන්නට උත්සාහයක්වත් ගන්න අනාගත යහපතටවත්? (නි)

:       0       0

මොහමඩ් Monday, 03 September 2012 02:42 PM

හිටපු මහ ඇමතිතුමා කියන විදියට නම් ලංකාවේ බහුතරය මොනවගේද කියලා මෙතන ලියන්නත් ලැජ්ජයි (නි)

:       0       0

දයා, සෞදියේ සිට Monday, 03 September 2012 02:46 PM

මහ ඇමති වගකිව යුතුයි..(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1451 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 0 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


කොළඹට කණ්ඩායම් 50ක් පොරපිටිය
2024 ඔක්තෝබර් මස 11 26 0

මෙවර මහ මැතිවරණයට නාම යෝජනා භාර දුන් එක් පක්ෂයක සහ ස්වාධීන කණ්ඩායම් තුනක ද නාම යෝජනා ප්‍රතික්ෂේප වූ බව කොළඹ තේරීම් බාර නිලධාරී ප්‍රසන්න ගීගනගේ මහතා කො


දිගාමඩුල්ලට කණ්ඩායම් 64ක්
2024 ඔක්තෝබර් මස 11 40 0

2024 පාර්ලිමේන්තු මැතිවරණය සදහා දිගාමඩුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් පිලිගත් දේශපාලන පක්ෂ 22 ක් සහ ස්වාධීන කණ්ඩායම් 50 ක් නාම යෝජනා ඉදිරිපත් කළ බව දිගාමඩුල්


අම්මයි - පුතයි දුම්රියට බිලි
2024 ඔක්තෝබර් මස 11 246 0

චීනවරාය මිට්සුයි හන්දිය ආසන්න ප්‍රදේශයේදී මවක් සහ ඇගේ පුතා අද (11) පස්වරුවේ දුම්රියේ ගැටී එම ස්ථානයේදීම මියගිය බව පොලිසිය කියයි.


හිටපු මැති ඇමතිවරු තවත් 17ක් මැතිවරණයට නෑ
2024 ඔක්තෝබර් මස 11 420 0

හිටපු මැති ඇමතිවරුන් තවත් 17 ක් ඉදිරි මහ මැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39959 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25929 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 214 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1293 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site