IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


වෛද්‍ය ස්ථානමාරු පමාව වෛද්‍ය සංගම් නිසයි - රාජිත

නව වසරේ වෛද්‍ය ස්ථාන මාරු ප්‍රමාද වී ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඇඟිලි ගැසීම් නිසා බව   සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද  (11) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

එයට හේතුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රශ්නයක් නොවන බව කී ඇමතිවරයා මාරුවීම් දියයුතු තැන් තීරණය කරන්නේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බවත්, වෘත්තීය සමිතිවලට අවශ්‍ය අයුරින් එවැනි කටයුතු කළ නොහැකි බව ත් සඳහන් කළේය.

වෛද්‍ය ස්ථාන මාරුවීම් ලබාදීමේදී   සමහර රෝහල්වලට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වෛද්‍යවරුන් යොදවා ඇතැයි කී අමාත්‍යවරයා නිලධාරීන් එය විසඳීමට යන විට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැමිණ ඒවා වෙනස් කරන බවට නිලධාරීන් චෝදනා කරන්නේ යැයි ද ප්‍රකාශ කළේය.

තමන් අමාත්‍යවරයා ලෙස එම ගැටලු විසඳීමට යන විට දේශපාලනීකරණය කියමින් චෝදනා නැගෙන බවද කී ඇමතිවරයා එයින් පීඩාවට පත්වෙන්නේ  අහිංසක රෝගීන් යැයිද පැවසීය. වෛද්‍යවරු නොමැතිව වැසී ගොස් ඇති රෝහල් 40ක් විවෘත කිරීම සඳහා මීට පෙර උත්සාහ ගත් අවස්ථාවේදීද දේශපාලන ඇඟිලිගැසීම් බව කියමින් තමන්ට චෝදනා එල්ල වූ බව මෙහිදී ඇමතිවරයා වැඩිදුරටත් කීවේය.



අදහස් (0)

වෛද්‍ය ස්ථානමාරු පමාව වෛද්‍ය සංගම් නිසයි - රාජිත

භද්‍රානි Thursday, 12 January 2017 11:21 AM

ලංකාවේ වෛද්‍ය මාෆියාවයි, පෞද්ගලික බස්රථ මාෆියාවයි අතර ලොකු වෙනසක් නැහැ. රටේ නීතියත් මාෆියා කාරයින්ට අවශ්‍ය ලෙස ඔවුන්ගේ වාසිය සඳහා වෙනස් කරන්නයි ඔවුන්ට උවමනාවී ඇත්තේ.(හේ)

:       0       0

දිමුත් Wednesday, 11 January 2017 04:06 PM

එතකොට ඇගිලි ගැසීම නැති අනික් හැම තැනම හරිවෙලාවට මාරුවීම් ලැබෙනවා නේද ඇමති තුමෝ ? (බ)

:       0       0

ගයාන් Wednesday, 11 January 2017 04:38 PM

මෙය 2017ට පමණක් අදාළ දෙයක් නොවේ. හැමදාම එයාලට ඕනෑ විදියට තමා වැඩ. වෛද්‍යවරු සහ ලෙඩ්ඩු යන දෙපිරිසම අසරණ වෙති (නි)

:       0       0

කරුණාපාල Wednesday, 11 January 2017 09:11 PM

ලෝකේ තියන සියලුම මාෆියා ලංකාවේ වෙද මාෆියාවට පරාදයි කියලා අපි දැනගෙන ගොඩක් කල් ඇමතිතුමනි (නි)

:       0       0

සිසිර Wednesday, 11 January 2017 10:36 PM

ඔයාලා වක්කඩක් කැඩුවා වගේ තොරතෝංචියක් නැතුව කියන කතා මහජනතාව අවලංගු කරන්න පටන් අරන් ගොඩාක් කල්. (නි)

:       0       0

ලුම්බිණි Thursday, 12 January 2017 12:03 AM

අපේ වෛද්‍යවරු (රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය) ඉන්නේ වර්ජන කරන්න පෙළපාලි යන්න සහ ඒගොල්ලන්ගේ යහපත ගැන පමණක් බලන්න විනා ලෙඩුන් ගැන බලන්න නොවෙන බව අපි දැනගෙන බොහෝ කල්. (නි)

:       0       0

ලක්විදු Thursday, 12 January 2017 03:31 AM

ඔවු ඔවු. ඇඟිලි ගහන්න අයිතිය තියෙන්නේ දේශපාලකයන්ට විතරනේ (නි)

:       0       0

ටිකිරි Thursday, 12 January 2017 03:34 AM

එයාලට ඉතින් උත්තර තියෙනවනේ හැම එකටම (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් මිලි මිටර් 100 ඉක්ම වූ තද වැසි
2024 ඔක්තෝබර් මස 14 222 0

දිවයින ආශ්‍රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාතොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1898 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 3539 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 569 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 1607 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 11026 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 351 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 433 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1378 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site