(අජන්ත කුමාර අගලකඩ)
වෛද්‍ය සැපයීම් අංශයට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් කරන ලද සැපයීම් වෙනුවෙන් ඉකුත් දෙසැම්බර් මස 31 වැනිදා වනවිට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ගෙවීමට ඇති මුදල රුපියල් කෝටි 2764 ක් පමණ වන බව අමාත්‍යංශ වාර්තා පෙන්වා දෙයි.
ඉන් රුපියල් කෝටි 1410ක්ම ඖෂධ සැපයීම් වෙනුවෙන් වන බිල්පත් පියවීමේ ණය බවද එම අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට ඖෂධ සපයන සැපයුම්කරුවන්ට ද හිඟ බිල්පත් ගෙවීමට ඇති බැවින් සංස්ථාව දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති බව ඖෂධ සංස්ථා ආරංචි මාර්ග කියයි.
ඖෂධ සංස්ථාව ඖෂධ ආනයනය කිරීම සදහා රාජ්‍ය බැංකු දෙකකින් රුපියල් කෝටි 1800 ක පමණ ණය ලබාගෙන ඇති අතර එම ණය වෙනුවෙන් පොලිය වශයෙන් පමණක් රුපියල් කෝටි 7ක පමණ මුදලක් මාසිකව ගෙවීමට සිදුව ඇතැයි සංස්ථා ආරංචි මාර්ග සදහන් කරයි.
මේ තත්ත්වය තුළ අමාත්‍යංශයේ මූල්‍ය කටයුතු පවත්වාගෙන යාම සදහා රාජ්‍ය බැංකු දෙකෙන් රුපියල් කෝටි 600 බැගින් වන ණය පහසුකම් ලබාගැනීමට පහසුකම් සලසන ලෙස ඖෂධ සංස්ථාව රජයෙන් ඉල්ලීමක් කර ඇත.
දෙවියන් ආරූඪ වන බව පවසමින් අනවසරයෙන් පොලිස් ස්ථානයෙන් පිටව ගොස් මැදවච්චිය, කනදරාව ප්‍රදේශයේ මාර්ගයේ ගමන්කරමින් තිබූ වාහන වලට කලාකාරී ලෙස පහර දුන් බව
ජාතික ජන බලවේගයේ මෙවර මැයි රැලිය කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට තීරණය කර ඇත.
රුපියල් ලක්ෂ 56 ක මුදලකට විකිණීම සඳහා රැගෙන ආ ගජමුතු දෙකක් සමඟ පුද්ගලයන් දෙදෙනකු ජා ඇල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි.
කටුනායක ආඩී අම්බලම දැවුමොට්ටාව ව්‍යාපාරිකයකුගේ නිවසට කඩා වැදී වෙඩිතබා ඝාතනය කිරීමට කළ උත්සාහයක් අසාර්තක වූ තැන පලා ගිය සැකකරු අනුරාධපුර රාජාංගනය ප
පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන නිවස පරීක්ෂා කිරීමේදී ටි 56 උණ්ඩ යොදා පරිහරණය කළ හැකි මෙරට නිෂ්පාදිත අලුත්ම ගිනි අවියක් , ටි 56 ජිව උණ්ඩ තොගයක් සහ ඩෙටනේටර් ස
දිවයිනේ බොහෝප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
’වෛද්‍ය සැපයීම් අංශයට කෝටි 2764 ක් සෞඛ්‍ය අමාත්‍යාංශය ණයයි’
vidya Monday, 01 June 2020 07:15 PM
ණය දීමෙන් මිතුරත්, අඹුවත් නැති වේයි කියල පුරාණ කියමනක් තියනවනේ...
69 ලක්ශේ සිහිනය Monday, 01 June 2020 09:17 PM
ඔක්කොම දේශපාලනයයි, රාජ්‍ය පාලනයයි අනාගෙන. රජයේ සේවකයන් බහුතරයක් විශේෂයෙන්ම ඉහළ නිලධාරීන් තනිකර අතකොලු. මේ ආණ්ඩුව රට බාරගෙන දැන් මාස 6ක් ඉවරයි. එ් කියන්නේ අවුරුදු භාගයක්. දෙසැම්බර් 31 වනවිට ආණ්ඩුව බාරගෙන මාසෙකුත් වුණා. උඩබලන් හිටියද? අනෙක වාර්තා පත්තර ඇතුළු මාධ්‍යෙය් පලවුණු අත්‍යාවශ්‍ය ඖෂධ 300කට වැඩිය මගේ හිතේ හිඟයක් තියෙනවා කියලා. හිටපු අය හොඳනම් 69ලක්ශය රට බර දෙන්නේ නැහැනේ. ඔබලාට රටේ බෙහෙත් තිබ්බත් එකයි, නැතත් එකයි. රටේ සාමාන්‍ය ජනයට PCR පරීක්ෂණ කළත් එකයි, නැතත් එකයි. වටේ ඉන්න අයට පරීක්ෂණය නැවත නැවත සිදුකරලා හරි නුඹලා සමග රට කන්නන් හොදින් හිටියොත් ඇති. රාජිත දේශපාලන වශයෙන් පාලනය කිරීම තම උවමනාව. නැතිව මිනිහා කළ වැරදි ඇත්නම් දඩුවම් දීමක් ඕනිම නැහැ. දැන් මේ නිව්ස් එකේ අරමුණත් එකමයි. දේශප්‍රේමීකම්, සැමට එක නීතිය, සියල්ල විද්‍යාත්මක ක්‍රමවේදයට, රට විරුවෝ, රණ විරුවෝ, හැම ස්ලෝගන් එකේම තියෙන්නේ බොරුවයි.
SILATuesday, 02 June 2020 08:14 AM
එජාප අන්තවාදින් සහ කුහකකම...
Banda Monday, 01 June 2020 09:24 PM
තොන්ඩමන්ගේ ආදාහනය සමග අවසන් ගමන් ගිය 69 ලක්ෂයක් වූ අපගේ සිහින. සැමට එළිකළ මාධ්‍ය වලින් පුම්බන බොල් පිළිමවල සැබෑ නොහැකියාව...
චමින්ද Tuesday, 02 June 2020 12:46 AM
වෛද්‍ය සැපයීම් අංශයද සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොටසකි. මෙම ගෙවීමට ඇති ණය රාජ්‍ය ඖෂධ නීතිගත සංසංථාවටය. එසේ වෙද්දී වෛද්‍ය සැපයීම් අංශයට සෞඛ්‍ය අමාත්‍යාංශය ණයයි යැයි පැවසීම මට නම් ගැටළුවක් වගේ පේනවා..
jaya Tuesday, 02 June 2020 07:05 AM
දැන් ඉස්පිරිතාලෙට බේත් යන්නේ මෙහෙමයි එතකොට...