( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් ( සයිටම් ) උපාධිය ලබා පිටවන සිසුන්ට වෛද්‍ය වෘත්තිකයින් ලෙසට ලියාපදිංචි වීමට නීතිමය අයිතියක් ඇති බවට තීන්දු කරමින් දෙන ලද අභියාචනාධිකරණ තීන්දුව අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ගොනු කළ අභියාචන පෙත්සම සලකා බැලීම ලබන 31 වැනිදා තෙක් කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) තීන්දු කළේය.
මෙම අභියාචනය වෙනත් දිනයක කැඳවන්නැයි ඉල්ලා නීතිපතිවරයා මෝසමක් මාර්ගයෙන් අධිකරණයෙන් ඉල්ලා සිටි අතර එම ඉල්ලීම සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම සලකා බැලීම මැයි 31 වැනිදාට කල් තබන ලදී.
මෙම අභියාචනය බුවනෙක අළුවිහාරේ ,ප‍්‍රියන්ත ජයවර්ධන ,අනිල් ගුණරත්න යන මහත්වරුන්ගෙන් යුත් ත‍්‍රිපුද්ලගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි.
අදාළ අභියාචනාධිකරණ නඩු තීන්දුව බල රහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයිද මෙම අභියාචනය මඟින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඉල්ලා ඇත.
මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය,උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ,එම අමාත්‍යාංශ ලේකම් ,අභියාචනාධිකරණ පෙත්සම්කාර සිසුවිය වන මල්ෂානි දිලූම් කසුන්දා සූරිය ආරච්චි ඇතුළු පුද්ලගලයින් හයදෙනෙකු වගඋත්තරකරුවන් වශයෙන් නම් කරනු ලැබ සිටිති.
පවුල් ආරවුලක් දුරදිග යාමෙන් හිගුරක්‌ගොඩ කිරිමැටිය ප්‍රදේශයේ පුද්ගලයෙකු සිය බිරිදට පොරොවකින් පහරදී ඝාතනය කර ඇතැයි හිගුරක්ගොඩ පොලිසිය කියයි.
මහරගම අපේක්ෂා රෝහල සඳහා වන පරිත්‍යාග ගිණුමේ රුපියල් කෝටි හතළිහකට වැඩි මුදලක් තිබූ නමුත් පසුගිය වසර දෙකේදී මෙම අරමුදල් කිසිදු ඵලදායි කාර්යයක් සඳහා භ
පසුගිය ජනවාරි 1 වැනිදා සිට අප්‍රේල් 15 වැනිදා දක්වා කාලයේදී මෙරටට සංචාරකයන් 816,191 ක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිරි දළදා දැක්මේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා සමිඳුන් වැඩ සිටින සුගන්ධ මණ්ඩප
“සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට සහභාගී වන ලෙස ජනතාව නොමඟ යවන ව්‍යාජ ආරාධනා පත්‍රයක් ප්‍රචාරය වෙමින් පවතින බව ජනාධිපති කාර්යාලය පවසයි.
සිරි දළදා වන්දනාවේ සමාරම්භක අවස්ථාව සඳහා රටවල් රැසක තානාපතිවරුන් මහකොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් ද අද සහභාගි වීමට නියමිත බව ජනාධිපති ක
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
වෛද්‍ය සභාවේ අභියාචනය සලකා බැලීම 31 දාට කල්යයි
samira Tuesday, 09 May 2017 05:30 PM
දැන් එ්කත් කල් දමනවද කවද්ද ප්‍රශ්න වලට විසඳුම් දෙන්නේ...?
de silva berlin Wednesday, 10 May 2017 07:35 AM
පුද්ගලික වෛද්‍ය විද්‍යාල එපා නම්,... පුද්ගලික රෝහල් වෛද්‍ය සායනත් එපා... දැනට පුද්ගලිකව ප්‍රතිකාර කරන දොස්තරලා නිසිලෙස අාදායම් බදු ගෙවනවා නම්,... රජයට තව වැඩිපුර වෛද්‍ය සිසුන් රජයේ වෛද්‍ය විද්‍යාලවලට බඳවාගත හැක..