(රංජන් කස්තුරි)
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපතිවරයා ලෙස ළමා රෝග විශේෂඥ මහාචාර්ය ළමාබදුසූරිය මහතා පත් කිරීමට සෞඛ්‍ය ඇමැතිවරයා යෝජනා කර ඇත.
මහාචාර්ය ළමාබදුසූරිය මහතා සයිටම් හිතවාදියකු වන හෙයින් ඔහුගේ පත් කිරීමට දැඩි විරෝධය දක්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යංශයට දන්වා තිබේ.
මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගෙන් පසු ඇතිවූ පුරප්පාඩුවට මහාචාර්ය ලලිතා මෙන්ඩිස්, වෛද්‍ය පාලිත අබේකෝන්, මහාචාර්ය කොල්වින් ගුණරත්න යන මහත්වරුන්ගේ නම් ද මීට පෙර යෝජනා වුවද ඔවුහු තනතුර බාරගැනීමට අකමැත්ත පළ කළහ.
වෙළෙඳ පොළේ බිත්තර මිල යලි ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.
තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් හත්දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර
ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව මේ වන විට අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
ජනාධිපතිතුමා, අගමැතිතුමිය, ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු හා අපේ මන්ත්‍රිවරු 159 දෙනාම වැටුප් ගන්නේ නැති බවත් එම මුදල් පොදු අරමුදලකට බැර කරණවා යැයි ධීවර ජලජ
ප්‍රවීණ මෙන්ම ජ්‍යෙෂ්ඨතම බැංකුකරුවකු වන දමිත් පල්ලෙවත්ත මහතා, HNB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස එම තනතුරට පත් කිරීමට මහ බැංකුවේ අනුමැතිය හිමිවි
බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වෛද්‍ය සහාවේ මීළඟ සභාපතිට වෛද්‍යවරුන්ගෙන්ම විරෝධය
de silva Thursday, 27 July 2017 09:13 AM
වෛද්‍යවරුන්ගේ සභාපතිට වෛද්‍යවරුන්ව පත්කරගන්න ඉඩ දෙන්න.රජය මොකට මේකට ඇඟිි ගහනවද? නැත්නම් ඕක මුල්කරගෙන පාරවල් වහගෙන පිස්සු නටන්න පටන්ගනිවි...
බන්ටිThursday, 27 July 2017 10:07 AM
අට දෙනෙක්ම ජී.එම්.ඕ.ඒ. එකෙන් තමයි එන්නේ (ඡන්දෙන්). සභාපති විතරයි පත්කරන්නේ. ශෝක් එකට තියෙයි එයත් ජී.එම්.ඕ.ඒ. එකට දුන්නොත්...
kamal Thursday, 27 July 2017 09:59 AM
සභාපති පත්කිරීමේ බලය වෘත්තීය සමිතියකට දෙන්නද කියන්නේ? අරුම පුදුම රටක් තමයි මේක.
රොමේෂ් Thursday, 27 July 2017 10:03 AM
සයිටම් එක අයිති නෙවිල් මහතාවම පත්කෙරුවා නම් වඩා හොඳයි. ඕනෑම නම් රාජිත මැතිතුමාට හරි, එතුමාගේ බිරිඳට හරි වුණත් පත්වීම ලබාගත්තට කමක් නැහැ.
wedage Thursday, 27 July 2017 10:18 AM
ළමයින්ගෙනුත් බදු ගන්නවා නම් ඉතාම නරක කෙනෙක් වෙන්න ඇති... !!!
nalin Thursday, 27 July 2017 10:25 AM
ඇතැම් විශේෂඥ මහාචාර්යවරු ගැන කතා කරලා වැඩක් නෑ. ළමයෙක්ට අමාරුවෙලා ගෙනිච්චත් එයාගේ වෙලාව ඉවර නම් එයා යනවා.
tony-maharagamaThursday, 27 July 2017 01:40 PM
නලින් කියන දේට මමත් එකඟයි. ගාල්ලෙදී මමත් ස්කෑන් එකක් කරන්න ගිහින් ජෙල් එක පිටින්ම මාව එළියට දැම්මා. සමුපකාර රෝහලේදී. මාමා පොලිසියේ නිසාම කරබාගෙන ආවේ මාමට ප්‍රශ්නයක් වෙයි කියලා. ඔය වගේම ජී.එම්.ඕ.ඒ. එකෙත් ඉන්නේ හොඳ අය නෙමෙයි. ඒ නිසා ඒවගේ අයට කොයිවගේ සැලකුවත් පව් නැහැ. දැන්වත් ආණ්ඩුවට කොන්දක් තියෙනවා කියන එක පෙන්නන්න කාලේ හරි රාජිත මහත්තයෝ.
kumar (galf) Thursday, 27 July 2017 10:50 AM
හොඳ කෙනෙක් හොයාගන්න බැරිද ඔය වැඩේට... ?
Naradha Thursday, 27 July 2017 11:00 AM
මා සිතන හැටියට, වෛද්‍ය සභාවේ සියලු සාමාජිකයින්, ජී.එම්.ඕ.ඒ. එකෙත් සාමාජිකයින්මයි. එමනිසා, වෛද්‍ය සභාව ස්වාධීන සංගමයක් නොවන අතර, බොහෝවිට එය ක්‍රියා කරන්නේ ජී.එම්.ඕ.ඒ එකේ බෙර පදයටයි. සයිටම් ප්‍රශ්නය මේ තරම් කල් නොවිසඳී තිබෙන්නේත් මේ කරුණ නිසයි.
sahan Thursday, 27 July 2017 11:13 AM
ඔය ජී.එම්.ඕ.ඒ එකේ අයටත් ප්‍රයිවෙට් මෙඩිකල් කොලේජ් පටන් ගන්න ඉඩ දෙන්න. එතකොට ප්‍රශ්නයක් නැහැනේ... දැන් ඔය ගුරුවරු ප්‍රයිවෙට් පාසල්වලට විරුද්ධ නැහැනේ...
ලුම්බිණි Thursday, 27 July 2017 11:13 AM
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද වැටී තිබෙන පහත් තත්වය කොතරම්ද කියනවා නම් දොස්තර කියන වචනේ අහන්නත් දැන් මිනිසුන් අකමැතියි.
sahanThursday, 27 July 2017 12:39 PM
සහතික ඇත්ත... දොස්තරලගේ හා කොන්දොස්තරලාගේ වෙනසක් නැහැ. දෙගොල්ලම සල්ලි වලට මිනිස්සු මරන්න හදනවා...
සජිත්Thursday, 27 July 2017 02:45 PM
අපි නම් දොස්තර කියන වචනේ අහන්න අකමැති නැහැ. මොකද අපිට පේන්නෙ අති බහුතරයක් වෛද්‍යවරු හරියට දෙවිවරු විදියට. එහෙම අහන්න අකමැති කෙනෙක් ඉන්නවා නම් ඉතින් ඒ ගොල්ලොන්ව මානසික වෛදයවරයෙක්ටම පෙන්නුවා නම් හරි.
Damitha Thursday, 27 July 2017 11:18 AM
ඡන්දයෙන් ආණ්ඩු පත් කරන්නේ කුමටද? වෛද්‍යවරු කියන විදියට වැඩ කරන්න නම්... මැතිවරණ දෙපාර්තමේන්තුව විසුරුවලා වෛද්‍යවරු කියන විදියටම කරමු.
සජින්ත Thursday, 27 July 2017 11:35 AM
ආණ්ඩුව ගෙදර යවලා වෘත්තීය සමිති වලට රට බාරදෙමු.
upali Thursday, 27 July 2017 11:55 AM
ඔහොම යනකොට සෞඛ්‍ය ඇමතිව පත්කරන්නත් මේ ගොල්ලන්ගෙන් අහන්න වෙයිද දන්නේ නෑ...
nayanaThursday, 27 July 2017 01:10 PM
එහෙම අහලා පත් කරානම් හොදක් වෙයි කියල හිතෙන්නේ නැද්ද?
විකුම් රංගන Thursday, 27 July 2017 12:44 PM
කවුරු ආවත් කමල් නැහැ. සයිටම් ආයතනය තුල අඩුපාඩු තිබෙනවා නම්, එය ප්‍රමිතිගත කොට තවත් එවැනි පෞද්ගලික විශ්ව විද්‍යාල වලට හා දැනට වෛද්‍ය සභාව පිළිගෙන ඇති කොතලාවල වෛද්‍ය පීඨයෙන් සුදුසුකම් ඇති ශ්‍රී ලාංකික සිසුන්ටත් වෛද්‍ය අධ්‍යාපනය ලබා ගැනීමට ඉඩ දෙන්න. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අනුමතකොට ඇති පිටරට වෛද්‍ය විද්‍යාල නැවත නියාමනය කරන්න. පෞද්ගලික රෝහලද නිසි නියාමනයකට ලක් කරන්න.
Lapaya Thursday, 27 July 2017 02:04 PM
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාව පත්කරමු.. එයා ආණ්ඩුවේ කෙනෙක් නේ...
ජීවන් Thursday, 27 July 2017 02:40 PM
මේ වගේ සෞඛ්‍ය ඇමැති කෙනෙක් වුණාම රටට මෙහෙම කලක් යනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මහත්තුරුනි, නිවැරැදි කෙනෙක් ඔය තනතුරට පත් කර ගන්න. අද වන විට සෞඛ්‍ය ඇමතිකමත් නරියෙකුට කුකුල්ලු බාර දුන්නා වගේ වෙලයි තියෙන්නේ. නමුත් ඒ දේ වෛද්‍ය සභාවට නම් වෙන්නෙ ඉඩ තියන්න එපා. කොච්චර කෑ ගැහුවත්, කොච්චර අනුවණ කතා කිව්වත් කමක් නැහැ. ඒ කවුරුවත් මේ රටේ නිදහස් අධ්‍යාපනය ලබන්න හැකියාව තිබියදීත් ඒ අධ්‍යාපනය ලබා නොගත්තාට ඔයගොල්ලො පළි නැහැනේ. හිතන්න බුද්ධියක් නැති වුණත්, අනුවණ කතා කියන්න නම් උපන් හැකියාවක් තියෙන අය මේ රටේ සිටීම මේ රටේ ලොකුම අවාසනාවක්.... නොනවතින වැඩ වර්ජනයකට හරි ගිහිල්ලා මේ සයිටම් එක වහලා දාන්න. මේ නිසා තමයි මේ සේරම ප්‍රශ්න. ඔබලාගේ ඕනෑම තීරණයකට අපිත් ඉන්නවා ඔයගොල්ලොත් එක්ක.
Susil Thursday, 27 July 2017 02:55 PM
දැන් ඕකටත් ස්ට්‍රයික් එකක් කරයි.. මේ ගොල්ලන්ටත් තෙල් සංස්ථාවට දුන්න බෙහෙතම දෙන්න.
sewmini Thursday, 27 July 2017 02:59 PM
ජනාධිපතිකමට දොස්තර කෙනෙක්වත් පත් කරන්න වෙයිද?
රංගFriday, 28 July 2017 06:44 AM
ඉතා හොඳ අදහසක්. ජනාධිපතිකම වැනි වූ තනතුරකට පත් විය යුත්තේ වෛද්‍යවරු හෝ අධ්‍යාපනයේ ඉහලටම ගිය බුදිධිමතුන්මයි.
sanath Thursday, 27 July 2017 07:01 PM
වර්තමානයේ ගොඩක් වෛද්‍යවරු ඉතාමත්ම ආත්මාර්ථකාමීයි. ඔවුන් හිතාගන ඉන්නේ රෝගීන් හරියට රබර් ගස් වගේ කියලයි. රබර් ගහ කපල රබර් කිරි ගන්නව වගේ රෝගියා නිරෝගී නොකොට දිගටම සල්ලි උපයන එක තමයි 80% ක් දොස්තරලාගේ පරමාර්ථය. දියවැඩියාව, අධික රුධිර පීඩනය, ඇදුම, ගැස්ට්‍රයිටිස්, මිග්රෙන් වැනි කල්පවත්නා රෝග සමහර නිරෝගී මිනිසුන්ට ඇතිබවට ඔවුන් බියවද්දා දිගටම අනවශ්‍ය ප්‍රතිකාර නියමකොට මුදල් ගැරීම සමහර වෛද්‍යවරුන් කරන අපරාධකාරී ව්‍යාපාරයකි.
saman Saturday, 29 July 2017 05:03 AM
වෛද්‍ය සංගමයයි, විශ්වවිද්‍යාල කට්ටියයි, ජ.වි.පෙ.යි එ්කාබද්ධයයි නිසා අපට නිදහසේ පාරක යන්නවත්, ලෙඩට බේත් ටිකක් ගන්නවත් නිදහසක් නැහැ.
de silva Saturday, 29 July 2017 11:04 PM
බොරුවට පාරවල් ගානේ රස්තියාදු වෙන්න ගිහිල්ල ඔය සංවිධානය අද අවලංගු කාසියක තත්වයට වැටිලා , ඉස්සර ඔය සමිතිය වර්ජනයක් කරනවා කියල පොඩි තර්ජනයක් දැම්මොත් ආණ්ඩුවත් සලිත වෙලා ජනතාව බිය වෙනවා , නමුත් දැන් මේකේ වර්ජන සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා , ජනතාව විකල්ප හොයාගෙන , රජයත් ඔහේ ගණනකට ගන්නේ නැතුව ඉන්නවා ,
de silva Sunday, 30 July 2017 12:58 PM
ඔය සංවිධානය මුදලට වහල්වුණු සංවිධානයක්...රජයේ රෝහල් වල වර්ජනය කරමින් දුප්පත් මනුස්සයා අමාරුවේ දමනවා. පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන, පුද්ගලික රෝහල් වල ප්‍රතිකාර කරනවා. නැති බැරි මනුස්සයාට මරණය... ඇති හැකි මනුස්සයට නිරෝගී සුවය... !
de silva Monday, 31 July 2017 09:34 PM
මුදලට කෑදර කුහකයන්ගේ සංවිධානය අනාතවී අද පාරවල් ගානේ ඇවිදිනවා