IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


විදුලිය දෙන්න දිනකට වැඩිපුර කෝටි 80 ක්

යොහාන් භාසුර

නියඟය හේතුවෙන් ජලවිදුලි ජනනය පහත බැසීම නිසා තාප විදුලි නිෂ්පාදනයට දිනකට රුපියල් කෝටි 80 ක පමණ අමතර මුදලක් වැය කිරීමට සිදුවී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවැසීය.

සාමාන්‍ය වර්ෂාපතනයක් පවතින කාලයේ දිනකදී තාප විදුලිය සඳහා රුපියල් කෝටි 80 ක් පමණ වැය වන බවත් මේ දිනවල එම වියදම   දෙගුණයකිනන් වැඩි වී ඇති බවත් එම නිලධාරියා කීය.

ජලාශවල ජල මට්ටම සීග්‍රලෙස අඩුවීම හේතුවෙන් ජල විදුලි ජනනය සියයට 15 ක් පමණ දක්වා පහළ ගොස් ඇති අතර මේ සමස්ත විදුලි සැපයුමෙන් සියයට 85 ක් තාප විදුලියෙන් ලබාගන්නා බවද එම නිලධාරියා සඳහන් කළේය.

බලාගාර ආශ්‍රීත ජලාශවල ජල ධාරිතාව සියයට 20 ක් පමණ දක්වා පහළ ගොස් ඇති බවත්, රන්දෙණිගල ජලාශයේ ධාරිතාව සියයට 8 ක් දක්වාද වික්ටෝරියා ජලාශයේ ධාරිතාව සියයට 27 ක් දක්වා සහ සමනල වැව ජලාශයේ ධාරිතාව සියයට 1.9 දක්වා ද පහළ ගොස් ඇති බවත් ඔහු කීවේය.

මේ අනුව මෙරට සමස්ත විදුලි ඉල්ලුමෙන් සියයට 85 ක් ගල්අඟුරු සහ තාප බලාගාරවලින් සපුරා ගන්නා බවද එම නිලධාරියා සඳහන් කළේය.

ඒ හේතුවෙන් විදුලිබල මණ්‍ඩලයට අමතර විශාල පිරිවැයක් දැරීමට සිදුව ඇති බවද ඔහු පැවැසීය.

මේ අතර සමනල වැව සිඳීයාම නිසා මෙගාවොට් 100 ක ප්‍රමාණයක් පෞද්ගලික අංශයෙන් මිලදී ගැනීමට විදුලිබල මණ්ඩලයට මේ වන විට මිල ගණන් කැඳවා ඇත.

 

 



අදහස් (3)

විදුලිය දෙන්න දිනකට වැඩිපුර කෝටි 80 ක්

Dayan Tuesday, 22 August 2023 06:57 AM

කමිෂන් % ?

:       0       2

sriyal Tuesday, 22 August 2023 12:45 PM

සුළඟ හා හිරු එළිය හාවිතා වුණා නම් එහෙම නැතුව ඉන්න තිබ්බා. විදුලිබල මණ්‌ඩලය හා දේශපාලන කොමිස් නැතිවෙන නිසා මෙම තීරණ ගන්නේ නෑ...

:       0       0

kavidhu Tuesday, 22 August 2023 01:54 PM

තවතවත් තාප බලාගාර ඉදි කරන්න. ඩීසල් බලාගාර ඉදිකරන්න. සූර්ය බලාගාරවලින් ඒ තරම් මුදලක් හොයන්න බැහැ ඔයාලාට...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුද්ගල ඝාතනයක් නූලෙන් වැළකේ
2024 ඔක්තෝබර් මස 14 131 0

තියුණු ආයුධ තොගයක් රැගෙන පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා යමින් සිටි පුද්ගලයන් සිව් දෙනකු රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස


ඇල්පිටිය ප්‍රාදේශීය සභා තැපැල් ජන්ද සලකුණු කිරීම අද
2024 ඔක්තෝබර් මස 14 39 0

ලබන 26 දා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීම අද (14) රාජ්‍ය ආයතනවලදි සිදු වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


පිපිරීමකින් තරුණයෙක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 14 128 0

යාපනය කොඩිකාමම්හි සිදුවූ පිපිරීමක් හේතුවෙන් තරුණයෙකු බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව කොඩිකාමම් පොලිසිය සදහන් කරයි.


අදත් මිලි මිටර් 100 ඉක්ම වූ තද වැසි
2024 ඔක්තෝබර් මස 14 329 0

දිවයින ආශ්‍රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාතොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 2003 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 3793 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 354 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 433 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1379 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site