IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


විදුලිය පිලිබඳ නව තොරතුරු කොමිසම ලවිමෙන් ඉල්ලයි

(යොහාන් භාසුර)

ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු ඉහල දැමීමට යොමුකළ තොරතුරු මේ වන විට පවතින තත්වය සමග නොගැලපෙන බවත් යාවත්කාලීන කළ තොරතුරු මේ මස 18 වැනිදාට පෙර යොමු කළ යුතු බවත් මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලිබල විදුලිබල මණ්ඩලයේ  සාමාන්‍ය අධිකාරියවරයාට ලිඛිතව දැනුම්දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලය සැප්තැම්බර් මාසයේ දිනක විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 44.70 ක් සහ ඔක්තෝබර්  සහ දෙසැම්බර් මාසවල සාමාන්‍යයෙන් දිනක විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 42.88ක් ලෙස ඉදිරිපත් කර තිබුණද එම විදුලි ඉල්ලුම වර්තමානය සමඟ සංසන්දනය කර නව තොරතුරු ඉදිරිපත් කරන ලෙසත් විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ ජල විදුලි නිෂ්පාදන ඇස්තමේන්තුව ද මේ වන විට සැලකිය යුතු මට්ටමකින් වෙනස්ව ඇති බවත් මහජන උපයෝගීතා කොමිසම කියයි.

ගල් අඟුරු ඉල්ලුම වැඩිවීමකට වඩා ඉල්ලුම පහත වැටීමක් එම කොමිසම බලාපොරොත්තු වන බවත් ගල් අඟුරු මිල පසුගිය මැයි 15 වන දින කිලෝවක් රුපියල් 68.6 සිට සැප්තැම්බර් 4 වැනිදා වන විට කිලෝවක් රුපියල් 52.6 ක් දක්වා පහත වැටී ඇති බවත් මහජන උපයෝගීතා කොමිසම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා යැවූ ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

ලංකා විදුලිබල මණ්ඩලය අතුරු විදුලි ගාස්තු ඉහල දැමීමට පසුගිය අගෝස්තු මස මහජන උපයෝගීතා කොමිසමට යෝජනාවක් ඉදිරිපත් කළ අතර ඒ අනුව මෙම මස සිට විදුලි ගාස්තු ඉහළ දැමීම කළ යුතුව තිබේ.



අදහස් (2)

විදුලිය පිලිබඳ නව තොරතුරු කොමිසම ලවිමෙන් ඉල්ලයි

සුපුන් Monday, 16 October 2023 03:18 PM

මේවා ඔක්කොම සුරංගනා කතා. මේ දෙගොල්ලොම එකතු වෙලා තමයි මේ ගේම් එක ගහන්නෙ. උදාහරණයක් විදියට විදුලි බල මණ්ඩලයට 50%ක් වැඩි කරගන්න ඕන නම් ඔවුන් කොමිසමෙන් අවසර ඉල්ලන්නෙ 75%ක් වැඩි කරගන්න ඕන කියල. කොමිසමෙන් ලොරි ටෝක් දෙනව මෙහෙම. පිස්සුද එච්චර වැඩි කරන්න දෙන්න බෑ. උපරිම ඕන නම් 50% දෙන්නම් කියල. මෙයාල හිතන්නෙ 69 ලක්ශයක් තනකොල කෑවට ඉතුරු ලක්ශ 150ම තනකොල කනව කියල.

:       4       9

සිසිර Tuesday, 17 October 2023 10:39 AM

අඩුමිලට සුර්ය පැනල දෙන්න ඇයි කවුරුත් කතා කරන්නේ නැත්තේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1450 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


කොළඹට කණ්ඩායම් 50ක් පොරපිටිය
2024 ඔක්තෝබර් මස 11 4 0

මෙවර මහ මැතිවරණයට නාම යෝජනා භාර දුන් එක් පක්ෂයක සහ ස්වාධීන කණ්ඩායම් තුනක ද නාම යෝජනා ප්‍රතික්ෂේප වූ බව කොළඹ තේරීම් බාර නිලධාරී ප්‍රසන්න ගීගනගේ මහතා කො


දිගාමඩුල්ලට කණ්ඩායම් 64ක්
2024 ඔක්තෝබර් මස 11 28 0

2024 පාර්ලිමේන්තු මැතිවරණය සදහා දිගාමඩුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් පිලිගත් දේශපාලන පක්ෂ 22 ක් සහ ස්වාධීන කණ්ඩායම් 50 ක් නාම යෝජනා ඉදිරිපත් කළ බව දිගාමඩුල්


අම්මයි - පුතයි දුම්රියට බිලි
2024 ඔක්තෝබර් මස 11 210 0

චීනවරාය මිට්සුයි හන්දිය ආසන්න ප්‍රදේශයේදී මවක් සහ ඇගේ පුතා අද (11) පස්වරුවේ දුම්රියේ ගැටී එම ස්ථානයේදීම මියගිය බව පොලිසිය කියයි.


හිටපු මැති ඇමතිවරු තවත් 17ක් මැතිවරණයට නෑ
2024 ඔක්තෝබර් මස 11 392 0

හිටපු මැති ඇමතිවරුන් තවත් 17 ක් ඉදිරි මහ මැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කර ඇත.


ජාජබ ජාතික ලයිස්තුව
2024 ඔක්තෝබර් මස 11 381 0

2024 මහ මැතිවරණය ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයන් අද දින ප්‍රසිද්ධියට පත් කර ඇත. එම පිරිස පහතින් දැක්වේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39959 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25929 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 214 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1293 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site