(යොහාන් භාසුර)
විදුලි ආලෝක ධාරා භාවිතයෙන්, වලංගු බලපත්‍ර රහිතව සහ තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු කරමින් සිටි පුද්ගලයින් 16 ක් සමඟ ඩිංගි යාත්‍රා 7 ක් සහ නීති විරෝධී ධීවර ආම්පන්න තොගයක් මුලතිව් සහ පුල්මුඩේ ප්‍රදේශයේදී භාරයට ගත් බව නාවික හමුදා පැවසීය.
මුලතිව් නයාරු සහ අලම්පිල් ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ, පුල්මුඩේ කෝකිලායි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ කෝකිලායි කලපු ප්‍රදේශයේ අළුයම් කාලයේදී කළ විශේෂ මෙහෙයුමකින් මෙම පිරිස භාරයට ගත් බවත් නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨාභය අයතනය මුලිතිව් නයාරු සහ අලම්පිල් ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන්හි ක්‍රියාත්මක කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී භාරයට ගත් බවත් නාවික හමුදාව කියයි.
එම මුහුදු ප්‍රදේශයන්හී නීති විරෝධි ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් සහ තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 10 ක් සමඟ ඩිංගි යාත්‍රා තුනක් සහ නීති විරෝධී ධීවර ආම්පන්න භාරයට ගත් බව ද නාවික හමුදාව පැවසීය.
නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා රන්වැලි අයතනය පුල්මුඩේ කෝකිලායි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ කෝකිලායි කලපු ප්‍රදේශයේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමේදී එම ප්‍රදේශයන්හී නීති විරෝධි ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් සහ වලංගු ධීවර බලපත්‍ර රහිතව ධීවර කටයුතු සිදුකළ පුද්ගලයන් 6 ක් සමඟ ඩිංගි යාත්‍රා 4 ක් සහ නීති විරෝධී ධීවර ආම්පන්න භාරයට ගත් බව ද නාවික හමුදාව කීය.
මෙම මෙහෙයුම්වලදී භාරයට ගත් පුද්ගලයන් වයස අවුරුදු 22 ත් 44 ත් අතර වයසේ පසුවන පුත්තලම, කෝකිලායි, පදවි ශ්‍රී පුර, වැලිඔය සහ මදුරන්කුලිය යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හදුනා ගත් බවත් එම පුද්ගලයින්, ඩිංගි යාත්‍රා සහ ධීවර ආම්පන්න ඉදිරි නීතීමය කටයුතු සඳහා මුලතිව් සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලය වෙත සහ කුච්චවේලි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදුන් බව ද නාවික හමුදාව වැඩි දුරටත් සඳහන් කළේය.
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විදුලි ධාරා ධීවරයන් 16 ක් නැගෙනහිර මුහුදේදී අල්ලයි