IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


‘විදුලි පුටුවට යන්න බය නෑ : උසාවියට පොලිසියට යන්න බයයි‘

‘පසුගිය මැතිවරණ  දිනවලදි විදුලි පුටුවට වුණත් යන්න බය නෑ කියපු අය දැන් උසාවියට පොලිසියට කට උත්තරයක්වත් දෙන්න යන්නට බිය වි ඇතැයි වැවිලි කර්මාන්ත ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (23) උඩුනුවරදී කීවේය.

‘ටෙලිකොම් එකෙන් මිලියන 600 ක් ගත්තා ගම් වලට සිල් රෙදි බෙදන්න නමුත් මුළු ලංකාවටම සිල් රෙදි බෙදන්න යන මුදල මිලියන 100 ක් අන්න එතන තමයි රහස .ඉතිරි මිලියන 500 ට මොනවද වුණේ?‘ යනුවෙන්ද කිරිඇල්ල මහතා ප්‍රශ්න කළේය.

මානික්කාව ඇලිපිටිකන්ද පුස්තකාලයේ උඩුනුවර ප්‍රදේශිය සභා විපක්ෂ නායක  ගාමිණී තෙන්නකොන් මහතා සංවිධානය කළ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය මගින් පොල් පැල 1600 ක්  බෙදාදීමේ “දිවි මගට කප් රුක” පැවති උත්සවයට එක්වෙමින් වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ඡාතික පක්ෂය ජයග්‍රහණය කරන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්ව ජාතික ආණ්ඩුවක් සාදන බවත් එලෙස කරන්නේ රටේ සිටින එක්සත් ජාතික පක්ෂයේ හා ශ්‍රී ලංකා පක්ෂයේ උදවු අවශ්‍ය අයට උදවු කිරිමට හා ඉදිරියේදී තිබෙන ප්‍රශ්න විසඳා ගැනිමට හා උතුරු නැනහිර ප්‍රශ්නය ට මුහුණ දීමට මේ ප්‍රධාන පක්ෂ දෙක එකට සිටි යුතු නිසා බවත් අමාත්‍යවරයා පැවසිය.

web web1 web2



අදහස් (0)

‘විදුලි පුටුවට යන්න බය නෑ : උසාවියට පොලිසියට යන්න බයයි‘

රෙෂාන් Sunday, 24 May 2015 04:00 AM

බමුණා නම් බමුණෙක්ම තමයි සිල් රෙදි බෙදුවේ ඡන්ද කාලේ ඡන්ද ගන්න මිනිසුන් මුලාකරන්න පොල් පෑල දෙන්නේ ඡන්ද ගන්නද ? (ම)

:       0       0

පිවිතුරු යහපාල Sunday, 24 May 2015 04:52 AM

වැලිවේරියේ මළමිනී උතුරෙන් මතුකරවපු සත්‍ය මහත්තය ගැන මේ තීරුවේ එදා ඉදල ඉන්න මම හොදින් දන්නවා..මහින්ද මහත්තය ගැන හිතල කලිසම් තේමා ගන්නේ නැතුව මහින්ද මහත්තය විදුලි පුටුවේ වාඩි කරවන යහපාලානේ හීන දැක දැක ඔයා සැපසේ රාත්‍රියට බුදිය ගන්න ..අපි වෙලාවට ඔයාව ඇහැරවන්නම් ..යහපාලනෙට සුදු කොඩි දාන්න..(බ)

:       0       0

ප්‍රියන්ති Sunday, 24 May 2015 04:59 AM

වලන් කඩේට පැන්න ගොනා වගේ කලය සහ හැලිය දෙකම පොඩිකරනවා.මෙතුමාගේ කතාත් ඒ වගේම තමා. (ම)

:       0       0

ගයන්ත Sunday, 24 May 2015 05:09 AM

ලංකාව ෆෙඩරල් රාජ්‍යයක් කරන්න අලින්ට , කොටි අවතාර වලට සහ විජාතික බලවේග (ඉන්දියාව, ඇමෙරිකාව සහ තවත් රටවල්) වලට දැඩි වුමනාවක් තියෙන බව දැන් දැන් මේ රටේ ජනතාවට වැටහෙමින් තියෙනවා.ත්‍රස්තවාදීන් යුද්දයෙන් පරාද කලාට බෙදුම් වාදය ඉවර නැහැ. ඒකීය රට වෙනුවෙන් විතරක් අපි ඡන්දය දෙනවා. (ම)

:       0       0

වැකෝ Sunday, 24 May 2015 05:14 AM

අතේ බලේ තියනකොට කේසර සිංහයා. දැන් ගැරඩි.(බ)

:       0       0

තිලක් -ඩුබායි Sunday, 24 May 2015 08:49 AM

සිල් අම්මලට තමන්ගේ මුදල් වලින් වගේ දුන්නු සිල් රෙදි වලිනුත් රුපියල් මිලියන 500කට වඩා ගසා කාලා තියෙනවා කියලා ආරංචියි. (බ)

:       0       0

තිලක් -ඩුබායි Sunday, 24 May 2015 08:52 AM

තවත් අවරුදු දෙකක් හිටියනම් රටේ හැමදේම විකුණාගෙන කනවා ඉර හඳ වගේ විශ්වාසයි.(බ)

:       0       0

තිලක් -ඩුබායි Sunday, 24 May 2015 08:52 AM

සමහර නම් ලංකා ඉතිහාසයෙන්ම අතුගාලම දාන්න ඕනේ.(බ)

:       0       0

තිලක් -ඩුබායි Sunday, 24 May 2015 08:53 AM

රාජපක්ෂලාට ගමක ග්‍රාමසේවක තනතුරක්වත් දෙන්න නම් හීනෙකින්වත් හිතන්න එපා.(ත)

:       0       0

තිලක් -ඩුබායි Sunday, 24 May 2015 08:55 AM

ලොව සිටි නරකම පාලකයා ද? (ත)

:       0       0

විජේසුන්දර Saturday, 23 May 2015 12:53 PM

අනේ! අපිට මේවා කියන්න එන්න එපා (නි)

:       0       0

තිලක් -ඩුබායි Sunday, 24 May 2015 08:56 AM

වැලිවේරියේ අසරණ මිනිසුන්ට වෙඩි තියන්න කියපු අයට මොකක්ද ප්‍රාර්ථනා කළ යුත්තේ ?

:       0       0

අනුර පනාගොඩ Saturday, 23 May 2015 12:56 PM

ඕනෑ කෙනෙකුට ඔහොම කියන්නත් පුළුවන් (නි)

:       0       0

තිලක් -ඩුබායි Sunday, 24 May 2015 09:02 AM

එක පවුලක් ගසා කාපු ඩොලර් කෝටි ප්‍රකෝටි මුදල ඉදිරියේ තව අවරුදු 100 කාටවත් ලංකාවට ගොඩ එන්න බැහැ.පිට රටවල ඉන්න අපිනම් සත්‍ය දන්නවා. (ත)

:       0       0

කීර්ති Saturday, 23 May 2015 01:07 PM

ඕනෑම ගොනෙකුට යුද්ධ කරන්න පුලුවන් කී කතා අපිට තවම මතකයි (නි)

:       0       0

පිවිතුරු යහපාල Saturday, 23 May 2015 01:29 PM

ඕනෑ ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් වගේම තව තව වටිනා බොහෝ දේ අපිට පැහැදිලිකර දුන් ඔබතුමාලට පින්. (නි)

:       0       0

නිමල් ලාලිත Saturday, 23 May 2015 01:41 PM

කියවිල්ල තරම් කාගේත් කෙරුවාව නැහැ. ගරු ජනාධිපති තුමා හැරෙන්නට කාගේත් පළමු තැන බලය රැක ගැනීම (බ)

:       0       0

බණ්ඩාර කටාර් Saturday, 23 May 2015 01:42 PM

ගොන්නුන්ට යුද්ධ කරන්න පුළුවන් ආයුධ ණයට අරගෙන කියලා රට පාවලා දීපු අය කියන තිරිසන් කතා බත් කන මිනිස්සුනම් ගණන් ගන්නේ නැහැ (බ)

:       0       0

පියලාල් Saturday, 23 May 2015 01:59 PM

බය නෙවේ හිරිකිතලු. (බ)

:       0       0

නන්ද Saturday, 23 May 2015 02:00 PM

ඕනේ ගොනෙකුට යුද්ධ කරන්ට පුළුවන් වගේ හිරේට යන්ට පුළුවන් ඇති ! (බ)

:       0       0

චන්න බුවනක Saturday, 23 May 2015 02:59 PM

ඡන්දෙ වෙලාවේදී මෙමත්‍රීපාල මහත්තයට කියපු වචන අපිට අමතක නැහැ. (බ)

:       0       0

තුෂාන් Saturday, 23 May 2015 03:11 PM

විදුලි පුටුවට යන්නේ නම්බුකාර ලෙස රට වෙනුවෙන්, ඔබ ඇතුළු මහ බැංකු හොරු වෙනුවෙන් ඔබලාගේ බොරු වෙනුවෙන් ඇයි ඒ අය වෙන කොහෙවත් යන්නේ නිකන් බයිට් වෙන්න. (බ)

:       0       0

සෙනරත් Saturday, 23 May 2015 03:23 PM

මේ කතා අහලා අහලා දැන්නම් මේ අයව එපාමවෙලා තියෙන්නේ. (නි)

:       0       0

මහානාම - කඳාන Sunday, 24 May 2015 10:28 AM

මේ අර ඕනේ ගොනෙකුට යුද්ද කරන්න පුළුවන් කියල තප්පුලපු මහත්තයා නේද ? එදා මාතර යුද ජයග්‍රහණය සමරන්න මෙයා ත් ගියාද ? කොහොමද දන්නේ නැ ගියේ ? රෙදි ඇදගෙනද දන්නේ නැ නේද ? මහින්ද මහතා රට වෙනුවෙන් , මිනීමරු ත්‍රස්තවාදය පරාද කරපු වරදට එතුමා විදුලි පුටුවට යයි එක පාරක් නොවේ දෙපාරක් ව්‍රනත් . ඒත් මේ අධුර්දර්ශි ආණ්ඩුව කරන්නේ ඩයස්පෝරාව සතුටු කරවන්න , යුද්ද පරාජය කරපු හා ඊට හවුල් වුන අයව පොලිසි ගෙන්වලා , වැරදි නැතිනම් වැරදි හදලා , හදන්න බැරිනම් වැරදි මවලා හරි හිරේට දාන්නනේ ? මෙතන අදහස් දාන කොයි කෙනාද කැමති නිකන් පොලිසි ගිහින් කට උත්තර දෙන්න , දීල රස්තියාදු වෙන්න , බාල්දු වෙන්න . මේ උදවිය කරන්නේ බොරු චෝදනා හදලා පොලිසි ගෙන්වලා , මුල්‍ය අපාරද ඒකකයට ගෙන්වලා කොහොම හරි මඩ ගහනවා , මාධ්‍ය සංදර්ශන කරනවා , මේ කාව සතුටු කරන්නද ? ඡන්ද පොරොන්දු පරිදි ඩයස්පෝරාව සතුටු කරන්න . පේනවනේ අද හකීම් හා තොන්ඩමාන් යන මහත්වරු ප්‍රසිද්දියේ කිව්වා මහින්ද මහතාව ශ්‍රී ලනිපයට ගන්න එපා කියලා . එයාලට මොකද්ද තියෙන අයිතිය එහෙම කියන්න (බ)

:       0       0

දහම් Saturday, 23 May 2015 03:26 PM

ඕනෑ කෙනෙකුට ඕනෑ කතාවක් කියන්න පුළුවන්. (නි)

:       0       0

ප්‍රකාශ් Sunday, 24 May 2015 10:32 AM

මේ අර ඕනෑම ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියපු මනුස්සයා නේද? මෙයාලා කොටින්ගේ සල්ලිවලින් යැපෙන අය බව දැනගත යුතුය. (බ)

:       0       0

ප්‍රකාශ් Sunday, 24 May 2015 10:35 AM

මහානාම මහත්තයෝ මෙයාල රෙදි අඳින ජාතියක් නොවෙයි.ඉන්නේ නිරුවතින් බව තේරුම් ගන්න කොට ඩුබායි ඔටුවොත් ඉවරයි. (බ)

:       0       0

නිලාන් - කටාර් Saturday, 23 May 2015 03:46 PM

බණ්ඩාර කියපු කතාව සහතික ඇත්ත. මටත් කියන්න තියෙන්නේ ඒ ටිකම තමයි. 2008 මෙයාල කියපු කතා අපිට තාම මතකයි.(නදී)

:       0       0

රජින්ද Saturday, 23 May 2015 04:16 PM

යාන්තම් දහ දෙනෙක් ඇවිත් ඉන්නේ. (නදී)

:       0       0

දිනේෂ් Saturday, 23 May 2015 04:34 PM

දැන් ඕනෑ කෙනෙකුට නිදහසේ කතාකරන්නත් පුළුවන්නේ! (නි)

:       0       0

මාලි Saturday, 23 May 2015 05:18 PM

දැන් විදුලි පුටුවට යනතුරුද බලාගෙන ඉන්නේ? (නි)

:       0       0

නයනා Saturday, 23 May 2015 05:31 PM

තව මාස දෙකකින් තුනකින් මිනිස්සු සමහර දේශපාලකයන්ගේ ගෙයක් දොරක්වත් ඉතුරු කරන එකක් නැහැ. ඒ තරම් අප්‍රියයි අපට ඒ මුහුණු බලන්නත්. (නි)

:       0       0

අබේරත්න-ටෝකියෝ Saturday, 23 May 2015 05:45 PM

ඕනෑම ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියූ අයට ඕනෑම කතාවක් කියන්න නිදහස තියනවා (නි)

:       0       0

සම්පත් වන්නිආරච්චි Sunday, 24 May 2015 11:08 AM

ලංකාවේ දැන් තියෙන්නේ බයිල කාරයින්ගේ පාලනයක් (බ)

:       0       0

සම්පත් බොලොඤ්ඤ Sunday, 24 May 2015 11:18 AM

සිංහල මිනිහගේ ඡන්දෙ අරගෙන පාර්ලිමේන්තුවට ඇවිත් දැන් ආණ්ඩුවේ ඇමති ධූරයක් දරන සිංහල මිනිසාට පස්ස හරවන.රට පවා දෙන කෙනාව රටම අඳුනනවා (බ)

:       0       0

කෝලිත Saturday, 23 May 2015 06:52 PM

බොරුවෙන් ඉපදුන බොරුවෙන් කල්ගෙවන මිනිසුන් ඉන්නා රටක් මේක (නි)

:       0       0

මහානාම - කඳාන Sunday, 24 May 2015 11:17 AM

මහින්ද රාජපක්ෂ මහතා සිටි හා මතු ඉපදෙන්න පුළුවන් නරකම නායකයා තමයි , හැබැයි ඒ සැබැ ශ්‍රී ලාංකිකයින්ට නොවේ , ශ්‍රී ලාංකික බෙදුම් වාදින්ටයි සහ බෙදුම්වාදී වෙනුවෙන් හඬ නගන උදවියටයි . ඒ වගේම , මුලින්ම හෙලිකොප්ටර්, ඊළගට රත්රන් ඔරලෝසු , ඊළඟට ඩුබායි බැංකුවේ සල්ලි , ඊළඟට ශිශේල්ස් වල සල්ලි , මේ ඔක්කොම හුදු මාධ්‍ය සංදර්ශන පමණයි , මේවා බෙදුම්වාදීන් සතුටු කිරීමට පමණයි , තවද බෙදුම්වාදීන් වෙනුවෙන් අපේ යයි කියා ගන්නා උදවියද මේවාගෙන් කුහක සතුටක් ලබා ගන්නවා. (බ)

:       0       0

අනිල් Saturday, 23 May 2015 07:25 PM

කතා කියන්න ඕනෑ කෙනෙකුට පුළුවන්...! (නි)

:       0       0

පවනි Sunday, 24 May 2015 11:20 AM

මේ පින්තුරේ හොඳින් බලන්න හරකුන් කොච්චර පොල් පැලේ එල්ලී ගෙන ඉන්නවාද ?ඕකම තමයි කියන්නේ හරකා පොල් පැලේට ළං වෙනවා කියලා. (බ)

:       0       0

සසිත් Sunday, 24 May 2015 11:23 AM

අනේ මන්ද ඩුබායිගේ කතා අහල එපා වෙලා එකම තැටිය හැමදාම කරකවනවා ආණ්ඩුවක්ම එකතුවෙලා හෙව්වා තාම හම්බ වුනේ නෑ (බ)

:       0       0

ප්‍රනාන්දු Saturday, 23 May 2015 08:59 PM

ඕනෑ කෙනෙකුට කයිවාරුව බෙදන්න හැකිද? (නි)

:       0       0

මහානාම - කඳාන Sunday, 24 May 2015 11:39 AM

ප්‍රකාශ් මහතා බොහොම හරි , උදේ කාපු දේ දවල්ට අමතක වෙන ජාතියක් ඉන්න රටක් අපිට මීට වඩා දෙයක් බලා පොරොත්තු වෙන්න බැ. 1987 බෝගහ ඉදිරිපිට මොරටු සරසවියේ මගේ සරසවි මිතුර ක්ලිපර්ඩ් පෙරේරා වෙඩි තියලා මරුවා ( මොරටු සරසවි පළමු වෙඩි තබා මරණය ) . කටුනායක ප්‍රදේශය පදිංචි හා 1986 මොරටුව සරසවියට ඇතුළු වුන උදවිය දන්නවා . එතකොට කඳානේ මගේම පාසලේ මාත් සමග උසස්පෙළ ඉහලින් සමත් වී කොළඹ වෛද්‍ය විදුඅහලට තේරුණා ( 1986 ) ප්‍රියන්ත සමරවික්‍රම වෛද්‍ය විදුහල් සිසුවාට මොකද වුනේ , මිනිය වත් හමු වුනේ නැත . සමහරු මේ රතුපස්වල අහඹු සිදුවීමක් කතා කරනවා , සමහරු මේ ඉතිහාසය නොදැන කතා කරන උදවිය ගැන කනගාටුවෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැත (බ)

:       0       0

කරුණාදාස Saturday, 23 May 2015 11:24 PM

අනේ මගේ කට! (නි)

:       0       0

ශානක Saturday, 23 May 2015 11:35 PM

ඔය කවුරු කවුරුත් ගැන මුළු ලංකාවම දන්නවනේ! (නි)

:       0       0

සී.කේ.ලංකාපුත්‍ර Sunday, 24 May 2015 12:43 AM

කිරිඇල්ල මැතිතුමාට ජය වේවා! (නි)

:       0       0

සත්‍යයා Sunday, 24 May 2015 12:48 AM

කලිනුත් කෙනෙක් ජනතාවගේ අනුකම්පාව ගන්න හේග් වල විදුලි පුටුවක් ගැන කිය කියා රට වටේ ගියාට අපේ රටේ බුද්ධිමත් ඡන්දදායකයින්ව රවටාගන්න බැරිවුණා. (නි)

:       0       0

තිලක් Sunday, 24 May 2015 01:28 AM

ඕනෙම ගොනෙක්ට විදුලි පු‍ටුවට යන්න පුළුවන්(නදී)

:       0       0

පර්සි Sunday, 24 May 2015 12:39 PM

ඔබගේ කතාවට කටේ මසුරන් දාන්න හිතෙනවා (නි)

:       0       0

බමුණු Sunday, 24 May 2015 02:06 AM

සත්‍යයා ඔය කියන කලින් එක්කෙනා ගේ නම කියන්න ඔපමණ බයද? (නදී)

:       0       0

බමුණු Sunday, 24 May 2015 02:41 AM

සත්‍යයා මෙතන තිබුන අදහස් 25 න් 22 ක්ම ඔයා අර නම කියන්න බය පුද්ගලයට පක්ෂව තිබුනේ (නදී)

:       0       0

ප්‍රකාශ් Sunday, 24 May 2015 01:09 PM

87-89 භීෂණය කොච්චර සිංහල තරුණයන් මැරුවාද?බටලන්දේ වධකාගාර සංස්කෘතිය කවුද කළේ? මාධ්‍යවේදීන් ඝාතනය සාගරිකා ගෝමස්,රිචඩ් සොයිසා ඝාතනය කළේ කවුද? (නි)

:       0       0

බමුණු ආරච්චි Sunday, 24 May 2015 02:54 AM

එතකොට සිල් රෙදි දෙන්න හොඳ නැහැ,පොල් පැල දෙන්න හොඳයි (නි)

:       0       0

ජනිතා - මැදිරිවන්ස Sunday, 24 May 2015 03:03 AM

ඒ මොකද දන්නවද බමුණු.අද ඉරිදා .තාම කට්ටිය නිදි.අදහස් 3 නේ අනිත් පැත්තට තියෙන්නේ.හවස් වෙනකොට බලන්නකෝ අදහස් 3 අදහස් 53 වෙන හැටි.අනිත් කාරණය මම නම් බය නැහැ මහරජාගේ නම කියන්න. (බ)

:       0       0

අශෝක Sunday, 24 May 2015 03:12 AM

කට ඇරියොත් කියන්නේ ගොන් කතාවක් එක්සත් ජාතික පක්ෂය ට බලය ලබාගන්න බැරි මේවගේ අය කරන ප්‍රකාශ නිසා මෙයා හිතන් ඉන්නේ ඡන්දය දෙන ජනතාව මෙයා වගේම ගොන්නු කියල මෙයාට ඡන්දය දෙන එකත් එහෙම කෙනෙක් වෙන්න ඕනනේ (බ)

:       0       0

මතුගම මහානාම Sunday, 24 May 2015 03:20 AM

විදුලි පුටුව බොරු කතාවක් .ලංකාවේ මිනිස්සුන්ව ගොනාට අන්දලා හැමදාම ඡන්දය ගත්ත එකනේ කළේ....(ම)

:       0       0

ලාල් Sunday, 24 May 2015 03:22 AM

හිටපු එක්කෙනා ලොකු ප්‍රචාරයක් ගෙනගියා විදුලි පුටුව ගැන.එයා හොදාකාරවම දන්නවා කවමදාකවත් ශ්‍රී ලාංකිකයන් එයාව විදුලි පුටුවට යවන්න ඉඩනොදෙන බව.මේ මොහෙතෙත් ශ්‍රී ලාංකිකයන් එවැනි දේකට කොහෙත්ම එකඟ වෙන්නේ නැහැ.(ම)

:       0       0

දුමින්ද Sunday, 24 May 2015 03:27 AM

අන්තර්ජාතික සහ දේශීය දඩයම (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධිකරණයට අපහාස කළැයි නිලන්තට චෝදනා
2024 සැප්තැම්බර් මස 27 418 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වන්දිය ලෙස නියම කළ රුපියල් මිලියන 75ක මුදල ගෙවීමට අපොහොසත් වීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්


වසා දැමූ කොළඹ පාරක් ජනපති නියමයෙන් යළි අරී
2024 සැප්තැම්බර් මස 27 896 1

ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මන්දිරය අසල පිහිටි ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියට නියෝග ක


වැඩබලන පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසුරිය පත් කරයි
2024 සැප්තැම්බර් මස 27 577 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (27) පත් කර තිබේ.


සජබේ මහ පුටු වෙනසක්
2024 සැප්තැම්බර් මස 27 917 0

සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පත් කර තිබේ.


රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 27 1390 0

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා එම ධුරයෙන් අද ඉල්ලා අස්වී තිබේ.


රණාලේ වගුරු බිමක මිනිස් ඇටකටු
2024 සැප්තැම්බර් මස 27 578 0

නවගමුව රණාල ප්‍රදේශයේ වගුරු බිමක තිබී මිනිස් ඇටසැකිලි කිහිපයක් හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37641 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24811 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 216 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 718 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site