IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


විදුලි බිලත් විදුලි වේගෙන් බස්සයි

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි බිල සියයට 25කින් ද, භූමිතෙක් රුපියල් 20කින් ද, පෙට්‍රල් රුපියල් පහකින් ද, ඩීසල් රුපියල් තුනකින් ද පහළ දැමූ බව මහින්ද රාජපක්ෂ ජනපති මීට ටික වේලාවකට පෙර ප්‍රකාශ කළේය.

ජනපති මේ බව ප්‍රකාශ කළේ චීන ජනපති සහ නියෝජිතයන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයයේ පැවැති උත්සවයක දී ය.

එහි දී ශ්‍රී ලංකාව හා චීනය අතර ගිවිසුම් කිහිපයකට අත්සන් තැබිණි.

ඇමැතිවරුන් වන ජී එල් පීරිස්, බැසින් රාජපක්ෂ, සරත් අමුණුගම, පවිත්‍රා වන්නිආරච්චි, ටී බී ඒකනායක, එස් බී දිසානායක, පාඨලී චම්පික රණවක, මහින්ද යාපා අබේවර්ධන, පී බී ජයසුන්දර මහත්වරු ද, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, මුදල් අමාත්‍යංශයේ ලේකම් පී බී ජයසුන්දර මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් ද ලංකාව නියෝජනය කරමින් එම ගිවිසුම්වලට අත්සන් තැබූහ.

චීන ජනපති ෂී ජිංපිං සහ ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහත්වරු නොරොච්චෝලේ ලක් විජය විදුලි බලාගාරායේ අවසන් අධියර විවෘත කළහ.

 



අදහස් (0)

විදුලි බිලත් විදුලි වේගෙන් බස්සයි

ගයන් Tuesday, 16 September 2014 02:46 PM

ආණ්ඩුවට ඌව ඡන්දෙ අමරුයි වගෙ. (අ)

:       0       0

අරුණ Wednesday, 17 September 2014 03:11 AM

චීනයෙන් අහන්න ඕනද තෙල්මිල අඩුකරන්න. දැන් චීනයද ලංකාව පාලනය කරන්නේ (නදී)

:       0       0

රංගන Tuesday, 16 September 2014 02:47 PM

මිනිස්සුන්ට වැරදි අමතක කරන

:       0       0

දිල් Wednesday, 17 September 2014 03:12 AM

දැන්වත් බෝඩිමේ ඇන්ටි ෆෑන් එක දාන්න දෙයිද මන්දා (නදී)

:       0       0

හේමන්ත Tuesday, 16 September 2014 02:44 PM

ඡන්ද ගුන්ඩුවක් නේද? මිනිස්සු ඕවට රැවටෙන්නේ නැහැ. ඡන්දෙන් පස්සේ ඕක ගොඩක් ඉහලට යයි. (අ)

:       0       0

මහින්ද කැලිෆෝර්නිය Wednesday, 17 September 2014 03:17 AM

ඔබාමා ලංකාවට ආවොත් 50% කින් බඩු මිල අඩු කරයි ! (නදී)

:       0       0

සෆීන් Tuesday, 16 September 2014 02:47 PM

නියමයි. හැමදාම ඡන්දෙ තිබ්බනම් ජනතාවට කිරි තමයි.

:       0       0

කසුන් Tuesday, 16 September 2014 02:52 PM

බොහොම ස්තුතියි (අ)

:       0       0

ප්‍රගීත් Tuesday, 16 September 2014 02:49 PM

ඌව ඡන්දය ඉවරවෙනකම් විතර ද දන්නේ ඔය සහනය (අ)

:       0       0

මලිත් චාමික Tuesday, 16 September 2014 02:53 PM

දැන් ඡන්දෙ ළඟ නිසා මේ කාලෙට ඔය වගේ දේවල් දෙනවා. ඊට පස්සේ මහා ජනතාව හෝ ගලා x ගහනවා ආණ්ඩුවට. ඡන්දෙ දිනලා දවස් දෙකෙන් අපහු අඩු වූ බඩු මිල ඩබල් වෙලා. මේක දැන් හින්දි ෆිල්ම් එකක් වගේ. (අ)

:       0       0

මානගේ Tuesday, 16 September 2014 02:54 PM

මෙන්න තවත් චන්ද ප්‍රතිඵලයක් ..(අ)

:       0       0

පියුමි Tuesday, 16 September 2014 03:00 PM

මෙන්න තවත් ඡන්ද ප්‍රතිපලයක්.මේවා ඡන්න්ද ගුණ්ඩු. (අ)

:       0       0

ලක්මල් Tuesday, 16 September 2014 03:01 PM

ඡන්ද ගුන්ඩුවක් නේද මේ . (අ)

:       0       0

නාලක Tuesday, 16 September 2014 02:58 PM

මෙන්න තවත් චන්ද ප්‍රතිපලයක් ! (අ)

:       0       0

සලීත් Wednesday, 17 September 2014 03:33 AM

අජිත් ඔයාගේ කටේ මසුරන් දාන්න ඕනේ. (නදී)

:       0       0

පන්හිඳ Tuesday, 16 September 2014 03:03 PM

ඌවට පින් සිද්ධ වේවා... බය වෙලා තියෙන තරම.(අ)

:       0       0

අශාන් Wednesday, 17 September 2014 03:33 AM

මදුබාශිනි වගේ අය ඉන්නකම් චිරාත් කාලයක් වැජබෙයි තමයි. තවමත් ඡන්ද ගුණ්ඩු වලට අහුවෙන මෝඩයෝ ලංකාවේ ඉන්නවා එහෙනම්. (නදී)

:       0       0

නිපුන් ආටිගල Tuesday, 16 September 2014 03:04 PM

ඔය ලංකාවට අපු අමුත්තා නිසා. පාරවල් වහපුවහම ජනතාවගේ පිඩනේ අඩු කරන්න කරපු වැඩක්. ටික දවසකින් අයේ වැඩිවෙයි දෙගුණ වෙලා. අර ෆුල් ෆේස් හෙල්මට් වගේ... අපි අහුවෙයි ඕවට!!! (අ)

:       0       0

රජිත Tuesday, 16 September 2014 03:08 PM

ඡන්දෙ පරදින්න එනකොට ඔය වගේ දේවල් කරනවා. ඡන්දෙ ඉවර වුණාම ඕකටත් හරියන්න වැඩි කරයි.(අ)

:       0       0

කුමාරසිරි Wednesday, 17 September 2014 03:32 AM

පුදුම මිනිස්සු, මතක ඇති කාලෙක දුප්පත් අයට ප්‍රතිලාබයක් දුන්නා. එ්කත් බලන්නේ කුහක අැසෙන්. (නදී)

:       0       0

මධුභාෂිනී Tuesday, 16 September 2014 03:09 PM

අතිගරු ජනාධිපතිතුමනි. කියන දේ කරන, කිසිවෙකුට මඩ නො ගහන රටවැසියා බෙදා වෙන් කර නො ගෙන කාටත් සමානව සලකන ලෝකයම දිනාගත් ඔබතුමාට මේ ගන්නාලද තීරණය ඔබතුමාට තව තවතපේ රටට සේවය කිරීමට ලැබෙන වරමක් වෙනවා නො අනුමානටි. අපේ රට වෙනුවෙන් චිරාත් කාලයක් නිරෝගිව වැජඹෙනු මැනවි, ඔබතුමාට තෙරුවන් සරණයි. (අ)

:       0       0

උපුල් සමන්ත Tuesday, 16 September 2014 03:11 PM

ඌවෙ ඡන්දෙයි, ජනාධිපතිවරනෙයි ඉවර වුණාට පස්සෙ ඔවා අයේ තුන් හතර ගුණයකින් වැඩිකරන්ද පුළුවන්නේ. (අ)

:       0       0

හේමන්ත Wednesday, 17 September 2014 03:38 AM

අමාරුවෙන් ජීවත් වෙන මිනිස්සුන්ට මේ අඩුවීමත් ලොකු දෙයක්. එ්ත් ප්‍රශ්නේ තියෙන්නේ ජන්දේ කිට්ටු කරලා මේ කරන වැඩෙන් මෝඩයෝ කිහිප දෙනෙකුට ඇරෙන්න හැමෝටම හිතෙන්නේ මේ ජන්ද ගුන්ඩුවක් කියලම තමා. උෟවේ ජන්දය ආණ්ඩුවට හොදටම අමාරු බව තමා මේකේ තේරුම? (නදී)

:       0       0

ජගත් ලියනගේ Tuesday, 16 September 2014 03:08 PM

ලෝක වෙළඳ පොලේ බොර තෙල් මිල ඉතා සීග්‍ර ලෙස පහු ගිය ටිකේ පහල වැටුන. නැවත වරක් අපිව රැවට්ටුව කියලයි මටනං හිතෙන්නේ. (අ)

:       0       0

රකිත් Wednesday, 17 September 2014 03:38 AM

ස්තූතියි, ජනාධිපතිතුමනි. මිල අඩුවෙන කොට වගේම මිල වැඩි වෙනකොටත් මේ වගේම නිවේදන නිකුත් කරන මෙන් ඉල්ලමි. එතකොට ඔබතුමාටම පැහැදිලි වෙයි වැඩිපුර මිල අඩු වෙලාද? නැත්නම වැඩි වෙලාද කියලා? (නදී)

:       0       0

ච්න්තක Wednesday, 17 September 2014 03:38 AM

කොච්චර හොඳද ? (නදී)

:       0       0

දයා Tuesday, 16 September 2014 03:20 PM

ඌවෙන් පස්සේ නැවත තව ඡන්දයක් තිබුණොත් තවත් මොනවා අඩු කරගන්න තිබුණා නේද.ජයවේවා (අ)

:       0       0

ගිහාන් Wednesday, 17 September 2014 03:49 AM

රුපියල් 3.50 ට දීපු පාන්, කොච්චර කල් තිබුනද කියල මතක් කර ගන්න. (නදී)

:       0       0

කමල් Tuesday, 16 September 2014 03:24 PM

කවුරුත් වැරදි විදිහට තමයි මෙතන අදහස් දාලා තියෙන්නේ, අපේ ජනාධිපතිතුමා ජනතාවගේ දුක අදුරනවා, ඒකයි අපට මේ සහනය දුන්නේ (අ)

:       0       0

සෙන්සා Wednesday, 17 September 2014 03:53 AM

ජනාධිපතිතුමා හොදට හිතල ගත්ත තීරණයක් වගේ. සෝඩා බෝතල් තීරණ වලින් මේ රට හොඳටම හෙම්බත් වෙලා තියෙන්නේ. (නදී)

:       0       0

රසික Tuesday, 16 September 2014 03:24 PM

කවුද මෙහෙම කියලා තිබුණා. රටක පාලකයෝ බිහිවෙන්නේ ඒ රටේ මිනිස්සු හැටියට කියලා. කියපු කතාව 100% හරි. බලමුකෝ මිනිස්සු ඡන්දෙ දෙන හැටි (අ)

:       0       0

මිථිලා Wednesday, 17 September 2014 03:58 AM

ගිහාන්ලා ඉන්න කල් අපේ දරුවන්ට දෙවි පිහිට තමා. (නදී)

:       0       0

අමා Wednesday, 17 September 2014 12:21 PM

දුන්නමත් වැරදි නුදුන්නත් වැරදි ,මේක පුදුම ලෝකයක් ,හොඳ දේට හොඳය කියන්න හරිම අපහසු වගේ වැඩිදෙනෙකුට. (ස)

:       0       0

සුරංග Tuesday, 16 September 2014 03:29 PM

ඡන්දෙට ඉස්සර වෙලා දවස් කීපයකට 25% ක් අඩුකරලා ඡන්දෙන් පස්සේ 50% කින් වැඩි කරයි. තවමත් ඔය පරණ ගුණ්ඩු වලට රැවටෙන මෝඩ මිනිස්සු ඉන්නවා. (අ)

:       0       0

ගාමිණී සිරිවර්දන Tuesday, 16 September 2014 03:29 PM

21 දා මධ්‍යම රාත්‍රියේ මිල නැවත වැඩිවෙන්න පෙර ඉන්දන ගබඩා කර ගැනීම කාටත් නුවණට හුරුයි ! (අ)

:       0       0

සේනාරත්න Wednesday, 17 September 2014 04:00 AM

මෙවැනි දේ හැම කාලයකම සිදුවෙනවා. මිල අඩුවෙනවා වැඩිවෙනවා. දේශපාලන තුරුම්පුවකට හරි මිල අඩුකලා. එයට හොඳ කියන්න. මහින්ද ජනපති ඡන්ද බලාගෙන වැඩකරන කෙනෙක් නොවන බව පැහැදිලිය. රටේ නියම තත්වය නොදැන කරන කතා බොලඳය. විපක්ෂය බලයට ආවොත් බඩුමිල අඩුකිරීම කෙසේ වෙතත් රට ඇමෙරිකාවට හා ඩයස්පෝරාවට යටවීම නියතය (නදී)

:       0       0

මිලානො ජයන්ත Tuesday, 16 September 2014 03:30 PM

මහජනතාව අනුවන නොවිය යුතුයි.ඌව ඡන්දය ඉලක්ක කරල මේදේවල් කරනවා නම් රජය බොහෝ පහත් මට්ටම්කට ජනතාව දාල තියෙන පාටයි පේන්නෙ. (අ)

:       0       0

විධුෂක Tuesday, 16 September 2014 03:31 PM

මේකේ විශේෂත්වයක් තියනවද? පහු කාලේ වැඩි කරපුවනේ මේ දැන් අඩුකරලා තියෙන්නේ. (අ)

:       0       0

ජයවර්ධන Tuesday, 16 September 2014 03:32 PM

මේ කතා හොදයි කොන්ඩේ බැඳපු චීන්නුන්ට (අ)

:       0       0

සරත් Wednesday, 17 September 2014 04:02 AM

තෙල් මිල අඩු වුණ එක නම් හොඳයි හාල් මිල අඩු කරන්නේ නැද්ද? (නදී)

:       0       0

ඇසළ Tuesday, 16 September 2014 03:37 PM

අපේ මිනිසුන්ට වැඩි කරත් වැරදියි අඩු කරත් වැරදියි. නමුත් හොද ක්‍රමේ මොකක්ද කියල කියන්නෙත් නැහැ. මොකද වෙන ක්‍රමයක් නැති නිසා. (අ)

:       0       0

රසික විතාන Wednesday, 17 September 2014 03:59 AM

සම්පුර් බලාගාරය හැදුවට පස්සේ තවත් විදුලි බිල අඩුවේවි. (නදී)

:       0       0

ගිහාන් Tuesday, 16 September 2014 03:38 PM

මේක නම් පුදුම මිනිස්සු ඉන්න රටක්නේ. විදුලි බිල වැඩියි කියලා බෙරිහන්දෙන මේ මිනිස්සු විදුලි බිල අඩු කරනකොට ආයේ බනිනවා. මොකද්ද අප්පා ? මොකද්ද මේ ඡන්දයක් පටලවා ගන්නේ. චීන ජනාධිපතිවරයා ආවේ ඌව චන්දෙ ගැන හිතලද.? මේකනම් ඉරිසියාව. එහෙම නැත්නම් මානසික රෝගයක්. කවුරු කවුරුත් ඉක්මණින් සුවපත් වේවා. (අ)

:       0       0

ලක්ෂිකා Wednesday, 17 September 2014 04:02 AM

ඡන්දයට ඉවර වෙන්න ඉස්සෙල්ල ලොකු ටැංකි ටිකකට ලාම්පුතෙල්, පෙට්‍රල්, ඩීසල් එකතු කරගමු, ඉක්මන් වෙන්න (නදී)

:       0       0

ශාන්ත ලාල් Wednesday, 17 September 2014 04:06 AM

මිනිසුනේ ඔබගේ මොලයට නිගරු කිරීම නොවටී (නදී)

:       0       0

සමීර සාලින්ද Wednesday, 17 September 2014 04:03 AM

උෟව අනිවාර්යෙන් විපක්ෂය දිනනවා (නදී)

:       0       0

සචිනි Tuesday, 16 September 2014 03:42 PM

ටිබෙට් ජාතික එස් මහින්ද හිමි හිටියනම් කියල දේවි .... (අ)

:       0       0

ජයනාත Tuesday, 16 September 2014 03:43 PM

හරිම පරණ චන්ද ගුණ්ඩු .(අ)

:       0       0

රෝහන Wednesday, 17 September 2014 12:58 PM

ඔය අඩු කළේ උෟවේ ඡන්දෙ නිසයි 21 වෙනිදා ආපහු වැඩි කරයි.(අ)

:       0       0

සමන්ත Tuesday, 16 September 2014 03:43 PM

මොකද මේ කවදාවත් නැතිව හදිස්සියෙන්ම ඌවට වෙන දේ දැනගෙනද?(අ).

:       0       0

සංජීව Tuesday, 16 September 2014 03:43 PM

එතකොට තෙල් අැමැති තුමා කිව්වේ මොකා කිව්වත් අඩු කරන්න බැහැ කියල? (අ)

:       0       0

රත්නායක ආරච්චිගේ Wednesday, 17 September 2014 04:14 AM

අපි දැන් ඉන්නේ 2014 වර්ෂයේ නේද? 60 /70 දශක වල නොවේ, මේ වගේ මොන්ටිසෝරි කතා වලට ජනතාව රැවටුන කාලයකුත් තිබුන,මේවයින් වෙන්නේ තියන ඡන්ද ටිකත් අඩු වෙන එක? කවුද මේවට ජනාධිපති වරයට උපදෙස් දෙන්නේ? (ස)

:       0       0

ජූඩ් Wednesday, 17 September 2014 04:16 AM

ආණ්ඩුව විදුලි බිල අඩු කලේ චන්දය නිසා නොවේ නොරොච්චෝලේ තුන් වන අදියර පටන් ගත්තම විදුලි බිල අඩු කරනවා කියල අමාත්‍යාංශ ලේකම් තුමා කිව්වේ වසරකට ඉස්සෙල්ල. මොකද දැන් 60% විදුලිය දෙන්නේ නොරොච්චෝලෙන්. හොඳ දෙයට හොඳ කියන්න පුරුදු වෙන්න. (ස)

:       0       0

රෙජි-සිඩ්නි Wednesday, 17 September 2014 04:19 AM

ඕක ඉතින් අඬන ළමය නලවගන්න සීනි බෝල දෙනවා වගේ වැඩක් නේද? (ස)

:       0       0

ගාමිණි Tuesday, 16 September 2014 03:48 PM

ජනාධිපති හිතන් ඉන්නේ රටේ ඉන්නේ මෝඩයෝ කියලද කොහෙද? බලමු රටේ මොඩයෝ කොච්චර ඉන්නවද කියල ඡන්දෙන් පස්සේ? (අ)

:       0       0

ගිහාන් Tuesday, 16 September 2014 03:49 PM

මිලානෝ ජයන්ත සහ විධුෂක. ඔයාල කියන දේ එහෙමමයි කියමුකෝ. ඇයි දෙයියනේ. ජනතාවගේ බරක් මොහොතකට හෝ සැහැල්ලු කරපුවාම ඔය විදිහට හීනෙන් බයවෙලා වගේ කියවන්නේ.? (අ)

:       0       0

සිරා Wednesday, 17 September 2014 04:24 AM

ඇයි බූමිතෙල් රුපියල් 20 න් ම අඩු කරේ. ඌව පළාතේ මිනිස්සු බූමිතෙල් පාවිච්චි කිරීම වැඩි නිසානේ. මේවා තමයි නියම ගුන්ඩු කියන්නෙ. (ස)

:       0       0

උදය Tuesday, 16 September 2014 03:55 PM

මෙන්න තවත් ඡන්ද ප්‍රතිපලයක්(අ)

:       0       0

සත්‍යපාල Wednesday, 17 September 2014 04:23 AM

ලෝක වෙලදපොලේ බොරතෙල් මිල අඩුවුණේ නැතත් ලංකාවේ තෙල් මිල අඩුකරන්න ආණ්ඩුවට හැකිවුණා .මේක නම් ආසියාවේ අාශ්චර්යම තමයි!! (ස)

:       0       0

තිලක් Tuesday, 16 September 2014 03:52 PM

මේ මිල බොහොම ටික දවසයි. යුරෝපයේ දැන් ශීත කාලෙට අවශ්‍ය තෙල් තොග රැස් කරන කාලේ. එතකොට බොරතෙල් මිල ඉහල නගිනවා. ඊට සමාන්තරව ඉරාකේ ආපසු යුද්ධයක් පටන් අරන් ඒ අනුව තෙල් නිෂ්පාදනයට බලපෑම් තියෙනවා. මේ නිසා ඌවේ ඡන්දෙ ඉවර උනාම යලි ඉහල නංවන්න හේතු හොයා ගන්න රජයට පුළුවන්. (අ)

:       0       0

මෙවන් Tuesday, 16 September 2014 03:57 PM

දැන් එතකොට බස් ගාස්තු අඩුවෙන්නේ කොහොමද? (අ)

:       0       0

කුවා Wednesday, 17 September 2014 04:27 AM

ජය වේවා. (ස)

:       0       0

ටිරෝන් Wednesday, 17 September 2014 04:24 AM

ජනාදිපතිවරනයටත් ඉතිරිකරගෙනද දන්නේ නැහැ අඩුකරේ ඉක්මනට එකත් එනව නම්! (ස)

:       0       0

සඳුනි Tuesday, 16 September 2014 03:57 PM

අත්‍යවශ්‍ය දේවල් වල මිල අඩුවෙනවනම් ඡන්දයක් තිබුනට මොකෝ.ගාමිණී කියනවිදිහට ජනතාව මෝඩයෝ නෙවෙයි තමයි.ලැබෙන වාසිය ඡන්දයක් තිබුනත් නැතත් ජනතාව පිළිගනීවි.හැබැයි ඔය කයිවාරුකාරයින්ට මේ පාරත් පරාජයට හේතු හොයන්න වෙනවා නියතයි.(අ)

:       0       0

සරත් Wednesday, 17 September 2014 04:38 AM

මොනවා අඩු වැඩි කලත් මට වැඩක් නැහැ, මගේ ඡන්දය ගල් අරක්කු භාගයටයි, බත් පැකට් එකටයි සුපුරුදු ලෙස (නදී)

:       0       0

අනුර ශාන්ත Wednesday, 17 September 2014 04:35 AM

ඒකක 90 සිට 60 දක්වා කපා හැරිය එක වැඩි කිරීමට මතක් උනේ නැද්ද? සමහරවිට ඊලග ඡන්දෙදි 60 - 90 කරාවිද දන්නේ නැහැ නේද (නදී)

:       0       0

මංජුලා Tuesday, 16 September 2014 04:04 PM

මොකද මේ අප්පේ ආණ්ඩුව බලවෙලා ඔච්චර රටට වැඩ කළා නම්. (ස)

:       0       0

වීරසිංහගේ ප්‍රියන්ත වීරසිංහ Wednesday, 17 September 2014 04:48 AM

ඌව ජනතාව බුදුවේවා! ඌව ජනතාවනි බුද්ධිමත් වෙන්න. මෝඩයින් නොවන බව ඔප්පුකර පෙන්වන්න (නදී)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 17 September 2014 04:45 AM

මට හිතෙන්නේ උෟව ඡන්දෙ ආණ්ඩුව පරාද කලොත් අපිට මීට වඩා සහන ගන්ඩ පුළුවන් වෙයි. රටේ යහ පාලනයක් ඇති කල යුතුයි. කාගේත් දේශපාලනය ගැන ජනතාව කල කිරීමට පත්වෙලයි ඉන්නේ. ප්‍රෝඩාවෙන් ජනතාව තවදුරත් රැවටිය නොහැකියි. (නදී)

:       0       0

පියල් Wednesday, 17 September 2014 04:49 AM

චීන ජනාදිපති තුමාට ජය වේවා! විදුලි බිල අඩු කලාට. එයා අාපු නිසා තමා අඩු වුනේ. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 16 September 2014 04:10 PM

ගාමිණී මහත්තයෝ...මේවා අඩු කලත් නැතත් ඡන්දෙ දෙන එකා කොච්චර අඩු පාඩු තිබුනත් සන්ධානෙට ඡන්දෙ දෙනවා ජනාධිපති තුමා වෙනුවෙන්..මේ රුපියල් පහ දහයට දැන් ඡන්ද විකුණන්න බැහැ.. ඒ ඉස්සර ..ඔබ තුමා නුවනක්කාරයනේ..දෙන දේ එපා කියලා ගිහින් ඔය නුවනින් රටේ මිනිස්සු මෝඩයෝ නෙමෙයි කියල හිතන කෙනෙකුට ඡන්දෙ දෙන්න..ප්‍රශ්නේ තියෙන්නේ ඔබ තුමාට මේ දේශපාලනයේදී එහෙම කෙනෙක් හොයා ගන්න පුලුවන් වේවිද කියන එක..(ස)

:       0       0

ප්‍රියන්ත වීරසිංහ Wednesday, 17 September 2014 04:50 AM

බන්දුල පෙරේරා මහතා මොලේ උඩද ඉඳගෙන ඉන්නේ (නදී)

:       0       0

සේන Wednesday, 17 September 2014 04:52 AM

නියම ඡන්ද ගුන්ඩුවක්. (නදී)

:       0       0

සිසිර Tuesday, 16 September 2014 04:12 PM

කොහොමත් ඉදිරියට තව දේවල් අඩු වේවී ,ඡන්දයන් එනවා ඉස්සරහට. (ස)

:       0       0

චන්ද්‍රා Tuesday, 16 September 2014 04:10 PM

වැඩේ නම් හොඳා, ආපසු විසි එක රාත්‍රියට වැඩි කරන්නේ නැතිනම්,.... මීට වඩා වටිනවා දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල ඇතුලේ වන අහස පොලොව නුසුලනා වන අපරාධ,දූශන සහ නාස්තිය නැවතීමට කටයුතු කරනවා නම්,.....ජයවේවා !....... (ස)

:       0       0

බංඩාර Wednesday, 17 September 2014 05:16 AM

අපේ අය මේවට අහුවෙයිද ? (නදී)

:       0       0

ගුණසේකර Tuesday, 16 September 2014 04:14 PM

ගිවිසුම,ටෙන්ඩර් මගඩි සහ ගසාකෑම නැතිනම් ඔයිට වඩා සහන දෙන්න පුළුවන්. ඔව් ඒක මහජනතාවගේම සල්ලිමනේ. (ස)

:       0       0

උපුල් Wednesday, 17 September 2014 05:19 AM

මධුභාෂිනී කාටද මේ කඩේ යන්නේ අනේ ඔය කොහේ කෙනෙක්ද ලංකාවේද (නදී)

:       0       0

ගාමිණී Wednesday, 17 September 2014 05:23 AM

අනේ මෙහෙම ප්‍රෝඩාවක්.. ලැබෙයිද මින් සැනසීමක්... අනේ මෙහෙම තණ්හාවක්.. කරයිද කොහම රැවටීමක්... අනේ මෙහෙම බොරු කීමක්... තිබෙයිද ලොකු ලැජ්ජාවක්..(නදී)

:       0       0

හමීඩ් Tuesday, 16 September 2014 04:18 PM

ගිහාන්ට හොද අනාගතයක් තියනවා ඔහොම යන් (දී)

:       0       0

ෂෙහාන් Wednesday, 17 September 2014 05:24 AM

නියමයි ! (නදී)

:       0       0

පිටිගල Tuesday, 16 September 2014 04:19 PM

ආණ්ඩුව හොඳටම බයවෙලා! බයවෙලා!! (දී)

:       0       0

වසන්ත Wednesday, 17 September 2014 05:29 AM

ගරු ජනාදිපතිතුමනි, තෙල් මිල අඩු කලා මදි, බෙහෙත් මිල සහ ගෑස් මිලත් අඩුකර දෙන්ඩ. අපිට වැඩි පඩි එපා. (නදී)

:       0       0

රංගන Wednesday, 17 September 2014 05:29 AM

මොන හේතුවකට හරි මිල අඩු කළ එක ලොකු දෙයක්. මිනිස්සු හරි අමාරුවෙන් ජීවත්වෙන්නේ. ලයිටි දාන්නේ නැහැ බිල වැඩිවෙයි කියලා බයට. (නදී)

:       0       0

රමේෂ් Wednesday, 17 September 2014 05:35 AM

බන්දුල පෙරේරාත් ඔය ඉදල හිටලා ඇත්ත කියන්නේ. එතකොට ඔය තෙල් සංස්ථාවේ පරිපාලකයෝ පත්කළේ අපිද? ඉන්න ලොක්කෝ ටික දුර්වලනම් ඒ අය වෙනස් කරන බලේ තියෙන්නේ කාටද මහත්තයෝ? ඒ ටිකත් කිවා නම් අදහස පැහැදිලියි නේද ? (නදී)

:       0       0

ධම්ම Tuesday, 16 September 2014 04:21 PM

චන්දෙ දෙන නොදෙන එක ඌවේ මිනිසුන්ගේ වැඩක්. දවසකට හරි මේ සහනය ලැබුනේ සමස්ත ලාංකික ජනතාවටම. එයට ස්තුති කරපල්ලා මිනිසුනේ. (දී)

:       0       0

හේමන්ත Wednesday, 17 September 2014 05:54 AM

1977 දී පටන් ගත්තු ක්‍රමය තමයි දෙගොල්ලොම මාරුවෙන් මාරුවට අඩු වැඩි දමමින් කරගෙන යන්නේ. (නදී)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 16 September 2014 04:27 PM

මම මගේ ජීවිතේටම මේ වගේ දෙයක් ඇහුවමයි (දී)

:       0       0

ජොනතන් Wednesday, 17 September 2014 06:00 AM

චීන ජනාධිපතිගේ පිටින් දාලා. ඇයි එයා එනකොට විදුලිය, පෙට්රෝල් වැඩිපුර අරන් අාවද බෑග් එකේ දාගෙන. කොන්ඩෙ බැඳපු අයට කියන්ඩ. ඔය ඡන්ද ගුණ්ඩු. දැන් 25% න් අඩු උනාට ඡන්දෙන් පස්සේ වැඩිවෙන්නේ 50% න් ඕන් කිව්වා. "නොරොච්චෝලේ ලක් විජය විදුලි බලාගාරායේ අවසන් අධියර විවෘත කළහ" ඇයි මුල් අදියරවල් ටික අංග සම්පූර්ණ කරලා ඉවරද?. (නදී)

:       0       0

සාගරිකා Tuesday, 16 September 2014 04:28 PM

ම්නවද මේවා කරලා බලාපොරොත්තු වෙන්නේ (දී)

:       0       0

හේමන්ත Wednesday, 17 September 2014 06:08 AM

සමහරු එවන අදහස් වලට අපට එකග වෙන්න බැරි උනාට ඒ අයගේ අදහස් වලට සමච්චල් කරන්න එපා. එවිට කිසිම අදහසක් ප්‍රකාශ වෙන්නේ නැහැ. (නදී)

:       0       0

සුසන්ත Tuesday, 16 September 2014 04:30 PM

ඔන්න මම ඇන්දා (දී)

:       0       0

සාගර Tuesday, 16 September 2014 04:32 PM

හොදයි හොදයි (දී)

:       0       0

සෙනරත් Tuesday, 16 September 2014 04:40 PM

මොකද මේ එක පාරටම (දී)

:       0       0

නිරුකා Tuesday, 16 September 2014 04:41 PM

ජනාදිපති තුමනි ඔබ තුමා හිතනේ රටේ ජනතාව තණකොළ කනවා කියලද?(ස)

:       0       0

නිරුකා Tuesday, 16 September 2014 04:40 PM

රොකට් එකක් උඩ ඇරියා.....එකට මොකද උනේ? (ස)

:       0       0

අමිල Tuesday, 16 September 2014 04:44 PM

පුලුවන්නම් පරණ ක්‍රමයට විදුලි බිල අඩුකරන්න එ්කක 90 වට අවම විදුලි පරිභෝජනයට !! පරණ ක්‍රමයට තමයි ජනතාවට සුදුසු යම්කිසි සහනයක් ඒ තුලින් වෙනවා ! (ස)

:       0       0

නිරුකා Tuesday, 16 September 2014 04:41 PM

තවත් ඡන්දෙ දාල පරම්පරාව ගොඩ දාමු. (ස)

:       0       0

සීතා Wednesday, 17 September 2014 06:16 AM

මදුභාශිනි, ඔයා මත්තලද වැඩ කරන්නේ? (නදී)

:       0       0

වසන්ති Tuesday, 16 September 2014 04:47 PM

ආර්ථිකය හදන්න ඕනිනම් ජනතාවට සහන ඕනිනම් යු ඇම් පි එකට චන්දේ දෙන්න මේ බොරු චන්ද ගුණ්ඩු වලට රැවටෙන්න එපා. (ස)

:       0       0

පාලිත Wednesday, 17 September 2014 06:17 AM

මධුභාෂිනී, බන්දුල, රටේ ආර්ථිකයේ වැඩි හරියක් බර උසුලන්නේ අපි එවන විදේශ විනිමයෙන්. ඔයාල සමහරවිට අඩුම තරමේ රජයේ රස්සාවල් වත් අරගෙන් ඇති. එ්කයි ඔච්චරම අමාරු. ඔයාලා ලංකාවේ ඉගෙන ගෙන ලංකාවට සේවය කරන්නේ. අපි ලංකාවේ ඉගෙන ගත්තත් දැන් එ්කේ කාලගුණ සලකන්නේ පිටරවවල් වලින් සල්ලි හම්බ කරලා ලංකාවට එවලා. හරියට දරුවෝ ලොකුවෙලා දෙමව්පියෝ බලාගන්නවා වගේ. පැනඩෝල් පෙත්තක්වත් ලංකාවෙන් නාස්ති නොකර. එතකොට වැඩියෙන් රටට ආදරේ ඔයලද? අපිද?. (නදී)

:       0       0

සෆ්රාස් Tuesday, 16 September 2014 04:51 PM

මෙන්න මේවට තමා ආශ්චර්යය කියන්නේ. නොරොච්චෝලේ හැදුවහම විදුලි බිලනම් අඩු වෙන්න පුලුවන්. නමුත් ඉන්ධන මිල අඩුවෙන්නේ කොහොමද. භූමිතෙල් රුපියල් 20 කින් අඩුකලේ ඌවේ ගොඩක් අය තාම ඉන්නේ කුප්පි ලාම්පුවෙන් නිසා. ඌව පරදින එකට බයේ කොහොම හරි දිනා ගන්න තමයි මේ කපටි වැඩේ කලේ. අනික නොරොච්චෝලේ වැඩ කරනවට වඩා කැඩිලනේ. මහ චීනා තමන්ගේ කොලණිය බලන්න ආව විතරයි, පුදුම ප්‍රාතිහාර්යයක්නේ වුණේ. (ස)

:       0       0

උපුල් Wednesday, 17 September 2014 04:13 PM

අනේ හැමදාමත් ඡන්ද තියෙනවා නම්... (නි)

:       0       0

සුරංග Wednesday, 17 September 2014 06:23 AM

විපක්ෂය බලවත් වෙන කොට නිකම්ම බඩුමිල අඩුවෙන හැටි හොරකම් කිරීමත් අඩුවේවි (නදී)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 16 September 2014 04:58 PM

ගාමිණි. දැන් ඉන්න මිනිස්සු ඕවට රැවටෙන්නේ නැහැ. (දී)

:       0       0

සමන්ත Tuesday, 16 September 2014 04:58 PM

හිනා යනවා (දී)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 16 September 2014 05:03 PM

මාස කියකටද ?ඉන්න පස්සේ දෙගුණ තෙගුණ වෙනවා ඉර හද වගේ විස්වාසයි. (දී)

:       0       0

අර්ජුන රණවන Tuesday, 16 September 2014 05:03 PM

මධුබාසිනී , ගිහාන් ඔබලා කොයි ලෝකේ ඉන්න අයද ? රටේ වෙන්නේ , වුනේ මොනවද කියල හරිහැටි නොදන්නා බබාල වගේ ලියන්න එපා. ඇස් ඇරලා බලන්න ඇත්ත දකින්න. කනා බිහීරෝ වගේ නොවී (දී)

:       0       0

අනුරාධ මෙල්බර්න් Wednesday, 17 September 2014 06:31 AM

අනේ අම්මපා මට විලි ලැජ්ජාවේ බැරුවා (නදී)

:       0       0

සුරන්ජිත් ලාල් Tuesday, 16 September 2014 05:00 PM

ගහන්න තියෙන ඔක්කොම ගැට ටික ගහනවා මෙදා පාර චන්දෙ දිනාගන්න (දී)

:       0       0

ටානියා Tuesday, 16 September 2014 05:01 PM

මොකද බයද (දී)

:       0       0

නවෝද් Tuesday, 16 September 2014 05:01 PM

චන්දෙට තියෙන බයක් (දී)

:       0       0

නයෝමි Tuesday, 16 September 2014 05:03 PM

එක්සත් ජාතික පක්ෂයට ජය වේවා! (නි)

:       0       0

සුජී Wednesday, 17 September 2014 06:53 AM

ඡන්දෙන් පස්සෙත් ඔහොමම තිබ්බොත් ජනතාවට බලා ගන්න හැකියි ඡන්ද ගුණ්ඩුවද කියා (නදී)

:       0       0

චන්න Wednesday, 17 September 2014 04:46 PM

පහුගිය කාලේ ඔය දේවල් වල මිල අඩු කරන්න කියල ධීවරයෝ ,සහ අනෙකුත් ජනතාව කොච්චර උද්ඝෝෂණ කළාද? ඒත් අඩු කළාද රුපියලකින්වත්. ඒත් දැන් බලන්නකෝ. කවුරුවත් ඉල්ලුවෙත් නැහැ. අඩුකරපු ලස්සන! (නි)

:       0       0

සෙනරත් Wednesday, 17 September 2014 06:57 AM

බන්දුල, ලෝක ශුරතාවය දිනුව කියල චන්ද්‍රිකාට චන්දෙ දෙන්න කිව්වා. යුද්දේ දිනුව කියල ජනාදිපතිතුමාට ජන්දේ දෙන්න කියනවා. චන්ද්‍රිකා ක්‍රිකට් ගැහුවෙත් නැහැ. ජනාදිපතිතුමා යුද්ධ කලෙත් නැහැ. මේවා බොලද කතා. (නදී)

:       0       0

ජසීම් Tuesday, 16 September 2014 05:09 PM

අනේ මෙහෙමත් යුගයක්! (නි)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 16 September 2014 05:18 PM

පසුගිය ජුනි මාසයේ ඩොලර් 107ක් වූ බොරතෙල් බැරලය මේ වන විට ඩොලර් 93ක් දක්වා පහත බැස ඇත. ඊට සමානුපාතිකව තෙල් මිල පහළ දැමිය යුතුය. (නි)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 17 September 2014 07:07 AM

මමත් හිතනවා මේ මැතිවරණය යු. එන්.පි එක දිනන එක හොඳයි කියා. එතකොට ජනාදිපතිවරෙනෙට කලින් පුළුවන් තරම් ජනතාවට සහන ලබා ගන්න පුළුවන්. (නදී)

:       0       0

සියාඩ් Tuesday, 16 September 2014 05:42 PM

ඡන්දෙන් පස්සේ දැනගන්න පුළුවන් කීදෙනෙක් මේකට අහුවුණාද කියලා (නි)

:       0       0

මනෝජ්-සාජා Tuesday, 16 September 2014 05:55 PM

මේ සහනය දුන්නේ චීන ජනාධිපති අපිව බලන්න ආ නිසාද? (නි)

:       0       0

එරංග Wednesday, 17 September 2014 07:06 AM

මේකේ සමහර ප්‍රතිචාර දැක්කම දුක හිතෙනවා. මෙයාල තමයි පොඩි වාසි වලට ආණ්ඩු පත්කරන්නේ. මොන ආණ්ඩුවත් පිස්සු කෙලින්නේ මේ වගේ අය ලංකාවේ ඉන්න නිසා. ඡන්දෙට කලින් පොඩි වාසියක් දීල ඡන්දෙ අරන් පස්සට පයින් ගහලා එලවන්නේ. (නදී)

:       0       0

සමන් වසන්ත Tuesday, 16 September 2014 05:56 PM

ඇසල; හොඳම ක්‍රමය තමයි ලෝක වෙළදපොලේ තෙල් මිලට සාපේක්ෂව තෙල් සංස්ථාවේ සැකසුම් ගාස්තුත් අය කරගෙන සාධාරණ මිලට තෙල් දෙන එක. නැතුව සල්ලි නැති වුණහම අසීමිත බදු ගහලා තෙල් මිල වැඩි කරන එකත්, පසුසේ මිල අඩුකරන එකත් නෙමෙයි. මේකෙන් හොඳටම පේනවා තෙල් මිල තීරණය කරන්නේ කිසිම විද්‍යාත්මක ක්‍රමවේදයකට නොවන විත්තිය. (නි)

:       0       0

නිශාන්ත Tuesday, 16 September 2014 06:02 PM

ඉසරදයට කොට්ටය මාරු කරන්න එපා. තෙල් මිල අඩුකරනවා වගේ පොඩි පැලැස්තර නම් අපිට අවශ්‍ය නැහැ (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 16 September 2014 06:17 PM

කවුද බලමු රැවටෙන්නේ? (නි)

:       0       0

පෙරේරා Tuesday, 16 September 2014 06:36 PM

පස්සේ පොළියත් එක්කම ගෙවන්න ලැහැස්ති වෙන එක හොඳයි. (නි)

:       0       0

වාසනා Tuesday, 16 September 2014 06:42 PM

හෙට අනිද්දා වෙද්දී තව මොනවා අඩුවෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

රංජිත් සිල්වා Wednesday, 17 September 2014 07:35 AM

මේක හරි අසාදාරනයක්, බොර තෙල් මිල 14% අඩු වෙනකොට පැට්‍රොල් මිල අඩුවෙන්නේ 12% පමණේ , මේක රු. 40 කින් අඩු විය යුතු වෙනවා. නැත නම් ඉතින් අබ සරණ තමා. (නදී)

:       0       0

චනුක Tuesday, 16 September 2014 06:39 PM

අනේ අපි පව්! (නි)

:       0       0

පද්මිණි Tuesday, 16 September 2014 06:49 PM

ඔහොම යමු. බටහිර නම් තෙල් මිල අඩු වුණේ මීට මාස 4කට කලින්. (නි)

:       0       0

අජිත් Tuesday, 16 September 2014 06:58 PM

මධුහාෂිනීලා, කමල්ලා, ඇසළලා වගේ බබාලා ඉන්නතුරු මේ රට ගොඩගන්නවා බොරු (නි)

:       0       0

පෙරේරා Tuesday, 16 September 2014 07:05 PM

මගේ අම්මෝ!!! මේ වගේ සාධාරන ආණ්ඩුවක් මේ ලෝකේ කොහේවත් නැතුව ඇති. (නි)

:       0       0

ශාන්ති Tuesday, 16 September 2014 07:37 PM

කොහොමත් අපේ රටේ ඉන්න තරමක් ඉන්නේ මෝඩයෝමනේ ගාමිණී. ඒකනේ මෙහෙම වෙන්නේ (නි)

:       0       0

ජූඩ් Tuesday, 16 September 2014 07:51 PM

මෙවර ජනතාව වැදගත් තීන්දුවක් ගන්න ඕනෑ. (නි)

:       0       0

රුමේශ් Tuesday, 16 September 2014 07:55 PM

සිල්වා, මධුභාෂිනී, ඔබලා වගේ පාට කණ්ණාඩි දාගෙන එක එක දේශපාලකයන්ට කඩේ යන පුද්ගලයෝ නිසා තමා අපේ රටට මෙහෙම නරක තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ. ඇත්ත ඇති සැටියෙන් දකින්න. (නි)

:       0       0

ශාන් Tuesday, 16 September 2014 08:06 PM

වැඩි කළත් බනිනවා, අඩු කළත් හොදටම බනිනවා. අනේ මෙහෙව් රටක අපිත් ඉපදුන‍ානේ! (නි)

:       0       0

ජයනි Wednesday, 17 September 2014 08:03 AM

මේ පාර නම් උෟවේ ඡන්දෙ ආණ්ඩුවට ගොඩක් අමාරු වෙලා වගේ. පරදිනවා කියල කලින්ම දැනගෙන අවසාන තුරුම්පු ටිකත් ගහනවා දැන්. මේ රටේ බහුතර මිනිස්සු මේ වගේ ඡන්ද ගුණ්ඩු වලට ඉස්සර ඉදල රැවටෙන නිසා ආණ්ඩුව තාමත් ඒ ක්‍රම පාවිච්චි කරලා බලනවා. අපි අහුවෙයි ඕවට ... (අ)

:       0       0

නිහාල් Tuesday, 16 September 2014 08:10 PM

ඉන්ධන සහ විදුලි බිල අඩු කළ එක ගැන සැකයක් නැහැ (නි)

:       0       0

බමුණු Wednesday, 17 September 2014 08:07 AM

ලංකාවේ ඉන්න අපි වගේ අයට ඔය වගේ දේවල් වැඩිත් එක්ක. තන කොළ මිටියකුත් හැම මාසයකම නොමිලේ දුන්න නම් තමය වැඩිය හොඳ ...... කොච්චර කිව්වත් වැඩක් නෑ.... මී හරක් ඉන්නේ...(අ)

:       0       0

ගිහාන් Tuesday, 16 September 2014 08:17 PM

මිල වැඩි වෙනකොට උඩ බලාගෙන ඉඳලා අඩුවෙනකොට කෑගහන්න (නි)

:       0       0

චතූ Wednesday, 17 September 2014 08:07 AM

කොණ්ඩෙ බැදපු චීන්නුත් එක්ක නොවෙයි, කොණ්ඩ කපපු චීන්නුන්ගෙ මැද ඉදන් තමයි ඕක කිව්වෙ. (අ)

:       0       0

ආරියරත්න Thursday, 18 September 2014 04:48 PM

කළ වැඩේ හොඳයි. නමුත් කළේ නරක කාලෙක නිසා ජනතාව මේක පිළිගනීද මන්දා? (නි)

:       0       0

සෙනරත් ආනන්ද මිලානෝ Tuesday, 16 September 2014 08:25 PM

මේ තරම් මිනිසුන් ගැන දුක හිතුනේ මොකද මේ හදිස්සියේ? (නි)

:       0       0

හිමාලි Tuesday, 16 September 2014 08:50 PM

අපි නම් රැවටෙන්නේ නැතෝ! (නි)

:       0       0

උපාලි Wednesday, 17 September 2014 08:21 AM

මේ වැඩිපුර කොමෙන්ට්ස් බලන කොට පෙන්නේ විවේචන බැනුම් පමණයි. , මිල වැඩි කරන කොටත් බනිනවා, මිල අඩු නොකර හිටියත් බනිනව. අඩු ගානේ ඡන්දෙ හින්ද හරි මිල අඩු කරපුවම වත් හොඳයි කියන්න. ඕනෑම පාලක පක්ෂයක් වැඩ කරන්නේ මිනිසුන්ගේ ඡන්දය බලාගෙන තමයි.(අ)

:       0       0

හසන්ත Tuesday, 16 September 2014 09:02 PM

අම්මෝ! මට දැනෙන සතුට.... (නි)

:       0       0

වසන්ත Wednesday, 17 September 2014 08:24 AM

කොච්චර කාලේකටද දන්නේ නැහැ (අ)

:       0       0

කරුණාජීව Tuesday, 16 September 2014 09:09 PM

මධුභාෂිණී වැඩි වයසක් නැති කෙනෙක් හැඩයි. (නි)

:       0       0

අරුණ Tuesday, 16 September 2014 09:33 PM

මේක තවත් ඡන්ද ප්‍රතිඵලයක්වද්ද? (නි)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 16 September 2014 09:42 PM

ඛනිජ තෙල් සංස්ථාව පාඩු පිට පාඩු ලබද්දී තව අඩු කරන්නේ කොහොමද? පාඩු ලබන්නේ වැරදි පරිපාලනය නිසයි. මේවා අල්ලන්න පස්සේ දෙතුන් ගුණයකින් තෙල් මිල වැඩි කරන්න වෙයි. (නි)

:       0       0

සුනිල් Tuesday, 16 September 2014 09:46 PM

ජය වේවා! (නි)

:       0       0

මංගල Tuesday, 16 September 2014 10:02 PM

දැන්නම් මහජනතාවට බොහොම සතුටු ඇති (නි)

:       0       0

මහේෂ්‍ Tuesday, 16 September 2014 10:06 PM

තෙල් මිල අඩුවුණ එක නම් හොඳයි (නි)

:       0       0

හේවගේ Tuesday, 16 September 2014 10:08 PM

පස්සේ සියයට 30 කින් විතර වැඩිවෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

විජයබාහු Wednesday, 17 September 2014 08:42 AM

අපි ඉන්න බටහිර නම් අඩු කරපු කෙහෙල් අැවරියක් නැහැ (නදී)

:       0       0

මනූෂා Tuesday, 16 September 2014 10:52 PM

මේ රට සංවේදී නායකයින් සිටින රටකි. (නි)

:       0       0

සූරියාරච්චි Tuesday, 16 September 2014 11:34 PM

මේ වගේ මිල අඩුකරන්න පුළුවන් නම් මෙච්චර කල් නොකළේ මන්ද? (නි)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 17 September 2014 08:49 AM

අපිනම් ටිකිරි බන්ඩෝ බඩජාරින් කියන්නේ ගාමිනිල වගේ බඩ කට විතරක් පිරුණම ඇති කියල හිතන පුස් ඌරන්ට ...වනචාරින් කියල කියන්නේ උපන් බිමට උපන් රටට අපහාස කරන ඔහෙලා වගේ දේශපාලන කුහකයන්ට.(නදී)

:       0       0

දසුන් Tuesday, 16 September 2014 11:44 PM

අපේ සියලුම දෙනාටම මුල අමතක වෙලා. විදුලි බිලේ දැවුණු ඒකකයට වඩා අමතරව එකතුවෙන ගණන එකතු කළේ තාවකාලිකව. අන්න එක කපාහැරියා නම් ජනතාවට සහනයක් වේවි. (නි)

:       0       0

චාමික Wednesday, 17 September 2014 12:38 AM

ගිහාන් මල්ලි වගේ, තව සමහර අය වගේ තමුන් තමුන්වම රවටාගන්න පුළුවන් හැකියාව අපිට දෙමාපියන් ගුරුවරුන් ඉගැන්නුවේ නැහැනේ. යුක්තිය වෙනුවෙන් පෙනීහිටින්න කියලනේ අපිට ඒ අය ඉගැන්නුවේ. අපිවත් අපේ දරුවන්ට තමුන් තමුන්වම රවටාගන්න පුළුවන් විදිය උගන්වන්න ඕනෑ. (නි)

:       0       0

මාලි Wednesday, 17 September 2014 08:48 AM

මේවට අහුවෙන්න එපා. මේවා ඡන්ද ගුන්ඩු තව ටික දවසකින් තිබුනටත් වඩා වැඩිකරයි (නදී)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 17 September 2014 01:04 AM

ගාමිණී මහත්තයෝ, මේවා අඩු කළත් නැතත් ඡන්දෙ දෙන කෙනා කොච්චර අඩුපාඩු තිබුනත් සන්ධානෙට ඡන්දෙ දෙනවා, ජනාධිපතිතුමා වෙනුවෙන්. මේ රුපියල් පහ දහයට දැන් ඡන්ද විකුණන්න බැහැ. ඒ ඉස්සර. බඩජාරින් නොවන කළගුණ දත් මිනිස්සු මේ රටේ එදත් අදත් හෙටත් ඉන්නවා කියන එක ඔබතුමාට ඌව ඡන්දෙන් මිනිස්සු තේරුම් කරවලා දෙයි. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 17 September 2014 01:12 AM

ඌව පළාතේ ජනතාවනි, මුළු රටටම සහනයක් ලබාදීමට ඔබට අනගි අවස්ථාවක්. එවිට මේ වගේ තව තවත් සහන ලබාදෙන්න උනන්දු වේවි. (නි)

:       0       0

බ්‍රයන් Wednesday, 17 September 2014 01:21 AM

ගිහාන්ලා වගේ මිනිසුන් වැඩි වැඩියෙන් මේ දීපයේ පහළ වේවා! (නි)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 17 September 2014 01:25 AM

මධුභාෂිනී, ඔය ටික කිවුවේ ඇත්තටද? තවමත් කට්ටිය ඉන්නවා. මෙහි තිබෙන අදහස් වලින් පෙනෙනවා මිනිසුන්ට කිසිම විශ්වාසයක් නැතිබව. (නි)

:       0       0

ලසන්ත Wednesday, 17 September 2014 01:36 AM

මෙතන තියෙන්නෙ ආණ්ඩුවේ ක්‍රියාව පිළිබඳව ප්‍රශ්නයකට වඩා චේතනාව පිළිබඳව ඇතිවන ප්‍රශ්නයක්. (නි)

:       0       0

ප්‍රභාෂ් Wednesday, 17 September 2014 01:36 AM

මදුභාෂිණී, ජය වේවා! (නි)

:       0       0

අසංක Wednesday, 17 September 2014 01:46 AM

ඉතින් පෙට්‍රල් වැඩිකරද්දී 5කින්ද වැඩිකළේ? (නි)

:       0       0

තාරක Wednesday, 17 September 2014 02:03 AM

හැමදාම මැතිවරණ තියෙනවා නම් නියමයි කියලා හිතෙනවා. අඩු කළා වගේ නෙමෙයි, වැඩිකරනකොට ඩබල් වෙයි (නි)

:       0       0

සත්‍යයා Wednesday, 17 September 2014 02:05 AM

මධුභාෂිනී,ඔයා කන්නේ බත්ද? ප්‍රභාෂ්ටත් ඔයා කන ජාතියෙන්ම දිගටම දෙන්න. (නි)

:       0       0

ජනිත් Wednesday, 17 September 2014 02:10 AM

පින්සිද්ධ වේවා! (නි)

:       0       0

සමන් Wednesday, 17 September 2014 09:26 AM

ලොක්ක චීනා එක්ක ගහපු ගේම් ටික දැනගන්න වෙන්නේ පස්සේ තමයි. (ස)

:       0       0

ගමගේ Wednesday, 17 September 2014 02:17 AM

ඇමරිකාවෙයි, රුසියාවෙයි ජනාධිපතිවරුත් එනවා නම්.... (නි)

:       0       0

සත්‍යයා Wednesday, 17 September 2014 02:17 AM

ඕනෑම ජගතෙකුට වරකට අයෙකු හෝ කණ්ඩායමක් බැගින් මුලා කළ හැක. එහෙත් කිසිම කෙනෙකුට සැවොම හැමදාම මුලා කළ නොහැක (නි)

:       0       0

නිශාන්ත Wednesday, 17 September 2014 02:19 AM

මධුභාෂිණීට මොළයක් නැද්ද? (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 17 September 2014 02:24 AM

මධුභාෂිනී/බන්දුල පෙරේරා, ඔය හීනය හැමදාම දකිනවනේ. (නි)

:       0       0

නිමල් හෙට්ටිආරච්චි - ලන්ඩන් සිට Wednesday, 17 September 2014 09:39 AM

දකුණ බස්නාහිර ආණ්ඩුවේ ඡන්ද අඩුකලාම උවේ මිනිසුන්ගේ ඡන්දෙට සහන ලැබුනා....මේ ඡන්දෙත් ආණ්ඩුවට අඩුවෙන් ඡන්ද දාන්න....ඊළඟට එන මහා ඡන්දෙට තව තවත් සහන ලබාදේවි. ආණ්ඩුවේ මේ අවස්ථාවාදී කූට අභිප්‍රායන් පරාජය කළ යුතුමයි...(ස)

:       0       0

ටිකිරි බණ්ඩාර Wednesday, 17 September 2014 02:26 AM

"බඩජාරින්" කියලා අපි නම් කියන්නේ රට ජාතිය විකුණාගෙන කන ජාතියේ අයටයි. (නි)

:       0       0

බුද්ධික Wednesday, 17 September 2014 02:27 AM

ප්‍රශ්නය මිනිස්සු මේවා දැනගෙනත් ඡන්දය දීමයි. අද හාල් ගිනි ගණන්. පාලන මිලට ගන්න හාල් තියනවද? (නි)

:       0       0

රාසික් කටාර් Wednesday, 17 September 2014 02:32 AM

චන්දදායකයින්ට තවත් හොඳ විශාල චන්ද ගුන්ඩුවක්.මධුභාෂිනී දැනටමත් ගිලලද කොහෙද ගුන්ඩුව.ඔයවගේම අය ලංකාවේ ඉන්නකම් රටක් හැදෙන්නේ නැහැ.චන්දෙන්පස්සේ වැඩිවෙනකොට කියයි අපෝ අපි කරගත්තු මෝඩකමක් කියල,ඔහොම යං (දී)

:       0       0

ටිකිරි බණ්ඩාර Wednesday, 17 September 2014 02:41 AM

දවස් වලින් නම් දවස් කීයකටද දන්නෙ නැහැ (නි)

:       0       0

නිවන්ත Wednesday, 17 September 2014 09:57 AM

මේ ප්‍රතිචාර වලින්ම පෙනෙනවා රටේ බහුතරයක් ජනතාව මෝඩයෝ නොවන බව. රටේ සුළුතරයකගේ මෝඩකමින් අපේ රටේ පාලකයන් හැමදාම බහුතරය හදාගන්නවා. (නදී)

:       0       0

මහේෂ්‍ Wednesday, 17 September 2014 02:41 AM

ඉතා සතුටුයි! (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Wednesday, 17 September 2014 02:39 AM

හාල් ගිනි ගණන් වුණාට ලංකාවේ පුන්නක්කු මිල වැඩි කරලා නැහැනේ. (නි)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 17 September 2014 02:45 AM

ටිකිරි බන්ඩෝ,අපි නම් බඩජාරින් කියලා කියන්නේ ගාමිණීලා වගේ අයට (නි)

:       0       0

තේජාන්විත Wednesday, 17 September 2014 02:42 AM

මොන වුණත් කොමිසම් වාර්තා, අර පරීක්ෂණ, මේ පරීක්ෂණ නැතුව ඉක්මනින් ක්‍රියාවට නැංවීම ගැන ස්තුතියි. (නි)

:       0       0

වසන්ත Wednesday, 17 September 2014 02:43 AM

මේක නම් මට පෙනෙන හැටියට විශාල ප්‍රෝඩාවක් (නි)

:       0       0

වසන්ති Wednesday, 17 September 2014 02:49 AM

මේකෙන්ම තේරෙනවා ඉස්සරහට මිනිසුන්ට ලොකු ලොකු සහන ලබා ගත හැකියි කියලා (නි)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 17 September 2014 02:54 AM

සත්‍ය මහත්තයා කන්නේ බත් නෙමෙයි වගේ.ඒකනේ මේ හැමෝගෙන්ම බත් කනවද අහන්නේ? (නි)

:       0       0

ලසා Wednesday, 17 September 2014 10:30 AM

මේක ඇත්තටම සදාචාර විරෝධී වැඩක්. මුලින්ම බැලුවා මොණරාගල දිස්ත්‍රික්කයට 2500 දීමනාව ඡන්දයත් සමගම බෙදා දෙන්න. අධිකරණයේ පිහිටෙන් ඒක ඡන්දය සදහා යොදා ගන්න බැරි උනා. දැන් ඡන්දයට දවස් හතරක් තියලා ආණ්ඩුවට ජනතාව ගැන නැවතත් පුදුම දුකක් පහල වෙලා. මේ කාරණයත් සමගම අපට හැඟෙන දේ තමා ඌව ඡන්දය ගැන ආණ්ඩුව ඉන්නෙ පුදුමාකාර භයකින් කියන කාරණය. මෙතන තියෙන්නෙ ආණ්ඩුවේ ක්‍රියාව පිළිබඳව ප්‍රශ්නයකට වඩා චේතනාව පිළිබඳව ඇතිවන ප්‍රශ්නයක්. ක්‍රියාවට මූලිකවී ඇති චේතනාව තමා ඌව. (ස)

:       0       0

නිසාර් Tuesday, 16 September 2014 02:32 PM

චන්ද්‍රිකා මැතිනියගේ ඡන්ද න්‍යායට බැස්ස වගේ. ගුරු වැටුප් එහෙම දෙගුණ කරන්නැද්ද (අ)

:       0       0

මහින්ද Wednesday, 17 September 2014 03:02 AM

සිල්වා සහ ශාන්, පොඩ්ඩක් මොලේ පාවිච්චි කලා නම් නේද හොඳ, කඩේ යන්නේ නැතුව? (නදී)

:       0       0

සුරංග Tuesday, 16 September 2014 02:36 PM

‍කෙ‍සෙල් කැන වැට පැන්නෝ (අ)

:       0       0

උමේෂ් Wednesday, 17 September 2014 03:01 AM

අපේ රටේ මිනිස්සුන්ට දුන්නත් වැරදි... නොදුන්නත් වැරදි.... අපරාදේ.... මේ ටිකත් අඩු නොකර ඔහොම්මම තියන්න තිබ්බේ. (නදී)

:       0       0

Sumedhap Dissanayake Tuesday, 16 September 2014 02:40 PM

බොරතෙල් අඩු වුණේ රුපියල් පහකින් ද (අ)

:       0       0

සිල්වා Tuesday, 16 September 2014 02:38 PM

ඉතා හොද ආරංචියක් ජනතාවට !!! බොරු ඡන්ද පොරොන්දු නොදී ප්‍රයෝගිකව මෙවැනි සහන ජනතාවට ලබා දුන්නොත් ජීවත් වීමට යම්කිසි සහනයක් වෙනවා ! (අ)

:       0       0

උපුල් කේ Wednesday, 17 September 2014 03:13 AM

ඌව ඡන්දෙ ඉවර උනාම දෙගුණ කරලා අායෙත් වැඩි කරයි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 647 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 910 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 1993 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 4277 19

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 2235 8

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 835 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38077 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25067 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 805 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 287 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site