IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


විදිලි වර්ජනය ඉවරයි

ලංකා විදුලි බල මණ්ඩලයේ එකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය  පසුගිය 10 වැනි දා ආරම්භ කළ වැඩ වර්ජනය අද පස්වරුවේ  සිට අවසන් කෙළේය. කම්කරු කොමසාරිස්, විදුලි බල මණ්ඩලයේ පාලනාධිකාරිය හා වෘත්තීය සමිති නියෝජිතයන් අතර අද පැවැති සාකච්ඡාවේ දී තම වැටුප් විෂමතා ඉවත් කරන බවට ලබා දුන් ලිඛිත පොරොන්දුවෙන් අනතුරුව වර්ජනය අවසන් කළ බව එම සන්ධානයේ මෙහෙයුම් කමිටු සාමාජික රන්ජන් ජයලාල් මහතා කියයි.



අදහස් (0)

විදිලි වර්ජනය ඉවරයි

සම්පත් Friday, 17 August 2012 10:40 AM

ඊයේ යද්දී වහලා තිබුණු දේවාලේ අද ඇරලා ඇති. මොකද අද විදුලිය තියෙනවනේ. ඒ නිසා අද ගිහින් බාරය ඔප්පු කළා නම් හරි. (නි)

:       0       0

චූලා Friday, 17 August 2012 10:50 AM

විදුලි වර්ජනය ඉවරයි........... දොස්තර වර්ජනය පටන්ගත්තා.....ඔහොම යන්.(ස)

:       0       0

මාරසිංහ Friday, 17 August 2012 10:53 AM

බර්ටි, වෙන රටවල හැමදේම පෞද්ගලීකරණය කරලයි තියෙන්නේ. ඒත් මෙහේ අයට වංචාව සහ දූෂණය ලේ වලම තියෙන නිසා ආයතන පෞද්ගලීකරණය කරන්නේ එයාලට වාසි වෙන විදියට ගිවිසුම් ගහලා. (නි)

:       0       0

ජයන්ත - ඉබ්බාගමුව Friday, 17 August 2012 04:52 PM

වැටුපක් ඉල්ලීම අසාධාරණයි කියලා මා දකින්නේ නැහැ. ඒත් ආණ්ඩුවේ අකාර්යක්ෂමතාව නිසා බොහෝ රාජ්‍ය ආයතන යම් යම් තරමින් අකර්මන්‍ය සහ අකාර්යක්ෂම වෙලා. වැටුප් දෙනවා වාගේම රාජ්‍ය යාන්ත්‍රනය ශක්තිමත් කරන්නත් ඕනෑ. ඒත් ඒක වෙන බවක් පෙනෙන්නේ නැහැ. නමුත්, ජීවන වියදම දින දින ඉහළ යාම නිසා වැටුප් වර්ධක ඉල්ලීමේ අසාධාරණයක් පෙනෙන්නෙත් නෑහැ. පෞද්ගලිකකරණය කියන්ෙන් මේකට විසදුමක් නොවේ. ජනතාවට ලැබිය යුතු සහන සේවා පෞද්ගලිකකරණය කරනවා යනු භායානක දෙයක්. ඒකේ ප්‍රතිඵල අපි හැමෝටම විදින්න වෙනවා. අධ්‍යාපනය, සෞඛ්‍ය ආදිය පෞද්ගලිකකරණය කළ විට ඇති වන ප්‍රතිඵල ගැන ඔබට හිතා ගන්න පුළුවන් ද? මොහොතක් බුද්ධියට තැන දීලා හිතන්න. (නි)

:       0       0

සිසර Thursday, 16 August 2012 08:43 PM

බය වෙලාද නැත්නම් ඇත්තටම ඉල්ලීම් දිනාගෙනද ?(ස)

:       0       0

ප්‍රවීන් - මැනිලා Friday, 17 August 2012 10:58 AM

51%ක් රජයට තියාගෙන පුද්ගලීකරණය කරන එක හොදයි. දැන් බලන්නකෝ ටෙලිකොම් දිහා. කොච්චර අපූරුවට ලාභ ලබනවද? (නි)

:       0       0

නිෂාන් Friday, 17 August 2012 04:55 PM

පහුගිය අවුරුදු 5 තුළ විදුලිබල මණ්ඩලයේ සේවයෙන් ඉවත්ව වෙනත් තැනක සේවයට ගිය ඉංජිනේරුවන් ප්‍රමාණය 32% ක්. නමුත් එම වසර 5 තුළ ඉවත්ව ගිය විධායක නොවන සුළු සේවකයන් ගණන 3 දෙනෙක් පමණයි. එය 0.1% ටත් අඩු ප්‍රමාණයක්. එසේ වන්නේ මෙහි සුළු සේවකයන්ට අන් කිසිම තැනක නොලැබෙන වැටුපක් ලැබෙන බැවිනි. නමුත් ඉංජිනේරුවන්ට එසේ නොවේ. ඔවුන්ට මෙහි ලැබෙන වැටුපට වඩා ඉහළ වැටුපකට පෞද්ගලික ආයතනයක සේවයට යා හැකි අවස්ථා උදාවේ. පෞද්ගලික ආයතන වල පඩි ප්‍රමාණයන් සැකසෙන්නේ ඒ ඒ රැකියාවට ඇති ඉල්ලුම සහ ආයතනයේ ලාභයට ඔවුන්ගෙන් ඇති දායකත්වය අනුවය. එය ස්වභාවිකවම ඉල්ලුම සැපයුම නීතිය අනුව සැකසේ. නමුත් රාජ්‍යය ආයතන වල පඩි ප්‍රමාණයන් සැකසෙන්නේ ස්ට්‍රයික් කරන ප්‍රමාණය අනුවය. (නි)

:       0       0

පෙරේරා Thursday, 16 August 2012 08:53 PM

මෙදා පාරනම් ටිකක් බය වෙලා වගේ .ඉස්සර කරා වගේ සේරමලා ගෙදර යැව්වනම් ඔය තැන් වටල එන්න ඕනතරම් සුදුස්සෝ පෝලිමේ ඉන්නවා.(ස)

:       0       0

ගයා Thursday, 16 August 2012 09:04 PM

අනිවාර්‍යයෙන්ම අපේ විදුලි බිල වැඩි වෙනවා‍ .ඔයාලගේ ජීවිත එළිය කර ගන්න. අපි කරුවලේ ඉන්නම්..(ස)

:       0       0

ගාමිණි Thursday, 16 August 2012 09:10 PM

අයියෝ සල්ලි

:       0       0

තුසිත Friday, 17 August 2012 11:37 AM

බර්ටි , ඔය හරි දැන් බලන්න ටෙලිකොම් එක , රජය යටතේ තිබුන නම් තවමත් අපිට ටෙලෙෆෝන් එකක් ගන්න මස ගණන් පොරොත්තුලේඛණ වල ඉන්න තිබුන. සුරේෂ් බලන්නකෝ තව ටික දවසකින් ඔයාලම කියයි. ගෑස් ෂෙල් එකට දීල තිබුන නම් කියල. (ස)

:       0       0

කුරේ නාවලගේ Friday, 17 August 2012 06:55 PM

අර පොල් ගහපු වෙලේ දෙවියන් දුප්පත් මිනිසුන් දෙසත්, වර්ජකයන්ගේ පවුල් දෙසත් නොබැලුවා නම් අද කී දෙනෙක් අමාරුවෙද? (නි)

:       0       0

චන්දිමා Thursday, 16 August 2012 10:24 PM

ආලෝකෝ උදපාදි...!!(නු)

:       0       0

සර්ෆාස් Thursday, 16 August 2012 10:30 PM

හුරේ රටම දිනුම්.. ලිකිත ලියවිල්ල නෙමෙයි වැටුප් අනුමැතිය ගන්න තිබුණෙ..!!(නු)

:       0       0

ප්‍රවීන් මැනිලා Thursday, 16 August 2012 11:55 PM

බලමු කරයිද කියලා.. මට පේන්නෙ කට්ටිය බයවෙලා නැවැත්තුව වගේ වැඩේ...!!(නු)

:       0       0

අනුර Friday, 17 August 2012 08:27 PM

දැන් විපක්ෂයේ කට්ටියට දහඩිය දාලා ඇති නේද? ඒ වැඩෙත් හරිගියේ නැහැනේ. (නි)

:       0       0

බර්ටි Friday, 17 August 2012 01:03 AM

මේවා පෞද්ගලික කරණය කරන්න ඕන.. එතකොට වැඩවර්ජන මොනවාත් නැහැ... කට්ටිය අගේට වැඩ කරනවා..!!(නු)

:       0       0

මොහොමඩ් අලි Friday, 17 August 2012 05:09 AM

එතකොට අලුතින් ගත්ත අයට මොකද වෙන්නේ ? මෙයාලා ආපහු ගත්තේ ඇයා ? (ස)

:       0       0

මොනාලි Friday, 17 August 2012 06:29 AM

ලොකු දෙයක්..(ස)

:       0       0

නසීර් Friday, 17 August 2012 09:50 PM

බලනකොට අපේ ආණ්ඩුවට කිසි දෙයක් හරියට කර ගන්න බැහැනේ. (නි)

:       0       0

වරුණ Friday, 17 August 2012 07:33 AM

තව ටික දවසකින් එකඟ වුණු ඉල්ලීම් දුන්නෑ කියලා කෑගහවි..(ස)

:       0       0

ගාල්ල‍ගේ Friday, 17 August 2012 07:36 AM

බර්ටි ,හොඳට තියෙයි. පේනවනේ බස් පුද්ගලික කරලා තියන සැප මගීන්ට . (ස)

:       0       0

ගීත් Friday, 17 August 2012 07:42 AM

විදුලි බල බණ්ඩලයේ සේවකයන්ගෙ පඩි ගොඩක් වැඩියි. නුපුහුණු කම්කරුවට ලැබෙන් පඩිය අළුත පත්වීම ගත්ත ඩොක්ටර් කෙනෙකුට වඩා අඩු පොඩි ගාණකින් විතරයි. පඩි වෙනුවෙන් ස්ට්‍රයික් කරන්න ඔයිට වඩා අඩු පඩි හම්බුවෙන රාජ්‍ය සේවකයෝ ඕන තරම් ඉන්නවා.(ස)

:       0       0

චන්න Friday, 17 August 2012 07:38 AM

මෙහෙම ඉල්ලීම් දෙන්න පුළුවන්නම් මොන එහෙකටද මහජනතාව පීඩාවට පත් කරේ මෙච්චර දවසක්..මේ පාලකයොනම්..............(ස)

:       0       0

අමිල කටුනායක Friday, 17 August 2012 07:58 AM

ප්‍රවේසම්කරල ඔය ලියුම තියාගන්න...(ස)

:       0       0

සුරේෂ් Friday, 17 August 2012 08:31 AM

බර්ටි, ඔව් ඊට පස්සේ දත නියවගෙන ඉන්න පුළුවන්. දැන් ඔය ගෑස් වලට වෙලා තියෙන්නෙත් ඒකනේ. හැම දෙයක්ම පෞද්ගලීකරණය කලා නම් අගේට තියෙයි.(ස)

:       0       0

සුජිත් Friday, 17 August 2012 08:38 AM

ඉල්ලිම් ටික ලැබෙන්න ඇති පව් දැන් ස්ට්‍රික් කියන ඒවා විහිළු වගේ මේවා අහල දැකල හිනා යනවා දැන් (ස)

:       0       0

අප්පුහාමි Friday, 17 August 2012 08:45 AM

ඇත්ත. මේවා පුද්ගලීකරණය කරලා විදුලි බිල දෙගුණ කරන්න ඕනෑ. (අනේ මෙහෙමත් මෝඩ අදහස්?) (නි)

:       0       0

කමල් Friday, 17 August 2012 08:54 AM

කාලෙකට මතක හිටින්න අනාගත්තා‍‍‍...(ස)

:       0       0

හර්ශ Friday, 17 August 2012 08:57 AM

කලින් කිව්වෙ අර දුන්නු උපදෙස් ලිපිය ඉල්ලා අස් කර ගන්නකන් ස්ට්‍රයික් කියල. දැන් කියන්නේ වෙන දෙයක්. මෙයලා ලොකෙට විහිලු සපයන අය වෙලා. (ස)

:       0       0

සජී Friday, 17 August 2012 08:59 AM

මේ මිනිස්සුන්ට ලැබෙන්න ලැබෙන්න තව තවත් තණ්හාව වැඩි වෙනවා. (නි)

:       0       0

බණ්ඩාර Friday, 17 August 2012 03:18 PM

හා හා හා.... මල් වඩමට බය වුණා නේද? (නි)

:       0       0

ලාල් Friday, 17 August 2012 09:19 AM

ඔබගේ වැටුප ඔබට ඇති සුදුසුකම් සහ පළපුරුද්ද සමග සසදා බලන්න. (නි)

:       0       0

ගුණසේකර Saturday, 18 August 2012 04:56 AM

මට බලයක් තිබුණා නම් මම කරන්නේ, ඔය වර්ජන කාරයන්ව එළියට දාලා හාමුදුරුවරුන්ට භාර දෙනවා විදුලි බල මණ්ඩලය. ඉන්පස්සේ ආධුනිකයන්ව පුහුණු කරලා ස්ථිර කරනවා. (නි)

:       0       0

සිසිර කුමාර Friday, 17 August 2012 09:47 AM

මේ අයගේ පඩිය දැක්කහම අපිටයි දුක හිතෙන්නේ. (නි)

:       0       0

kumara Friday, 17 August 2012 03:51 PM

ගීත් කියන එක හරි.දැන් අපේ රටේ අයට බඩේ අමාරුව හැදුනත් වර්ජන කරන්න යනවා.මේක පිටිපස්සේ රට අස්ථාවර කරන්න බලාගෙන ඉන්න කොටසක් ඉන්නවා.සමහර අයට ලේ දැක්කේ නැතිනම්, රට විනාශ වෙනවා දැක්කේ නැතිනම් නින්ද යන්නේ නැහැනේ.මේ යන රටාව ඉතාම භයානකයි.සමහර ඉතාම සුළු පිරිසකට අපේ රට විනාශ කරන්න ඕනෑ වෙලා තියෙනවා. රජයේ හැම ආයතනයකම මේ අය ඉන්නවා. මේවා ගැන හොඳ අවධානයෙන් ඉන්න ඕනෑ.රටක් විදිහට එකම ජාතියක් විදිහට රට නගා හිටුවන්න පුළුවන් හැම දෙයක්ම අඩුම තරමින් එක එක්කෙනා කරනවා නම් අපේ රට ආසියාවේ ඉහළම තැනකට ගේන්න පුළුවන්.මේ වර්ජන රැල්ල ලොකු විනාශයක මුල් අදියර වෙන්න පුළුවන්. ඒ නිසා නිරන්තර අවධානය ඉතාම වැදගත් වෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 272 2

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 5773 17

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1202 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 358 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 2132 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 2081 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40052 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25959 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 243 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1308 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site