IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


විදුලි සැර වද්දා රහසේ වළ දැමූ හස්තියා

 

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පුත්තලම කල්අඩිය හයේ කනුව ප්‍රදේශයේ ඉඩමක සවිකර තිබු විදුලි අලි වැටක් හරහා  අධිබල විදුලි සැර වද්දවා ඇතේකු ඝාතනය කර රහසේ වල දමා තිබියදි අද (26) සොයා ගත් බව පුත්තලම සහකාර වනජීවි අධ්‍යක්ෂ එරන්ද ගමගේ මහතා පැවසිය.

වගාබිමකට වෙනත් පුද්ගලයකුගේ නිවසකින් නීති විරෝධිව ලබා ගෙන තිබු විදුලිය විදුලි අලි වැටකට සම්බන්ධ කර තිබියදි විදුලි සැර වැදි දින ගනනාවකට පෙර එම ස්ථානයෙදීම  ඇතා මරණයට පත්ව තිබි ඇති අතර පසුව එම සිද්දිය වසං කිරීමට ඉඩමේ හිමිකරු ඇතුළු තවත් කිප දෙනෙකු ඇතාගේ සිරුර ඉඩමට යාබද ස්ථානයක වළ දමා ඇති බව කියයි.

අදාල සිද්දිය පිළිබදව පුත්තලම වනජීවි කලාප කාර්යාලයට ලැබුන තොරතුරකට අදාළ ඉඩම පරික්ෂා කිරීම සදහා සෝදිසි වරේන්තුවක් ලබා ගැනිමේන් පසුව අදාල ඉඩම පරික්ෂා කිරිමේදි ඇතා වළදමා තිබියදි සොයා ගෙන තිබුනී.

සිද්දිය සම්බන්ධයෙන් ඉඩමේ හිමිකරු වනජීවි නිළධාරින් විසින් අත් අඩංගුවට ගනු ලැබූ අතර වනජීවි පශු වෛද්‍ය ඉසුරු කොට්ටගොඩ මහතාගේ උපදෙස් හත ඇතාගේ සිරුර ගොඩ ගෙන පරික්ෂණ කටයුතු කිරීම සිදු කරනු ලැබීය. 

අධි බල විදුලි ධාරවකින් ඇතා මරණයට පත්ව ඇති බව එහිදි අනාවරණය වී ඇතැයි වනජීවී නිළධාරීහු පැවසූහ.

ඇතාගෙ දළ යුගල වනජීවි භාරයට ගත් අතර අත් අඩංගුවට ගත් සැකකරු පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.

පුත්තලම වනජීවි කලාප කාර්යාලයේ අඩවි ආරක්ෂක සංජීව විරසේකර, කරුවලගස්වැව වනජීවි කාර්යාලයේ තිළිණ දිසානායක මහත්වරුන් සමග වනජීවි නිළධාරින් රැසක් පරීක්ෂණ කටයුතුවලට එක් වූහ.



අදහස් (2)

විදුලි සැර වද්දා රහසේ වළ දැමූ හස්තියා

Sam Saturday, 27 November 2021 08:10 AM

යුද්දේ කාලේ ගම් බේරගන්න ග්‍රාමාරක්ෂකවරු යෙදෙව්වා වගේ, දැනුත් කරන්න බැරිද? අපිට ලොකු ග්‍රාමාරක්ෂක බලකායක් ඉන්නවා. අලි වැටවල්, මී වද වැටවල්, සියල්ල ඔවුන් ලවා කරවන්න පුළුවන්... අලින්ට කෑමට වගා භුමි යුදහමුදාව ලවා හදන්න පුළුවන්... ප්‍රධාන වශයෙන් රජයක්, රටක්, ආණ්ඩුවක්, විපක්ෂයක් විදියට මේ ප්‍රශ්නේ හිඟන්නාගේ තුවාලේ කරගන්නේ නැතිව විසඳුම්වලට යන්න ඕනේ... මේ රටේ නැත්තේම ප්‍රශ්න විසඳන්න තියෙන දේශපාලන වුවමනාව...!!

:       0       3

jagath Saturday, 27 November 2021 10:24 AM

දේපළ රාජසන්තක කළ යුතුයි. නීතිය ලිහිල් නිසා තමයි ලංකාවේ අපරාද වැඩියි..

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගල් බෝර සවි කිරීමට ගිය අයෙක් මරුට
2024 නොවැම්බර් මස 19 43 0

බලන්ගොඩ කල්තොට රජවක ප්‍රදේශයේ ඇති ගල් වලක බොර සවි කිරීමට ගිය පුද්ගලයකු ගල් කොරියේ ඉහළ ස්ථානයක සිට පහළට ඇදවැටී අද (19) මියගොස් ඇතැයි පොලිසිය පවසයි.


අමාත්‍යාංශ ලේකම්වරු පත් කරයි
2024 නොවැම්බර් මස 19 959 0

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධාන


නිහාල් ගලප්පත්ති කතානායක ධූරයට?
2024 නොවැම්බර් මස 19 2841 0

ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය


රවීගේ නිවෙසට ආරක්ෂාව
2024 නොවැම්බර් මස 19 1911 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.


ඩී.අයි.ජී. නාලකට එරෙහි විමර්ශනවලට කාලයක් දෙයි
2024 නොවැම්බර් මස 19 1046 0

යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය


මැති සබේ නවක මුහුණු
2024 නොවැම්බර් මස 19 1220 0

බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27402 38


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 19769 11

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 391 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 654 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1879 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site