(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්ය මණ්ඩලය සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතියකින් තොරව විවිධ දීමනා වශයෙන් රුපියල් කෝටි 367 කට වැඩි මුදලක් 2020 සහ 2021 වර්ෂවලදී ගෙවා ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව ) විමර්ශනවලදී තොරතුරු අනාවරණයවී ඇත
කෝප් කමිටුවේදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පවසා ඇත්තේ මෙම සියලු මුදල් ජනතාවගේ බැවින් නිලධාරීන් වගකීම් සහිතව කටයුතු කළ යුතු බවයි.
එසේම දීමනා ගෙවීම සඳහා යොදාගෙන ඇති ඇතැම් නිර්ණායක විහිලු සහගත බව පැවසූ සභාපතිවරයා 'මනු කියවීමට' අමතරව 'නිවැරිදිව මනු කියවීම' යනුවෙන්ද සඳහන් කර දීමනාවක් ලබා දී ඇතැයි පෙන්වා දුන්නේය.
ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලිය ජනනය කිරීම, මිලදී ගැනීම්, බෙදාහැරීම් සහ ව්‍යාපෘති පිළිබඳව සොයාබැලීම සඳහා වෙනම රැස්වීමටද කෝප් කමිටුව මෙහිදී තීරණය කළේය.
ලංකා විදුලිබල මණ්ඩලයේ 2017 සහ 2018 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා හා වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පෙරේදා(21) රැස්විය.
මේ තොරතුරු අනාවරණය වී ඇත්තේ එම රැස්වීමේදීය.
විශේෂයෙන්ම ලංකා විදුලිබල මණ්ඩලයේ මිලදීගැනීම්, බෙදාහැරීම් සහ ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡා කිරීමේදී ඉදිරිපත්වන කරුණු සම්බන්ධයෙන් පරස්පරතාවක් පෙනෙන බව සාමාජික මන්ත්‍රීවරු පෙන්වාදුන්හ.
මේ නිසා ජනන සැලැස්ම ඇතුළු සියලු කාරණු පිළිබඳ සොයා බැලීම සඳහා තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස පාර්ලිමේන්තුව සහ කතානායකවරයා දැනුවත් කරන ලෙසට එම මන්ත්‍රීවරු කෝප් කමිටු සභාපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.
මෙහිදී කෝප් කමිටු සභාපතිවරයා පෙන්වා දුන්නේ මේ පිළිබඳව පමණක් සොයාබැලීම සඳහා කෝප් කමිටුවට විශේෂයෙන් රැස්වීමට හැකියාව ඇති බවයි.
ලංකා විදුලිබල මණ්ඩලයේ වාර්ෂික වියදම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සියලු බදු මගින් බලාපොරොත්තු වන ආදායම ඉක්මවන බවද මන්ත්‍රීවරු පෙන්වා දුන්හ.
තවද 2007 දෙසැම්බර් මස අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන ඇති තීරණය සහ 2015 මැයි මස සාමූහික ගිවිසුම අනුව උපයන විට ගෙවන බදු (PAYE), අත්තිකාරම් පුද්ගල ආදායම් බදු (APIT) වගකීම සේවකයන් වෙත මාරු කිරීමට තීරණය කර තිබූ නමුත් ඊට පටහැනිව 2010 සිට 2020 වර්ෂය දක්වා අදාළ සේවකයන්ගේ වැටුපෙන් අඩු නොකර ලංකා විදුලිබල මණ්ඩලය විසින් සිය අරමුදලෙන් රුපියල් බිලියන 4.8 ක (PAYE/APIT) බදු ගෙවනු ලැබ ඇතැයි මෙහිදී අනාවරණය විය.
මණ්ඩලයේ නිලධාරීන් මෙහිදී පෙන්වා දී ඇත්තේ මෙම බදු ගෙවීම මේ වනවිට නවත්වා ඇති බවයි.
එසේම කෙටුම්පත් සාමූහික ගිවිසුම මත පදනම්ව ලංකා විදුලිබල මණ්ඩලය 2021 වර්ෂයේදී සේවක වැටුප සියයට 25 කින් වැඩි කර තිබු බව කෝප් කමිටුව පවසයි.
නමුත් අදාළ පාර්ශවයන්, සේවා යෝජකයින් සහ සේවක සංගම් මෙම කෙටුම්පතට අත්සන් නොකිරීම නිසා මෙම සාමූහික ගිවිසුම අවසන් නොකළ කෙටුම්පත් ගිවිසුමක් බැවින් මෙය නීත්‍යානුකූල ලියවිල්ලක් නොවන බව මෙහිදී අනාවරණය විය. මේ අනුව මෙම අනවසර ගෙවීම හේතුවෙන් මණ්ඩලයට සිදු වූ අහිතකර බලපෑම දළ වශයෙන් රුපියල් බිලියන 9.6 ක් බවද කෝප් කමිටුව පැහැදිලි කළේය. කෝප් කමිටු සභාපතිවරයා පෙන්වා දී ඇත්තේ මේ පිළිබඳ අවධානය යොමු කිරීමේදී මෙම ආයතනය රාජ්‍යට හිමි නැති ස්වරූපයක් දිස් වන බවයි.
තවද 2018 - 2034 දීර්ඝකාලීන විදුලි ජනන සැලැස්මට අනුව සීතාවක ගඟ ජල විදුලි ව්‍යාපෘතිය 2022 වන විට ක්‍රියාත්මක කළ යුතුව තිබුණ ද මෙම ව්‍යාපෘතිය 2020 වර්ෂය අවසානයේ රුපියල් මිලියන 301.19 ක වියදමක් දරා තිබියදී ව්‍යාපෘතියේ කටයුතු නැවැත්වීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. විශේෂයෙන්ම පැමිණ සිටි මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ ශක්‍යතා අධ්‍යනයට මිලියන 301.19 ක වියදමක් දරා ශක්‍යතා අධ්‍යනයක් සිදුකකොට සුදුසු ශක්‍යතා මට්ටමක නොපවතින බව දක්වමින් ව්‍යාපෘතිය අතරමග අවසන් කිරීම සිදු කොට ඇති බව මේ අනුව පෙනී යන බවයි.
මේ නිසා මේ පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් කෝප් කමිටුවට ලබා දෙන ලෙස නිර්දේශ කළේය.
මීට අමතරව ලංකා ගල් අඟුරු සමාගම (LCC) හරහා සීමාසහිත ටොරියන් යකඩ හා වානේ සමාගම (TISCL) වෙතින් 2013 වර්ෂයේ දී මිලදී ගත් ගල් අඟුරු තොගයක් වාරකන් බලපෑම හේතුවෙන් ගොඩබෑමට නොහැකි වීම පිළිබඳව ද, දිගුකාලීන ජනන සැලැස්මට අනුව සැලසුම් කර ඇති වාර්ෂික නව විදුලි ජනනය විවිධ බලාගාරවලින් සහ විවිධ බලශක්ති ප්‍රභවයන්ගෙන් ලබා ගැනීම පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ.
මෙම රැස්වීමට අමාත්‍ය මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, ඉන්දික අනුරුද්ධ, ඉරාන් වික්‍රමරත්න, (ආචාර්ය) හර්ෂ ද සිල්වා, (ආචාර්ය) නාලක ගොඩහේවා, ජගත් පුෂ්පකුමාර, නලීන් බණ්ඩාර, ප්‍රේම්නාත් සී දොලවත්ත සහ මධුර විතානගේ යන මහත්වරුද සහභාගී වූහ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විදුලි සේවකයන්ට අවුරුදු දෙකකදී කෝටි 367ක දීලා
samantha Wednesday, 22 June 2022 05:48 PM
මේවා කියලා විතරක් ජනතාවගේ ලේ කෝප කරන්න එපා. දැන්වත් මේ දේවල් කරපු අයට නිසි දඬුවම් දෙන්න.
Prase Wednesday, 22 June 2022 07:19 PM
මේ කමිටුවේ හොරු හොයනවා. අල්ලගෙන පෙන්නනවා. කවුරුවත් ජොබ් එකෙන් අස්කරලා ගෙදර යවන්නේ නැහැ.
mahee Wednesday, 22 June 2022 08:29 PM
ඕක අලුත් කතාවක් නෙමෙයි. විදුලියේ ඉන්න ඔක්කොම හොරු. ඕවා කිව්වාට වැඩක් නැහැනේ... අල්ලලා රස්සාවෙන් දොට්ට දාන්න හයියක් නැහැනේ. නිකන් බොරු කතන්දරනේ....