(යොහාන් භාසුර)
ඇතැම් විදේශීකයන් ව්‍යාජ ලෙස සැකසූ පී.සී.ආර්. පරීක්‍ෂණ වාර්තා ඉදිරිපත් කරමින් මෙරටට පැමිණීම රටේ සෞඛ්‍ය ආරක්‍ෂාවට තර්ජනයක් බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.
ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් ඇතුල්වන ඉන්දියාව සහ පාකිස්තානය වැනි රටවල්වල ඇතැම් පුද්ගලයන් ව්‍යාජ ලිපිශීර්ෂ යොදමින් සැකසූ ව්‍යාජ පී.සී.ආර්. වාර්තා ගුවන්තොටුපළ නිලධාරීන්ට ඉදිරිපත් කරන්නේ යැයි දැනගන්නට ලැබී ඇති බව කී රවී කුමුදේශ් මහතා වෙනත් රටවල්වලට යෑම සඳහා ගුවන්තොටුපළට ඇතුල්වන මෙම පුද්ගලයන් හරහා ‘කොවිඩ්’ වසංගතය වඩා වේගයෙන් පැතිරීමේ අවදානමක් ඇති බව සඳහන් කරයි.
එම විදේශීකයන්ගේ පී.සී.ආර්. වාර්තා එලෙසින්ම පිළිගැනීම රට අමාරුවේ දැමීමක් බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා වැඩි දුරටත් කීය.
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විදේශීකයන්ගේ ව්‍යාජ පී.සී.ආර්. වාර්තා තර්ජනයක්
කිරි පුතා Thursday, 30 September 2021 01:13 PM
හැම නිවැරැදි PCR වාර්තා එකකම බාකෝඩ් එකක් තියෙනවා. ඒක ස්කෑන් කරන්න පුලුවන් අපේ ගුවන් තොටේදී...!!!
SUNIL MILANO Thursday, 30 September 2021 01:29 PM
ඒ් කතාවෙනම් ඇත්තක් තියෙනවා
පැරකුම් Thursday, 30 September 2021 01:33 PM
ව්‍යාජ බව දැනගත් වහාම රටට ඇතුල්වීමට ඉඩ නොදිය යුතුය. වෙන රටකට යනකොට අපට කොයි තරම් තදබල නීති තියනවද.!