( තිළිණි ද සිල්වා )
මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින විදෙස්ගත ශ්‍රමිකයින් ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල ගුවන්තොටුපොළ විවෘත කිරීමෙන් පසුව වුවද අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (17) පැවසීය.
මේ වනවිටත් විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 50,000කට ආසන්න පිරිසක් දිවයිනට ගෙන්වාගෙන ඇති අතර, ලියාපදිංචි වී ඇති තවත් සෙසු පිරිසද ඉදිරි දිනවලදී දිවයිනට රැගෙන ඒමට පියවර ගන්නා බවද සාචංරක අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.
ගුවන්තොටුපොළ විවෘත කිරීමෙන් පසුව සංචාරකයින් පැමිණිය ද විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් පැමිණෙන ගුවන්යානාවලට ප්‍රමුඛතාව හිමිවන බවත් පෙන්වා දුන් සංචාරක අමාත්‍යවරයා , සංචාරකයින්ට රට විවෘතකරන බව ප්‍රකාශ කිරීමත් සමග දිවයිනට පැමිණීමට අපේක්ෂාවෙන් පසුවන විදෙස්ගත ශ්‍රමිකයින් අතර අනියත බියක් පැතිරවීමට ඇතැම් පාර්ශ්ව කටයුතු කරමින් සිටින බවද කියා සිටියේය.
ගුවන්තොටුපල හා රට සංචාරකයන්ට විවෘත කිරීම සම්බන්ධයෙන් විපක්ෂය දැඩි සේ කලබල වී , ගුවන්තොටුපල සංචාරකයන්ට විවෘත කලාට පසු තවත් කොරෝනා පොකුරක් බිහි විය හැකි බවතට යහපාලන ආණ්ඩුවේ හිටපු පිරිස් සිදු කරන අසත්‍ය ප්‍රචාර වලට ජනතාව තවදුරටත් ඇන්දවිය නොහැකි බවද සංචාරක අමාත්‍යවරයා කියා සිටී.
කොවිඩ් වසංගතය නිසා මෙරට සංචාරක ව්‍යාපාරය නිසා යැපෙන මිලියන 2.5 කට ආසන්න පිරිසක් පසුගිය මාස 10 ක කාලය තුල දැඩි පිඩාවට පත්වු අතර කොවිඩ් වසංගතය නිසා රටක් හැමදාමත් වසා තැබිය නොහැකිබවද හෙතෙම පෙන්වා දුන්නේය.
ආණ්ඩුව ගුවන්තොටුපල විවෘත කර නැවත රට සංචාරකයන්ට විවෘත කරන්නේ ඉතා විධිමත් සැලැස්මක් අනුව බැවින් ගුවන්තොටුපලට පැමිණිමේ සිට ඔවුන් ආපසු සිය රට බලා යන තුරුම සෞඛ්‍ය හා සංචාරක අංශ අධීක්ෂනය යටතේ එය සිදු කෙරෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විදේශයන්හි සිරවී සිටින ශ්‍රමිකයින් ගෙන්වා ගැනීම නතර කරන්නේ නැ
de silva Thursday, 17 December 2020 09:27 AM
අගෝස්තු මාසේ ඉදන් කියනවා ගෙන්වා ගන්නවා කියලා... කෙරෙන පාටක් නැහැ. හැමදාම කියන්නේ බොරු. ලක්ෂ 2-3 ගෙන්වලා හොටෙල්වල ඉන්න පුළුවන් හැමදාමත් රට ඉදලා එනවා. චීන්නු, ක්‍රිකට් ක්‍රීඩකයෝ එනවා. මෙයා කියන්නේ බොරු... 2/3 තියෙනවා නම් විධායක ජනාධිපති ඉන්නවා නම් විපක්ෂය කුමක් කරන්නද?
Pathum Thursday, 17 December 2020 12:47 PM
රජයට අවශ්‍ය අය දැන් ගෙන්වගෙන ඉවරයි.
a.b.srila Thursday, 17 December 2020 01:06 PM
ආණ්ඩුවට කිසිම සැලසුමක් නෑ. රට ඉන්න මිනිස්සු ගෙන්න ගන්න. මම ඉන්නේ සෞදි දමාම් නගරේ... මේ ගුවන් තොටුපලේ ඉඳලා අනෙක් හැම රටකටම ගුවන් යානා යනවා. නේපාලය, බංගලාදේශය වගේ රටවලටත්.. අපේ රටට පසුගිය මාස 07ක කාලයක් තිස්සේ ගියේ ඉතා සීමිත යානා 10කට අඩුයි. සාමාන්‍ය කාලවල ශ්‍රීලන්කන් සතයකට ඍජූ ගුවන් ගමන් 03ක් තිබුණා.. රියාද් ගිහිල්ලා පොරොත්තු ලේඛනයේ ඉඳලා තමයි යන්න ඕනෑ. හෝටල් වෙලා නිරෝධායනය වෙන්න කැමති මිනිස්සු මෙහෙ ඉන්නවා. සැලසුමක් තියනවා නම් හෝටල් කර්මාන්තයත් රැකලා. අපිටත් අපේ රටට එන්න පුළුවන්..