(සුජිත් හේවාජුලිගේ )
විදේශ අරමුදල් යටතේ අරඹා ඇති ව්‍යාපෘති අපේක්ෂිත කාලසීමාවේ දී අවසන් කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරින්ට උපදෙස් දුන්නේය.
ඉන්දීය ණය ආධාර යටතේ සැපයෙන මෙම පොහොර තොගය මෙරටට ලැබී දින විස්සක් ඇතුළතදී රටපුරා බෙදා හැරීමට සැලසුම්කර ඇතැයිද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ වාරිමාර්ග ක්ෂේත්‍රය මුහුණ දෙන අභියෝග සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග ජනාධිපති මන්දිරයේදී පෙරේදා (1) පැවති සාකච්ඡාවේදීය.
උමාඔය සහ මොරගහකන්ද ව්‍යාපෘති මේ වසර නිමවීමට පෙර අවසන් කර මහ කන්නය සඳහා ප්‍රතිලාභ ලබාදිය හැකි බව මෙහිදී තොරතුරු අනාවරණය විය.
මොරාණ, මහගල්ගමුව පෝෂිත ඇළ මහා ගෝන වැව, විල කණ්ඩිය වැව සහ ගොඩිගමුව වැව ව්‍යාපෘතිවල වැඩද මීට සමගාමීව නිමවීමට නියමිතව ඇතැයි ප්‍රකාශවිය.
සමස්ත විදුලි උත්පාදනයෙන් සියයට අසූවක් පසුගිය දින තුනේ දී ජල විදුලි පද්ධතියට එක්වූයේ ජල සහ සුළං ප්‍රභවයන්ගෙන් බවටද මෙහිදී තොරතුරු අනාවරණයවිය.
ජලය මත පාවෙන සූර්ය පැනල ව්‍යාපෘති ඉහළ නැංවීමට හා වහලය මත සවි කෙරෙන සූර්ය පැනල සඳහා ලබාදෙන ප්‍රතිලාභ වැඩි කර පාරිභෝගිකයන් දිරිගැන්වීමට පියවර ගත යුතු බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.යල කන්නයේ වගා කටයුතු සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමුවිය.
මෙහිදී අදහස් දැක්වූ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සඳහන් කළේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ මහවැලි අධිකාරිය යටතේ ජලය සපයන ඉඩම්වලින් සියයට 50ක් මේ වනවිටත් වපුරා ඇති බවයි.
මහවැලි ගෙවතු දෙලක්ෂ විසි පන් දහසක බෝග වගා සඳහා සැලසුම් කර ඇතැයිද ඔහු සඳහන් කළේය. මෙතෙක් වී වගා කර නොමැති ඉඩම් වල වෙනත් බෝග වගා කිරීම සඳහා අවධානය යොමු කර ඇති බව නිලධාරීහු පෙන්වා දුන්හ.
මෙම සාකච්ඡාවට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අනුර දිසානායක සහ අමාත්‍යාංශ ලේකම් යූ ඩී ජයලාල් යන මහත්වරුද එම අමාත්‍යාංශයට අයත් රේඛීය ආයතනවල නිලධාරීහු පිරිසක්ද සහභාගි වූහ.
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘විදේශ අරමුදල් ව්‍යාපෘති වෙලාවට ඉවර කරන්න’
Sunil Thursday, 02 June 2022 04:16 PM
වසර 02කින් නිමා කළ යුතු ඇතැම් මාර්ග ව්‍යාපෘති, වසර 5කදී වත් නිමාකර නැහැ. මාර්ග ව්‍යාපෘති ඒ සඳහා හොඳම උදාහරණයක්.. කාර්ය මණ්ඩලයට නිකන් පඩි දෙනවා. නෙත් හැර බලන්න.