( තිළිණි ද සිල්වා )
විදේශ ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීමට කලින් දිනයක් හා වේලාවන් වෙන්කර ගැනීමේ පහසුකම මේ මාසය සදහා අවසන් කළ බව ආගමන විගමන දෙපාර්තමේන්තුව කියයි.
ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීමට පසුගිය දින කිහිපයේදී පවතින අධික ඉල්ලුම නිසා මේ මාසය දක්වා වන වෙන් කර ගැනීම් සම්පූර්ණ කර ඇති බවත් , මහජනතාවට මීළඟ දින ලබා දීමේ හැකියාව පවතින්නේ නොවැම්බර් මාසයේ බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
අගාමන විගමන දෙපාර්තමේන්තුවේ කලින් දිනයක් හා වේලාවන් වෙන්කර ගැනීමේ පහසුකම යටතේ පසුගිය දින වලදී දිනකට විදේශ ගමන් බලපත්‍ර දහසක් නිකුත් කෙරුණු බවද එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.
පසුගියදා සදුදා (18 ) මෙම එක් දින සහ සාමාන්‍ය සේවා යටතේ ඉල්ලුම්පත් 4700ක ප්‍රමාණයක් භාර ගැනීමට සිදුව ඇති අතර අසීමිත ලෙස විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමේ ප්‍රවණතාවය නිසා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව දැඩි අපහසුතාවකට පත්ව ඇතැයිද හෙතෙම වැඩිදුරටත් කීවේය.
ලබන නොවැම්බර් මාසයේ සිට මෙම තදබදය පහව යනු ඇතැයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.
පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.
නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී
අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විදේශ ගමන් බලපත්‍ර ගන්න කලින් දින වෙන්කිරීම තාවකාලිකව අත්හිටුවයි
de silva berlin Wednesday, 20 October 2021 02:44 PM
ඉල්ලුම තිබෙනවා නම් සේවක සංක්‍යාව වැඩි කර හොඳ සේවයක් දෙන්නේ නැතිව දැනගන්නවා ,මේවාගෙන් රජයට විශාල ආදායමක් ලැබෙනවා .රජයේ නිලධාරීන් කාර්යාලවල නිකැරුණේ කාලය ගත කරනවා .හැම දේටම කොවිඩ් කියා කියා ඉන්නේ නැතිව ටිකක් උනන්දුවෙලා වැඩ කරන්න .ලෝකයේ අනික් රටවල දැනට මෙහෙම තත්වයක් නැහැ
RD Wednesday, 20 October 2021 04:02 PM
ඇයි නැත්තේ, මගේ මල්ලිට අවුරුදු 5-7 විතර ගිය ඕස්ට්‍රේලියාවල පාස්පෝර්ට් එක ගන්න.
De silva Berlin Wednesday, 20 October 2021 07:04 PM
අවුරුදු 05ක් ගතවුණේ අයදුම්පත ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා ඉදිරිපත් කළ නිසාද? බර්ලින්වල ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා ඉදිරිපත් කරන බලපත්‍ර මාස 1 1/2 -3 අතර ලැබෙනවා.