IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


‘විදෙස්ගතවූවන්ගේ ගැටලු විසඳීම වෙනුවට රක්ෂණයක් දීලා‘

රට ගිහින් බැටකන ගුටි කන ජනතාවට රටේ ජිවත් වෙන්න ආර්ථිකයක් හදන්න ආණ්ඩුව අසමත් වී යැයි ජවිපෙ මන්ත්‍රී ‘එතෙර අපි‘ සංවිධානයේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා අද  (15) පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

‘පසුගියදා ඇතිවූ ගංවතුර ගැලීමෙන් පසු විපතට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් විදේශගත ශ‍්‍රී ලාංකිකයින් විශාල පිරිසක් පුද්ගලිකවත් එතෙර අපි සංවිධානය සමගත් එකතුවී කටයුතු කළා. ඔවුන් විශාල වශයෙන් ආධාර උපකාර කළා. එම සියලූ දෙනාටම එතෙර අපි සංවිධානය ලෙස අපි ස්තූතිවන්ත වෙනවා. ඔවුන් විදේශගත වෙලා සිටියත් තමන්ගේ රටේ සහෝදර ජනතාව වෙනුවෙන් යුතුකම් ඉටු කළා‘ යැයි ද හඳුන්නෙත්ති මහතා කීය.

‘විදේශ ගත ශ‍්‍රී ලාංකිකයින් තමන්ගේ විවිධ ගැටලූ සඳහා මැදිහත් වෙන්න කියලා ආණ්ඩුවෙන් ඉල්ලා තිබියදී ඒවාට මැදිහත් නොවී නොඉල්ලූ රක්ෂණ ක‍්‍රමයක් දීලා තියෙනවා. කටාර් එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල් වලටද මෙම රක්ෂණ ක‍්‍රමය හදුන්වා දී තිබෙනවා. ඒ නිසා ආණ්ඩුව පැහැදිළි කළ යුතුයි මේ රක්ෂණ ක‍්‍රමය කවුරුන් වෙනුවෙන්ද ඊට තිබෙන පදනම මොකක්ද කියලා‘ යැයි ද ඔහු එහිදී සඳහන් කළේය.

web13473957_10209921886990184_549180792_n



අදහස් (0)

‘විදෙස්ගතවූවන්ගේ ගැටලු විසඳීම වෙනුවට රක්ෂණයක් දීලා‘

රජිත් Wednesday, 15 June 2016 03:03 PM

අමුතුම ජාතියේ මිනිස්සු ඉන්න රටක් මේක (නි)

:       0       0

රහීම් Wednesday, 15 June 2016 03:06 PM

රක්ෂණ කීයක් තියනවද? අපි කටාර් වල වැඩ කැරෙන්නේ. අපිට දැනටම අපි වැඩකරන සමාගමෙන් අපිව රක්ෂණය කරලා තිබෙනවා. තව මොන එකකටද රක්ෂණය කරන්නේ. (නි)

:       0       0

වින්සන්ට් Thursday, 16 June 2016 07:37 AM

මැතිවරණ කාලවලදී විදේශ ශ්‍රමිකයන් වෙනුවෙන් දේශපාලකයන් දෙන පොරොන්දු ඉටුවුනා නම් මේ වෙනකොට " අනේ දැන් අපට හොඳටම ඇති කියන" තරමටමය. ඒවගේම විදේශ රටවලට පැමිණ මෙවැනි සංවිධාන ඉදිරියේ දේශපාලකයන් දක්වන ආදරය , කරුණාව සමඟ අසන බයිලාද අපට හොඳටම පුරුදුය. ඇත්තටම තේරුම් ගන්නවා නම් අපට ඇත්තේ දේශපාලකයන් ගැන පිළිකුලක් සමඟ කණගාටුවකි. ශ්‍රිලංකාවේ සේවයේ යෙදෙන කෙනෙකුට අවු.55 කින් විශ්‍රාම වැටුපක් ලැබිය හැකි වුනත් ඉතාලිය වගේ රටක එය අවු. 67 මාස 6 ක් පමණ සහ අඩුම අවු. 20 සේවා කාලයක් තිබිය යුතුය. අවු.60 කින් පසු සේවයේ යෙදීම බොහෝ අයට හැකිවන්නේ නැත. ඉතිරි කර ගත්ත මුදලකින් විශ්‍රාම වැටුපක් ලැබෙන තෙක් ජිවත් වුනත් මේ කාලය ඇතුළත පුද්ගලික රෝහලකට යන්න වුනොත් සාදාගත් ගේදොර විකිණීමට සිදු වෙනවා ඇත. අපි රටට එවන මුදලකින් සාධාරණ මුදලක් රජය විසින් විශ්‍රාම වැටුපක් වෙත යොමු කරන්නේ නම් එය විදේශ ශ්‍රමිකයන් වෙනුවෙන් ඉතා වැදගත්ය. (ර)

:       0       0

සරත් Wednesday, 15 June 2016 03:29 PM

විදේශගත වූ අයගෙන් රජයට ඕනෑ ඔවුන් හම්බකරන සල්ලි ටික ලංකාවට ගෙන්නාගෙන අර බදු මේ බදු කියලා හූරාකන්න විතරයි. (නි)

:       0       0

අශෝක Wednesday, 15 June 2016 04:09 PM

රටට ආණ්ඩු කරන්න වැඩියෙන්ම සල්ලි සොයලා දෙන විදේශ ශ්‍රමිකයන්ට මොන ආණ්ඩුව ආවත් කිසිම සෙතක් නැහැ. අපෙන් ඡන්ද වැටෙන්නේ නැති නිසා වෙන්න ඇති (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 16 June 2016 08:33 AM

බැංකු ණයක් ගන්න ගිහාම විදේශ රැකියා කරන අයට දෙන්නේ නැහැ. රටේ නැති ලියුම් ඉදිරිපත් කරන්න ඕනේ. හැබැයි ඒ බැංකුවේ තියෙන ගිණුමට සල්ලි එවද්දී හොදයි. මමත් කටාර් රාජයේ සේවය කරන්නේ. අපිව හොද ජිවිත රක්ෂණයකට ඇතුල් කරලා තියෙන්නේ මේ ආයතන වලින්. එහෙව් එකේ අඩුම තරමේ ඩියුටි ෆ්‍රී සහනයක්වත් දෙනවනම් හොදයි ඔය වැඩි සම්බාදක අඩුකරලා. (ර)

:       0       0

ඉරෝෂා Wednesday, 15 June 2016 11:25 PM

මම ඉන්නෙත් කටාර්. මේ රක්ෂණය නිසා අපේ රටේ පිරිමි පාර්ශවයට විශාල අසාධාරණයක් වෙලා තියනවා. පිරිමි කට්ටිය වෙනුවෙන් ලංකා මුදලින් 14,500 ක් පමණ රක්ෂණය සඳහා මෙහෙ කම්පැණි වලින් වෙන්කළ යුතුයි. මේ හේතුවෙන් ලංකාවේ පිරිමි අයට වීසා ලබාදීම ගොඩක් ආයතන ප්‍රතික්ෂේප කරනවා. ගෘහ සේවය සඳහා එන කාන්තාවන්ගේ රක්ෂණය එ්ජන්සි මඟින් කරනවා. කාන්තාවන් එන එක අඩුකර පිරිමින් එවනවා වෙනුවට පිරිමින් එන එකට වැට බැඳීමක් විතරයි මෙමගින් සිදුවෙන්නේ. ඇයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් කරන රක්ෂණය මදිද මෙහෙම බොරු වැඩ කරන්නේ. (නි)

:       0       0

රවිඳු ලංකා Wednesday, 15 June 2016 11:44 PM

වරද තිබෙන්නේ විදේශ සේවයට යන්නවුන් නියම දැනුවත්විමකින් තොරව විදේශගතවිමයි. කළයුත්තේ විදේශ සේවයට යන්නවුන් හට නිවැරදි මඟපෙන්වීමේ වැඩසටහනක් දියත්කිරිමයි (නි)

:       0       0

බන්දුල Thursday, 16 June 2016 04:52 AM

අපිත් දැන් අවරුදු ගණනාවක් ඉන්නේ විදෙස්ගත වෙලානේ. එ්ත් යහපතක් නම් පෙනෙනතෙක් මානෙකවත් නැහැ. ගුවන් තොටුපොළ ගාස්තු නම් වැඩි වෙනවා. ඒ ඇරෙන්න කතාව විතරයි. කාට කියන්නද මේ අවනඩු. (නි)

:       0       0

ශාන සෞදි Thursday, 16 June 2016 05:00 AM

මේ වෙනකම් විදේශ ශ්‍රමිකයන් වෙනුවෙන් කිසිම ආණ්ඩුවක් හෝ ශ්‍රී ලංකාවේ කිසිම දේශපාලන පක්ෂයක් කරපු දෙයක් නැහැ. වෙලාව බලලා නමක් දාගෙන රටින් පිට ඉන්න අපෙන් මුදල් කඩාගෙන තමන්ගේ පක්ෂ වලට ලකුණු දාගන්න එක තමා ඔය හැමෝම කරන්නේ. හැමදාම කරන්නේ ඡන්ද ටික බාගන්න බොරුවට මාධ්‍ය සංදර්ශන පවත්වන එක. (නි)

:       0       0

ජෝන් Thursday, 16 June 2016 05:17 AM

කටාර් සහ එමිරේට්ස් වල තියෙනවා වැඩකරන ආයතන වලින් පිරිනමන ගොඩක් හොඳ රක්ෂණ ක්‍රමයක්. මේක විදේශ සේවයෙන් ඇතිකරගත්ත මොකක් හරි ගැහිල්ලක් තමයි. (නි)

:       0       0

නිශාන්ත Thursday, 16 June 2016 05:37 AM

ඔය කිසිම දෙයක් වැඩක් නැහැ. විදේශගත ලාංකියන්ට ලබාදෙන්න ඕනෑ විශ්‍රාම ක්‍රමයක් හා වාහනයක් ගන්න බලපත්‍රයක්. කෝ ඒවා? (නි)

:       0       0

පෙරේරා රියාද් Thursday, 16 June 2016 06:12 AM

හැම ආණ්ඩුවක්ම අපි එවන සල්ලි වලින් යැපෙනවා අපි ලංකාවට අපු දාට වෙන උන් රට යනවා ඊට පස්සේ උන්ගෙන් ආණ්ඩු යැපෙනවා .ලංකාවෙන් පිට ජොබ් කරන අපිට අපේම පිහිට තමා මොකා ආණ්ඩු කළත් (බ)

:       0       0

ශාන් සෞදි Thursday, 16 June 2016 06:12 AM

අපේ නම විකුණා දේශපාලනය කිරීම වහාම නවත්වන්න මොන එකේ අය වුනත් අපට එපා (බ)

:       0       0

ජනක පෙරේරා Thursday, 16 June 2016 06:15 AM

රක්ෂණයට මුදල් ගෙවා නෑ කියා මගේ ගුවන් ගමන එක පාරක් අහෝසි කළා. ගෙදර යැව්වා ලංකාවේ එයාර් පෝර්ට් එකෙන්. නැවත අතින් සල්ලි දීල වෙන ටිකට් එකක් අරන් ආවා (බ)

:       0       0

පුබුදු ප්‍රසන්න Thursday, 16 June 2016 06:20 AM

නිශාන්ත හරි. අපිට ඕන ඒ වගේ දේවල් විතරය්. මොකද ගොඩක් හොඳ රක්ෂණයක් මේ ආයතන වලින් අපිට දීලා ඉවරය්. වෙන්න ඕන ඩියුටි ෆ්‍රී වාහනයක් ගන්න බලපත්‍රයක්. විශ්‍රාම ක්‍රමයක්...පොලී නැතුව නිවාස ණයක්. (බ)

:       0       0

සමන් පෙරේරා සෞදි Wednesday, 15 June 2016 12:48 PM

හැම රජයක්ම පත්කරකර ඉල්ලීම් කරන මෝඩ ජනතාවක් සිටින රටක් ලංකාව....විදේශ ශ්‍රමිකයන්ට දීපු දෙයක් තියෙනවද . (අ)

:       0       0

උපාලි Thursday, 16 June 2016 06:54 AM

උගතුන් බුද්ධිමතුන් විරහිත පාලන තන්තරයක කුමක් බලාපොරොත්තු වෙමුද ? (ම)

:       0       0

සුමිත්‍රා බස්නායක Wednesday, 15 June 2016 02:08 PM

විදේශ ශ්‍රමිකයන්ගේ මුදල් වලින් සුර සැප විඳින්න කොටසකුත් අපේ ලංකාවේ ඉන්නවනේ. ඒ වුණාට අඩුගානේ වාහනයක්වත් ගන්න පහසුකමක් කව්ද හදලා දෙන්නේ? රක්ෂණ වලින් වැඩක් නැහැ. ඕවා බොරු වැඩ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 466 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 867 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 205 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී
2024 ඔක්තෝබර් මස 03 746 1

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර


විජිතගේ ප්‍රකාශය වැරදියි
2024 ඔක්තෝබර් මස 03 1434 2

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නීති කටයුතු පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රකාශය සාවද්‍ය බව අට වන විධායක ජනාධිපති රනිල් වික්‍


පොලිස්පති මහජන සහන දිනය යළිත්
2024 ඔක්තෝබර් මස 03 566 1

පොලිස්පති මහජන සහන දිනය ඔක්තෝම්බර් 11 වන දින සිට යළි ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38786 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25474 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 999 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site