IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


විදෙස්ගත ශ්‍රමිකයන්ටත් තීරුබදු සහන ඉල්ලයි

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ද මවු රටට වාහන ගෙන්වීමේදී තීරු බදු සහන ලබාදෙන්නැයි එතෙර අපි සංවිධානය රජයෙන් ඉල්ලා සිටී.

තීරු බදු රහිතව වාහනයක් ලංකාවට ගෙනඒමට විදෙස්ගත ශ්‍රමිකයන් බලධාරින්ගෙන් කලක් තිස්සේ ඉල්ලීම් කළ ද රජය එය නොතකා හැර ඇතැයි චෝදනා කළ එම සංවිධානයේ ලේකම් ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා අවම වශයෙන් ඔවුන් ලංකාවට එවා ඇති මුදලේ ප්‍රතිශතයක් ලෙසින් හෝ මෙම තීරුබදු සහනය ලබාදෙන්නැයි ඉල්ලා සිටින බව ද කීය.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ ඡන්ද අයිතිය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුලු කිරීමට ගෙන ඇති පියවර ගැන සතුටු වන බව ද නිපුණආරච්චි මහතා වැඩිදුරටත් කීය.

Janaka-Adikari Lakshman-Nipunaarachchi



අදහස් (0)

විදෙස්ගත ශ්‍රමිකයන්ටත් තීරුබදු සහන ඉල්ලයි

මංගල Tuesday, 08 November 2016 03:02 PM

මේ ඉල්ලීමට නම් කිසිම ප්‍රතිචාරයක් නැතිවෙයි. හරිනම් ඉතින් මේ සහනය ලැබියයුතුම වන්නේ විදේශ විනිමය උපයන අයටයි. ඒත් ඉතින් මේ කසඩ දේශපාලුවො ඉන්න කම් කොහෙද සුදුස්සාට සුදුසු තැන? (බ)

:       0       0

ඇල්ෆ්‍රඩ් Tuesday, 08 November 2016 03:11 PM

රොෂාන්, කවදාවත් රට ගිහින් නැති කෙනෙක් වෙන්ඩ ඇති. සුපිරි වාහන තමා එහෙ එලවන්නෙ. නමුත් පිටරට යන අයගෙන් කෝටි ගණන් හම්බ කරන්නේ අහක ඉන්න උන්.ඉල්ලීම හරිම සාධාරණයි (බ)

:       0       0

චාමර Tuesday, 08 November 2016 03:25 PM

ඉස්සර ඔය පහසුකම තිබුනා, ඩොලර් 20000.00 ට වැඩිය ලංකාවට එවපු අයට. පස්සේ නැතිකළා. අපිත් රට හිටියා. ලංකාවට කෝටි 5 ක් විතර එව්වා. ඒ වුණාට කාර් එකක් නැහැ (නි)

:       0       0

ලුසේනා Tuesday, 08 November 2016 03:33 PM

මේ ක්‍රමය පෙර තිබිලා පසුව අවලංගු කරලා දැම්මා. මොකද විදෙස්වල සිටින සෑම කෙනෙක්ම මෙමගින් අයුතු ප්‍රයෝජන ගත් නිසා. මම හිතන්නේ අවම වසර 20 වැඩි විදෙස් රැකියා කරන සහ ලංකාවට සැළකියයුතු මුදලක් එවා තිබෙන අයට මෙම සහනය දුන්නාට රජයට අලාබයක් නොවෙනවා කියලයි (නි)

:       0       0

සජිත් Tuesday, 08 November 2016 04:00 PM

ඉතාමත් හොඳ යෝජනාවක්. පිටරට යාමට හේතුවත් ගෙයක් සාදා ගැනීමටත් තමන්ටම කියා වාහනයක් ගැනීම කාගේත් සිහිනයක්. මෙම ඉල්ලීම ඉතාමත් සාධාරණයි (නි)

:       0       0

රුවන් Tuesday, 08 November 2016 04:05 PM

රොෂාන්, අපේ අයිතියක් ඉල්ලන්න ලැජ්ජා වෙන්න ඕනෑ නැහැ. රටට වැඩිම විදේශ විනිමය එවලා ලංකාවට ගිහින් නිකන් ඉන්න අයගේ වාහන වල යන්නද කියන්නේ. මේ වෙතත් රටවල් වලින් පිටරට ඇවිල්ලා ඉන්න අයට ඒ රටවලින් කරන දේවල් අපේ රටේ කරන්නේ නැහැ .තවත් හූරාගෙන කන්න බලනවා (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 08 November 2016 04:07 PM

මට නම් වාහන 2-3 නක් ගෙදර තියෙන නිසා අපි ලංකාවට එනකොට ගෙනෙන හාල්, පිටි, සීනි, පරිප්පු, කිරිපිටි, කරවල...... වලට ගහන බදු ගැහිල්ල නතර කළොත් හොඳටෝම ඇති. (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 08 November 2016 04:09 PM

රොෂාන්, ඔබ හරි. (නි)

:       12       9

ගුණසිරි Tuesday, 08 November 2016 04:17 PM

මිතුරනි, රටක රජයක් තියෙන්න ඕනෑ ජනතාවගේ අවශ්‍යතාවයන් මැනවින් සොයාබලා ජනතාවගේ සිතැඟි පරිදි ක්‍රියාකරන්න මිසක් රජය ගහන පදයට ජනතාව රූකඩ වෙන්න නෙමෙයි. රජය එපා නම් ගෙදර යවන්නත් ජනතාවට තමයි පුළුවන් (නි)

:       0       0

ගුණේ Tuesday, 08 November 2016 04:25 PM

සෙනෙවි ඉතාම නිවැරදියි. ඔය ආකාරයට සිතන්නේ නම් අපි පළමු ලෝකයේ රටවලුත් පරද්දලා. (නි)

:       0       0

ප්‍රේම්නාත් Tuesday, 08 November 2016 05:01 PM

රොශාන්ලා වගේ අය ඉන්න ලංකාවට හරියයිද? ඉතා හොඳ ඉල්ලීමක්. මේවා කළේ බොහෝ කාලයක සිට. එක දේශපාලුවෙක්වත් ඒවාට පිළිතුරු දුන්නේ නැහැ. දැන්වත් සහනයක් ලබාදෙන්න යහපාලනය කටයුතු කරයිද බලමු (නි)

:       0       0

පෙරේරා Tuesday, 08 November 2016 05:19 PM

ලැබෙයි, බලාගෙන ඉන්න. අපි නම් ඡන්ද දෙන්නේ නැහැ. ඒ ගොනා විකුණුවා අපි (නි)

:       0       0

ලලිත් Tuesday, 08 November 2016 05:59 PM

රටට ප්‍රධාන ආදායම විදේශ වල රැකියා කරන අය එවන මුදල් කියලා රජයම කියනවා. ඒ කියලත් ඔවුන්ට කිසිම සහනයක් නැහැ. (නි)

:       0       0

සදුනි Tuesday, 08 November 2016 06:04 PM

සල්ලි තියෙන අයට මොකටද බදු සහන? ඉස්සර වගේ නෙමෙයි දැන් ඉන්දියන් වාහන ඉතා අඩු මිලට ලංකාවේදී ගන්න පුළුවන්. බදු සහන සිමා කළේ ලංකාවෙන් පිටරට ඇදීයන ඩොලර් නවත්වන්න. නැත්නම් රුපියල තවත් ඉහළට ඇවිල්ලා මුළු ලංකාවට පරිප්පු කන තත්වයක් වේවි. (නි)

:       0       0

සනත් Tuesday, 08 November 2016 06:12 PM

මේ යෝජනාව නම් හොඳයි. අඩුගානේ ඒවා‍යේ මුදලටවත් සරිලන විදියට සහනයක් දෙනවා නම්... නමුත් නොවෙන්නෙත් එ්කමයි. නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයකුත් තව පොඩ්ඩක් ඕනෑ කියනවනේ. (නි)

:       0       0

රූපවතී Tuesday, 08 November 2016 06:45 PM

හොඳ අදහසක්. ලංකාවේ ඉන්න දුප්පත් මිනිසුන් විදේශගතවෙලා තම දරු පවුල් රකින්නේ අනුන්ගේ වහල් වැඩ කරලා. ඒ උපයන විදේශ මුදලේ සියලුම අයිතීන් භුක්ති විඳින්නේ රටේ මැර දේශපාලකයෝ පමණයි. උගතුන් සියල්ලම පිටරටවල පදිංචියට ගියාම දේශපාලකයෝ රජවෙනවා, නුගතුන් ටික පිරිවරාගෙන. මාත් පිටරටක සේවය කරන්නේ. මටත් ඩියුටිෆ්‍රී වාහනයක් පාවිච්චි කිරීමට අවස්ථාව ලැබිලා තිබෙනවා. එ්ත් ඔය ලංකාවේ වගේ නීති මෙහෙ නැහැ (නි)

:       0       0

පද්මසිරි Tuesday, 08 November 2016 07:07 PM

මෙය කරනවා නම් ඉතාම හොඳ වැඩක්. අපිත් අවුරුදු 20 ලංකාවට ගොඩක් සල්ලි ගෙනවිත් තියනවා. ඒවාට අපි ගැනත් බැලුවොත් වටිනවා (නි)

:       0       0

මහවත්ත Tuesday, 08 November 2016 09:23 PM

හරි වැදගත් දෙයක්. අපි එවා ඇති සල්ලි ලංකාවට මිලියන ගානක්. ඒවගෙන් තමා දේශපාලකයෝ සැප ගන්නේ. ඔවුන් රට කකා සැප ගන්නවා. අපි රටට කරලා දුක් විඳිනවා (නි)

:       0       0

ඉරූෂාන් Tuesday, 08 November 2016 10:22 PM

කිසිම රජයකට විදෙස්ගත ශ්‍රමිකයන් පිළිබඳ උනන්දුවක් තිබුනේ නැහැ (නි)

:       0       0

කෝනාර Tuesday, 08 November 2016 10:45 PM

ඉතා හොඳයි. ගුණසිරි හරියට හරි. 300% ක් බදු ගහන එකම රට ලංකාව. නමුත් පිටරට රස්සා කරලා මෙරටට බිලියන 8 ක් එවන අපිට වාහනයක් ගන්න බැහැ. නමුත් අපේ සල්ලි වලින් පඩි, දීමනා, වාහන, ඉන්ධන, රියදුරන් ඇතුළු සියළු වරප්‍රසාද ගත් හිටපු සමහර ලොක්කෝ ශ්‍රමිකයන්ට ගෞරවයක් දිලා කතාකරන්නවත් දැනගෙන හිටියෙ නැහැ. මතක් වෙනකොට අප්‍රසන්නයි (නි)

:       0       0

ටෙනිසන් Tuesday, 08 November 2016 10:49 PM

ක්‍රියාත්මක කරන්න පුලුවන් නම් කොච්චර හොඳද? (නි)

:       0       0

අසාර් Tuesday, 08 November 2016 11:23 PM

අපේ සල්ලි වලින් දුවන, අපිට සේවය කරන්න පිහිටුවලා තියෙන කාර්යාංශයේ නිලධාරින්ට වාහන දිලා තියෙන්නේ රාජකාරි ගමන් සඳහා පමණක්ද? තම තමන්ගේ පුද්ගලික ගමන් බිමන් යන්නත් එක්කද? ඒවායේ රනින් චාට් එහෙම හරියට නඩත්තු කරනවද? දන්නෙ නැති නිසයි අහන්නේ (නි)

:       0       0

වසන්ත Wednesday, 09 November 2016 12:52 AM

ඉතා හොඳ අදහසක් (නි)

:       0       0

නාමලී Wednesday, 09 November 2016 02:04 AM

අන්න කරලා පෙන්වන්න. යමක් අපිට කළා කියලා අපි පිළිගන්නවා එතකොට නම්. (නි)

:       0       0

සමනලී Wednesday, 09 November 2016 02:05 AM

රටවිරුවොයි කිය කියා කැරට් අල දෙන්නේ නැතුව මේ වගේ වැඩක් කරන්න අපි වෙනුවෙන් (නි)

:       0       0

අජිත් Wednesday, 09 November 2016 02:10 AM

මේක පුදුම රටක්. ජනතාවට සේවය කරන්නයි කියලා අපි එවන සල්ලි සහ බදු වලින් බදු රහිත වාහන, නිකන් ඉන්ධන ලැබෙන්නේ දේශපාලඥයින්ටයි, වන්දිබට්ටයින්ටයි. බදු ගෙවන සහ පිටරටවල දහදුක් විඳලා ලංකාවට සල්ලි එවන අපිට මුකුත් නැහැ. අඩුගානේ බදු රහිත වාහනයක් ගන්න බැහැ අද වෙනකම් (නි)

:       0       0

රාජ් Wednesday, 09 November 2016 02:15 AM

දේශපාලඥයින්ට වසර 5 න් විශ්‍රාම වැටුප්. අපිට වයස 55 වෙනකම් වැඩකළේ නැත්නම් නැහැ. පිටරටවල දහදුක් විඳලා ලංකාවට සල්ලි එවන අපිට ඩියුටි ෆි නැහැ. අපෙන් කකා සැපගන්න දේශපාලඥයින්ට ඩියුටි ෆී ත් තියෙනවා. ඉන්ධනත් නිකන්. සේවකයොත් නිකන්. නිල නිවාසත් නිකන්. අනේ මන්දා? මොකක්ද මේ අවුල කියලා (නි)

:       0       0

පීරිස් Tuesday, 08 November 2016 10:09 AM

මේකට අපි ඉල්ලීම් කළේ මීට අවුරුදු ගානකට කලින්. පොරොන්දු වෙනවා විතරයි. ප්‍රතිඵල නැහැ. (නි)

:       0       0

යසන්ත Wednesday, 09 November 2016 02:24 AM

අපෙන් යැපෙන ජනතා සේවකයෝ කියාගන්නා දේශපාළුවන්ට සහ හෙන්චයියන්ට ජනතාව වන අපි “ගරු ඇමතිතුමා, ගරු මන්ත්‍රීතුමා, එතුමා, එතුමිය“ කියලා දෙකට නැවෙන රටක් මේක. කරන ගරු සේවයක් නැහැ. වැටුපට වැඩ කරන්නේ. විශ්‍රාම වැටුපුත් ගන්නවා අවුරුදු 5 න්. එහෙව් එකේ අපිට නොදී ඒ අයට ඩියුටි ෆී දෙන එක අරුමයක් නෙමෙයි. (නි)

:       0       0

බන්දුල Tuesday, 08 November 2016 10:18 AM

දෙන්න පුළුවන් නම් ඉතා වටිනවා (නි)

:       0       0

ප්‍රදීප් Tuesday, 08 November 2016 10:17 AM

විදෙස්ගත ඉපැයීම් අදායම් බද්දෙන් නිදහස් කර ඇති අතර ලංකාවේ පුද්ගලික සේවයේ යෙදෙන්නන් වැටුපෙන් 16% බදු ගෙවයි. සහනයක් දිය යුත්තේ කාටද? (නි)

:       0       0

මහසෙන් Wednesday, 09 November 2016 02:34 AM

ඒක තමයි මේ අදහස් දැක්කම අර කවුදෝ කියන සින්දුවක් මතක්වෙන්නේ. “අඹ ගෙඩියක හැඩේ ගත්තු අරුම පුදුම රටක් තියෙනවා“ කියන සිංදුව (නි)

:       0       0

සුනෙත් Tuesday, 08 November 2016 10:30 AM

කවුරුහරි දන්නවද විදෙස් ශ්‍රමිකයෙක් වශයෙන් ලංකාවේ ලියාපදංචි වෙන්නේ කොහොමද කියලා. මම දැනට ඉතාලියේ වැඩ කරන්නේ. ස්තුතියි (නි)

:       0       0

සුරේෂ් Tuesday, 08 November 2016 10:34 AM

අපි මේ රටට අවුරුදු ගානක් දුක් විඳලා මුදල් එවනවා. අඩුමගානේ වාහනයක් ලංකාවට ගෙනියන්න සහන සළස්වලා දෙන්න (නි)

:       0       0

ප්‍රදීප් Wednesday, 09 November 2016 03:09 AM

මේ රට ඉන්න කව්රුවත් රට ගැන ආදරේට රට ගිහිල්ලා නැහැ. මේගොල්ලෝ කියන්නේ හරියට ලැබෙන සල්ලි ආණ්ඩුවට දෙනවා වගේ. රජයට ඇත්තේ විදේශ විනිමය නිසා $ එක පාලනය කරගැනීමේ හැකියාවක් පමණි. ඒ වෙනුවෙන් විදෙස් ඉපැයීම් අාදායම් බද්දෙන් නිදහස් කර ඇත. මෙරට සේවය කරන්නන්ට මෙහෙම සහනයක්වත් නැත (නි)

:       0       0

බමුණු Tuesday, 08 November 2016 10:52 AM

අපේ රටේ මුළු භාන්ඩ අපනයනයෙන් ලබන අදායමෙන් හරි අඩකට වඩා කිසිම වියදමක් නැතිව රටට ලබාදෙන්නේ විදෙස්ගත ශ්‍රමිකයන්. භාන්ඩ අපනයන කරුවන්ට නොයෙකුත් පහසුකම් රජය වසින් ලබා දී තිබෙනවා. නමුත් අපනයන අදායම වගේ අඩකට වැඩිය උපදවන විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙ උපයන ලද මුදලට සලකාබලා බදු රහිත වාහනයක් ගේනවා ගැනීමට පහසුකම් සලස් වන්නේ නම් රජයට තවත් ලාබ ලැබෙනු ඇත. (බ)

:       0       0

වෙදගේ Wednesday, 09 November 2016 03:15 AM

ඉල්ලන්න පුළුවන් දෙන්න තමයි බැරි 1980 ඉඳල ඉල්ලනවා හැබැයි දෙන්නේනම් නෑ (බ)

:       0       0

විජයනාතන් Tuesday, 08 November 2016 11:00 AM

හොද අදහසක්...... හොද තීරණයක් ගන්න කියා බලධාරින්ගෙන් ඉල්ලා සිටිමි (බ)

:       0       0

ගමගේ Tuesday, 08 November 2016 11:04 AM

ඉතාම හොඳ යෝජනාවක්. දැනටත් අපේ සල්ලි වලින් තමා හැමෝම ඩියුටිෆ්‍රී වාහන ගන්නේ. ඉතින් අපිටත් දුන්නට කමක් නැහැ! (බ)

:       0       0

නාමල් Tuesday, 08 November 2016 11:05 AM

පාර්ලිමේන්තුවේ සිටින ඇතැම් හොරුන්ට කොටිගණනක් වටිනා වාහන ගෙනඒමට තීරුබදු සහන දී ඇත . නමුත් රට රටවල් වල දුක්විදින ශ්‍රමිකයන්ට තීරුබදු සහනය ලබාදීමට රජය මලිවෙයි . පිටරට ඉන්න අපේ ශ්‍රමිකයන්ගේ මුදන් නොතිබෙන්න අද අපේ ආර්ථිකය කම්මුතුයි .(අ)

:       0       0

සෙනරත් Tuesday, 08 November 2016 11:31 AM

මෙය හොඳ වැඩක් (අ)

:       0       0

ගුණසිරි Tuesday, 08 November 2016 12:02 PM

ශ්‍රී ලංකාවේ තීරුබදු නීති මොන උගතද හැදුවේ ? වාහන ගෙන්වීමේදී එකට 300ක් බද්දක් , එවන් බද්දක් පැනවූ රටක් මම නම් නොදනිමි.මේක තුන්වැනි ලෝකයේ දුප්පත් රටක් ලෙස හංවඩු ගැසුණු අපේ ගෙලට තොන්ඩුවක් යෙදු කඹයක් යොදා දෙපැත්තෙන් අදිනවා වැනියි (බ)

:       0       0

කමල් Wednesday, 09 November 2016 03:50 AM

වසර 10-15 විදෙස්වල සේවය කල අයට වත් සහනයක් කරන්න. (ම)

:       0       0

චාමර ගුණතිලක Tuesday, 08 November 2016 12:30 PM

මෙය ඉතා හොඳ අදහසක් දුප්පත් මිනිස්සු රට ගිහිල්ලා ලංකාවට පැමිණි පසු අඩු ගණනේ ස්වයං රැකියාවක්වත් පටන් ගන්න මේ මිනිස්සුන්ට උදව් රජය මගින් කළයුතු වෙනවා, අඩු ගන්නේ ඩියුටි ෆ්‍රී වාහනයක් ගන්න තියනවනම් ස්වයං රැකියාවට එය මහඟු උපකාරයක්. හැම තැනම දේශපාලකයට පමනයි සලකන්නේ රටට බිලියන 12.5 මුදලක් උපයා දෙන මේ මිනිස්සු ගැන කවුරුවත් කතා නැ. (බ)

:       0       0

ඉන්ද්‍රා Tuesday, 08 November 2016 12:33 PM

කාලෝචිත යෝජනාවක් විදේශ ශ්‍රමිකයන් වෙනුවෙන් දෙන දැනෙන සහනයක් මෙය කිසිම රජයකින් මේ වෙනතුරු සහනයක් නෑ විදේශ ඇමති තුමියනි ඔබගේ අවදානය යොමු කරන්න .මෙය ක්‍රියාත්මක වුවහොත් මහත්වූ ජනතා ප්‍රසාදයක් ලැබේවි .(බ)

:       0       0

ලලිත් Tuesday, 08 November 2016 12:52 PM

ඉතාම වටිනා ඉල්ලීමක්. අපේ බදු මුදල් වලින්ම කකා. එව්වගෙන්ම වැටුප් අරන් එව්වගෙන්ම රට සවාරි යමින් රජසැප විඳින හොරු රැලකට තීරු බදු සහන දෙන එකේ, රටට අදායමක් ගෙනෙන පිරිසකට එම සහන ලබා දීමේ කිසිම වරදක් නැහැ. මේ හොරු මදිවට උන්ට එහෙයි කියන නිලධාරීන්ටත් එම සහන ලබා දෙන්නෙත් අපේම මුදලින්. (බ)

:       0       0

සෙනෙවි Tuesday, 08 November 2016 01:00 PM

සහල් ආනයනය කිරීමට වැය වන විදේශ විනිමය ඉතුරු කර දෙන වී ගොවියාටත් මේ ආකාරයටම ලෑන්ඩ් මාස්ටරයක් වත් ගන්න සහන දෙන්න බැරි ඇයි ? (බ)

:       0       0

විජේසේකර Tuesday, 08 November 2016 01:06 PM

ඉතාමත් වටිනා යෝජනාවක් ශ්‍රී ලංකාවට එරටදී තම ශ්‍රමය කැපකොට තම දෙමාපිය සහෝදර සහෝදරියන් දූ පුතුන් හිටවතුන් ගෙන් වෙන්ව සමහරවිට විවිධ දුක් කම්කටොලු වලටද මුහුණ දෙමින් අප රටට විදේශ විනිමය උපාය දෙන ඔවුන් ගැන මේ විධියට හෝ සැලකිල්ලක් දක්වන්නේ නම් මැනවි. (බ)

:       0       0

රාමනායක Tuesday, 08 November 2016 01:31 PM

අැත්තටම විදේශගතව සේවය කරන ලාංකියන්ට ජීවිතයට ඵක වරක් හෝ අනිත් අය බුක්ති විදින තීර බදු සහනය ලබා දීම යුත්ති සහගතයි (බ)

:       0       0

රොෂාන් Tuesday, 08 November 2016 01:52 PM

උඹලට ලජ්ජා නැද්ද බන් ඕකුන්ගෙන් හිඟමන් යදින්න? වාහනයක් පදින්න ආශාවක් තියනවා නම්, පිටරටකදී බ්‍රෑන්ඩ් නිව් වාහනයක් අඩු මුදලකට මිලදීගෙන පදවන්න පුළුවන්නේ? කොහෙද ඉතින් පිටරටක ජීවත් වුනාට, හිතේ ආශාව තියෙන්නේ අල්ලපු ගෙදර එකාට පේන්න වාහන කබලක් ගේ ඉස්සරහ ගහ ගන්නනේ? (බ)

:       0       0

තෙන්නකෝන් Tuesday, 08 November 2016 01:59 PM

ඉතා හොඳ ඉල්ලීමක් මේවා කළේ බොහෝ කාලයක සිට එක දේස පාලුවෙක්වත් ඒවාට පිළිතුරු දුන්නේ නැහැ, දැන්වත් සහනයක් ලබාදෙන්න යහපාලනය කටයුතු කරයි ද බලමු තලතා මැතිනිය දිහා බලාගෙන ඉමු (බ)

:       0       0

වසන්ත Tuesday, 08 November 2016 02:01 PM

ලංකාවට එවූ මුදල් ප්‍රමාණය මත සහනය ලබා දෙනවනම් හැමටම සාධාරණයක් වේවි (බ)

:       0       0

ටිරෝන් Tuesday, 08 November 2016 02:12 PM

මෙය කළයුතු වැඩක් පුදුමසහගත කාරණයනම් පාලකයන්ට මෙය නොපෙනීමයි අනිත් අය වාගේ රජයට මේ සම්බන්දව දැඩිව බලපෑම් කළ යුතුයි (බ)

:       0       0

කරුණාරත්න Wednesday, 09 November 2016 04:56 AM

ඉතා හොඳ අදහසක්! විදේශගත ශ්‍රමිකයන්ට කරන ප්‍රති උපකාරයක් විදියට මේක රජයෙන් ඉටුවිය යුතු දෙයක්.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාලමකින් එගොඩ වෙන්න ගිය අයෙක් අතුරුදන්
2024 ඔක්තෝබර් මස 11 38 0

පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කඩුවෙල යාකාල වැලිහිද ඇල හරහා ඉදිකරමින් පවතින පාලමක් හරහා ගමන් කිරීමට ගිය 39 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී අතුරුදහන් වී ඇත


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 221 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


කලු ගඟේ ජල මට්ටම ඉහළට: මාර්ග රැසක් ජලයෙන් යටවෙයි
2024 ඔක්තෝබර් මස 11 522 0

ඇදහැලෙන මහ වැසි නිසා කලුගඟේ ජල මට්ටම මුවගම ස්වයංක්‍රීය ජල මාපකයේ අද( 11) පෙරවරු 10.15 වන විට මීටර් 5.2ක් වු පිටාර මට්ටමට ඉහළින් සුලු ගංවතුරක අවදානම් මට්ටමට පැම


සුළගෙන් අම්බලන්ගොඩ ධීවර වරායේ යාත්‍රා 20 කට හානි
2024 ඔක්තෝබර් මස 11 372 0

අම්බලන්ගොඩ ධීවර වරායේ ගාල් කර තිබූ බහු දින ධීවර යාත්‍රා විස්සකට පමණ අද (11) හමාගිය තද සුළගකින් දැඩි අලාභ හානි සිදුව ඇතැයි එම ධීවර යාතාවල හිමිකරුවන් කියති


නාම යෝජනා භාර ගැනීම අද දහවල් 12 ට අවසන්
2024 ඔක්තෝබර් මස 11 320 0

2024 පාර්ලිමේන්තු මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද 11) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ
2024 ඔක්තෝබර් මස 11 1402 2

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39865 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25887 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 113 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 397 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1266 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site