IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


විදෙස්ගත ශ්‍රමිකයන්ටත් විශ්‍රාම වැටුපක්

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වෙනුවෙන් විශ්‍රාම වැටුප් ක්‍රමයක් ඇති කිරීම සඳහා විදේශ රැකියා අමැති තලතා අතුකෝරල මහත්මිය ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇතැයි විදේශ අමාත්‍යංශය කියයි.

මෙරට විගමනික ශ්‍රමිකයින් සදහා වන යෝජිත විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමටත් ,ඒ සදහා වන නීති කෙටුම්පත කිරීමටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.

එසේම යෝග්‍ය පරිදි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත සංශෝධනය කිරීමටත් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය ඉදිරිපත් කළ යෝජනාවද  අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇත.



අදහස් (0)

විදෙස්ගත ශ්‍රමිකයන්ටත් විශ්‍රාම වැටුපක්

බුද්ධික, Monday, 07 November 2016 12:43 PM

මේ යෝජනාව ඉක්මනින් ඉටු කරන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා...(බ)

:       0       0

හේමන්ත Monday, 07 November 2016 12:49 PM

මේකත් අසාධාරණ ලෙස වැට් ගහනවා වගේ ඒ ශ්‍රමිකයන්ගේනුත් ගානක් කපා ගන්න කරන උප්පරවැට්ටියක් වෙන්න පුළුවන්. දැන් ආණ්ඩුවට බල්ලෝ මරාගෙන හරි සල්ලි තමා ඕන. ශ්‍රමිකයන්ට ආදරයකට වෙන්න බැහැ. ඒ තරම් ශ්‍රමිකයන්ට ආදරේ නම්, ඔවුන් සැමට නොමිලේ ගිණුමක් ආරම්භ කොට එයට මුදල් දැමිය යුතුය. ඔවුන් රටට කරන සේවය කියා නිම කළ නොහැක. (බ)

:       0       0

චමල් Monday, 07 November 2016 12:51 PM

අනේ අපිටනම් එපා. අපිට අපේ පාඩුවේ ජොබ් එක කරගෙන ඉන්න දෙන්න. ඕක නිකන් දෙන්නේ නැහැනේ. අපේ පඩියෙන් යම් කිසි දායකත්වයක් ඉල්ලයි අනිවාර්යෙන්ම. (බ)

:       0       0

දයානි Monday, 07 November 2016 12:54 PM

ඕව විශ්වාස කරන්න බැහැ .පුළුවන්නම් අපෙන් ගනියි (බ)

:       0       0

කුමාරි Tuesday, 08 November 2016 05:39 AM

ශ්‍රමිකයන්ගේ පඩිපතෙන් මාසිකව සීයට ගානක් කපන්නේ නැතිව ඕන දෙයක්. ශ්‍රමිකයගෙන් කපාගෙන ගෙවනවනම් ඒක විශ්‍රාම වැටුපක් නැහැ (ම)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Monday, 07 November 2016 01:14 PM

මම අවරුදු 6-7 ක සිට ඩුබායි රටේ රැකියාව කරන්නේ.හැම අවරුදු 2 කටම සැරයක් රුපියල් 3400 ක් විදේශ සේවා එකට පුජා කරලයි මෙහෙට එන්නේ.2013 දී මම ලංකාවෙන් එනකොට විදේශ සේවා එකට රුපියල් 3400 ගෙවන්න මාසයක් ප්‍රමාද වුන කියල රුපියල් 11650 ක් ගෙවන්න සිද්ද වුණා.ඒ වගේ ගෙවා ගන්න බැරි මිනිස්සු මොන තරම් නම් අසරණ වුනාද? (බ)

:       0       0

මොහමෙඩ් Monday, 07 November 2016 01:25 PM

අපෙන් මාසිකව කියක් කපාගන්නවද දන්නේ නැහැ (බ)

:       0       0

විකුම් රංගන Monday, 07 November 2016 01:49 PM

ආයේ කතා දෙකක් නැහැ විදෙස් ගත ශ්‍රමිකයින්ගේ පොකට් එකටත් තට්ටු කරන විදිහේ මර උගුලක් වෙන්න ඇති. අපේ රටේ පාලකයෝ කවදද වැඩකරන ජනතාව වෙනුවෙන් සේවයක් කළේ? හොර ජාතිය, ජනතාව ගොනාට අන්දවන එකමයි කරන්නේ. අපිට මුකුත් එපා අපිට කීයක් හරි හම්බකරගෙන නිදහසේ ජීවත් වෙන්න දියල්ල. අපිට ඒ හොඳටම ඇති? (බ)

:       0       0

ගයාන් Monday, 07 November 2016 02:04 PM

ඇත්තටම මේ දේ සිද්දවෙනවනම් ගොඩක් හොද දෙයක්. ලංකාවෙන් පිට ඇවිල්ල දුක් විදලා සල්ලි හම්බකරන අහිංසක මිනිස්සුන්ට මේ වැඩ පිළිවෙල ගොඩක් හොඳයි. (බ)

:       0       0

නිකලස් Monday, 07 November 2016 02:20 PM

පොඩි ඡන්දේ එනවානේ (බ)

:       0       0

සරත් Monday, 07 November 2016 02:21 PM

විශ්‍රාම ක්‍රමයක් ඇති කිරීමේ මුලික අරමුණ විදෙස් ගතවී සිටින ශ්‍රමිකයන් ගෙන් ගසා කෑම නීති ගත කිරීමක් වෙන්න ඕනේ මොකද දන්නේ නෑ සත්ව කරුණාව පහලවුනේ ඇමතිතුමියට (බ)

:       0       0

තිලක්-ඩුබායි Monday, 07 November 2016 02:32 PM

විකුම් රංගන.ඔබ මම කියන්න යන දේ කියල තිබෙනවා.කරුණ කරලා අපිට අපේ රැකියාව කරගෙන දෙවියනේ කියල ගෙදරට මුදල් යවන්න ඉඩ දෙන්න කියල විතරයි කියන්න තියෙන්නේ. (අ)

:       0       0

තිලක්-ඩුබායි Monday, 07 November 2016 02:33 PM

රටේ බත් කන උදවිය රවට්ටන්න ලෙහෙසියි.එ්ත් පිටරටවල ඉන්න අපිව තම්බන්න ටිකක් අමාරුයි. (අ)

:       0       0

තිලක්-ඩුබායි Monday, 07 November 2016 02:36 PM

අපි ලංකාවට එනකොට ගෙනෙන බඩු පෙට්ටිය නිදහස් කර ගන්න ගියහම පැදුර එලලා මුළු පෙට්ටියම ඇදල දාල,එකින් එකට ගහන බදු ගැහිල්ල ගැන හිතනකොට අපිට මොන සහන දෙනවද කියල හිතෙනවා. (අ)

:       0       0

ජෙස්මින් Monday, 07 November 2016 02:41 PM

අපේ පඩියෙන් යම් කිසි දායකත්වයක් ඉල්ලයි අනිවාර්යෙන්ම.කරුණා කරලා අපිට අපේ රැකියාව කරගෙන දෙවියනේ කියල ගෙදරට මුදල් යවන්න ඉඩ දෙන්න.අපිට මුකුත් එපා අපිට කීයක් හරි හම්බකරගෙන නිදහසේ ජීවත් වෙන්න දියල්ල. අපිට ඒ හොඳටම ඇති (අ)

:       0       0

තිලක්-ඩුබායි Monday, 07 November 2016 02:48 PM

අද වෙනකොට දිහ්රම් එකක් රුපියල් 40.5 හට නැගල.රටේ බඩු මිල අහස උසට නැගල.හිටපු පාලකයන් ගහපු "හතර වරම් ගැහිලි " වල ප්‍රතිවිපාක වලට අපි සහ අපේ දරුවන්ට මුහුණ දෙන්න සිද්ද වෙලා.දැන් බලන්නේ රුපියල් කෝටි ප්‍රකෝටි වලින් ගසා කාල ලෝකයේ බැංකු පුරවපු කම්බා හොරුන්ට කිසිම දඩුවමක් නොදී( කම්බා හොරු නිදහසේ ඉන්නවා) අසරණ අපිටම දැඩි දඩුවම් දෙන්නයි.(අ)

:       0       0

ලක්සිරී Monday, 07 November 2016 02:48 PM

මොකද මේ කාලේ ඔවැනි කතා ඡන්දයක් වත් ලං වෙලා ද... එක එක අය එක එක කාලේදී ඔය වාගේ එක එක කතා කියනව.... මොනයම් ක්‍රමයකින් හෝ යුරෝපා රටක සේවය කරන විදේශ සේවා නියුක්ති කාර්යාංශ ලියාපදිංචි නොවූ නමුත් විදේශ මුදල් ලංකාවට එවන මිනිසුන් හට ඔය කියන අය මොන දේවල් කියල ඡන්දෙ ගත්තත් ඔවුන්ට සහනයක් මේ වෙනකම් කිසිකෙනෙක් කරල නෑ...මට මතකයි ඔය ඡන්දෙ ගන්න කාලේ සමහරු කීවා බැංකුවල තියල තියන රත්‍රං බඩු බේරගන්න මුදල් දෙනව කියල.. ඒ අර ප්‍රශ්ණ වලින් මිරිකිල ඉන්න අහිංසක මිනිසුන්ගේ ඡන්දෙ ගන්න කියපු කතාවක් ඒ....(අ)

:       0       0

තිලක්-ඩුබායි Monday, 07 November 2016 02:52 PM

අවරුදු දෙකක් ගෙවිලත් රුපියල් කොටි ප්‍රකෝටි ගණනින් ගසා කාපු කම්බා හොරු නිදැල්ලේ.ඔවුන්ගේ ගසා කාපු ධනස්කන්දය නැවත රාජ සන්තක කරන්න බලනවා වෙනුවට අපිට ඔවුන්ගේ පව් ගෙවන්න ඉඩ තියන්න එපා. (අ)

:       0       0

අනුර Monday, 07 November 2016 03:36 PM

උපන් රටට උදාර සේවයක් කරන අර උතුමන්ලාට පින් පිණිස වසර පහකින් විශ්‍රාම වැටුපක් දුන්නට විදේශ ශ්‍රමිකයන්ගේ පසුම්බියට තට්ටු නොවී ඒ අයට විශ්‍රාම වැටුපක් ලැබුනොත් ඉතින් .....(බ)

:       0       0

තිලක්-ඩුබායි Monday, 07 November 2016 04:08 PM

පිටරටවල ඉන්න අපි ගැන ඔය තරම් දැවිල්ලක් තියෙනවනම් අර අපේ රට කුරිරු ත්‍රස්තවාදීන්ගෙන් නිදහස් කර ගන්න ගිහින් අපි වෙනුවෙන් අසරණ වුන රණවිරුවන්ට සහනයක් දෙන්න.(බ)

:       0       0

ගංගා Monday, 07 November 2016 04:23 PM

මට නම් හරි සතුටක් දැනුනා එ්ක අැහුවහම. අනේ ඉක්මනින් මෙය ඉටුකිරීමට ලැබේවා. සිහිනයක් නොවේවා. ගොඩක් සල්ලි ලැබුනට අපි ගොඩක් දුක් විඳිනවා. හිතට සැනසීමක් ගතට විවේකයක් ඇත්තෙම නැහැ. (නි)

:       0       0

ටෙරන්ස් Monday, 07 November 2016 04:44 PM

මෙවැන්නක් කළ හැකිනම් විශිෂ්ටයි (නි)

:       0       0

කුමාර Monday, 07 November 2016 04:45 PM

රටට කිසිම බරක් නොවී, තම පවුල් සංස්කෘතිය ගොඩදාගන්න වෙරදරන, ඒ මතම රටේ ජාතික ආදායම ඉහළ දැමීමට කටයුතු කරන විදේශගත ශ්‍රමික පිරිස ගැන මෙවැන්නක් කළහොත් එම රජයට විශාල වාසියක්. ඉදිරියේදී පවත්වන ඡන්දයකින් ජය ලැබෙනු නියතයි. (නි)

:       0       0

විරාජ් Monday, 07 November 2016 05:18 PM

කාලෙකින් ඇහුන හොඳ ප්‍රවෘත්තියක්. වැඩේ කෙරුනොත් නම් හොඳයි. පක්ෂ දේශපාලනය පසෙකලා හොඳදේට හොඳයි කියමු. හරි විදියට හදාගන්න සැවොම එක්ව හඬක් නඟමු. යථාර්ථයක්ම වේවා කියන එක තමයි පැතුම (නි)

:       0       0

ශාන සෞදි Tuesday, 08 November 2016 07:33 AM

ගොඩක් වටිනා දෙයක්. එහෙම දෙයක් වෙනවා නම් ගොඩක් සතුටුයි. රටට කිසිම බරක් නොවී, තම පවුල් සංස්කෘතිය ගොඩදාගන්න වෙරදරන, ඒ මතම රටේ ජාතික ආදායම ඉහළ දැමීමට කටයුතු කරන විදේශගත ශ්‍රමික පිරිස ගැන මෙවැන්නක් කළහොත් එම රජයට විශාල වාසියක්. ඉදිරියේදී පවත්වන ඡන්දයකින් ජය ලැබෙනු නියතයි.(ම)

:       0       0

පහන් Monday, 07 November 2016 05:43 PM

තිලක් ඩුබායි, ඔය එක්කම බැඳුම්කර වලින් ගහපු එ්වා ගැනත් ලියන්න. අැයි ගිය ආණ්ඩුව විතරක්? (නි)

:       0       0

කාලිංග Monday, 07 November 2016 05:54 PM

අපිට ඒ උපකාරය කරනවා නම් ගොඩක් හොඳයි (නි)

:       0       0

ශශීවාල් Monday, 07 November 2016 06:35 PM

අපිට මොනදෙයක්වත් ඕනෑ නැහැ. ඇමතිලා ජීවත් වෙන්නෙත් අපි දුක්විඳලා එවන රුපියලෙන්. එයාලා අපි ගැන හොයලා බලන්න ඕනෑ නැහැ. රටවිරුවෝ කියල අපිව කාලා තියෙන්නේ. (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Monday, 07 November 2016 07:00 PM

සියල්ලටම පළමු ලංකාවේ පුද්ගලික අංශයේ සේවය කරන සේවකයන්ට වයස අවරුදු 65 විතර වුණාම කාටවත් අතනොපා ජීවත්වෙන්න පුළුවන් විශ්‍රාම වැටුපක් මාසිකව ලැබෙන්න සළස්වන්න. අපි රට ඉඳලා බැංකු හරහා ලංකාවට මුදල් එවුවහම එම මුදල් වලට ප්‍රතිලාභ ලැබෙන ක්‍රමයක් සකස් කරන්න (නි)

:       0       0

නාමල් Tuesday, 08 November 2016 08:43 AM

තලතා අතුකෝරල මහත්මිය වෙත. කරුණාකරලා මෙය සිද්දවෙන ආකාරය පැහැදිලි කරන්න කොපමණ කාලයක් පිටරට රැකියාව කරමින් සිටිය යුතුද වග. රැකියාවේ ස්වභාවය අනුව ගෙවන ගණන. ලැබෙන මාසික චේතනය අනුව වාර්ගි කරණය මෙය සදහා අයදුම් කරන ආකාරය. මාසිකව රජය ශ්‍රමිකයගෙන් අයකරගන්නා මුදල .(බ)

:       0       0

හුසේන් මොහමඩ් Tuesday, 08 November 2016 08:54 AM

පහුගිය කාලේ පාර්ලිමේන්තුවේ පවා කතා වුණා විදෙස් ශ්‍රමිකයින් ඔවුන් පාවිච්චි කරන වාහන පවා ලංකාවට ගෙන්වදීමට පවා අවශ්‍ය කටයුතු කිරීම සම්බන්ධයෙන්. ඒවා වගේම, මේකත් කැරට් අලයක් නෙමේ නේද ඇමතිතුමියනි..? (බ)

:       0       0

පිටිගල මිලානෝ Monday, 07 November 2016 11:06 PM

මේක ප්‍රංශයේ ඉන්න අයට නම් දැනෙන්න අරින්න එපා. (නි)

:       0       0

බමුණු ආරච්චි Monday, 07 November 2016 11:10 PM

තිලක්-ඩුබායි, ඔබ මෙරටට පව් ගෙවන්න එපා. ඩුබායි වලට ගෙවන්නකෝ (නි)

:       0       0

කෝනාර Tuesday, 08 November 2016 01:09 AM

තිලක්, වෙන ඒවා මෙතුමියට අදාළ නැහැ කියමුකෝ. නමුත් කාර්යාංශය ඇතුළෙම වුණා කියන වංචාවන්, ස්ටාර් තරඟවලට, මැයිදින කෑමට, පෙළපාලි යන්න කෝටි ගණන් පහුගිය කාලේ වැය කරපුවා, කරපු නිලධාරීන් කවුද කියලා හෙව්වද? දඬුවම් දුන්නද? (නි)

:       0       0

සිල්වා Tuesday, 08 November 2016 01:22 AM

ක්‍රියාත්මක වෙනවා නම් ඉතාම හොඳයි (නි)

:       0       0

නිමල් Tuesday, 08 November 2016 01:32 AM

ශශීවාල්, ඔබගේ අදහස “ඇමතිලා සහ ඇමතිලාට වන්දබට්ටකම් කළ නිලධාරින්“ ලෙස මා සංශෝධනය කරනවා. ඔවුන් අදටත් වැටුප්, දිමනා, ඉන්ධන, වාහන, හා අනෙකුත් පහසුකම් ලබන්නේ අප මරුකතරේ දුක්විඳ එවන මුදලින්ය. ඇස් පනාපිට වැරදි කළ අයට අඩුගානේ විනය පරික්ෂණයක්වත් තිබිය යුතුයි. (නි)

:       0       0

මහේන්ද්‍ර Tuesday, 08 November 2016 01:42 AM

අපේ රජයේ සේවකයන්ගෙනුත් විශ්‍රාම වැටුපට කියලා මුදලක් කපා ගන්නවා. ලෝකෙ කොහෙත් එහෙමයි. නමුත් විශ්‍රාම වැටුපක් හදන එක හරි වැදගත්. මොකද බොහෝ අය කීයක්වත් ඉතුරු කරගන්නෙ නැහැ. කැමති අයට ඇතුළත්විය හැකිවිය යුතුයි. එසේ නැතුව අපගෙන් එකතු කරගන්නා මුදල් වලින් ඕකෙ ඇතුළෙ ඉන්න අයට තව තව පහසුකම් දෙන්න නම් එපා. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 08 November 2016 02:17 AM

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලෙත් ඔය වගේ විශ්‍රාම වැටුපක් දෙන්න කැසපොට ගැහුවා. මේත් ඒකමද? (නි)

:       0       0

ගුණවර්ධන Tuesday, 08 November 2016 02:56 AM

ඡන්දෙ ලංවෙනකොට වාහන පර්මිට් එහෙමත් දෙ යි ....(අ)

:       0       0

දර්ශන සමන් කුමාර Monday, 07 November 2016 12:12 PM

ගොඩක් වටිනා දෙයක්. එහෙම දෙයක් වෙනවා නම් ගොඩක් සතුටුයි.(හේ)

:       0       0

පෙරේරා Monday, 07 November 2016 12:15 PM

කටින් බතල හිටවනවා.(හේ)

:       0       0

ඉසුරන්දි Tuesday, 08 November 2016 04:42 AM

මේ විශ්‍රාම ක්‍රමය අපේ අල්ලපු රට ඉන්දියාවේත් දැන් ක්‍රියාත්මක කරන්න යනවා. ඒ මිනිස්සු අද කිව්වොත් හෙට ඉදල වැඩ පටන් ගන්න ජාතියක්.අපේ වගේ පල්වෙන්න දෙන්න නැහැ. විදේශ සේවා කාර්යාංශයට අවුරුදු දෙකකට සැරයක් මුදලක් ගෙවනවා සෑම විදේශගත වන කෙනෙක්ම .එහෙව් එකේ යම් ක්‍රමවේදයක් සකස්කොට මෙවැනි විශ්‍රාම වැටුප් ක්‍රමයක් ස්ථාපිත කරනවානම් ඉතා අගයකොට සලකමි. (බ)

:       0       0

ස්ටැන්ලි Monday, 07 November 2016 12:28 PM

" රටවිරුවෝ, රටවිරුවෝ " කියමින් විදෙස්ගත ශ්‍රමිකයන් හැමදාම මුරුංගා ඇත්තේ තියනවා. එම ශ්‍රමිකයින් ලංකාවට ලබාදෙන විදෙස් විනිමය ගැන කිසිම කෙනෙකුට වගේ වගක් නැහැ. බලමු මේ පාරත් ගහන පදේ මොකක්ද කියලා. (හේ)

:       0       0

ශිවා Monday, 07 November 2016 12:39 PM

විදෙස් ගත ශ්‍රමිකයන්ව මතක් වුණ එක ලොකුදෙයක් (බ)

:       0       0

කල්ප Monday, 07 November 2016 12:41 PM

අපෙන්ම ලොකු ගානක් කපාගෙන අපිට කැරට් අලයක් දේවි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සුළගෙන් අම්බලන්ගොඩ ධීවර වරායේ යාත්‍රා 20 කට හානි
2024 ඔක්තෝබර් මස 11 54 0

අම්බලන්ගොඩ ධීවර වරායේ ගාල් කර තිබූ බහු දින ධීවර යාත්‍රා විස්සකට පමණ අද (11) හමාගිය තද සුළගකින් දැඩි අලාභ හානි සිදුව ඇතැයි එම ධීවර යාතාවල හිමිකරුවන් කියති


නාම යෝජනා භාර ගැනීම අද දහවල් 12 ට අවසන්
2024 ඔක්තෝබර් මස 11 201 0

2024 පාර්ලිමේන්තු මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද 11) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ
2024 ඔක්තෝබර් මස 11 1048 2

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත


හිටපු මැති ඇමැති විස්සක් ඡන්දෙට පස්ස ගහති
2024 ඔක්තෝබර් මස 11 2770 9

හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


සම්බාහන මුවාවෙන් පැරණි රැකියාවත් කරලා
2024 ඔක්තෝබර් මස 11 1114 2

සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .


වායුගෝලය කැලඹිලා:මුහුදත් රළු වෙලා
2024 ඔක්තෝබර් මස 11 1091 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39844 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25873 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 103 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 397 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1265 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site