
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා වල නිරතව සිටින හා යලි දිවයිනට පැමිණි ශ්‍රමිකයින්ගේ දූ දරුවන් සදහා පාසල් උපකරණ ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව විශේෂ සේවා නියුක්ති කාර්යංශයය කියයි.
එක් ශිෂ්‍යයෙකුට එක්වරක් පමණක් රුපියල් 10,000ක් පමණ වටිනා පාසල් උපකරණ ලබාගැනීමට හැකි වවුචර්පතක් අදාල ශ්‍රමිකයා පදිංචි ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ශාඛා කාර්යාලය මගින් නිකුත් කරනු ලබන බව කාර්යාංශය කියයි. මේ සදහා අයැදුම්පත් හා විස්තර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විදේශ රැකියා සංවර්ධන නිලධාරී වෙතින් ලබා ගැනිමට පහසුකම් සලසා ඇත.
මෙම පාසල් උපකරණ ලබා දීම ක්‍රම 02ක් ඔස්සේ සිදු කරනු ලබන අතර දැනට විදේශගතව සිටින දෙමාපියන්ගේ රජයේ පාසල් වල 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණියේ දක්වා ඉගෙනුම ලබන දරුවන් සදහා මෙන්ම විදෙස්ගතව සිට නැවත දිවයිනට පැමිණ වසර 5ක් නොඉක්මවූ දෙමාපියන්ගේ දරුවන් සදහාද පාසල් උපකරණ ලබාගැනීම සදහා රු.10,000ක් වටිනා වවුචර්පත් ලබා දිම සිදු කරන බවද කාර්යංශය කියයි.
2025 දෙසැම්බර් මස 04
785
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
579
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
විදෙස් ශ්‍රමිකයන්ගේ දරුවන්ට පාසල් උපකරණ
එච්,පි,ජයන්ත,විරරත්න Thursday, 23 January 2025 03:44 PM
7වසර දුව,10 වසර පුතා....
Roshantha silva Saturday, 25 January 2025 12:38 AM
මේ සඳහා ඇයි බියුරෝ ගෙවපු රිසිට් ඉල්ලන්නේ? පාස්පෝට් එකේ ස්ටෑම්ප් කරලා තියෙද්දී.. අවංකව දෙනවා නම් අනවශ්‍ය ලියකියවිලි හොයන්නෙපා .. දෙන්න...
රොශාන්ත Saturday, 25 January 2025 12:39 AM
ප්‍රා.ලේ. කාර්‍යාල නිලධාරින් ඇතැමුන් මෙහෙම දෙයක් දන්නේ නෑ කියනවාලු විස්තර අහන්න ගියාම. මිනුවන්ගොඩ.