IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


විදුහල්පතිට වැඳ ගුටිකයි

හෝමාගම පිටිපන මහින්ද රාජපක්ෂ විදුහලේ දරුවන් පිරිසකට පහර දුන්නැයි කියන ගුරුවරුන් අත් අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් විද්‍යාලය සුරැකීමේ සංවිධානයේ දෙමාපියන් පිරිසක් විදුහල ඉදිරිපිට විරෝධතාවයක නිරත වූහ.

පසුගිය 28 වැනිදා විදුහලින් බැහැරට යන විදුහල්පතිවරයාට වැඳ ආචාර කිරීමට ගිය සිසුන් පස් දෙනකුට එම විද්‍යාලයේ ගුරුවරුන් පිරිසක් පහර දුන් බවට සිසුහු හෝමාගම පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර සිසුන් දෙදෙනකු හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබා ඇතැයිද කියති.

හෝමාගම පොලිස් ස්ථානාධිපති එස්.ලියනගම මහතා පැමිණ ගුරුවරුන් අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන බව ප්‍රකාශ කළද අධ්‍යාපන බලධාරින් පැමිණ ප්‍රකාශයක් ලබාදෙනතුරු උද්ඝෝෂණය කරන බව විරෝධයේ නියුතු දෙමාපියෝ පවසති.



අදහස් (0)

විදුහල්පතිට වැඳ ගුටිකයි

දුමින්ද Thursday, 29 January 2015 07:02 AM

අපේ ගුරු ගෝල කම් වලට මොකොද උනේ.? හැමෝම දැන් මානව හිමිකම් වලට වැඩ. (ර)

:       0       0

කුමාර් Thursday, 29 January 2015 08:01 AM

හැම දේකටම අනෙකාට අත දික් කරන තත්ත්වයක් දැන් රටේ ඇති වෙලා . (දිල්)

:       0       0

අරුන Thursday, 29 January 2015 08:19 AM

මම නම් අල්ල හිරි වැටෙන්න, පිට රත්වෙන්න, හා කූන් කූන් ගාන්න ගුටිකාලා තියනවා. අපේ අම්මල පොලිසි ගියේ නම් නැහැ. අපි තාම ගුරුවරුන්ට අාදරෙයි. මම ඒ කියන්නේ මානව හිමිකම් නැති කාලේ. (නදී)

:       0       0

අමාලි Thursday, 29 January 2015 08:36 AM

මෙතන වෙලා තියෙන්නේ වෙන දෙයක්. පාසලේ විදුහල් පතිවරයව යවාගන්න එක්තරා ගුරුවරු කණ්ඩායමකට ඕනෙවෙලා තිබුනා දේශපාලන හේතු මත. නව රජය විසින් මේ පාසලේ කරන්න යන වෙනස්කම් රැසකට විරුද්ධව අධ්‍යාපන අමාත්‍යවරයාව හමුවෙන්න මේ සිසුන්ගේ දෙමාපියන් ගිය වෙලේ ඔහු ඔවුනට පොරොන්දු වී තිබෙනවා එම වෙනස්කම් නොකරන බවට. එම දෙමාපියන්ගේ දරුවනට තමයි මෙම ගුරුවරුන් පහර දී තිබෙන්නේ. මෙතන තියන ගැටලුව පාසලේ නම මහින්ද රාජපක්ෂ විද්‍යාලය වීම. කවුරු කලත් පාසල් වලට දේශපාලනය ගෙනෙන එක වැරදියි. කාගේ නමින් ආරම්භ කලත් එම පාසලේ සියලු කටයුතු මෙතෙක් ඉතා හොඳින් කෙරුණා. (නදී)

:       0       0

කුමාර Thursday, 29 January 2015 08:50 AM

මේ වගේ දෙයක් වෙයි කියලා හිතන්න අමාරුයි.(හේ)

:       0       0

කමල් Thursday, 29 January 2015 08:51 AM

මෙතැන වැරැද්දක් සිදුවී ඇත්නම් මේ සම්බන්ධයෙන් පියවරක් ගන්න.(හේ)

:       0       0

ලීල් Friday, 30 January 2015 06:07 AM

දරු දැරියන් 4000 ඉගනගන්න මේ පාසැල ගැන දෙමුපියෝ 8000 විතර සෙවිල්ලෙන් ඉන්නේ ඒ බව අමතක කරන්න එපා (දිල්)

:       0       0

සමන් පෙරේරා සෞදි Thursday, 29 January 2015 09:00 AM

අපි පාසල් යන අවදියේ ගුරුවරු ගැහැව්වත් ගෙදර ගිහිල්ල කියන්නත් බයයි, එකට අද, පොලිසියට මානව හිමිකම් වෙත යනවා (දිල්)

:       0       0

දිනේෂ් Thursday, 29 January 2015 09:01 AM

කවුරුත් දන්නවද ගුරුවරුන් සිසුන්ට ගැහුවේ මොකද කියල? ඒ කියන්නේ විදුහල්පති තුමාට වැඳීමේ ඇති වැරැද්ද මොකක්ද? අපි දන්නා විදිහට එක හොඳ දෙයක්. ගුරුවරුන් හා විදුහල්පති අතර ප්‍රශ්න තිබුනද දන්නේ නැහැ. නමුත් ඒ ප්‍රශ්න පාසලට ගෙන ඒම වැරදියි. ඒවගේම මේ ගුරුවරු කරලා තියෙන්නේ ගුරු ගෞරවය පිරිහෙන ඒ වගේම දරුවන්ට හොඳ දේ කරන්න එපා කියන විදිහේ වැඩක් නේද. හොඳ පුරුදු නැවැත්වීම නොවේ පාසලෙන් කරන්න ඕන.(දිල්)

:       0       0

ප්‍රසන්න Thursday, 29 January 2015 09:14 AM

අපි ඉස්කෝලේ යන කාලේ කාපු කැවිලි වලට එහෙනම් ගුරුවරු සේරම හිරගෙවල් වල ඉන්න වෙන්නේ. ඒ ගුටි කපු නිසා තමයි අදටත් ගුරුවරු ගැන ගරුත්වයක් තියෙන්නේ. (නදී)

:       0       0

ලීල් Thursday, 29 January 2015 09:23 AM

ඇත්ත කතාව මහින්ද රාජපක්ෂ විද්‍යාලය සවස 3.30 වෙනකන් තිබුනා. වෙන භාසාවන් උගන්නන්න. එය වෙනස් කලා. සිකුරාදාට දරු දැරියන්ට ජාතික ඇදුම අනිවාර්යයි. මේක වෙනස් කරන්න හදනවා. පෝයට සිල් අනිවාර්යයි. මේකත් වෙනස් කරන්න හදනවා. පාසැල පලාත් සභාව යටතට ගන්න හදනවා.

:       0       0

ලීලාත් Thursday, 29 January 2015 09:30 AM

අමලිගේ කතාව දාන්න ඔබට පුලුවන්නම්. (නදී)

:       0       0

ලීල් Thursday, 29 January 2015 09:31 AM

කුමාර, මෙහෙම වෙලා තියනවා. (නදී)

:       0       0

රණසිංහ Thursday, 29 January 2015 09:31 AM

මගේ ගම හෝමාගම පිටිපන, ඇත්ත අමාලි කියන දේ තමයි එතන සිදුවෙලා තියෙන්න. අලුත් ආණ්ඩුවට පක්ෂපාත ගුරුවරු තමයි මේ චන්ඩිකම් කරන්නේ. මේ ගහල තියෙන්නෙත් පොඩි ළමයින්ට. කවුරු කලත් මේවාට යහපාලන නායකයින් ඉඩදිය යුතු නැහැ. මේ ප්‍රශ්න ඇතිවෙන්න හේතුවත් අලුත් අධ්‍යාපන ඇමතිතුමා පාසල්වල නම් වෙනස් කරන්න වගේ වැඩකට නැති වෙනස්කම් කරන්න ලෑස්තිවුන එක. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 1205 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 2671 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 1658 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 2855 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 1912 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38546 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25368 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 273 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 924 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site