IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


විදුහල්පතිට විරුද්ධව පරික්ෂණයක්

පාසල් සංවර්ධන සමිති රැස්වීමේදී පාසල් දරුවකුගේ පියකුට සංවර්ධන සමිති කාරක සභාවට පත්වීමට ඉඩ නොදී බැන වැදී අපහාස කළැයි කියන ගම්පහ පාසලක විදුහල්පතිවරයකු ගැන පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය කියයි.

පාසල් ආදි ශිෂ්‍ය සංගමයෙන් මසකට රුපියල් පනස් දහසක දීමනාවක් පාසල් සංවර්ධන සමිති අරමුදලට බැර නොකර ලබා ගැනීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් ද විමර්ශනයේ දී අවධානය යොමු වී ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

පාසල් සංවර්ධන සමිති මහා සභා රැස්වීමේදී පාසලේ පියකුගේ නමක් එහි කාරක සභාවට යෝජනා කර ස්ථිර කරන්නට යද්දී ඔහුට එම තනතුරට ඒමට තමා ඉඩ නොදෙන බව කියමින් දෙමාපියන් 2000ක් පමණ ඉදිරිපිට පැය බාගයක් පමණ  බැණ වැදුණු බවට අධ්‍යාපන අමාත්‍යංශයට පැමිණිලි ලැබී තිබේ.

එමෙන්ම පසුගියදා රන්ටැඹේ පැවැති ශිෂ්‍ය භට තූර්ය වාදක තරඟාවලියට පාසලේ නොවන දෙදෙනකු පාසල් සිසුන් දෙදෙනකු සේ ඉදිරිපත් කර ඇතැයි ද, ඊට අත්සන් කර ඇත්තේ එම පාසලේ නියෝජ්‍ය විදුහල්පතිවරයකු යැයි ද, මෙම නියෝජ්‍ය විදුහල්පතිට ස්ථාන මාරුවක් මෑතකදී ලැබුණත් එය යළි සකසා ගෙන ඇතැයි ද අධ්‍යාපන ලේකම්වරයාට පැමිණිලි ලැබී ඇතැයි අමාත්‍යංශ ආරංචි සදහන් කරයි.

මෙම විදුහල්පතිවරයා සම්බන්ධයෙන් චෝදනා පත්‍රයක් නිකුත් කර ඇත්දැයි විමසූ විට අධ්‍යාපන අමාත්‍යංශයේ මාධ්‍ය නිලධාරී කල්ප මහතා කීවේ තවම චෝදනා පත්‍රයක් නිකුත් කර නැති බවයි. විමර්ශනයක් පැවැත්වෙන බව ද ඔහු කීවේය.

 



අදහස් (0)

විදුහල්පතිට විරුද්ධව පරික්ෂණයක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 679 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 1351 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 296 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1245 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 447 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 1141 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39634 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25783 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site