IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


‘විදුහල්පති පත්වීම් සඳහා කැබිනට් අනුමැතිය‘

විදුහල්පති 3 වැනි ශ්‍රේණියේ විභාගය සමත්ව සිටින 3901 දෙනෙකු ජාතික හා පළාත් පාසල්වලට විදුහල්පතිවරුන් ලෙස කඩිනමින් අනුයුක්ත කිරීම සඳහා කැබිනට් අනුමැතිය අද (27) ලැබුණු බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

මෙතෙක් කල් එම පාසල්වල වැඩබලන විදුහල්පතිවරුන් ලෙස කටයුතු කළ අයගෙන් කොටසක් ද මෙම විභාගයට පෙනී සිට සමත්ව සිටින බව කී අමාත්‍යවරයා ඉතිරි අයගෙන් වසර තුනකට වැඩි කාලයක් වැඩ බලා ඇති විදුහල්පතිවරුන් 250 දෙනාටත්, වයස අවුරුදු 50ත් 60ත් අතර පසුවීම නිසා විභාගයට පෙනී සිටීමට නොහැකි වූ 570 දෙනා වෙනුවෙනුත් වෙනම විභාගයක් පවත්වා තුන්වන පන්තියේ විදුහල්පතිවරු ලෙස බඳවාගැනීමට හා ඊට අයත් නොවන වැඩ බලන විදුහල්පතිවරුන්ට නියෝජ්‍ය විදුහල්පතිවරු ලෙස පත්වීම් ලබාදීමටත් කැබිනට් අනුමැතිය ලැබුණු බව ද ප‍්‍රකාශ කළේය.

විද්‍යා ගණිත ගුරු පුරප්පාඩු පිරවීමේදී එම උපාධිධාරීන්ගේ හිඟයක් පවතින බැවින් විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගත් පෞද්ගලික විශ්ව විද්‍යාලවලින් විද්‍යා හා ගණිත උපාධි ලබාගෙන ඇති අයද ඒ වෙනුවෙන් බඳවාගැනීමට තීරණය කර ඇතැයි ද කාරියවසම් මහතා පැවසීය.



අදහස් (0)

‘විදුහල්පති පත්වීම් සඳහා කැබිනට් අනුමැතිය‘

විජේ Wednesday, 28 September 2016 02:21 AM

ස්තූතියි ලංකාදීප ප්‍රවෘත්තියට...

:       0       0

ගයාන් අභයරත්න Wednesday, 28 September 2016 02:22 AM

පුද්ගලික විශ්ව විද්‍යාල වලට මෝඩයෝ රිංගවන්න කරන වෑයමක් මේක. සංවාදයට විවෘතයි.

:       0       0

ආසිරි Wednesday, 28 September 2016 02:33 AM

අනේ ධම්ම, පාසල් වල වෛද්‍ය විද්‍යාව උගන්වන්නේ නැහැ.

:       0       0

සමන් Wednesday, 28 September 2016 03:37 AM

වැඩ බලන්න දීලා ඒ අයට විදුහල්පති දීම නම් අනුමත කරන්න බෑ. අධ්‍යාපනය කන්න තමා යන්නේ.පහුගිය කාලේ කාලා ඉතිරි ටික දැන් කනවා (බ)

:       1       0

ධම්ම Tuesday, 27 September 2016 03:01 PM

සයිටම් සිසුන්ට රජයේ රැකියාවක් සඳහා හොඳ අවස්තාවක්. (අ)

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නුවරඑළියේ ගණිකා මධ්‍යස්ථානයක් වටලයි
2024 ඔක්තෝබර් මස 09 270 0

නුවරඑලියේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා එහි සිටි කාන්තාවන් පස්දෙනෙකු සහ කළමණාකාරවරයා සැකපිට අත්අඩංගුවට ග


දමිතා රත්නපුරෙන් මහ ඡන්දෙට
2024 ඔක්තෝබර් මස 09 1146 0

ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ වදින්නීය.


යාත්‍රාව පෙරැළී ධීවරයා මරුට
2024 ඔක්තෝබර් මස 09 112 0

යාපනය වඩමාරච්චි මුහුදු ප්‍රදේශයේදී ධිවර යාත්‍රාවක් පෙරැළී යාමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි වඩමාරච්චි පොලිසිය සදහන් කරයි.


ඊශ්‍රායල් - පලස්තීන් යුද්ධයේ ප්‍රතිඵල
2024 ඔක්තෝබර් මස 09 1798 0

ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වනවිට සෑම පලස්තීනුවන් 55 දෙනෙකුට එක් අයෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇති බවත් සෑම දිනකම පලස්තීන ළමයින් 10


හිස් අතින් ඕස්ට්‍රෙිලියාව ගිහින් මිලියනපතියෙක් වූ විනුල්
2024 ඔක්තෝබර් මස 09 4269 0

මීට දශකයකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලංකාවේ විනුල් කරුණාරත්න මේ වනවිට මිලියනපතියකු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.


පළාත් කීපයකට අදත් තද වැසි
2024 ඔක්තෝබර් මස 09 147 0

බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39527 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25744 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 360 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1190 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 400 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site