IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


විදුහල්පති හතරකට එරෙහි ලංකා ගුරු සංගමයේ පෙත්සම සංශෝධනයට අවසර

(මනෝප්‍රිය ගුණසේකර)

කොළඹ රාජකීය විද්‍යාලය, කොළඹ මාහානාම විද්‍යාලය, කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය යන විදුහල් සඳහා පත්කර ඇති නව විදුහල්පතිවරුන් සිය ධූරයන්හි කටයුතු කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ලංකා ගුරු සංගමය ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සංශෝධනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර දුන්නේය.

ලංකා ගුරු සංගමය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තිෂ්‍ය වෙරගොඩ මහතා කළ ඉල්ලීම පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණ එලෙස අවසර දුන්නේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන දිලිප් නවාස්, ජනක් ද සිල්වා. සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීණි.

ලංකා ගුරු සංගමය සහ එහි මහ ලේකම් ජොසප් ස්ටාලින් මහතා ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් රාජ්‍ය සේවා කොමිසම ඇතුළු පිරිසක් නම් කර ඇත.

කොළඹ රාජකීය විද්‍යාලය, කොළඹ මාහානාම විද්‍යාලය, කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය යන විදුහල් සඳහා විදුහල්පතිවරුන් පත් කිරීමේදී අක්‍රමිකතාවයන් වී ඇති හෙයින් එම පත්වීම් බලරහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයිද එම විදුහල්පතිවරුන්ට සිය ධූරයන් වල කටයුතු කිරීම වළකාලන අතුරු නියොග්යක් නිකුත් කරන්නැයි පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.

 

 



අදහස් (1)

විදුහල්පති හතරකට එරෙහි ලංකා ගුරු සංගමයේ පෙත්සම සංශෝධනයට අවසර

Subhashini Friday, 06 September 2024 10:22 AM

ස්ටාලින් ඉන්නවා නම් මෙතන මොකක් හරි යටි කූට්ටු වැඩක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1376 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 1755 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5575 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1490 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 5885 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 5498 9

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 17762 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 88 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 275 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site