IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


වෙද මහත්වරුත් රතු එළි දල්වති

වකුගඩු බද්ධ කැර ගැනීමට මෙරට පිරිස් එදා ඉන්දියාවට ගියද අද මෙරට වෛද්‍යවරුන්ගේ දක්ෂතාවය හේතුවෙන් ඉන්දියා රෝගීන් ශ්‍රී ලංකාවට එතියිද ඒ නිසා සැලසුම් සහගතව ඉන්දියා පොලිසිය මෙරට වෛද්‍යවරුනට චෝදනා කරතියි රජයේ දේශීය වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති නිමල් කරුණාසිරි මහතා පවසයි.

යෝජිත ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම මගින් මෙරට රැකියා විරහිත ආයුර්වේද වෛද්‍යවරුනට තිබෙන අවස්ථා අහිමි වන බවත් කුමන රටක් සමග කුමන ගිවිසුමක් ගැසුවද මෙරට වෘත්තිකයන්ට බලපෑමක් වන ආකාරයේ ගිවිසුම් අත්සන් නොකරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය.

පෙබරවාරි 11 වැනිදා ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය ඇතුළු වෙද සංගම් රැසක් එකතුව කොළඹ විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේදී විශේෂ සමුළුවක් පැවැත්වීමට නියමිත බවද ඔහු කීවේය.

web_ayurwedic_201627_4606



අදහස් (0)

වෙද මහත්වරුත් රතු එළි දල්වති

බන්දුල Sunday, 07 February 2016 01:31 PM

කතාව ඇත්ත ‍(හේ)

:       0       0

නුවන් Sunday, 07 February 2016 01:35 PM

වකුගඩු ජාවාරමෙන් ලැබෙන ගණන නැතිවුනහම හිතේ අමාරුවට කියන කතා... ලෝකෙ 10 වැනි බලවත්ම ආර්ථිකය ඇති රටට පුංචි ලංකාවේ වකුගඩු බද්ධ කිරීම් එක්ක තරගයක් තියෙනවද? (බ)

:       0       0

සේන Sunday, 07 February 2016 03:52 PM

එක තමයි වුනේ,ඉන්දියාවේ රෝ එකේ මෙහෙයවීමෙන් කොහෙවත් ඉන්න වදුරු පොලිස් කාරයන්ගේ කීම පිට මේ රට සේවා කේන්ද්‍රස්තානයක් වීම වෑලෑක්වීම තමා සිද්ද වෙන්නේ. ඇවන්ට් ගාර්ඩ් එකටත් වුනේ මේකමයි, රටට ලෑබෙන විශාල ආදායමක් අහිමිවුනා. දෑන් සීපා හරහා ඉන්දියනුවන්ම මෙහාට ඈවිත් ඔය අාදායම් ඉන්දියවටම අරගෙන යන විදිහට වෑඩ සලස්වයි.නාවික හා තොරතුරු තාක්ෂනය ඉන්දියාවට විවෘත කිරීම දෑන් සිද්ද වෙනවා. රොහල් සේවයටත් එම සෙතේම තමයි. (බ)

:       0       0

සෙනරත් Sunday, 07 February 2016 04:03 PM

නුවන්, තව ටිකක් ලෝකය, වටපිටාව ගැන දැනුම ලබාගෙන මෙවැනි පුවත් වලට අදහස් ලියනවනම් තමා හොඳයි. (කෞ)

:       0       0

කමල් Sunday, 07 February 2016 04:35 PM

ඉන්දියාවේ කෝටි හැටක ජනගහණයක් සිටින එකේ මෙම කතාව ප්‍රායෝගික නැත. (නි)

:       0       0

මහේෂ් වික්‍රමසේකර Monday, 08 February 2016 07:16 AM

ඉන්දියානුවන් නිසා මුළු මැදපෙරදිග රටවල් 7 ම දැන් ඉතා අසීරු තත්වයකට වැටිලා බව නොබෝද සිදුකල සමීක්ෂණයකින් හෙළි වුනා . මේ සමීක්ෂණය කලේ මෙම රටවල කළ දැනුම්දීමක් අනුව ඇමරිකන් සමාගමක් මගින්. දැන් මෙදපෙරදිග සිටින වසර 25 ට වැඩි කාලයක් පවුල් පිටින් හිටපු ඉන්දියානුව දින 7 වැනි සුලු කලයක් තුල පිටු වහල් කරනවා. මී ලගට මේ ඉන්දියානුවන් තෝරාගන්නේ ලංකාව. දැන් ලංකාව රජය සුදානම් වෙන්නේ එම ගිවිසුම් වලට හරියන විදියට ලාංකිකයන්ට බොරු කියා ඉන්දියානුවන්ට තැන දීමට. (හේ)

:       0       0

නිල්මිණි Sunday, 07 February 2016 04:52 PM

ඇඳන් 1000ක් වත් නැති පොඩි ඉස්පිරිතාල දෙක තුනක් එක්ක මොන තරඟද අනේ, ලංකාව වගේ 60 ගුණයක් විශාල ඉන්දියාවට? අනෙක ඔය කියන වකුගඩු බද්ධ කිරීම ලංකාවේ කළේ ඉතින් ඉන්දියාවෙන්ම දායකයෝ ගෙනල්ලනේ. ඉතින් ඉන්දියාවට මොන තරඟයක්ද? දැන් හැමදේටම විදේශීය කුමන්ත්‍රණ කියලා හිතන මානසික රෝගයක් හැදිලා තියෙන්නේ අපේ අයට. (නි)

:       0       0

අමා Sunday, 07 February 2016 05:00 PM

නුවන් වගේ අයගේ අනුවණ කතා ගණන් ගතයුතු නැත (නි)

:       0       0

සනත් Sunday, 07 February 2016 05:37 PM

වකුගඩු ගැටලුව ටිකක් සංකීර්ණයි. මේක හොඳම පාරදෘශ්‍යභාවයකින් කරනවා නම් ප්‍රශ්නයක් නැහැ. කළු කඩ ව්‍යාපාරයක් විදියට කරගෙන ගියොත් අපේ වකුගඩුත් බලෙන් ගලවාගන්න ඉඩ තිබෙනවා. (නි)

:       0       0

මහින්ද සෞදි Sunday, 07 February 2016 05:46 PM

සෙනරත්,ඔබගේ අදහස මාද පිළිගනිමි. (නි)

:       0       0

සනෝජා කුලතිලක-ටෝකියෝ Sunday, 07 February 2016 06:43 PM

හොඳටම වෙදකම කරනවා වගේ. (නි)

:       0       0

දේව් Sunday, 07 February 2016 07:20 PM

සෙනරත් කියන දේ හරියටම හරි (නි)

:       0       0

සනත් Sunday, 07 February 2016 08:39 PM

නුවන්, ඔයාගේ මොළේ කොහෙද තියෙන්නේෙ? (නි)

:       0       0

සුනිල් Sunday, 07 February 2016 08:45 PM

දේශපාලුවොන්ගෙ ගුණ්ඩු වලට අහුවෙන, සල්ලි වලට කහින අය ඉන්නාතුරු මේ රට හැදෙන්නෙ නැහැ. නුවනුත් නම වෙනස් කරගත්තොත් හොඳයි. පොඩ්ඩක්වත් උගත් මිනිස්සු කියන දේ තේරෙන්නෙ නැහැ. මේකෙන් වෙන්නෙ ඇත්තටම රටට ආදරේ මිනිසුන්ටත් රට එපාවෙලා යන එකයි. (නි)

:       0       0

අබය Sunday, 07 February 2016 09:05 PM

ඉන්දියාවේ ඔය වගේ හොර ජාවාරම් පිරිලා ඉතිරිලා ගිහින් තියෙන්නේ. ඉතින් ඉතිරි සොච්චම් හොරකම් ටික තමයි ලංකාවට ලැබෙන්නේ. ඕක සුළු දෙයක්. (නි)

:       0       0

රන්ජිත් Sunday, 07 February 2016 11:46 PM

මෙහෙට ඉන්දියන් වෙද්දු එනවා කියලා වකුගඩු හොරකම කරන්න, ඒකට ඉඩදෙන්න කියලද කියන්නේ? රටේ අපරාධයක් ගැන හොයන්න ඉඩක් දෙන්නෙම නැහැ. මොනවාහරි දෙයක් පටළලා යට ගහන්න හදනවා. (නි)

:       0       0

ජනහිත Sunday, 07 February 2016 11:47 PM

මම හිතන්නේ අපිට ඕනෑ දේවල් බොහොමයක් අපිටම කරගන්න පුළුවන් කියලයි. විදේශගතවෙලා ඉන්න අපේ අය ගෙන්නාගෙන (වයස ගැන බලන්නේ නැතුව, වැඩ ගැන බලලා) ඒ අයට පහසුකම් දීලා වැඩ අරගෙන රට දියුණු කරමු. අපේ දක්ෂයෝ ඉන්නේ පිටරටවල. (නි)

:       0       0

දිනේෂ් Monday, 08 February 2016 12:04 AM

ඉන්දියාව දිගටම හදන්නේ වටේ තිබෙන රටවල් යටකරලා ඔවුන්ගේ ආධිපත්‍ය උඩට ගෙන්න. ඔවුන් යන රටවලත් එහෙමයි. අද ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ ඉන්දියන්කාරයන් රැකියාවට ගිය තැන්වල ලංකාවේ අයට එක්කෝ රැකියා ගන්න දෙන්නේ නැහැ. නැත්නම් ඉන්න අයට කරදර ඇති කරනවා. මම වැඩකරන තැනත් අපිට ඉන්දියන්කාරයන්ගෙන් පුදුම වදයක් තිබෙන්නේ. ඉන්දියාව හොඳයි කියලා හැමදේම බදාගන්න ගියොත් ලංකාවේ පුරවැසියන්ට ජාති භේදයක් නැතුව පරිප්පු කන්නයි වෙන්නේ. (නි)

:       0       0

උදය Monday, 08 February 2016 12:18 AM

නුවන්ලා වගේ ඉන්දීය වන්දිභට්ටයින් නිසා තමා ලංකාවට කවදාහරි වරදින්නේ. ළිං ගෙම්බෝ දකින්නේ ළිඳ ඇතුළේ දේ විතරයි (නි)

:       0       0

ශිරන්ති Monday, 08 February 2016 01:24 AM

අපි නම් දන්නා විදියට මිල අඩු නිසා සහ ඒ වගේම නීති දුර්වල නිසා මෙහෙට එන්නේ‍. (නි)

:       0       0

චාමික Monday, 08 February 2016 01:31 AM

ඕකේ දෙපැත්තක් තියෙනවනේ. ඉන්දියානුවන් අඩු පඩියකට එයිද? නවාතැන් පහසුකම්, කෑම බීම, රැකියා වීසා, ගමන් වියදම් බැලුවහම අතින් කාලා අනුන්ගේ හරක් බැලුවා වගේ තමයි (නි)

:       0       0

රන්ගි Monday, 08 February 2016 01:40 AM

හැබැයි ප්‍රශ්නය වෙන්නේ ඉගෙනගන්නේ නැතිව නිතරම පෙළපාලි යන, මල්වතු වල මුහුදු වෙරළේ රස්තියාදු වෙන අයට තමයි. හොඳට වැඩ දන්නවා නම් ඉංග්‍රීසිත් ඉගෙනගත්තොත් ඔය කාටවත් බයවෙන්න අවශ්‍ය නැහැ (නි)

:       0       0

රංග Monday, 08 February 2016 03:03 PM

ඇඳන් 1000ක් වත් නැති පොඩි ඉස්පිරිතාල දෙක තුනක් එක්ක මොන තරඟද අනේ, නිල්මිණි දන්න මගුලක් කතා කරන්න. ලංකාව වෛද්‍ය සේවා අතින් ඉන්දියාවට වඩා ගව් ගාණක් ඉස්සරහින් ඉන්නේ, (බ)

:       0       0

ජනහිත Monday, 08 February 2016 03:21 AM

ස්තුතියි රන්ගි. හරියට හරි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමරිකා ජනපති අනුරට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 27 0 0

අමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් මහතා ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් පළ කර තිබේ.


ටී පනස් හයක් සමඟ අබාධිත සෙබළා අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 27 280 0

බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුවූ බාප්පා විසින් ලබා දුන් බව කියන ටී පනස් හය ගිනි අවියක් විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබලෙකු සතුව තිබී අත් අඩ


ජනපති සන්නද්ධ හමුදා කැඳවයි
2024 සැප්තැම්බර් මස 27 2060 0

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත්


වැස්ස වැඩිවෙයි
2024 සැප්තැම්බර් මස 27 228 0

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දින සිට (27) ඉදිරි දින කිහිපයේදී බලාපොරොත


දේශපාලකයන් පාසල් උත්සව වලට එපා
2024 සැප්තැම්බර් මස 27 933 0

දේශපාලනඥයන් පාසල් උත්සව සඳහා ගෙන්වීම වහාම නතර කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දුන්නාය.


ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 1017 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37580 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24769 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 700 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 255 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site