ආණ්ඩුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට එරෙහිව කරන ප්‍රකාශවලට හා ආණ්ඩුව අත්සන් කිරීමට යෝජිත ඉට්කා ගිවිසුමට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (26) කුරුණෑගල නගරයේදී පැවැත්විණි.
කුරුණෑගල රෝහල අසල සිට පාගමනින් කුරුණෑගල නගරය වෙත පැමිණි වෛද්‍යවරු බස් නැවතුම්පළ අසල උද්ඝෝෂණයේ යෙදුණහ.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ දි හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වෙද සංගමය කුරුණෑගලදී උද්ඝෝෂණයේ
පද්මිණි Saturday, 27 February 2016 05:58 AM
වකුගඩු ජාවාරමක් ගැනත් පරීක්ෂණ වගයක් තිබෙනවා නේද?පාරට බහින්නේ නැතුව කොහොමද? (නි)
රොකී Saturday, 27 February 2016 02:14 PM
කලණි විතානගේ, ඔබට තිබෙන උගත්කම ඔබේ කියුමෙන් තේරෙනවා. ගමේ ගොඩේ අහිංසක මිනිස්සුන් තමයි ආගම, ජාතිය, භාෂාව, ජාත්‍යාලය වගේ දේවල් ගැන බොරු දෙසලා කපටි දේශපාලකයන්ට ලේසියෙන්ම රවටන්න පුළුවන් පිරිස. වෘත්තීය දැනුම කියන එක උගත්කම හැටියට සළකනවා නම් මේසන් බාස් උන්නැහේලා, නාටාමිලා, වඩු බාස් උන්නැහේලා, කොත්තු රොටි බාස්ලා එහෙමත් උගත්තු! (නි)
රොකී Saturday, 27 February 2016 12:57 AM
වෛද්‍යවරුන් ජීවත්වෙන්නේ ලෙඩුන් හින්දයි. මිනිසුන් අසනීප වෙන්නේ නැත්නම් දොස්තරලා රටකට උවමනා නැහැනේ? ඇයි මේ උන්නැහේලා බෙහෙත් හිඟය, බෙහෙත් මිල, රෝහල්වල පහසුකම් මදි බව ආදී දේවල් ගැන සටන් නොකරන්නේ? (නි)
ජයාත් Saturday, 27 February 2016 03:08 PM
ශම්මි, විජය, ඔයාලට කියන්න තියෙන්නේ දොස්තර සංගමය මේ ඉට්කා එකක් අල්ලාගෙන කෑගහන්නේ මේ ආණ්ඩුව එයාලගේ පදේට නටන්නේ නැති හින්දයි, වැරදිලාවත් ඉන්දියන් දොස්තරලා ආවොත් එයාලට කරදරවෙන හින්දයි මිසක් වෙන මොකුත් හින්දා නෙමෙයි (නි)
ශම්මි Saturday, 27 February 2016 01:45 AM
මේකේ අදහස් දාලා තියන එක්කෙනෙක්වත් රටේ වෙන්නේ මොනවද කියලා දන්නේ නැහැ වගේ. දොස්තරලා මේක කළේ දොස්තරලට මොකුත් ලබාගන්න නෙමෙයි. මේ රටේ අනාගතය විනාශවෙන්න යන එක නවත්වන්න. ඔය කොයි කාටත් දැනෙයි ඉන්දියාවෙන් එක එකා ඇවිල්ලා කාගේ කාගේත් රැකියාව නැතිවුණ දාට (නි)
හැරිස් Friday, 26 February 2016 01:14 PM
ඉස්සර අපි පොඩි කාලේ වෛද්‍යවරු හරිම ගරු ගාම්බිරයිඒකට දැන් බෝර්ඩ් කෑලි එල්ලන් පාරේ හරියට බිග් මැච් හුරේ දාන කොල්ලෝ වාගේ... (ර)
කලණි විතානගේ Saturday, 27 February 2016 02:14 AM
ගමේ ගොඩේ ජීවත්වෙන අහිංසක මිනිස්සුත් රටේ දේශපාලනය ගැන උනන්දුවෙන යුගයක වෛද්‍යවරුන් දන්නේ වෛද්‍ය විද්‍යාව විතරක් කියලාද රොකී මහත්තයා කියන්නේ? වෛද්‍යවරුන් කියන්නේ දැනුවත්බාවයක් තිබෙන කණ්ඩායමක්. (නි)
දිල්ශාන් Friday, 26 February 2016 01:16 PM
අයියෝ දැන් මේ අයට වෙන වැඩක් නැද්ද දන්නේ නෑනේ.(හේ)
විජය Sunday, 28 February 2016 09:51 AM
ජයාත්, ඉන්දියාවේ දොස්තරලා ලක්ෂ ගණන් රස්සා නැතුව ඉන්නවා. බොරු සහතික හදාගෙන පුද්ගලික විද්‍යාලවලින් පිටවෙන මේ ඉන්දියන් දොස්තරලා අවස්ථාවක් දුන්නොත් එක පයින් ලංකාවට පනීවි. (නි)
විජය Sunday, 28 February 2016 10:02 AM
මේ අදහස් කියවන මොහෙතේ වුණත් ලංකාවේ රෝහල් වල දොස්තරවරුන් රෝගීන් දහස් ගණනක ජීවිත බේරාගන්න ශල්‍යකර්ම ප්‍රතිකාර දිවා රෑ නොබලා කරනවා (නි)
ජයාත් Saturday, 27 February 2016 02:28 AM
ඇයි අප්පේ මේ මහත්වරු ස්ටයික් කරන්න දැන් බයද? නැත්නම් ලැජ්ජද? මුන්නැහෙලට අපි ආරාධනා කරනවා ඒකට හේතුව කියන්න කියලා. මේ ආණ්ඩුවත් එක්ක මට මොන ප්‍රශ්න තිබුනත් මේ දොස්තරලගේ ඊනියා සංගමයට කොන්ද නොනමන එක ගැන නම් ආඩම්බරයි (නි)
විජය Saturday, 27 February 2016 08:38 AM
ඉන්දියාව ඉස්සර වගේ නෙමෙයි දැන්. මුළු ආසියාවේම තමාගේ බලය තහවුරු කිරීම තමයි ඒගොල්ලන්ගේ අරමුණ. අපේ මේ ලස්සන පුංචි ලංකාවේ ලාංකිකයන් හැටියට අපේ අනන්‍යතාවය රැකගන්න ඕනෑ. මේ තරුණ වෛද්‍යවරුන් සහ අනිත් වෘත්තීය සමිති කරන අරගලයට ඔයගොල්ලෝ ඔක්කොම උදවු කරන්න (නි)
රොකී Friday, 26 February 2016 02:38 PM
කලණි විතානගේ නෝනෝ, වෛද්‍ය වරුන්ට උගත්කම තියෙන්නේ වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙනුයි. ඔය බොහොම දෙනෙකුට ඊට අමතරව ඇති එපමණ උගත් කමක් නැහැ. මේක දේශ පාලන විද්‍යාව, ආර්ථික විද්‍යාව වගේ වෙනත් විෂයයන්ට සම්බන්ධ පුරස්නයක්. උන්න්හෙලා මේ විද්‍යා ක්ෂේත්‍රයේ ගැටළු කොතෙකුත් තියෙද්දී මේ කොහෙත්ම සම්බන්ධයක් නැති දෙකට මේ අවස්ථාවේ ඇත දමන්නේ. (ර)
පෙරේරා Saturday, 27 February 2016 03:06 AM
ඕනෑම අධෝමාර්ගයක් පරික්ෂා කරන්න මෙයාල දන්නවනේ. ඒ නිසා මේ ගිවිසුමත් පරික්ෂා කරලා බලන්න ඇති නේද ? (බ)
බමුණු ආරච්චි Saturday, 27 February 2016 11:41 PM
කලණි විතානගේ, ඔබ හරියට හරි. ඇයි මේ උගත් මිනිස්සු මෙයට විරුද්ධ කියා සොයාබැලිය යුතුයි. අපිත් දන්නවා ඉන්දියානුවන් එන්නේ කෑම වේලට වැඩකරන්න බව. (නි)
බමුණු ආරච්චි Saturday, 27 February 2016 11:45 PM
විජය, මෙතැනදී එකමුතු වෙන්න අමුතුවෙන් පුන පුනා කිවයුතු දෙයක් නොවෙයි. මට හිතාගන්න බැරි ඇයි මෙරට සමහර මිනිස්සු මේවගේ දේවලට කැමති කියා. අපේ ළමයින්ගේ රැකියා නැතිවීම ඔවුනට ප්‍රශ්නයක් නොවෙයිද? (නි)
බමුණු ආරච්චි Saturday, 27 February 2016 11:59 PM
පෙරේරා, ඔයතරම් පහත් තත්වයකට වැටෙන්න එපා. අනේ බුදු මහත්තයෝ මගේ අහවලාගේ ගීවිතය බේරාදෙන්න කියාගෙන ඔවුන් ළඟට යන දිනක් ඔබට ඒවි. නැත්නම් ඔබව බේරාදෙන්න කියා අඬන අවස්ථාවක් එයි. එමනිසා කට පරිස්සම් කරගත්තොත් හොඳයි නේද? වෙද සංගමයේ මහත්වරු ඔබට වඩා උගත් බව මම හොඳට දන්නවා. (නි)
මනෝජ් Friday, 26 February 2016 03:21 PM
ඉන්දියාවේ දොස්තරලයි, බේත් ටිකයි එම්බුලන්ස් එක්කම ආපුවහම ඔය සැර නිකම්ම බැහැල යාවි. දොස්තරලා ඉල්ලන් කනවා. (ර)
බමුණු ආරච්චි Sunday, 28 February 2016 12:05 AM
රොකී, බෙහෙත් හිඟය, බෙහෙත් මිල, රෝහල්වල පහසුකම් මදි බව රට ඇතුළේ තිබෙන ලෙඩ. ඉට්කා කියන්නේ පිටරටින් ගෙන්වන්න යන භයානක ලෙඩක්. වෙද සංගමය ලෙඩේ එන්න කලින් අපිව බේරාගන්න තමයි මේ හදන්නේ. (නි)
බමුණු ආරච්චි Sunday, 28 February 2016 12:09 AM
රොකී, ඔබ වෛද්‍යවරුන් ගැන ඔහොම කියන්න ඔබට ඉට්කා ගිවිසුම ගැන තිබෙන දැනීම මොකක්ද? (නි)
බමුණු ආරච්චි Sunday, 28 February 2016 12:25 AM
මනෝජ්, ඉන්දියාවේ දොස්තරලයි, බේත් ටිකයි ඇම්බියුලන්ස් එක්කම ආවහම නිකම්ම බැහැලා යන්නේ දොස්තරලගේ සැර නොවෙයි, අපේ උගත් ළමයින්ගේ සැර. අනික ගමේ ඉස්පිරිතාලයට ඩිස්පෙන්සරියට ඉන්දියානු දොස්තරලා ආවහම ලෙඩේ කියන්න වෙන්නේ අතින් පයින්. අපේ ළමයින්ට වඩා ඉන්දියානුවන්ට ආදරය කරන සිංහලයින් ඉන්න බව මම මීට පෙර දැකතිබුනේ නැත. (නි)
බමුණු ආරච්චි Sunday, 28 February 2016 12:40 AM
රොකී, 21 වෙනි ශතවර්ෂයේ හොඳම විහිළුව ඇසුවේ ඔබෙන්. ඉදිකිරීම් නැත්නම්, නිර්මාණ නැත්නම් ඉංජිනේරුවන් ඕනෑත් නැත. සමහරවිට හොඳ දොස්තර කෙනෙක් නොසිටින්න ඔබත් නොසිටින්න පුළුවන්. මෙතන තිබෙන ප්‍රශ්නය එය නොවෙයි. අපේ රැකියා අවස්ථා ඉන්දියානුවන්ට යාමයි. (නි)
බමුණු ආරච්චි Sunday, 28 February 2016 12:42 AM
ජයාත්, ඔබ ඔය කියන දොස්තරලගේ ඊනියා සංගමය සටන් කරන්නේ කුමක් සඳහාද කියා බලන්න. එක හේතු කරගෙන කතා කරන්න. ඔබගේ ඊනියා සංගමයටත් අපටත් තේරෙනවා අපට වෙන්න යන්නේ මොකක්ද කියලා. ඉන්දියානුවන් අපේ රැකියා අවස්ථා ආක්‍රමණය කළාම අපට හොඳද නරකද කියලා කියන්න. (නි)
නිම්මි Friday, 26 February 2016 03:36 PM
වැඩිය කන්න ගිය හැමෝම අද මහා පාරේ. මමනම් කියන්නේ කෙලෙහි ගුණයක් නැති අයට මෙහෙම වෙලා මදි. (ර)
එදිරිවීර Sunday, 28 February 2016 01:21 AM
අපිත් ඔබ සමඟයි (නි)
දීපාල් නිරෝෂ් Friday, 26 February 2016 03:40 PM
දුමින්ද මහතා කියපු දේට නම් මාත් එකඟයි, මේ වෙද සංගම් නිලධාරීන් 1980 දශකයේ සේවය කල තමන්ගේ ජෙය්ෂ්ඨ නිලධාරීන්ගෙන් උපදෙස් ලබාගෙන මේවා සංවිධානය කලොත් තම හොඳ, නැතිනම් රජයේ වෙද සේවය සමාප්ත වේවි. (ර)
ජයසුන්දර Friday, 26 February 2016 03:49 PM
මම දන්නා තරමින් වෛද්‍ය නිලධාරී සංගමය කියන්නේ ඇත්ත. ඔවුන් කියන දේ ගැන හිතලා බලපුවහම අපිට වෙන්න පුළුවන් අගතිය හොඳට පැහැදිලි වෙනවා. (ර)
දිල්ෂාන් Sunday, 28 February 2016 12:25 PM
දොස්තරලා මෙතරම් මේ ගැන කියන්නේ වෙන්න යන අනතුර ඔවුන්ට පෙනෙන නිසා කවුද කොන්ද නැති නිවටයෙකුත් මගේ නමින් අදහසක් දාලා.(බ)
මහින්ද සෞදි Sunday, 28 February 2016 05:06 AM
අඩු කළේ දිය සෙළවෙනවා වගේ රෝනිගේ උගත්කම දාන අදහස් වලින් තේරෙනවා. (නි)
විජය Saturday, 27 February 2016 10:38 AM
බලන් කඩතුරා හැර දෑසේ... වෙද සංගමයේ අනතුරු හැඟවීමට සවන් දෙන්න. මේ පුංචි ලංකාවේ සම්පත් ඉන්දියානුවන්ට සූරාගන්න ඉඩදෙන්න එපා. එකමුතු වෙන්න (නි)
දුමින්ද Friday, 26 February 2016 09:48 AM
කළු ගලේ හිස ගසා ගැනීමක්.(හේ)
ප්‍රසාද් Friday, 26 February 2016 10:05 AM
දැන් මේ අයත් හැම තැනම යනවා වගේ.(හේ)
කලණි විතානගේ Friday, 26 February 2016 10:53 AM
බුද්ධිමත් එමෙන්ම උගත් වෛද්‍ය වරුන්ගේ විරෝධය රජයේ කෝපයට නොව සලකා බැලීමට යොමුවිය යුතුය. (ර)
විජය Friday, 26 February 2016 06:47 PM
හැම වෘත්තියකම හොඳ සහ නරක මිනිස්සු ඉන්නවනේ. නමුත් මේ තරුණ වෛද්‍යවරු සටන් කරන්නේ ලංකාවේ අනාගත පරම්පරාවේ යහපත සඳහා බව පැහැදිලියි (නි)
පෙරේරා Friday, 26 February 2016 07:34 PM
වෛද්‍යවරු කියන්නේ ඉතින් නීතිය, ඉංජිනේරු ශාස්ත්‍රය, දේශපාලන විද්‍යාව, ගණකාධිකරණය, අනෙකුත් සෑම දෙයක් පිළිබඳව දැනඋගත් බුද්ධිමතුන්නේ නේද? (නි)
රත්න Saturday, 27 February 2016 01:04 PM
බුද්ධිමත් ආර්ථික විද්වතුන්ට බැරි මොකද තෙල් වලින් ඉන්දියාවට යන අධික ලාබය නවත්වන්න? ලාබය පාරිභෝගිකයින්ට දෙන්න බැරිනම් අඩුම තරමින් රජයටවත් ලබා ගන්න හිතනවා නම් හොඳ නැද්ද? (නි)
සොහාන් Friday, 26 February 2016 11:53 AM
මේ ගොල්ලන්ට කාර් පර්මිට් දුන්නනම් මේ මුකුත් විරෝධතා නැහැ, ජනතාව හෙට අනිද්දට මේගොල්ලන්ට හොද පාඩමක් උගන්වාවි. (ර)