IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


වෙද සිසුවිය දුම්රියේ හැපී මරුට

බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝග විශේෂඥ ශල්‍ය වෛද්‍ය දොස්තර ජයවර්ධන මහතාගේ දියණිය කිවින්දි  (22) වැල්ලවත්තේ දී, මාතර දුම්රියේ හැපී මියගිය බව වැල්ලවත්ත පොලිසිය කියයි. ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ වෛද්‍ය පීඨයේ දෙවැනි වසරේ ශිෂ්‍යාවකි. පශ්චාත් මරණ පරික්ෂණය කළුබෝවිල රෝහලේ දී පැවැත්වෙයි.



අදහස් (0)

වෙද සිසුවිය දුම්රියේ හැපී මරුට

සුජිත් Saturday, 29 March 2014 09:37 AM

ඇත්තටම දන්නේ නැතුවද මෙහෙම වුණේ? හරි අවධානයෙන් ගියා නම් මෙහෙම වෙන්නේ නැහැ. (නි)

:       0       0

චන්ද්‍රා Saturday, 29 March 2014 09:39 AM

ඔබට නිවන් සුව! දුම්රිය පාරේ මොකට ගියාද? වන අලි අමාරුවෙන් ඉණිමං වලත් ගොස් දිවි රැක ගන්නවා. ජීවත්වන අයට මේවා හොද අාදර්ශ. (නි)

:       0       0

දයා අළහකෝන් Friday, 28 March 2014 06:23 PM

නොසැළකිලිමත්කමද? සුවහසක් රෝගීන් සුවපත් කිරීමට තිබුන දෙඅතක් නේද? (නි)

:       0       0

රන්ජන් ඉන්දියාව Friday, 28 March 2014 06:51 PM

මොකක්ද මේ හදිසියේ සිදුවුණේ? (නි)

:       0       0

ආනන්ද Friday, 28 March 2014 07:08 PM

දියණියනි, ඔබට නිවන් සුව පතමි. මෙවන් අකල් මරණයක් ඔබටත් මෙවන් දුකක් ඔබේ දෙමාපියන්ටත් යළි කිසිදු භවයකදී සිදු නොවේවා! (නි)

:       0       0

එම්.සී. Friday, 28 March 2014 07:09 PM

ඇය දුම්රිය එනවා නොදුටුවාවද්ද? (නි)

:       0       0

කුමාරි Friday, 28 March 2014 07:12 PM

රේල් පාරේ යද්දී ඔච්චරටම ඔය යකඩ යකා එන සද්දේ ඇහෙන්නේ නැද්ද? අපරාදේ තරුණ ජීවිතයක්... (නි)

:       0       0

කුමාරි Saturday, 29 March 2014 11:58 AM

සංකලනි, ලියල තියන දේ තිත්ත ඇත්තක්. ප්‍රේම සම්බන්දය බිද වැටුනට කලකිරීමෙන් කර ගත් දෙයක්ලු. භානු ඔබ හරි. ළමයි අධ්‍යාපනයෙන් දියුණුයි. ඒත් සමාජයේ එන ප්‍රශ්න වලට මුහුණ දෙන්න ශක්තියක් නැහැ. ඕව අපි කාගේත් වැරදි (දී)

:       0       0

ශාන්ති Friday, 28 March 2014 07:29 PM

අපරාදේ තරුණ ජිවිතයක්. ඔබට නිවන් සුව පතන්නෙමි. (නි)

:       0       0

සංකලනි Friday, 28 March 2014 07:33 PM

කෝච්චියට පනින බව කෙටි පණිවිඩයක් එවලයි සිය දිවි නසාගෙන තියෙන්නේ (අ)

:       0       0

ගයාන් අබුඩාබි Friday, 28 March 2014 07:39 PM

සුවහසක් මව්පියන්ගේ දරුවන් රැකදෙන්න වෙහෙසෙන කාරුනික ඔබ තුමන්ගේ දියනියගේ අකල් වියෝව ගැන අපද බලවත් කනගාටුවන්නෙමු ඇයට නිවන්සුව (අ)

:       0       0

තරංග Friday, 28 March 2014 07:44 PM

මියගිය අයට අපහාස කරන්න එපා සංකලනි. (නි)

:       0       0

සිරිමලී Friday, 28 March 2014 08:13 PM

මොනවා කිවුවත් වැඩක් නැහැ. වෙලාව අාවහම යන්න ඕනෑ. නිවන් සුව ලැබේවා දියණිය ඔබට! (නි)

:       0       0

නිරන්ජන් Saturday, 29 March 2014 12:47 PM

දොස්තරලා උනත් ළමයි ගැන හොයලා බලනවා මදි (දී)

:       0       0

ජෙහාන් Saturday, 29 March 2014 12:47 PM

අපේ රටට අහිමි උනේ වටිනාකම කියා ගන්න බැරි ජීවිතයක් (දී)

:       0       0

පහන් Friday, 28 March 2014 08:20 PM

අපොයි දෙවියනේ! ඇයි මේ දරුවට මෙහෙම වුණේ? (නි)

:       0       0

ශිරානි Saturday, 29 March 2014 12:47 PM

ආදරණිය සොයුරියනි ඔබට නිවන් සුව (දී)

:       0       0

ශාන්ත Saturday, 29 March 2014 12:47 PM

රිජ්වේ එකේ ඉන්නේ දෙවි වරු වගේ දොස්තරලා. ඒ දොස්තර මහත්තයාට අපගේ බලවත් කනගාටුව (දී)

:       0       0

ලෙස්ලි Saturday, 29 March 2014 12:52 PM

දෙමාපියන් උත්සාහ කරන්නේ දරුවන්ට විභාගේ පාස් කරන්න පමණයි. ජීවිතේ පාඩම කියා දෙන්නේ නැහැ (දී)

:       0       0

විධුෂක Friday, 28 March 2014 08:57 PM

අනාගත සම්පතක් අකාලයේ රටට අහිමිවීම ඉමහත් පාඩුවකි. දෝණිය, ඔබට මින් මතු එවන් අකල් මරණයක් නොම වේවා! නිවන් සුව ලබන්නට හේතු වාසනා වේවා!(නදී)

:       0       0

ඩයස් Friday, 28 March 2014 08:57 PM

රටට වැදගත් දරුවෙක් නැති වෙලා, නිවන් සුව පතමු.(නදී)

:       0       0

සුසන්ත Friday, 28 March 2014 09:30 PM

අපරාදේ තරුණ ජිවිතයක්. මේ තුල සැගවුණු රහසක් තිබිය හැකියි.(නදී)

:       0       0

සුභාෂිනී Friday, 28 March 2014 09:30 PM

මේක සියදිවි නසා ගැනීමක්ද? (නදී)

:       0       0

kamani Saturday, 29 March 2014 01:56 PM

මරුන කෙනාට අපහස නොකර තමුන්ගේ වැඩක් බලාගන්න. නිවන්සුව වෙනුවට කතන්දර හදන පහත් ගනයේ අයත් අපි අතර තාමත් ඉන්නවා(දී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Friday, 28 March 2014 10:24 PM

නැගණියේ මින් මතු මෙවන් අකල් මරණයකට ගොදුරු නොම වේවා කිසිදු අත්භාවයකදී.ඔබට නිවන් සුව ලැබේවා.!!!(දී)

:       0       0

රනා Friday, 28 March 2014 10:24 PM

මෙතන දුම්රිය පාරවල් දෙකක් තියෙනවා. එක පැත්තකට යන කෙනා ඉදිරියෙන් එන දුම්රිය දැකල අනිත් පාරට යනවා. නමුත් එයාට වැටහීමක් නැහැ එයා යන පාරෙත් දුම්රියක් පසුපසින් එනවා කියල. සද්දේ ඇහෙන්නෙත් නැහැ මොකද ඉදිරියෙන් එන දුම්රියේ සද්දේ නිසා. දුම්රිය දෙපාර්තමේන්තුව මේ දුම්රිය මග මේ හරියෙවත් කොටු කරා නම් මෙහෙම විපත් වෙන්නේ නැහැ. මොනාවුනත් දුම්රිය මගේ ගමන් කිරීම දඩුවම් ලැබිය හැකි වරදකි. (දී)

:       0       0

සජි Friday, 28 March 2014 10:53 PM

ඔබට නිවන් සුව(දී)

:       0       0

නයන මුණසිංහ Saturday, 29 March 2014 02:56 PM

මේ ළමයාගේ මරණයට දෙමාපියන්ටම ඇඟිල්ල දික් කරලා හරියන්නේ නැහැ. ළමයෙක්ගේ මානසික මට්ටම, හැගීම් වලට වහල්වීම, දරා ගැනීමේ හැකියාව හදන්න 100% දෙමාපියන්ට කරන්න පුළුවන් දේවල් නෙවෙයි. වෛද්‍ය විද්‍යාලේ හිටියා කියලා අවුරුදු 22 ක් ළමයෙකුට මේ සමාජය ගැන තියෙන දැනුම මොකක්ද, මේ නාකි අපිටත් මේ සමාජය තේරුම් ගන්න තාම බැරිකොට..? බුදු බණට විරුද්ධව වුනත්, මේ දියණියගේ සසර ගමන සුගතිගාමී වේවා කියා පතමි. (දී)

:       0       0

භානු Saturday, 29 March 2014 03:04 AM

මේ තරුණිය සිය දිවි හානි කර ගත්තා නම් ලොකුම අපරාධයක්.දොස්තර කෙනෙකු වෙන්නට තවත් ළමයෙකුට තිබුන අවස්ථාවත් නැති වුණා. ඉස්සර කාලයේ සමහර දෙමවුපියන්ට මල පොතේ අකුරක් බැහැ. නමුත් ජීවිතේ අභියෝග වලට මුහුණ දෙන්න ළමයින්ට කියා දුන්නා. දැන් ළමයින්ගේ මව්පියන් කොච්චර උගත් වුණත් දරුවන්ට නොලැබෙන එකම දේ තමා දෙමව්පියන්ගේ නිවැරදි මඟ පෙන්වීම. දරුවන් ගැන සොයා බලන්න ඒ උදවියට වෙලාවක් නැහැ. (නි)

:       0       0

රණතුංග Saturday, 29 March 2014 04:29 AM

රනා හරි.මගේ පුතාත් රුපියල් පනස්දාහකට කිට්ටු දඩයක් කෑවා දුම්රිය ගේට්ටුව වහලා තියෙනකොට අනිත් පැත්තට යටින් රිංගලා ගියා කියලා.කෙසේ හෝ මමයි දඩේ ගෙවලා දැම්මේ.නැත්නම් උසාවි ගිහිල්ලයි නතර වන්න වෙන්නේ. (නි)

:       0       0

කෙවින් Saturday, 29 March 2014 04:44 AM

මේකේ අදහස් දැමූ අය ඇත්ත නොදැන එක එක දේවල් කියනවා. (නි)

:       0       0

ගෝමරි Saturday, 29 March 2014 06:13 AM

නීති පොත බැලුවොත් රේල් පාර මත ගමන් කරන අයට දඩයක් නියම වෙනවා. අපේ අවාසනාවට නීති ක්‍රියා කරවන අය තවම නිදි. අඩුම ගණනේ ඒ බව දන්වමින් දැන්වීම් පුවරුවක්වත් සවිකරන්නේ නැහැ. අනේ පව්. (නි)

:       0       0

අනුර Saturday, 29 March 2014 07:35 AM

ඔබට නිවන් සුව! (නි)

:       0       0

ඔෂාන් Saturday, 29 March 2014 07:46 AM

දැන් ඉතින් ඔය අනං මනං කියවලා වැඩක් නැහැ. ඕවා ගැන කතා කරන්න තිබුනේ මෙහෙම දේවල් වෙන්න කලින්. මොනවා වුණත් වටිනා ජීවිතයක් රටට නැතිවුණා.අක්කේ, ඔබට නිවන් සුව ලැබේවා! මතු භවයේ මෙවන් අකල් මරණයක් අත් නොවේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 131 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 1270 0

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1222 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 1238 2

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 1311 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


අනුරට කතානායකගෙන් සුභ පැතුමක්
2024 සැප්තැම්බර් මස 23 1155 2

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 24016 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23237 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 371 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site