IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


වෙද සිසුහු බෝම්බ සිද්ධිය හෙළා දකිති

ඇණය ගැලැවූ අත් බෝම්බයක් කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය ලලන්ත රණසිංහගේ නිවසට දැමීයැයි කියන සිද්ධිය හෙළා දකිමින් වෛද්‍ය සිසුහු කොළඹ ජාතික රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක් කළහ.



අදහස් (0)

වෙද සිසුහු බෝම්බ සිද්ධිය හෙළා දකිති

මොහොමඩ් Saturday, 18 August 2012 09:39 PM

"නැවැත්වීම ගිලන් රථ සදහා පමණි" කියලා තියෙන තැන නැවතිලා ඉන්න කෙල්ලොත් ගිලන් රථද? (නි)

:       0       0

මොහොමඩ් Saturday, 18 August 2012 09:39 PM

ඇයි මේ නැවත්වීම ගිලන් රථ පමණයි කියන බෝඩ් එක ළග ඉන්නෙ ඒගොල්ල ගිලන් රථද?(නු)

:       0       0

මනම්පෙරුම Saturday, 18 August 2012 07:27 AM

මම හිතන්නේ ඕවා එයාලගේම වැඩ..(ස)

:       0       0

සරත් Saturday, 18 August 2012 08:25 AM

දොස්තර මහත්වරුණි.. අනෙක් ක්ෂේත්‍රවලත් අයත් මේ වගේ දේකට වර්ජනය කළොත් මොකද රටට වෙන්නෙ.. බුද්ධිමත්ව හිතන්න..!!(නු)

:       0       0

ජනිත් Saturday, 18 August 2012 10:34 PM

ඇයි මේ ඔක්කොමලා මේකට බනින්නෙ... කවුරුවත් වෛද්‍යවරුන්ට සහයට නැහැනේ..!!(නු)

:       0       0

නදීරා Friday, 17 August 2012 04:43 PM

මාර වැඩනේ ලංකාවේ වෙන්නේ. දැන් දොස්තරලාගේ බඩ වේලුනත් වර්ජන. අනේ මෙහෙමත් රටක්. (නි)

:       0       0

සජීව Saturday, 18 August 2012 09:01 AM

අනේ ආර්.ප්‍රේමදාස මහත්තයාවත් හිටිය නම්..!(නු)

:       0       0

තිලකරත්න Friday, 17 August 2012 04:49 PM

හාපෝ, ඉන්න හැටි? (නි)

:       0       0

යමාල් Saturday, 18 August 2012 09:11 AM

මොවුන් තව වසර කිහිපයකින් රෝහල "සේවයට" ආවම අසරණ රෝගීන්ට දෙවියන්ගේම පිහිට තමයි.රටේ බදු ගෙවන ජනතාවගෙ මුදලින් නිදහස් අධ්‍යාපනය ලබන අනාගත මැරයෝ. .(ස)

:       0       0

සෑම් Friday, 17 August 2012 04:58 PM

අපි ආසියාවේ ආශ්චර්යයට යනවෝ..... (නි)

:       0       0

සරත් Saturday, 18 August 2012 10:10 AM

දකිනවා ඒත් අද දෙමව්පියන් අසරණයි.(ස).

:       0       0

කීර්ති Saturday, 18 August 2012 10:20 AM

ජෝන්, ඇදුමින් කෙනෙතුගේ බුද්ධිය මනින්න බැහැ. ඒ ළමයි ඔතෙන්ට එන්නේ විශාල කැපවීමක් කරලා, ලක්ෂ ගණනක් සමග තරග කරලයි. (නි)

:       0       0

තිළිණ Saturday, 18 August 2012 10:20 AM

ඔතන ඉන්න පිරිසෙන් බහුතරයක් මේ පෙළපාලියට යෑමේ හේතුව කුමක්දැයි කියාවත් දන්නේ නැහැ. (නි)

:       0       0

සරා Monday, 20 August 2012 09:53 AM

බෝම්බ ඇණ ගලවලා විසි කරන්නේ කවුද කියල මහජනතාව දන්නවා. මේවා කරන අය එළියට දමන්න තමයි සීමිතව වර්ජන කරන්නේ. (නි)

:       0       0

ප්‍රියා Friday, 17 August 2012 06:43 PM

පේනවනේ අනාගත දොස්තරලාගේ හැටි? පොලිසිය තව හොදයි. (නි)

:       0       0

රොෂාන් කොඩිකාර Saturday, 18 August 2012 10:44 AM

මේ වෙද සිසින්ද නැත්නම් අර රතු අයද?(නු)

:       0       0

සරා Monday, 20 August 2012 10:17 AM

ප්‍රේමදාස මහතාට සිද්ධ වුණු දෙය, ඒ මහතා වෙනුවෙන් ප්‍රතිචාර දමන අය සිහිකර ගත්තොත් හොදයි. (නි)

:       0       0

බණ්ඩාර Friday, 17 August 2012 07:12 PM

කවුරු හරි මේ බෝම්බය වෙන කෙනෙක් වෙනුවෙන් පාව්ච්චි කරලා වැඩේ හරි නොගියහම ඒක තාප්පයකට උඩින් වීසි කරලා යන්න ඇති. ඒත් කරුමෙටම ඒක වැටිලා තියෙන්නේ දොස්තර ගෙදරකට. මගේ ගෙදෙට්ට වැටුණා නම් මම ඒක කුණු බාල්දියට දාලා වැඩට යනවා. (නි)

:       0       0

praveen-manila Saturday, 18 August 2012 11:10 AM

දැන්නම් හිතෙනවා බෝම්බ පිපිරුනා නම් හොඳයි කියල. එතකොට උද්ඝෝෂණ කලත් දුකේ නෑ (අ)

:       0       0

ජයන්ත - ඉබ්බාගමුව Sunday, 19 August 2012 08:19 AM

මේ ප්‍රවෘත්තියට හුග දෙනෙක් ශිෂ්‍යයන්ට බැණලා තියෙන්නේ. නමුත් මට මෙහෙම දෙයක් කියන්න පුළුවන්. එයලගේ ගෙදරක කාට හරි බෝම්බයක් ගැසුවොත්, ගෙදර සිහලු දෙනාම එකතු වෙලා ඊට ආවේණික ක්‍රමයකට විරෝධය පෙන්වනවා. මම හිතන්නේ එයාලට වෙන විකල්පයක් නැහැ.මේ සිද්ධියට වගකිව යුත්තන්ගේ මැදිහත් වීම ද මදි. (නි)

:       0       0

අමිල කටුනායක Friday, 17 August 2012 07:21 PM

ඕකට ඔච්චර දගලන්න ඕනෑද? ඒක බෝම්බයක් නෙමෙයි ,කෝම්බයක්ලු. (නි)

:       0       0

නිර්මලා Sunday, 19 August 2012 08:41 AM

මට තේරෙන්නේ නැහැ ඇයි ශිෂ්‍යයින්ට බනින්නේ කියලා. අපිත් ශිෂ්‍ය සංගම්වල හිටියා. උද්ඝෝෂණය කළා. ඒ සාධාරණ හේතු වලට. එදා දිනාගත්ත දේවල් අද ශිෂ්‍යයින් බුක්ති විදිනවා. ඇයි අපේ අම්මලා, තාත්තලා එයාලගේ දරුවන්ටත් නිදහස් අධ්‍යාපනය ලැබෙනවාට කැමති නැද්ද ? (නි)

:       0       0

සුප්රා Sunday, 19 August 2012 08:49 AM

ප්‍රේමදාස මහත්තයා හිටියා නම් මේ අයට මෙහෙම දගලන්න හම්බ වෙන්නේ නැහැ. බලාගෙන යනකොට හැම විශ්ව විද්‍යාලයම පෞද්ගලීකරණය කළොත් හොදයි වගේ. (නි)

:       0       0

දුලංජය Friday, 17 August 2012 07:53 PM

මෙම දින වල පවතින ශනි කුජ මාරුව නිසා රටේ උද්ඝෝෂණ, දේශපාලන අර්බුද, කම්කරු ගැටුම් සහ වැඩ වර්ජන හට ගන්න පුලුවන්. මෙ නිසා සියලුම දේනා ඉතා කල්පනාකාරිව කටයුතු කරන ඕනේ. .(ස)

:       0       0

ජෝන් Friday, 17 August 2012 07:54 PM

මේ දරුවෝ ඇදන් එන ඇදුම් මේ දරුවෝන්ගේ අම්මල දකින්නේ නැද්ද?.(ස)

:       0       0

අනුර Friday, 17 August 2012 08:25 PM

බණ්ඩාර හරි. මේක කුමන්ත්‍රණයක් තමයි. (නි)

:       0       0

තුල්සි Sunday, 19 August 2012 10:09 AM

"නිර්මලා 2012-08-19 08:41:30 මට තේරෙන්නේ නැහැ ඇයි ශිෂ්‍යයින්ට බනින්නේ කියලා. අපිත් ශිෂ්‍ය සංගම්වල හිටියා. උද්ඝෝෂණය කළා. ඒ සාධාරණ හේතු වලට. එදා දිනාගත්ත දේවල් අද ශිෂ්‍යයින් බුක්ති විදිනවා. ඇයි අපේ අම්මලා, තාත්තලා එයාලගේ දරුවන්ටත් නිදහස් අධ්‍යාපනය ලැබෙනවාට කැමති නැද්ද ?" නිර්මලා ඉහතින් තියෙන මීට අදාළ පුවත කියවා බැලුවාද? මේ සිසුන් වීදි බැහැලා තියෙන්නේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන්ද? නැත්නම් අනාගතේදී යන්න ඉන්න රස්සාව ගැන උපන් වර්ගවාදය නිසාද? නිදහස් අධ්‍යාපන කතාවකුත් මොවුන් කියාගෙන එනවා තමයි , එහෙත් වරෙක සම සෞඛ්‍ය සේවාවේ උපාධි අපේක්ෂකයින්ට එරෙහිව ඔවුන් සරසවි වලින් පිටමන් කිරීමට අවි අමොරගන්නෙත් මොවුන්මයි. (නි)

:       0       0

ජයන්ත - ඉබ්බාගමුව Sunday, 19 August 2012 10:25 AM

වෛද්‍ය ලසන්තට මහතාට බෝම්බ ගැසීමට ආසන්නම හේතුව විදිහට විශ්වාස කරන්නේ ඔහු පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇරඹීම ට විරෝධය පළ කරපු කෙනකු නිසයි කියලයි මට න්ම හිතෙන්නේ. උද්ඝෝෂණය සාමකාමීයි. එබැවින් ලසන්ත මහතාට ඒල්ල වූ ප්‍රහාරය වෛද්‍ය සිසුන් හෙළා දකිනවා. ඔහුන් උද්ඝෝෂණ කිරීම හැරුණාම වෙන කුමක් කරන්නද ? ඔහුන් ජනතාව දැනුවත් කරන්න උත්සාහ කරනවා. ඒත් අපේ ජනතාව ඒක තේරුම් ගන්නේ නැත්තේ ඇයි ? (නි)

:       0       0

කසුනි Saturday, 18 August 2012 01:29 PM

මේකේ ඉන්න සමහරු ඩොක්ටල ද නැත්නම් නර්ලස ද? (අ)

:       0       0

මහසෙන් Friday, 17 August 2012 09:23 PM

කටුනායක පැත්තේ ඉන්න කට්ටිය ගැන අමිලට අත්දැකීම් තියෙනවා වගෙයි. (නි)

:       0       0

ප්‍රවීන් - මැනිලා Friday, 17 August 2012 09:35 PM

බණ්ඩාර, ඇයි ඔයා ඒක කුණු බාල්දියට දාලා යන්නේ? සාක්කුවේ දාගෙන ගියානම් නේද හොද? (නි)

:       0       0

චාමී Saturday, 18 August 2012 03:00 PM

මේ ප්‍රතිචාර කරන අයගේ මානසිකත්වය ගැන බලද්දී වෙලාවකට පුදුමත් හිතෙනවා. (නි)

:       0       0

රුවන් Friday, 17 August 2012 09:37 PM

අයියෝ! මෙයාලා කොන්දොස්තරලට වැඩිය අන්තයිනේ. (නි)

:       0       0

හසී. Friday, 17 August 2012 09:51 PM

නිකන් උගන්වන එකේ වැරැද්ද තමයි මේ. දැන්මම මෙහෙම නම් උපාධිය ගත්තහම කොහොමට තියෙයිද? (නි)

:       0       0

දිනුක් Friday, 17 August 2012 09:51 PM

මගේ රටට මේ සිදු වී ඇති විනාශය දෙවියන්ට පෙනේවායි පතමි! (නි)

:       0       0

ප්‍රවීන් - මැනිලා Friday, 17 August 2012 10:02 PM

දැන් නම් හිතෙනවා බෝම්බය පුපුරන්නයි තිබුණේ කියලා. එතකොට වර්ජන කළත් දුකක් නැහැ. (නි)

:       0       0

චමින්ද Friday, 17 August 2012 10:10 PM

කවුරු කළත් පෞද්ගලික මතවාද අතහැර දමා රටේ උන්නතිය වෙනුවෙන් කටයුතු කිරීම නේද හොද? (නි)

:       0       0

ජයකොඩි Saturday, 18 August 2012 05:02 PM

සජිව ඔබ හරි.ප්‍රෙමදාස මහත්තයම තමයි මෙවට හොද (නු)

:       0       0

අරුණ Friday, 17 August 2012 10:30 PM

ප්‍රශ්නය බෝම්බය පුපුරු නොගිය එක නොවෙයි. එකින් එකටම සිදුවන මෙවන් සිද්ධි දාමයයි. හෙට අනිද්දට රෝගීන්ට වෙන්නේ උඩ බලාගෙන හූල්ලන්න තමයි. (නි)

:       0       0

සිතුවිළි Friday, 17 August 2012 10:44 PM

දැන් එතකොට ඔය බෝම්බේ දැම්මේ ඉස්පිරිතාලේ ඉන්න ලෙඩ්ඩුද? එහෙම නැත්නම් කුඹුර මුවා කෑවහම මුවහමට තලපු ගමයාගේ මොළෙයි මේ උන්දැලාගේ මොළෙයි එක පමණද?.(ස)

:       0       0

සමීර බාලසූරිය- මෙල්බන් Saturday, 18 August 2012 06:19 PM

ලංකාවෙන් පඩි අරන්, ඕස්ට්‍රේලියාවේ අඩු අදායම් සහනාධාර ලබා යහමින් වැජබෙන දොස්තරලත් ඉන්නවා..!(නු)

:       0       0

අහිංසක Saturday, 18 August 2012 12:12 AM

බන්ඩාර ඔය ඇත්තමද කියන්නේ...(ස)

:       0       0

ගාමිණී Saturday, 18 August 2012 03:22 AM

බුදු අම්මේ බලාපල්කො දේශප්‍රේමියෝ ටික.දැක්කම පේනවා කාගෙ හරි පදේකට නටන රූකඩ ටිකක් කියලා.දශක තුනක් ‍බෝම්බ ලොරි ගනන් ආවා,පිපුරුවා,එතකොට ඔය දේශප්‍රේමියෝ කොහේද හිටියේ.අහන්න දන්නෙ නැතිනම් දෙමාපියන් ගෙන්.දරුවනේ ඔබ සැම අද සිටින තැනට එන්න මොනතරම් කැප උනාද?දෙමාපියන් මොනතරම් කැපවීමක් කලාද? අනාගතය බාරගන්න ඉන්න දරුවනේ දේශපාලනයට කත්අදින්න එපා....(ස)

:       0       0

Jayanath Priyantha Saturday, 18 August 2012 08:39 PM

අනේ ලංකාවෙ කොච්චර බෝම්බ පිපිරුණාද? මෙයාලට දොස්තර කම ගන්න අපේ සල්ලි කොච්චර වියදම් උනාද දෙවියනේ...!!(නු)

:       0       0

හරිශ් Saturday, 18 August 2012 05:20 AM

එදා කොටි බෝම්බ තියනකොට දොස්තරලා මේ විදියට වර්ජනය කලානම් අපට යුද්ද නොකර ප්‍රශ්නය විසඳා ගන්නට තිබුණා..(ස)

:       0       0

ශර්මිලා Saturday, 18 August 2012 06:15 AM

ඉහලමට්ටමක ඉන්න නිසා උඩපනිනවා වැඩියි මේ අය කොහොමත්...(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 1022 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 688 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 252 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1942 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 1759 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 544 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40036 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25955 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 238 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1308 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site