IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


වද හිංසා දරා ගන්න බැරිව සිසුවා නිවෙසින් පනී

(රංජිත් රාජපක්ෂ)

පියා සහ මවගේ අමානුෂික පහරදිම් හමුවේ නිවසින් පලාවිත් හැටන් දුම්රිය ස්ථානයේ රැදි සිටි 15 හැවිරිදි පාසල් සිසුවකු අද අලුයම හැටන් පොලිසිය බාරයට ගත් බව හැටන් මුලස්ථාන පොලිසිය පවසයි.

අනුරාධපුර ප්‍රදේශයේ පාසල් සිසුවා කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු රාත්‍රි තැපැල් දුම්රියෙන් හැටන් දුම්රිය ස්ථානයට පැමිණ එහි රැඳී සිටියදි හැටන් පොලිසියේ හදිසි ඇමතුම් ඒකකයට ලද තොරතුරක් මත පාසල් සිසුවා පොලිස් බාරයට ගත් බව පොලිසිය කියයි.

මව්පියන් අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි බවත්, තම පවුලේ වැඩිමහල් සොහොයුරකු සහ සොහොයුරියක සිටින බවයි.

පානදුර ප්‍රදේශයේ පිහිටි මිත්තණියගේ නිවසේ රැදි සිටිමින් පාසල් අධ්‍යාපනය ලබාගත් බවත්, 10 වසර තෙක් අධ්‍යාපන ලබමින් සිටින අවස්ථාවේ පාසලෙන්ද තමන්ව ඉවත් කළ බව ඔහු කියා ඇත.

මිත්තණියගේ නිවසේ රැදි සිටියදි පියා පැමිණ ගෙදරින් යන ලෙස බල කරමින් තමන්ට අමානුෂික ලෙස පහර දුන් බවත්, පියා බද පටියෙන් තමන්ට පහර දිම නිසා පිට කොන්දේ තුවාල සිදු වි ඇති බව කියා සිටි පාසල් සිසුවා වැඩිදුරටත් කියා සිටියේ මව සහ පියාගේ වද හිංසා හමුවේ  අනුරාධපුර සිට කොළඹ කොටුව දක්වා දුම්රියෙන් පැමිණ මිත්තණියගේ නිවසට යාමට සූදානමින් සිටි තමාට වැරදීමකින්  බදුල්ල දුම්රියට ගොඩ වූ බව කියා ඇත.

මව සහ පියාගේ වද හිංසා හමුවේ තමන්ට ආපසු නිවසට යාමට නොහැකි බවද එම පාසල් සිසුවා කියා සිටියි.

 



අදහස් (2)

වද හිංසා දරා ගන්න බැරිව සිසුවා නිවෙසින් පනී

perera Monday, 19 June 2023 05:21 PM

කිිසි දෙයක් නොදන්නා පව් අහිංසක දරුවා. අද බලන්නේ කවුද මෙම දරුවාවට ? අපි කුමක් කරන්නද ? පව්.

:       0       0

perera Monday, 19 June 2023 05:58 PM

කිසිදෙයක් නොදන්නා පව් අහිංසක දරුවා. අද බලන්නේ කවුද මෙම දරුවාට? අපි කුමක් කරන්නද? පව්...

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 4 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 40 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 315 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 873 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 514 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 2266 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 395 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 661 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1886 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site