IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා‘

මාදුළුවාවේ සෝභිත නාහිමියන් බලාපොරොත්තුවූ යහපාලනය සාධාරණ සමාජය ඇති කිරීම හා උන්වහන්සේගේ අරමුණවූ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ දැඩි අධිෂ්ඨානය වෙනුවෙන් කටයුතු කළ බව පැවසූ මෛත්‍රිපාල සිරිසේන ජනපති උන්වහන්සේගේ ගෞරවනීය උතුම් දේහය ඉදිරියේ  සපථ කරමින් පැවසූයේ උන්වහන්සේ බලාපොරොත්තුවූ ආකාරයට විධායක ජනපති ක්‍රමය අහෝසි කර මේ රටේ යහපාලනයක් ඇති කරන බවයි.

සෝභිත හිමියන්ගේ ආදාහන පූජෝත්සවයේදී උත්සව සභාව අමතමින් ජනපති මෙසේද පැවසීය.

‘‘අපවත් වී වදාළ ගෞරවනීය මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේ පිළිබදව මේ ස්ථානයේ සිටින පිරිස් පමණක් නොව ලක්වැසි සියලූම ජනතාව අද දිනයේ දී දැඩි ශෝකයට හා සංවේගයට පත්ව සිටිනවා.

සෝභිත ස්වාමීන් වහන්සේ අපි බලාපොරොත්තු නොවූ අවස්ථාවක අපවත් වී වදාළා. උන් වහන්සේ පසුගිය වසර කිහිපයක් තුළ වරින් වර රෝගාතුර වුණා. ඒ උන් වහන්සේට තිබූ දැඩි අවිවේකය නිසාමයි. සාධාරණ සමාජයක් පිළිබද ජාතික ව්‍යාපාරය මෙන්ම උන් වහන්සේගේ ශාසනික සේවාව, සමාජ සේවාව, දේශපාලන පක්‍ෂයකින් තොරව සුපිරිසිදු, සාධාරණ, යහපාලනයක් සහිත සමාජයක් ගොඩනැගීමට උන්වහන්සේ දැරූ උත්සාහයත්, පවිත‍්‍ර චේතනාවත් පෙරදැරි කරගෙන පසුගිය දශක කිහිපය තුළ උන් වහන්සේ කටයුතු කළා.

විශේෂයෙන් යුද්ධය පැවති කාලයේ සිංහල, දමිළ, මුස්ලිම් භේදහකින් තොරව යුද්ධයෙන් පීඩාවට පත් වූ සියලූ ජනකොටස් ජීවත් වූ ප‍්‍රදේශවලට ගොස් උන් වහන්සේ මහා මෙහෙවරක් ඉටු කරනු ලැබුවා. සෝභිත හිමියන් ඉටු කළේ මහා යුග මෙහෙවරක්. මේ යුග මෙහෙවරෙහි ප‍්‍රමුඛ වූ අවස්ථාවක් ලෙස පසුගිය ජනවාරි 8 වැනිදාට පෙර මේ රටේ සාධාරණ සමාජයක් ගොඩ නගන්නට, යහපාලනයක් ගොඩ නගන්නට උන් වහන්සේ කළ මෙහෙවර සoදහන් කළ හැකියි.

මා අද ජනාධිපති ධුරයේ සිටින්නේත්, රනිල් වික‍්‍රමසිංහ අගමැතිතුමා ප‍්‍රමුඛ ප‍්‍රධාන දේශපාලන පක්‍ෂ දෙකක් එක්වූ ජාතික රජයක් ලෙස නව රජය කටයුතු කරන්නේත් උන් වහන්සේ නිසයි. මේ සියලූ දේ වල නිර්මාපකයන් වන්නේ ගෞරවනීය සෝභිත ස්වාමීන් වහන්සේයි.

මීට පෙර ගිහි පැවිදි කතාවලදී සදහන් වූ ආකාරයට උන් වහන්සේ බලාපොරොත්තු වූ අරමුණ ඉටු කරමින් සාධාරණ සමාජයක්, යහපාලනයක් තුළ පුළුල් හා ප‍්‍රබුද්ධ වූ මානනවවාදී සමාජයක් අපි ගොඩනැගිය යුතුයි. මේ රටේ විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම පිළිබ`ද දැඩි අධිෂ්ඨානයක් උන්වහන්සේ තුළ තිබුණා. මා ජනාධිපතිධූරයට පත්වූයේ ද උන්වහන්සේ ප‍්‍රමුඛ ඒ අරමුණ සදහා කැපවූ නායකයින්ගේ සහ පොදු මහ ජනතාවගේ අභිප‍්‍රාය තුළයි. 
උන් වහන්සේගේ බලාපොරොත්තු වූ ආකාරයට මේ රටේ යහපාලනයක් ඇති කරන්නට, ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් ගොඩ නගන්නට හා සාධාරණ සමාජ ක‍්‍රමයක් ඇතිකිරීම සදහා විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම සදහා මා විසින් කළ යුතු සියලූ කැපවීම කරන බව මේ ගෞරවනීය උතුම් දේහය ඉදිරියේ මා සපථ කරනවා. එමෙන්ම මේ රටේ අද පවතින ඡුන්ද ක‍්‍රමයේ වෙනසක් පිළිබද උන් වහන්සේ තුළ දැඩි බලාපොරොත්තුවක් තිබුණා. නව රජය ලෙස ඒ සදහාත් කැප වන බව මේ ශ්‍රී දේහය ඉදිරියේ මා සපථ කරනවා.

මේ මහා යුග මෙහෙවරක් කළ මේ උතුම් බුද්ධ පුත‍්‍රයන් වහන්සේ තම ජීවිත කාලය තුළ භික්‍ෂූන් වහන්සේ නමක් බවට පත්වී මේ රටේ සමාජය තුළ අනෙකුත් භික්‍ෂූන් වහන්සේලාට වඩා යා යුතු වෙනත් ගමනක් උන්වහන්සේට තිබුණා. 

ඒ ශාසනික සේවාවෙන් බැහැර වූ ඉතා නිවැරදි දේ ගරු කරන යහපත් සමාජ සාධාරණත්වයක් ඉටු කරන රාජ්‍ය පාලනයක් ඇතිකිරීම ස`දහායි. ඒ ස`දහා උන් වහන්සේට සියලූ දෙනාගේම ආශීර්වාදය ලැබුණා. 
උන් වහන්සේ රෝගී වූ අවස්ථාවේ මේ රටේ සියලූ දෙනා ශෝකයට පත්වුණා. උන් වහන්සේට ප‍්‍රතිකාර කර නිරෝගී තත්ත්වයට පත් කරගැනීම ස`දහා කළ හැකි කළ යුතු සියලූ දේ අප විසින් සිදුකරනු ලැබුවා. ඒ කෙසේ වෙතත් ජීවිතවල හා අන් සියලූ දේ වල ඇති අනිත්‍යභාවය තුළ උන් වහන්සේ අප බලාපොරොත්තු නොවූ ආකාරයට අපවත් වුණා. 
එය මුළු මහත් ලක්වැසි ජනතාවටම දරා ගත නොහැකි වූ වේදනාවක්. එහෙත් උන් වහන්සේ බලාපොරොත්තු වූ සමාජ ක‍්‍රමය බිහිකරන්නට අප විසින් කළ හැකි සෑම දෙයක්ම අපි නොපිරිහෙලා ඉටු කරනවා.

මහා යුග මෙහෙවරක් ඉටු කළ, සමාජ පරිවර්ථනයක් සිදුකිරීමට කැප වූ මහා උදාර ජීවිතයක් අවසන් මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේට නිවන් සුව අත්වේවායි ප‍්‍රාර්ථනා කරන අතරම උන් වහන්සේගේ දර්ශනය, උන්වහන්සේගේ චින්තනය, දැක්ම පිළිබ`දව අපට කළ හැකි සියලූම දේ කරන බව ප‍්‍රකාශ කරනවා.’’ යැයි ද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළේය.

 

webfuneral_2015111280



අදහස් (0)

‘විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා‘

ප්‍රකාශ් Friday, 13 November 2015 11:55 AM

මේ රට විනාශ කිරීමේ කුමන්ත්‍රණය විදේශිකයන්ගේ ඩොලර් වලට යටවී කරන අයුරු ලැජ්ජාවකි (අ)

:       0       0

කිත්සිරි Thursday, 12 November 2015 12:09 PM

ඔබතුමා ගැන අපිට විශ්වාසයි (නි)

:       0       0

මහානාම - කඳාන Thursday, 12 November 2015 01:00 PM

විධායක ජනාධිපතිකමේ නොවේ වරද, එය භාවිතා කරන ආකාරයයි. සෝභිත හිමිගේ වචන පිළිපදින්නේ නම් පළමුව මේ රට රැකදුන් රණවිරුවන් සහ ලබාගත් නිදහස් නිවහල් රට ආරක්ෂා කළයුතුයි. (නි)

:       0       0

ටෙනිසන් Thursday, 12 November 2015 01:01 PM

එහෙම කරනවා නම් උන්වහන්සේට කරන ලොකු ගෞරවයක් (නි)

:       0       0

හේමන්ත Thursday, 12 November 2015 01:09 PM

ඉවසීමෙන් නිවැරදි ගමන යන්න. ඔබතුමාට ජනතාවගේ ආශිර්වාදය ලැබේවි. වසර ගණනාවක් තිස්සේ විකෘති වූ සමාජ ක්‍රමය එක රැයින් නිවැරැදි කළනොහැකි බව රටට පහදා දෙන්න. සතුරන්ගෙන් සහ සතුරු ක්‍රියාවලින් ප්‍රවේශම් වන්න. (නි)

:       0       0

ඇසළ Thursday, 12 November 2015 01:12 PM

දැන් ප්‍රමාද වැඩිදෝ කියලත් හිතෙනවා (නි)

:       0       0

සහන් Friday, 13 November 2015 05:09 AM

කරනවානම් හොඳයි පරක්කු වෙලා හරි. චන්ද්‍රිකා මැතිනියත් විජයගේ දේහය ළඟ අත උස්සලා පොරොන්දු දුන්නා. ඒ වගේ නම් වෙන්න එපා. (ස)

:       0       0

දිලිප් Thursday, 12 November 2015 01:16 PM

සෝභිත මහා යතිවරයාණන් වහන්සේ පැතූ පිවිතුරු වටපිටාව නිර්මාණය කිරීමට අවැසි ශක්තිය හා නුවණ වගකිවයුත්තන්ට ලැබේවා! (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 13 November 2015 05:16 AM

බැලූවෝ (10698) වෙනියා වීම ගැන මම කණගාටු වෙමි. (ස)

:       0       0

පතිරණ Thursday, 12 November 2015 01:18 PM

බොහොම හොඳයි (නි)

:       0       0

සොපි Friday, 13 November 2015 05:21 AM

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමෙන් පමණක් රටේ ප්‍රශ්න අවසන්කළ හැකිද ? සාධාරණ සමාජයක් එවිට ඇතිවෙතැයි සහතික කල හැක්කේ කෙසේදෙ? ප්‍රවීන දේශපාලන විචාරකයින් මේ ගැන දරන මතය කුමක්ද ? (ස)

:       0       0

තිලක්-ඩුබායි Friday, 13 November 2015 05:21 AM

යමුනා.යහපාලනය වෙනුවෙන් නිදි මරාගෙන,අපේ මුදල් වියදම් කරගෙන අපි මොන තරම් මහන්සි වුනාද?මටනම් දැන් සත පහකට විස්වාස නැහැ. (ස)

:       0       0

පිටබැද්දර ජයා Friday, 13 November 2015 06:20 AM

මේ වගේ පිරිසිදු රාජ්‍ය නායකයෙක් රටකට ලැබෙන්නේ වාසනාවකට. අවුරුදු පහක් කියන්නේ මොනතරම් කෙටි කාලයක්ද? මේ රටේ තිබෙන ප්‍රශ්න අවුරුදු පහකින් නෙමෙයි විසිපහකින්වත් විසඳනවා බොරු. ඒ හින්දා මම නම් කියන්නේ දෙවෙනි ධූර කාලයත් ඉඳලා අපේ රටට යහපාලනය 100% ක්ම ස්ථාපිත කළා නම් තමයි හොඳ (නි)

:       0       0

යමුනා Thursday, 12 November 2015 02:39 PM

අපි ඔබ ගැන විශ්වාසය තබාගෙනයි ඉන්නේ. ඒ විශ්වාසය එලෙසින්ම රකිනු මැන මැතිඳුනි (නි)

:       0       0

ආර්. වික්‍රම Friday, 13 November 2015 07:11 AM

මේ ප්‍රාර්ථනාව හාමුදුරුවෝ ඉන්න කාලේ ඉෂ්ටකරන්න පුළුවන් වුණා නම් කොච්චර හොඳද? (නි)

:       0       0

රෝහණ Sunday, 15 November 2015 09:15 AM

පිවිතුරු දැම්මොත් යමක් අපහාසේටම තමයි. (බ)

:       0       0

කෙවින් Friday, 13 November 2015 09:00 AM

මේ මිනිස්සුන්ගේ රැවටිලි දැන් හොඳටම ඇති. (ස)

:       0       0

විරාජ් Friday, 13 November 2015 09:29 AM

කිව්වට කළාද ලොක්කා. (ස)

:       0       0

ජගත් Friday, 13 November 2015 07:41 PM

ඔබතුමා රටේ ශක්තියයි (නි)

:       0       0

ස්මිත් Friday, 13 November 2015 09:49 AM

අර 20 වෙනි සංසෝදනය ගෙනාව වගේද? (ස)

:       0       0

මුණසිංහ Friday, 13 November 2015 10:21 AM

එහෙමනම් මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් කරන්න.මම අභීයෝග කරනවා. ඕක කරන්නේ නැහැ(ම)

:       0       0

සමන්ත Friday, 13 November 2015 03:18 AM

විධායක ජනපති ක්‍රමය අහෝසිකර උන්වහන්සේගේ කැමැත්ත ඉටුකළොත් ඒක ලොකු දෙයක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බිත්තර මිළ පහළට
2024 සැප්තැම්බර් මස 24 206 0

වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.


උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
2024 සැප්තැම්බර් මස 24 130 0

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය


රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 24 1697 0

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


සජබ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි
2024 සැප්තැම්බර් මස 24 1192 0

ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.


ලංකා සභාවෙන් ජනපතිට සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 24 531 0

ශ්‍රී ලංකාව නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් මෙරට බහුතරයක් අනුර කුමාර දිසානායක මහතා වෙත තැ


කොට්ටාවේදී දුම්රිය ඇන්ජිම තනිවම ගිහින්
2024 සැප්තැම්බර් මස 24 1298 1

කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ඇන්ජිම කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මැදිරි වලින් වෙන් වී ඉදිරියට ධාවනය වූ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33244 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23889 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 462 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 211 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site