IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


‘විධායක ජනපති ක්‍රමය අහෝසියි‘

විධායක ජනපති ධූරය අහෝසි කරන ලෙස ඉල්ලා විශේෂ කැබිනට් පත්‍රිකාවක් බදාදා (18) පැවැත්වෙන ඇමැති මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසූයේ අද (17) අරලියගහ මන්දිරයේ පැවැත්වෙන ද්විත්ව පුරවැසි භාවය වෙනුවෙන් සහතික පත් බෙදා දීමේ උත්සවයට එක්වෙමිනි.

මැතිවරණ ක්‍රමය සංශෝධනය පිළිබඳව කැබිනට් පත්‍රිකාවක්ද තමාගේ පෞද්ගලික යෝජනාවක් ලෙස බදාදා කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන බව ජනපති කීවේය.

අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ ආදාහන උත්සවයේදී උන්වහන්සේගේ දේහය ඉදිරිපිට විධායක ජනපති ධූරය අහෝසි කරන බවට මීට පෙර ජනපති සපථ කළේය.

president_201511143 president_201511153 president_201511172 president_201511173



අදහස් (0)

‘විධායක ජනපති ක්‍රමය අහෝසියි‘

නාලිනී Tuesday, 17 November 2015 06:02 AM

රටේ ජනතාව ඔය සියල්ලටම වඩා බලාපොරොත්තු වෙන්නේ බඩු මිල පහත වැටීමයි. (නි)

:       0       0

ජෝති Tuesday, 17 November 2015 06:07 AM

ඇමති මණ්ඩලය 20 ට අඩුකරන්නත් හිතුවොත් හොඳයි ‍නේද? (නි)

:       0       0

ජගත් Tuesday, 17 November 2015 06:13 AM

රටේ ප්‍රධාන ප්‍රශ්නයක් වන මන්දපෝෂණය තුරන් කිරීමට නම් 60% කින්වත් බඩු මිල පහත දාන්න ඕනෑ. රටේ සංවර්ධනයට එය කිරීම අත්‍යාවශ්‍යයි. (නි)

:       0       0

සේන Tuesday, 17 November 2015 06:12 AM

නාලිනී, බොරුවට අඬන්නේ නැතුව ඉන්න. ළඟ එන අයවැය දැවැන්ත ලෙස ආහාර මිල පහත හෙළන අයවැයක් කියලා හැමෝම කියනවනේ. (නි)

:       0       0

භාතිය Tuesday, 17 November 2015 06:22 AM

සේන, ඔයා ඉන්නේ මවාගත් වෙනම ලෝකයකද? (නි)

:       0       0

වරුණ Tuesday, 17 November 2015 06:46 AM

අනේ මන්දා මේවා මොනවයින් මොනවා වේවිද කියල?(ම)

:       0       0

රන්දුල Tuesday, 17 November 2015 07:02 AM

මේවා කෙරෙනවා නම් හොඳයි (නි)

:       0       0

ගාමිණී Tuesday, 17 November 2015 07:06 AM

පසුගිය කාල වකවානුවේ හොඳට සැප විඳපු අය වගේ මෙතැන ලියපු අය. අනේ වාසනාවන්!!! (නි)

:       0       0

ශානිකා Tuesday, 17 November 2015 07:03 AM

මට හිතෙන විදියට මේ සේන නම් දේශපාලකයෙක්ද කොහෙද? බලාගෙන ඉන්න සේන මොකද වෙන්නේ කියලා. (නි)

:       0       0

ශක්ති Tuesday, 17 November 2015 07:07 AM

විධායක ජනාධිපතිකම රටේ යහපතට භාවිතා කරන්න. ප්‍රථමයෙන් දුෂණ,වංචා නැතිකර ආර්ථිකය,නීතිය සදාචාරය,සහයෝගිතාවය ඇතිකරන්න. (නි)

:       0       0

කිත්සිරි Tuesday, 17 November 2015 07:08 AM

එහෙම වෙනවා නම් අපිත් කැමතියි (නි)

:       0       0

කුසල් Tuesday, 17 November 2015 07:08 AM

රටේ ජනතාව කාර්යක්ෂමවීමත්, නව සිතුවිලි පහළවීමත් රටක සංවර්ධනයේ දොරටුවයි. මේ දේ මේ විදිහට සිද්ධවෙන්න නම්, ඉතා ඉහළ තත්වයේ ආහාර ඉතා අඩු මිලට වෙළෙද පොළෙන් ලබාගත හැකිවිය යුතුයි. එවිට ජනතාවගේ පෝෂණ මට්ටම ඉහළ ගොස් නව සිතුවිලි, නව නිර්මාණ කරන කාර්යක්ෂම ජාතියක් රට තුළ ඇතිවනු ඇත (නි)

:       0       0

නුවන් Tuesday, 17 November 2015 07:41 AM

පිටරටින් බඩු ගන්නතුරු බඩු මිල අඩුකරන්න බැහැනේ. ජාතික නිෂ්පාදන, විදේශ ආයෝජන වැඩිකර, මිනිසුන්ගේ ආදායම වැඩිකරන එක තමා කරන්න පුළුවන්. බඩු මිල ටිකක් අඩුකරනවා නම් අතරමැදියන් හළන්න. (නි)

:       0       0

සේන Tuesday, 17 November 2015 07:41 AM

දින 100කින් අවසන් කරනවා කියලා නේද මුලින් කිවුවේ? (නි)

:       0       0

සොපී Tuesday, 17 November 2015 07:38 AM

විධායකය අහෝසි කරලා ඊළඟට කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවද කියන එක තමයි වඩා වැදගත්. සෝභිත හාමුදුරුවන්ව මේවාට පටළවා ගතයුතු නැහැ. මොකද දේශපාලන විචාරකයෝ මේ ගැන විවිධාකාර මත පළකර තිබුණා. මොනවා කරයිද කියලා අපි අවදියෙන් සිටිය යුතුයි. (නි)

:       0       0

කුසුම් Tuesday, 17 November 2015 07:39 AM

අපිට නම් දැන් කොහොමත් කිසිම වෙනසක් දැනෙන්නේ නැහැ (නි)

:       0       0

සුමාල් Tuesday, 17 November 2015 07:43 AM

සේන, ලැබු නිදහසක්වත්, අපමණ අගයක්වත් ජනතාවට ලැබී ඇතැයි ඔබට සිතේද? (නි)

:       0       0

රත්න Tuesday, 17 November 2015 07:47 AM

මේ රටේ දුප්පත් මිනිසුන්ට විධායක ජනපති ක්‍රමය නෙමෙයි ප්‍රශ්නය. මිනිසුන්ට අවශ්‍ය බඩු මිල අඩුකිරීම (නි)

:       0       0

ලිවේරා Tuesday, 17 November 2015 07:51 AM

මට නම් මේ වෙන දේවල් මොකුත් හිතාගන්න අමාරුයි (නි)

:       0       0

කපිල Tuesday, 17 November 2015 07:57 AM

මම නම් මෙය සිදුවනතුරු විශ්වාස කරන්නේ නැහැ (නි)

:       0       0

ඩෝසන් Tuesday, 17 November 2015 08:08 AM

ඔය පනත සම්මත වෙන්න ලැබේවා නමුත් ඕක ජනතාවගේ බොඳවුණු සිහිනයක්. (ම)

:       0       0

අමිල Tuesday, 17 November 2015 08:08 AM

ගරු ජනාධිපති තුමනි, පුද්ගලික අංශයේ 2500/- වැටුප් වැඩි කිරීමේ යෝජනාවත් කැබිනට්ටුවට දාන්න (ම)

:       0       0

දුමින්ද Tuesday, 17 November 2015 08:10 AM

කෝඳුරු තෙල් හත් පට්ටියක් සොයන නොකෙරෙන වෙදකමක් නොවේවා (ම)

:       0       0

විපුල Tuesday, 17 November 2015 12:52 PM

කෑම යනු දවසකට තුන් පාරක් අවශ්‍යවන දෙයක් නේ (බ)

:       0       0

සරණපාල Tuesday, 17 November 2015 08:18 AM

සොෆිට ඕකවත් තේරෙන්නේ නැද්ද..ඕක අහෝසි වෙන්නේ මෙයාගේ කාලසීමාව අවසන් වුණාට පස්සේ.. (ම)

:       0       0

හෆීල් Tuesday, 17 November 2015 08:35 AM

හොඳ වැඩක්. නමුත් කැබිනට් එක පිරිසුදු කරන්නත් ඕනේ. එ්කේ ඉන්නවා දුෂිතයන් ආරක්ෂා කරන්නන්. (ස)

:       0       0

පාලිත Tuesday, 17 November 2015 08:46 AM

සියලුදෙනා කල්පනා කරන්නේ කෑම ගැන පමණි.......!!!!! (ස)

:       0       0

ඉසුරන්දි Wednesday, 18 November 2015 04:52 AM

අනේ මන්ද එක ප්‍රශ්නයක් විසඳද්දී අපේ මිනිස්සු වෙන වෙන ප්‍රශ්න ගැන කතා කරනවා.හැම දෙයක්ම අපි පියවරෙන් පියවරට කතා කරන්න හුරු වෙමු මාතෘකාවට අදාලව. (ස)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 17 November 2015 09:04 AM

කොහොමත් විධායක ජනපති ක්‍රමය ඉවත් කරනවා කියන එක හොඳ ප්‍රවනතාවයක්. හොඳ කෙනෙකුට හම්බ වුනොත් හොඳයි.නැතිනම් වෙන්නේ වඳුරට දැලි පිහිය ලැබුන වගේ දෙයක්.අපි අමිහිරි අත්දැකීම් අත්වින්දනේ. (ස)

:       0       0

සුසන්ත Tuesday, 17 November 2015 09:10 AM

ජනපති තුමනි ඔබට මොනවා වෙයිද කියල අපි නං දන්නෙ නෑ. (ස)

:       0       0

වින්සන්ට් Tuesday, 17 November 2015 10:07 AM

ඕක තියලා ගියොත්, කියපු අඩි ගානට යටට යන්නත් පුළුවන්.තව සමහරුන්ට ෆීල්ඩ් මාර්ෂල් තුමාට වගේ සිර මැදිරියට යන්නත් පුළුවන්. සමහරු අතුරුදහන් වෙන්නත් පුළුවන්. රාජ්‍ය ආයතනවලට පොලු තියන්නත්,ඩුබායි බැංකු තර කරන්නත් හැකිවෙන නිසා එය ඉවත් කිරීම කාටත් ඇඟට ගුණය. (බ)

:       0       0

විජිත් Tuesday, 17 November 2015 10:09 AM

අන්ත දුෂිත දේශපාලුවන්ගෙන් පිරුණ පාර්ලිමේන්තුවේදී ඔය පත්‍රිකාව සම්මත වෙන්නේ නැහැ කියලයි මටනම් හිතෙන්නේ. අපි බලාගෙන ඉමුකො..(බ)

:       0       0

ලක්ෂ්මන් Tuesday, 17 November 2015 10:17 AM

මම දන්නවා ඔබතුමා සත්‍ය, සාධාරනය වෙනුවෙන් නොබියව කටයුතු කරන නායකයෙක්. ඔබතුමා වගේ නායකයන් සමග අපිත් ඉන්නවා. (ර)

:       0       0

කැලුම් Tuesday, 17 November 2015 10:36 AM

හොඳ වැඩක්. අපි ඔබ සමගයි. (ර)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 17 November 2015 11:05 AM

කී දේ කරන කරන දේ කියන යුගයේ නිහතමානී මිනිසා , ගරු ජනපති තුමනි ඔබතුමාට මගේ ප්‍රණාමය (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 57 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1629 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2042 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5634 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1622 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6086 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 17994 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 276 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site