IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


වනජීවී ලිපේ මුව මස්

තිස්සමහාරාම බෝගහපැලැස්ස කොඩිගහ වැව අසල දී   සැකකරුවන් තිදෙනකු සමඟ අත්අඩංගුවට මුව මස් තොගයක් කතරගම සහකාර වනජීවී අධ්‍යක්ෂ කාර්යාලයයේ උයමින් සිටි බව කියන වනජීවී නිලධාරියකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

 වනජීවී කාර්යාලයයේ මුව මස් පිසින බවට වනජීවී ඇමැති විජිත් විජිතමුණි සොයිසා මහතාට ලද තොරතුරකට අනුව ඇමැතිවරයා අද සවස පොලිසිය  සමග එහි ගියේය.

ඇමැති යන විට කුස්සියේ මුවමස් පැහැමින් තිබිනි.

කොඩිගහ වැව අසල දී අත්අඩංගුවට පත් මුව මස් තොගය කිලෝ 30කි.

DSC_0182



අදහස් (0)

වනජීවී ලිපේ මුව මස්

ඉසුරන්දි Wednesday, 13 August 2014 01:08 PM

ලොකු ලොකු තැන් සුද්දෙ දාන්නේ නැතුව පොඩි පොඩි තැන් හදන්න උත්සහ ගත්තට වැඩක් වෙන්නේ නැහැ.(අ)

:       0       0

ඉසුරන්දි Wednesday, 13 August 2014 01:08 PM

ඔය මුව මස් ටිකත් රාජසන්තක කරයිද දන්නේ නැහැ නේද.(අ)

:       0       0

දියස් Wednesday, 13 August 2014 01:07 PM

මේක මුවා මැරුවේ නැති නිසා ලිහිල් දඬුවම් දෙන්ඩ ඕනා. ඒත් දඩයක් ගැහුවොත් හොඳයි 50000 ක විතර.(අ)

:       0       0

දුලානා Thursday, 14 August 2014 04:11 AM

අනේ තාත්තේ ඇයි මේවගේ බාල වැඩ කරන්නේ, හරියට රාජකාරිය නොකර. බලන්න මේ ඔබේ පුතාටත් දුවටත් පාරේ බැහැල යන්න පුලුවන්ද කියා, තාත්තා අදින් පස්සෙ හොඳ තාත්ත කෙනෙක් වෙලා ගෙදර ඇවිල්ල යන්න එන්න, නැතිනම් අපි තරහම තරහයි.(නදී)

:       0       0

බණ්ඩා Wednesday, 13 August 2014 01:17 PM

අර පුජා කරන ඇත්දළ කපන්නේ කැලේ ගස්වලින්ද? (අ)

:       0       0

ලසන්ත Wednesday, 13 August 2014 01:24 PM

පව්නේද කැළේ සත්තු(අ)

:       0       0

ගාමිනි Wednesday, 13 August 2014 01:49 PM

ඇමති තුමා හොඳ වැඩක් කරලා තියෙන්නේ. ඔබ තුමාට බොහොම ස්තුති, අර අලි පැටියාගේ හොරත් අලලා ප්‍රසිද්ධ කරන්ඩ. අපේ කැළෑ ටික ,වන සතුන් ටික ප්‍රවේසම් කර දෙන්ඩ.ඔබගුමාට දෙවි පිහිටයි. (අ)

:       0       0

කුමාරි Wednesday, 13 August 2014 01:52 PM

මේ සත්තු මරණ පවු කාරයෝ නොහිතා කරන දේ වලින් ආත්ම ගානක් අවීචි මහා නරකාදියේ පැහෙන වැඩ.හාවෙක් මුවෙක් කියන්නේ කොච්චර අහිංසක සතෙක්ද?(අ)

:       0       0

සත්‍යයා Wednesday, 13 August 2014 02:17 PM

මේ වැඩේ කරලා තියෙන්නේ ඇමති තුමා යටතේ ඉන්න නිලධාරී. මේ තක්කඩි යොම තමයි දේශපාලුවෝ කැලෑ සවාරි ගහන කොට බෝතලෙත් එක්ක බොර මස් හොද්ද උයල දොළ පිදේනි දෙන්නේ. ඒ තත්වය යටතේ ඔය අපරාධ නවත්වනවා කියන්නේ බොරු.(අ)

:       0       0

පෙඩ්රික් Wednesday, 13 August 2014 02:21 PM

පොලිසිය මොකද කරන්නේ? (නි)

:       0       0

පද්මිණි Thursday, 14 August 2014 05:32 AM

සත්‍ය කියන දේ හරි. (නි)

:       0       0

ටිරෝන් Wednesday, 13 August 2014 02:39 PM

වැටත් නියරත් ගාෙයම් කා නම් කාට පවසම් එ් අමාරුව (නි)

:       0       0

නිමල් Thursday, 14 August 2014 05:38 AM

ඇමතිතුමාට අපේ ප්‍රණාමය! (නි)

:       0       0

ගාමිණී - සිරිවර්දන Wednesday, 13 August 2014 02:54 PM

සිරිල් බාලසුරිය මල්ලී, අල්ලපු මස් අධිකරණ තීන්දු දෙනකොට නරක්වෙලනේ. සත්ව උද්‍යාන වල සතුන්ගේ ආහාරයට පවා නුසුදුසු වෙනවා. මේසය උඩ ඇත්තේ මස් උයන ලද මුට්ටියක් මිස කල්දේරමක් නොවේ. (නි)

:       0       0

ගාමිණී Wednesday, 13 August 2014 03:36 PM

ඇමතිතුමා, ඔබතුමා කළ දේ අපි අගය කරනවා. එහෙත් පහුගිය හයමාසය තුළ කොපමණ කැළෑ ප්‍රමාණයක් සත්තු ගණනක් විනාශ කර තිබෙනවද? අලි පැටවු කීදෙනෙක් ලොක්කෝ අල්ලලා තියෙනවද? ජනතාවට මේ අලි හොරු ගැන විස්තර දෙන්න. (නි)

:       0       0

වාසනා Thursday, 14 August 2014 06:23 AM

සත්තු මරාගෙන කන එක නවත්තන්න ඉන්න කට්ටියම මරාගෙන කන එකනේ විඳින්න බැරි (දී)

:       0       0

දයා Thursday, 14 August 2014 06:27 AM

බඩුත් එක්ක හොරු (දී)

:       0       0

ගංඉනිර Thursday, 14 August 2014 06:32 AM

චන්දෙට ප්‍රචාරයක් (දී)

:       0       0

චිත්‍රා Wednesday, 13 August 2014 05:37 PM

මේවා සාමාන්‍ය සිද්ධි. මෙතන කාටවත් මඩ ගැසීමෙන් පලක් නැහැ. මුව මස් කන්න කැමති අයයි කෙසේ හෝ එය කන්නට බලන්නේ (නි)

:       0       0

හේවාවිතාරණ Thursday, 14 August 2014 07:36 AM

ධම්ම ඔබගේ ප්‍රකාශයෙන් ඔබගේ නමටත් ලැජ්ජය් (දී)

:       0       0

හෙවාවිතාරන Thursday, 14 August 2014 07:36 AM

කුමාරි ඔබ හරියට හරි (දී)

:       0       0

හේවාවිතාරණ Thursday, 14 August 2014 07:45 AM

ගාමිණී ;පානාති පාතා වේරමණී පංච ශීලයේ එන සිල් පදය මතක් කර ගන්න (දී)

:       0       0

දයාල් Wednesday, 13 August 2014 07:31 PM

වනජීවී එකට මේ මොකද වෙලා තියෙන්නේ? (නි)

:       0       0

ධම්ම Wednesday, 13 August 2014 11:10 AM

අත් අඩංගුවට ගත් මුව මස් කිලෝ තිහක් විසි කරන්නද කියන්නේ. උයාගෙන කාපුවාම මොකද වෙන්නේ. පණ පිටින් ඉන්න මුවෝ ටික රැක ගන්න බැරි උනා නම් මස්වලට මොනවා උනාම මොකද හිතන්න ඇති (දිල්)

:       0       0

ප්‍රශේන් Wednesday, 13 August 2014 11:28 AM

ඇමති තුමනි මෙය නතර කිරීමට නම් ,තනතුරු නොබලා උපරිම දඩුවම් ලබා දියයුතුය.අපි එය බලාපොරොතු වෙමි .(දිල්)

:       0       0

නිමල/පත්තුව Wednesday, 13 August 2014 08:50 PM

සත්‍යා නගාගේ කතාව නම් සත්‍යයක්ම තමා. ‍ඇමතිතුමනි, පුලුවන් නම් කැලෑපාලුවන් නැති කරන්න.ඔබ රටට ඇත්තටම ආදරය කරන කෙනෙක් (නි)

:       0       0

තරංග Wednesday, 13 August 2014 11:33 AM

කෑදරකමත් විනාශයට මුලයි කිව්වලු (නි)

:       0       0

ඇන්ටන් Wednesday, 13 August 2014 11:35 AM

විශාල අපරාධයක්. මේක නම් ලේසියෙන් අත්හරින්න එපා (නි)

:       0       0

මාලා Thursday, 14 August 2014 08:43 AM

අදහස් දාන අය වැඩිය කලබල වෙන්න එපා. (නි)

:       0       0

දසුන් Wednesday, 13 August 2014 11:42 AM

මේකෙන් පැහැදිලි වෙන්නේ, අපරාධයක් මැඩලන්න ඒ හා සම්බන්ධව කටයුතු කරන පුද්ගලයන් තමයි ඒ අපරාධය වැඩියෙන්ම කරන්නේ කියා නොවේද? (නි)

:       0       0

කණිෂ්ක Wednesday, 13 August 2014 11:51 AM

කාට කියන්නද මේ අවනඩු? (නි)

:       0       0

කුමාර Wednesday, 13 August 2014 11:50 AM

මට මේවාට කියන්න තියෙන දේ මෙතන ලියන්න බැහැ (නි)

:       0       0

විදුරන්ග Wednesday, 13 August 2014 11:55 AM

වැටත් නියරත් ගොයම් කා නම්... (නි)

:       0       0

නිහාල් Wednesday, 13 August 2014 11:58 AM

අනේ දෙවියනේ! (නි)

:       0       0

චන්ද්‍රා Wednesday, 13 August 2014 11:57 AM

මිනිසුන්ට තනතුරු නිලතල දීලා තියෙන්නේ අවංකව හරියට රට ජාතිය වෙනුවෙන් සේවය කරන්නයි. එසේ කරන කාටත් ජාතියේ ප්‍රණාමය හිමිය. රාජ්‍ය නිලධාරීන් පත්කළේ ජනතාව නොවේ. මේවා පළකරනවාට ලංකාදීපයට තුති! (නි)

:       0       0

මෙත්සිරි Thursday, 14 August 2014 03:31 PM

මේ මිනිස්සුන්ට මොනවා කරලා මදිද (දී)

:       0       0

සීතා Wednesday, 13 August 2014 12:07 PM

ධම්ම, ඔබගේ අදහස් අනුව අල්ලන ඒවා පරිභෝජනය කළාට වරදක් නැහැ කියලාද කියන්නේ? එතකොට උසාවියට ඉදිරිපත් කරන්නේ මොනවද? වන ජීවි නිලධාරීන් එක්ක මස් වැද්දන් එකට රැකියාව කරාවි ඔහොම වුණොත් (නි)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 14 August 2014 01:47 AM

මේ සම්බන්ධව පොලිසියට දැනුම් දීලා වැරදි කරන අයව අත්අඩංගුවට ගෙන නඩු පැවරීමයි කළයුත්තේ. (නි)

:       0       0

රූපවතී Friday, 15 August 2014 07:55 AM

මේ අය කැලේ ඉදන් කරන්නේ මේ අසරණ සත්තු ටික ගණන් කරන එකයි ගංජා වවන එකයි තමයි. මේ අයගේ දේපල වස්තුව සියල්ලම රාජ සන්තක කරන්න ඕනා. අපේ ජාතික සම්පත් මේ පව් කාරයෝ විනාශකළේ. ඔබලාට යන්න අපායක් නැහැ. ජාතික වනෝද්‍යානයක් කියන්නේ අභය භූමියක්. මරණයෙන් නිදහස් කර ජීවිතය සදහටම නිදැල්ලේ ගතකිරීමටත්, කිසිවෙකුට නීතියෙන්වත් මරන්න අවසර ගන්නට බැරි තරමේ නීතියකින් බැදුණ සතුන්, වාසය කරන වනොද්යානයකින් සතුන් මරාගෙන ඒ වගකීම දරන පුද්ගලයෝම උයාගෙන කනවා. ඒ භාර අමාත්‍යවරයාත් දුටුවා නම් තවත් මොකක්ද ශාක්ෂිය (නදී)

:       0       0

ගාමිණී සිරිවර්දන Wednesday, 13 August 2014 12:23 PM

වනයේ ජීවිත කාලයම ගතකරන නිලධාරීන්ට එහෙමවත් වරප්‍රසාදයක් දියයුතුයි කියලයි මම නම් කියන්නේ. සතෙක් මරලා කුස්සියට ගෙනාවා නම් තමයි ඔන්න වැරදි. (නි)

:       0       0

පිටිගල Thursday, 14 August 2014 02:38 AM

ඕක මොකක්ද ඔය පොඩි හට්ටියක්. වනාන්තර රක්ෂිත අයිනේ හදපු මහා තැන් වල අයගේ හෝටල් වල මුව මස් ගෝනා මස් දින පතා විකුනනවා. අලි පැටව් 63 ක් ගණන් ඇතුවම. ඊයෙත් අලි පැටවෙක් අහු වෙලා. ඇමති පුතෙක් පිටුපස. ඔය මුව මස් උයලා තියෙන්නෙත් වන ජීවී එකේම අය නේද? වනාන්තර , වන සතුන් විනාස කරන්නේ වනජීවී එකේ අය ගේ අනුමැතිය ඇතිව කියලා මම හිතනවා. ඇමති තුමා මස් හට්ටිය ඉස්සරහ තියලා පොටෝ එකේ ඉන්න හැටි දැක්කම අපටත් සන්තෝසයි. අර හෝටල් වල විකුණන මහා මස් හට්ටි ගැනත් බැලුවා නම් කොච්චර හොඳද? රටේ සිද්ධවෙන දේවල් පාලකයන්ට නොපෙනෙන එක ගැන මට නම් පුදුමයි. ඒ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ නිසා වෙන්න ඇති. (නදී)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Thursday, 14 August 2014 03:32 AM

ඇමති තුමා ඔබ බොහොම නිර්භීතව හිතට එකඟව ක්‍රියා කරන හොඳ පුද්ගලයෙක්. සමහර ඇමතිවරු තමා යටතේ තිබෙන ආයතනවල වැරදි දැනගන්ට ලැබුනත් ඒවා නැතිකරන්ට නිසි ක්‍රියාමාර්ග ගන්නේ නැතුව ඒවා වහනවා. ඒ අතින් ඔබ ශ්‍රේෂ්ටයි. ඔබට හොඳ දිගු දේශපාලන ගමනක් යා හැකිය. නමුත් මිතුරන් සේ පිටට තට්ටු කරන සතුරන්ගෙන් ප්‍රවේසම් වෙන්න. නිතිය ගරුකරන ජනතාව හැමදාම ඔබ සමග සිටීවි. (නදී)

:       0       0

වෙලේසුදා Thursday, 14 August 2014 09:44 AM

අනේ මගේ කටට කෙල උනනවා , මටත් මේකෙන් මස් කැල්ලක් කන්න ඇත්නම්...මුවමස් එක පාරක් කාල තියෙනවා. හරිම රසයි. (දී)

:       0       0

සිරිල් බාලසුරිය Wednesday, 13 August 2014 01:04 PM

ධම්ම සහ ගාමිණී මස් වැද්දන්ගේ යාළුවෙකු හෝ නෑයෙකු වාගේ (අ)

:       0       0

මාලා Thursday, 14 August 2014 03:48 AM

වල ලන්න තියෙන මස් වලින් කොටසක් ආහාරයට ගත්ත එකට දොස් කියන්න එපා. රාජකාරිය හරියට කරලා තියෙනවා නේ ? මස් ටික හොරට විකුණුවා නම් එතන වරදක් තියෙනවා . වලලන්න තියෙන මස් වලින් කොටසක් අරන් තියෙන්නේ. අපේ අප්පේ අපේ දේශපාලකයෝ කරන ජරා වැඩ දැක්කම මේවා මොන වරදවල් ද ? මේක විශාල පබ්ලිසිටි එකක් දෙන්න වටිනා වරදක් නොවෙයි (නදී) .

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 183 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1072 4

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 3777 8

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2904 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3376 3

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1482 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37897 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24976 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 761 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 271 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site