(විනීතා එම් ගමගේ)
සිමෙන්ති සංස්ථාව විසින් ඉන්සී සිමෙන්ති සමාගමට බදු දී ඇති වනාතවිල්ලුවේ අරුවක්කාරු ප්‍රදේශයේ රජයේ ඉඩම් අක්කර පන්දසකට අධික ප්‍රමාණයේ 500 කට ආසන්න පිරිසක් අනවසරයෙන් පදිංචිව ඇතැයි විශ්වාස කරන බව ලංකා සිමෙන්ති සංස්ථාවේ සභාපති නීතිඥ ගාමිණි ඒකනායක මහතා ප්‍රකාශ කළේය.
ඔවුන් සියලු දෙනා ඉවත් කිරීමට නීතිමය පියවර ගන්නා බවත් යළිත් කිසිවෙකුටත් අනවසරයෙන් එසේ පදිංචි වීමට නොහැකිවන පරිදි වැඩපිළිවෙලක් සකස් කරන බවත් ඒකනායක මහතා කියා සිටියේය.
රජයේ ඉඩම් අත් පත් කරගැනීමේ පනත යටතේ මහෙස්ත්‍රාත් උසාවියේ නඩුවක් පැවැරීමෙන් මෙම අනවසර පිරිස් ඉවත් කළ හැකි වනු ඇතැයි ද හෙතෙම කියා සිටියේය.
කෙසේ වෙතත් සිමෙන්ති සමාගම සතු වගකීම් ද පැහැර හැර ඇතැයි පෙනී යන බව කී ඒකනායක මහතා සිමෙන්ති සංස්ථාව ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද කීය.
හුණුගල් කැණීම සඳහා 1980 දී සිමෙන්ති සමාගමට බදු දී ඇති මෙම ඉඩම් 1998 දී වසර 50 ක බද්දට යළිත් පවරා ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
අනවසරයෙන් පදිංචිව සිටින්නන් කවුද යන්න පිළිබඳව මේ වනවිට අධ්‍යයනයක් සිදුකෙරමින් පවතින බවත් අනවසර පදිංචිකරුවන් හඳුනාගැනීමෙන් පසු ඔවුන් ඉවත් කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කරන බව කී ඔහු මේ සම්බන්ධව කටයුතු කිරීම සඳහා ස්ථිර කමිටුවක් පත්කිරීමට කටයුතු කරන බව ද පැවැසීය.
ඒ අනුව ඉදිරියේ දී යම් අනවසර ඉදිකිරීමක් කරන අවස්ථාවක ඒ පිළිබඳව වහාම ක්‍රියාත්මක වීම එම කමිටුව විසින් කරනු ඇතැයි ඒකනායක මහතා තවදුරටත් කියා සිටියේය.
සිමෙන්ති සංස්ථාවේ සභාපතිවරයා මේ අදහස් පළ කළේ මධ්‍යම පරිසර අධිකාරියේ අද (10) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධාන
ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.
යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය
බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන
ජනාධිපතිවරණය ජයග්රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වනාතවිල්ලුවේ ඉන්සී සමාගමට අයත් ඉඩම් වල අනවසර පවුල් 500 ක්
Akila Thursday, 10 September 2020 02:16 PM
දැන් ඉතින් ඔය කට්ටියව අයින් කරන්න ගියාම කියයි අපි අවුරුදු සිය ගණනක් තිස්සේ මෙතැන තමයි හිටියේ කියලා..
සමන්-ඕමානය Friday, 11 September 2020 03:33 AM
ඔය පළාතේ පසුගිය කාලයේ විශාල වශයෙන් සංවිධානාත්මකව ඉඩම් කොල්ලයක් සිදුවුණා. එක්තරා ජන කොට්ඨාශයක දේශපාලන හා ආගමික අනුග්‍රහයෙන්. මෙය විල්පත්තු වන සංහාරයට සමගාමීව කෙරුණු දෙයක්. එම රජය නිහඬව ඇස් කන් වසාගෙන එයට ඉඩදීගෙන සිටියා. මෙය වහාම නිවැරදි කළයුතුයි. ඔවුන් හට වෙනම නීතියක් නෑ. රටේ පොදු නීතියට ඔවුන් අවනත විය යුතුයි. ජනපතිතුමාගේ විශේෂ අවධානයට ලක්විය යුතුයි...