IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


වනාත විල්ලු ඉඩම් හොරට විකිණියැයි කෝටියක ඇප

පුත්තලම වනාත විල්ලුවේ රජයට අයත් අක්කර 160 ක ඉඩමක් ව්‍යාජ ඔප්පුවකින් කැබලි කඩා විකිණියැයි කියන රොෂාන් සමන් රත්නායක නොහොත් හෙල්ගසන් නැමැති නොර්වේජියා ජාතිකයා රුපියල් කෝටියක පෞද්ගලික ඇප දෙකක් මත පුත්තලම මහේස්ත්‍රාත් භාරතී විජේරත්න මෙනවිය විසින් මුදා හරිනු ලැබීය.

ග්‍රීන් ෆීල්ඩ් නම් ආයතනයක සභාපති වශයෙන් ඔහු මෙම ඉඩම් විකුණා ඇතැයි ජනාධිපති විමර්ශන ඒකකයේ  සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා  අධිකරණයට දැන්වීය

සැකකරු අපේක්ෂිත ඇප ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්ද ඉදිරිපත් කැර තිබිණි.

හොරට විකිණු මෙම ඉඩමේ වටිනාකම රුපියල් කෝටියක් පමණ වෙතියි පොලිසිය උසාවිය හමුවේ කියා සිටියේය.

 



අදහස් (0)

වනාත විල්ලු ඉඩම් හොරට විකිණියැයි කෝටියක ඇප

නවාස් Friday, 20 December 2013 05:42 AM

හොරාට මහා මොලකරු කියන්නේ සුදුසු වචනයක් නැතුවටද? (අ)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 20 December 2013 07:22 AM

වනාතවිල්ලුව කියන්නේ පුත්තලම් දිස්ත්‍රික්කය සහ අනුරාධපුර දිස්ත්‍රික්කය වෙන් වන මායිමේ තිබෙන ,පොලිසියක්, ප්‍රාදේශීය සභාවක්,ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් , දියුණු පාසලක් තිබෙන ඉතා සශ්‍රීක පොල්,අඹ, කජු, කොස් ඇතුළු වගාවන් සහිත ඉඩම් තිබෙන ප්‍රදේශයක්. පුත්තලමේ සිට බස් සේවයකුත් තිබෙනවා. මේ පළාතේ ඉඩම් අක්කර 160 ක වටිනාකම රුපියල් කෝටියයි. එතකොට අක්කරයක් රුපියල් 65,000/- යි. මේ තරම් අඩුවට ඔය හතර මායිමේ වත් ගන්න ඉඩම් නැහැ. අනේ මන්දා හරි ලාභයි. පොලිසියට වැරදිලාවත්ද? (නදී)

:       0       0

ප්‍රමුඛ. Friday, 20 December 2013 08:00 AM

කරුණාකර මෙය ප්‍රචාරය කිරීම සදහා නිෂ්පාදනය කල රුපවාහිනී වෙළද දැන්වීම බලන්න. මොහුගේ මේ ව්‍යාපාර වලට සම්බන්ධ දේශපාලකයන් කවුරුන්දැයි තේරුම් ගන්න. වෙළද දැන්වීම් වල පෙනී සිටින්නේ ප්‍රචාරක ඡායාරූප වල පෙනී සිටින්නේ කවුරුන්ද යන්න බැලීමෙන් ඔබට වැටහේවී මෙහි සත්‍ය පසුබිම. (නදී)

:       0       0

නිරංජලා. Friday, 20 December 2013 08:03 AM

ඇමතිවරු දෙන්නෙක් මෙයාගේ වෙළද දැන්වීමක හිටියා.(නදී)

:       0       0

ආරියසේන Friday, 20 December 2013 08:32 AM

මොනම දෙයක් වත් නොකරපු විදියට තමා ගමන. (නදී)

:       0       0

රෝයි Friday, 20 December 2013 08:47 AM

කලින් පුවත් පත් වල පළවුණේ ලංකාවේ දේශපාලනයට සම්බන්ද කෙනෙක් නෝර්වේජියානු ජාතිකයෙකුට හොර ඔප්පුවකින් කෝටි ගණනකට විකුණා ඇති බවයි. ඇත්ත මොකක්ද? (නදී)

:       0       0

අමන්ත Friday, 20 December 2013 08:50 AM

මෙයා පොතකුත් ලියලා තියෙනවා මම හිතන්නේ.(නදී)

:       0       0

සහන් Friday, 20 December 2013 09:13 AM

මෙයාගෙන් අල්ලස් ඉල්ලපු අයත් මෙතන ඉන්නවා නේද? (නදී)

:       0       0

චින්තක 2 Friday, 20 December 2013 09:40 AM

කෝටියක් ඇප දෙන්නෙත් මිනිස්සුන්ගෙන් හොරාකාපු සල්ලි වලින් නේ. මේ හොරාට ගාණක් නෑ. (දිල්)

:       0       0

සුමංගල - ඇල්පිටිය Friday, 20 December 2013 10:38 AM

මේවා කරනකම්......හිටියද [නිදාගෙන]? (ස)

:       0       0

දමිත් Friday, 20 December 2013 10:53 AM

මෙයා ඉන්නේ ලොකු හපන්කමක් කළා වගේනේ (දිල්)

:       0       0

හේරත්බණ්ඩාර Friday, 20 December 2013 11:26 AM

අද අපේ රට දුෂණ සහ වංචා වල පාරාදීසයක් වෙලා. . මත්කුඩු, කොමිස් , අල්ලස් සහ මෙවැනි වංචා නවත්වන්නේ කවදද . (දිල්)

:       0       0

ලෙස්ලි ලෝව් Friday, 20 December 2013 11:52 AM

මෙයා රූපවාහිනී නාලිකාවක වැඩසටහනක් කළා රජයේ මන්ත්‍රීවරුන් සමග. ඒ අයවත් අත්අඩංගුවට ගන්නේ නැත්තේ මොකද? (නදී)

:       0       0

සරත් පර්ත් Friday, 20 December 2013 01:24 PM

ඔයවගේ කපටි වැඩකරන්න දේශපාලන පසුබිමක් සහ තල්ලුවක් දැන් කාලේ ඉතා පහසුවෙන් ලබාගන්න පුළුවන්.අනේ අනේ අපේ ලංකාවට ගිය කලක්.(දිල්)

:       0       0

සිල්වා Monday, 06 January 2014 07:55 PM

අපේ රටේ දේශපාලඥයන් බොහෝ දෙනෙක් මේ පල්හොරාට උදව් කළා. මාලිනි අක්කේ ඔයාත් මේ මිනිහට උදවු කළා නේද? ඔය කණ්ඩායමට අපි ඔක්කොම රැවටුනා. අනේ අපේ දහදිය මහන්සියෙන් පිටරටදී හරිහම්බ කරගත් සල්ලි. ජනාධිපතිතුමා මේ ගැන සොයා බලා අගතියටපත් අපට සහනයක් ලබා දෙන්න. (නදී)

:       0       0

ටිකිරි බණ්ඩාර Friday, 20 December 2013 01:39 PM

මුහුණ දැක්කම පේනවා පට්ට හොරෙක් කියල. (අ)

:       0       0

සිල්වා පැරිස් Thursday, 19 December 2013 07:33 PM

පිටරට වල සිටින ලාංකිකයන් පවා මොහුට රැවටී ඇත. මෙවැනි අපරාධ කරුවන් සමාජයෙන් ඉවත් කල යුතුයි. එන්.ජී.ඕ වල බලල් අත් නොයෙක් වෙසින් රටට කුරිරුකම් කරයි. සුද්දාට ආවඩා නොර්වේ ලේබලය අලවාගෙන ලංකාවට ඇවිත් උජාරුව පෙන්වන අයුරු. (නදී)

:       0       0

අමිල කටුනායක Thursday, 19 December 2013 07:43 PM

නෝර්වේජියානු ජාතිතයෙක් කිව්වට ශ්‍රී ලංකා සුද්දෙක්නේ. (නදී)

:       0       0

සාරා Thursday, 19 December 2013 07:44 PM

ලැජ්ජාවටද හිනාවෙන්නේ ? (නදී)

:       0       0

සමන්ති Thursday, 19 December 2013 07:56 PM

මොහු ශ්‍රී ලංකාවේ සිංහල නමකින් සිටින්නේ කෙසේද ? වීසා ලබා ගත්තේ කෙසේද ? (නදී)

:       0       0

ඇන්ටන් Thursday, 19 December 2013 08:05 PM

ආචාර්‍ය පට්ටමකුත් තියෙනවා මෙයාට. පිටරට ගිහින් දුක් විදලා හම්බ කරපු සෑහෙන දෙනෙකුගේ මුදල් මෙයා වංචා කලා ඔය ග්‍රීන් ෆීල්ඩ් එක පෙන්නලා. (නදී)

:       0       0

ලාල් ගලබඩ Thursday, 19 December 2013 08:09 PM

මෙවැනි නරුමයෝ මිනිස් ආත්මයක් ලබා ගත්තේ කොහොමද කියල කවුරු හරි දන්නා කෙනෙක් කියලා දෙන්නකෝ.(නදී)

:       0       0

ගයන් Thursday, 19 December 2013 08:12 PM

මමත් දැක්කා අන්තර්ජාලයේ. එක කාලෙකට ඉස්සෙලා පොල් වගාවක පින්තුර දාලා තියනවා. මිනිස්සු රැවටෙනවා මේ වගේ අයට. මෙවන් වංචනිකයින්ට දැඩි දඩුවම් දිය යුතුයි.(නදී) .

:       0       0

සරත්. එන් Thursday, 19 December 2013 08:57 PM

පෙනේද ලැජ්ජාවක් නැතිව යන උජාරුව. මේ වගේ මිනිස්සු පය ගහල ඉන්න පොළවටත් බරක්.(නදී)

:       0       0

ෂෙරිෆ් Thursday, 19 December 2013 09:18 PM

හෙල්ගසන්ලාගේ නම් කියනකොට මතක් වෙන්නේ කොටි සංවිධානයට පන්දම් අල්ලපු නොර්වේජියා ජාතික විඩා හෙල්ගසන්ව, මුන්ගේ වරිගෙම අපේ රටට කොඩිවින කලා මිසක් හොඳක් නම් කලේ නැහැ.(නදී)

:       0       0

ධම්ම Thursday, 19 December 2013 09:48 PM

ලොකු දේශපාලකයොත් මෙයාව මහා ලොකුවට වර්ණනා කරලා තිබුනා පත්තරේ සහ අන්තර් ජාලේ. ප්‍රසිද්ධ නිළියක් යොදාගෙන පත්තරවල දැන්වීම් පිරිලා තිබුනා.(නදී)

:       0       0

නිමල් ලලිතා Thursday, 19 December 2013 09:54 PM

මේ ගොල්ල වෙනුවෙන් ඉදිරිපත් වෙන්න අයත් ඉන්නවනේ.(නදී)

:       0       0

ධනුකේ Thursday, 19 December 2013 10:07 PM

බලන්න මූනේ තියෙන සිරියාව? (අ)

:       0       0

සජී Thursday, 19 December 2013 10:29 PM

මොනරටක පුරවැසියෙක් උනත් හොරා හොරාම තමයි, (අ)

:       0       0

දුමින්ද Thursday, 19 December 2013 10:46 PM

මෙයාගේ ඒජන්තවරුත් ඉන්නවා ඉඩම බලල ආවට පසුව උදේ හවස කතා කරන වදකයෝ, (අ)

:       0       0

ප්‍රනාන්දු Thursday, 19 December 2013 11:14 PM

මේ ලෝක හොරුන්ට ඉහලම දඩුවම් ලබා දිය යුතුහි. (අ)

:       0       0

සනත් Thursday, 19 December 2013 11:33 PM

පුදුම සිරියාවන්ත හිනාවක් .මේ අනිත් කෙනා ඊටත් වඩා ලස්සනට හිනාවෙනවා දක්ෂ කම තමයි .හැමතැනම හොරකම දුෂණය ,අල්ලස රජවෙලා හරිම ආශ්චර්යක් .අනික ඉඩම් පුදුම විදියට ගණන් බැහැල .අක්කර 160 ම කෝටියයි .අනේ අපේ රට .(අ)

:       0       0

ප්‍රියන්ත Thursday, 19 December 2013 11:55 PM

අමුනුස්ස වැඩ කරලා මනුස්සයෝ වගේ හිනා වෙන හැටි විතරක්. අනේ මොකටද ඔහොම සල්ලි හොයලා. (අ)

:       0       0

ගජබා Friday, 20 December 2013 02:33 AM

මෙයාව මම දන්නවා . හොරට රටට විරුධව කියල නොර්වල පුරවැසි භාවය ගත්තේ මෙයා හොරෙක් .(අ)

:       0       0

ලලිත් Friday, 20 December 2013 03:22 AM

මෙයාවනම් කර අඹන්න වටිනවා. තව පොඩ්ඩෙන් අපිත් ඔය ඉඩම් ගන්නවා.(අ)

:       0       0

ආරියසේන Friday, 20 December 2013 04:56 AM

ඒ අයට ලැජ්ජාවක් නැහැ අපටයි ලැජ්ජාව,පේනවා නේද උසාවි භූමියෙන් හිනහ වේවි යන ආකාරය. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 624 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 593 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 129 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 842 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 186 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 1075 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14557 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 141 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 95 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site